වසරක් සිංගප්පූර් මවුන්ත් එලිසබෙත් රෝහලේ ද, මාස එකහමාරක් නවලෝක රෝහලේද ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගෙදර යන්නට ලක ලෑස්ති වෙද්දී ඔහු පිළිගැනීමට දහසකට ආසන්න පිරිසක් රෝහල අවට රැව්වී සිටිති.
ඇතැමෙකු අත මල්මාලාද ඇත.
මාධ්‍යවේදීන් පනහකට වැඩි පිරිසක් රෝහල් රියගාල ඉදිරිපිට පෝටිපෝවේ රැඳී සිටිති.
අවිගත් පොලීසිය ප්‍රධාන දොරටුවට මුර යොදා ඇති අතර පොලීසියේ තවත් 25ක් 30ක් අසළ රාජකාරියේ යෙදී සිටී.
දුමින්දට පෙරවරු 11 සමීපන විට දහසකට වැඩි පිරීසක් නව ලෝක රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල රැස්ව සිටියහ. ඉන් වැඩි දෙනා කාන්තාවෝය. රන් පැහැ මල් දම් හා පළඳනා ඇතැතිව මුස්ලිම් ජාතිකයෝ ද බොහෝ වූහ.
(ඡායාරූප රේඛා තරංගනී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් ඉතින් රටේ සල්ලිවලින් ඉගෙන ගත්තා කියලා අපිට හැමදාම මේ රටට සේවය කරන්න පුලුවන්කමක් නැතිවෙයි. අපිට ඉස්සරහට පදිංචි වෙන්න රටක් හොයාගන්න වෙයි (නි)
අනේ මට වමනෙට එනවා වගෙයි. බඩේ අප්සට් එකක්ද මන්දා? මොකක්ද කියලා හිතාගන්න බැහැ. (නි)
මොනවාද මම කියන්න ඕනේ (දී)
අද බෙල්ලට මල් මාලේ දාපු මිනිසුන්ට තේරේවි තමන්ගේ බෙල්ල නැති වුණ දවසක. ඇත්තමයි ඉස්කෝලෙකට නොගිය පාඨකයොත් ලංකාදීප එසැනේ ඉන්න එක ගැන කණගාටු වෙනවා (නි)
මිනිස්සු මේ තරම් අනුවනද (දී)
ඔය මල්මාලා දාලා පිළිගන්න අයටම කවදාහරි දවසක තමන් කරපු දේ හි ප්‍රතිඵල තේරෙයි (නි)
දුමින්දට කාන්තාවෝ මෙච්චර කැමති ඇයි? මම දන්නේ නැති නිසා අහන්නේ. (නි)
මේ මිනිස්සු යන්නේ මගුල් ගෙදරකට යනවා වගේ... (නි)
දැන් තමයි හොද හොද සෙල්ලම් තියෙන්නේ. (නි)
දුමින්ද මොකක්ද කරපු වීර කම මල්මාලා දාණ්ඩ?(නදී)
රෝහිතත් මාළු පාන් එකක් කාලා කිරි බීලා ඇවිත් තමයි ඔය කියවන්නේ. (නි)
සිංගප්පූරුවේ වසරයි,නවලෝකයේ මාස එකහමාරයි. පුදුම වියදමක් ඇති. සාමාන්‍ය මිනිසෙකුට නවලෝකයේ සතියක් නැවතී ප්‍රතිකාර ගත නොහැකියි. (නි)
අම්මපා! සල්ලි වලට ගොඩක් දේවල් කරන්න ඇහැක් නොවැ. (නි)
අනේ !ගෙදර යන ලස්සන. (නි)
රෝහිත ඉස්කෝලේ කීයට වෙනකම් ගියාද? නිකන් ඉන්න වෙලාවට ලෝකය පිළිබඳව තේරුම් ගන්න හොඳ පොත් පත් කියවන්න.(ස)
දුමින්ද ගෙදර යනවා? ෂා... නියමයිනේ. (නි)
අර විශේෂඥ වෛද්‍යවරු කියපු දේවල් වැරදිද එතකොට.(ස)
මෙවැනි රටක පොදු රද සමුළුව පැවැත්වීම කොතරම් අගනේද? (නි)
මුදලට රූපෙට රැවටෙන උමතු කාන්තාවනි, උතුම් කන්තා ගෞරවය කෙළෙසන්න එපා (නි)
දුමින්දට ඇයි කාන්තාවන් කැමති මෙතරම්? (නි)
කොසොල් රජු දැකපු සිහින 16 බුදුන් තෙවරක් වැඩි ශ්‍රී ලංකාවේදිම සැබෑවන අයුරු බලන් මිනිසුනේ. දශක කිහිපයක සුව විදිනට බිහිවුණ ඔබ මා මෙවන් දෑ දැක කම්පා වන්නේ මන්ද? මෙය දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් නොවන්නේ ය. උප්පජ්ජවේදනීය හෝ අපරාපරියවේදනීය කර්මයක් නොවිය හැකිද? බලා සිටිනු හෙට දිනයේත්... (නි)
මෙහෙම රටකද අපි ජිවත් වෙන්නේ? (නි)
මේවා කාට නම් කියන්නේද අපි (දී)
අපි මේ දකින්නේ සිහිනයක්දෝ......... (නි)
නියම නායකයෙක් වුණහම ඔහොම පිළිගැනීම් ලැබෙනවා. බුදු සරණයි! (නි)
මේ කාන්තාවෝ දෙන්න විතරක් නෙවෙයි හුඟක් කාන්තාවෝ එයාට කැමතියි. "අපිව බලාගන්න තමයි කවුරුත් නැත්තේ" (නි)
අම්මෝ! ඔන්න දැන් එයාට හැහදේම මතක් වෙයි (නි)
මෙහෙමත් සිද්දීන් (දී)
බොදු බල සේනාව ගියේ නැද්ද? (නි)
බරපතල චෝදනා යටතේ ඉන්න කෙනෙක් රෝහලේ ඉඳලා එනකොට මල් මාලා දාලා පිළිගන්න කාන්තාවෝ ඉන්න සමාජයක තමයි අපිට අද ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. (නි)