කොළඹ නවලෝක රෝහලේ සිය වාට්ටුවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද දහවල් 11.25ට පමණ රෝහලෙන් එළියට පැමිණියේය.
ඔහුගේ ආධාරකරුවන් සිටි දෙසට ඇවිදගෙන ආ දුමින්ද සිල්වා ඔවුන් සමග සිනහ මුසු මුහුණින් කතා කළේය.
ඔහු දැක ගැනීමටත්, මල් මාලා හා බුලත් හුරුළු පිළි ගැන්වීමටත් පිරිස පොරකන්නට වූහ.
දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෝ ඔහු වටේම සිටියහ.
තැන තැන රතිඤ්ඤා පත් කිරීම්, ප්‍රීති ඝෝෂා හා මල්මාලා උඩට විසිකර යළි අල්ලා ගන්නා සිද්ධිද දැක ගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ හිරුණිකා ඇවිල්ලා නැද්ද? (නි)
ආශ්චර්යයක්! (නි)
විකාර මමනම් බලන්නේ නැහැ (දී)
ආසියාවේ ආශ්චර්ය ..... (නි)
මෙහෙම රටකද අපි ජිවත් වෙන්නේ ....!!!(ස)
ලෝකයේ ඇති ඉහළම උපහාරය ලබා ගෙන පැමිණ ඇති මෙතුමාට මගෙන් උපහාරය. (නි)
මේ කට්ටිය මතකද මන්දා.(ස)
පුදුම වෙන්න දෙයක් නැහැ, වෙන දේවල් වල හැටියට.(ස)
වත්මන් ශ්‍රී ලංකාවේ, දුරදර්ශී දැක්මක් සහිත, පරමාදර්ශී මැතිවරුන්ගෙන් සමන්විත කිසිදු හෝ පක්ෂයක් නොමැත. එවැනි පක්ෂ ඇතිකරවීමට සමත් ඡන්දදායකයින්ද නොමැත. ශ්‍රී ලංකාව දැනටමත් අරාජික රාජ්‍යයකි. (නි)
ලියිට් බිල අමතක කරන්නද..........මෙ.....(ස)
මෙතනනම් මෙයාට විෂබීජ නෑ වගේ නේද? (ස)
ලංකාව ගොඩක් ලස්සසන රටක් නෙ අනේ. අනේ කාලේ වනේ වාසේ කීවාලු.. (ස)
මේක මහා හතරබීරි කතාවක්නේ. නීතිවේදීන් විසින් කිව්වනේ දුමින්දගේ පැත්තක් පණ නැහැ. ගෙදර අයත් එක්ක හිටියම හරියාවි. දැන් මේ කවුද එතකොට කෙලින් ඉන්නේ? මේවට අපිට ඇඩෙනවා (නි)
දැන් තමයි නාට්‍යයේ අවසාන ජවනිකාව පෙන්වන්නේ.. (ස)
මේ වගේ රටේ, මෙවන් වැඩ වලින් අසරණ වන අසරණ රටවැසියා ,අසරණ තරුණ සහ තවමත් පාසල් වියේ පසු වෙන අසරණ අපේ දරුවන් ගැන නොසිතා ඇස් කන් වසා නපුන්සකයන් මෙන් සිටිමුද? රට ගැන අපි සිතමු . (නි)
රත්නදීප ජන්ම බුමි. ලංකදීප විජය භුමි මේ අපේ උදාර උදාර වූ මාතෘ භූමියයි..(ස)
බටහිර දෛව්‍ය විද්‍යාවේ දියුණුවට පින්සිද්ධ වෙන්න මෙතුමා ජිවත් වෙනවා. වෙඩි වැදිලා හිටපු හැටියට කවුද හිතුවේ ගොඩ එයි කියලා. (නි)
දැන් අහවල් ඇමතිතුමා ඉල්ලා අස්වෙයිද? (නි)
ජයවේවා.. ! (ස)
කෝ? කිසි තුවාලයක් වෙලා නැහැනේ. (නි)
රටකට ගිය කල....හොඳ වීදි නාට්‍යක් (ස)
පුදුම දුකක් ඇති වෙන්නේ ලංකාව ගැන (නි)
භාරත නඩුවට මොකද වෙන්නේ මේ දවස් වල (දී)
අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. මොනවද දැන් ටික දවසකට ඉස්සර උසාවියට පෙන්නපු ෆොටෝස්....? ඔලුව දෙකට කපපු ෆොටෝ එකකුත් තිබුනා නේද? (නි)
දුමින්දට විතරක් නෙමෙයි, මුළු ලංකාවටම තියෙන්නේ බරපතල සුවකළ නොහැකි අසනීපයක්. අතීතය අමතක වීම..! (නි)
මේව දකිද්දි හිතට පුදුම දුකක් දැනෙන්නෙ. (නි)
ඔබට මතක නැහැ මට අමතක නැහැ කීවලු (ස)
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයට ජයවේවා! (නි)
මේවාට කියන්න තවම වචනයක් හොයාගෙන නැහැ (දී)
මේවාට තමයි මෝඩ වින්දනය (අ)
කෝ දැන් විෂබිජ? (නි)
ලේඩ වෙච්ච බවක් පෙන්න නැහැනේ...........(ස)
හ්ම්ම්ම්ම්..... කාට කියන්නද මේ වැඩ? (නි)
සඳරුවන් අමරිකාවෙත් මෙහෙමද....(ස)
කෝ දැන් මේ ඉටිපන්දම්කාරයෝ? හුළු පන්දම්කාරයෝ? වරෙල්ලකෝ එලියට බලන්න. (නි)
අර සේන මේ සේන දැන් කෝ...(ස)
නුවන් ඕයා හරියටම හරි ..(ස)
මෝඩයෝ ඉන්න රටක ඉන්න එපා මිනිසුනේ. (නි)
ගායක ගායිකාවෝ දේශපාලනයට එරෙහිව කොතරම් බයිලා ගැයුවත්, ගී ගැයුවත් මේක තමයි යථාර්තය. (නි)
කෝ දැන් මහලොකු ඇමරිකන් විරෝධියෝ? බටහිර විරෝධියෝ? (නි)
මෙච්චර සෙනග ගොඩක් මැද්දේ මෙයාට විෂබීජ නැද්ද? ඔය විදිහට ඇයි උසාවියට එන්න බැරුව ගියේ? (නි)
කොන්ඩෙ තට්ටේ ගාපු පින්තූරයක්නේ අපි මෙච්චරකල් දැක්කේ. ඔය තියෙන්නේ යස අපූරුවට ලස්සන කොණ්ඩයක් වැවිලා. (ස)
මට මතක නැහැ මුකුත්. මේ කොහෙද ඉන්නේ මම? (නි)
දැන් තියෙන්නේ අවසාන කොටස විතරයි. ඒ නිදොස් කොට නිදහස් කිරීම. (නි)
ඇමරිකන් විරෝධියනේ, අපි උතුම් කියන පුරාජේරුකරුවනේ, මෙන්න අනික් රටවල කවදාවත් නොවෙන ජවනිකාවක්. ඇමරිකාවේ මෙහෙම වෙන්නේ නැහැ සදරුවන්.... (නි)
බත් පැකට් කියක් ගිහින්ද? (ස)
අන්තිමට සියල්ලෝම සතුටින් විසිර ගියෝය .. (නි)
කෝ දැන් ඔලුවට විස බිජ යනවද ? දොස්තර බොරු නේ කියලා තියනේ. (ස)
කොහෙන් හිනා වෙන්නද මන්දා (නි)
කොණ්ඩය මෙච්චර ඉක්මණට වැවුනද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔන්න අපේ රටේ ඉන්න මිනිස්සු. පේනවා නේද පිළිගන්න ඇවිත් ඉන්න හැටි? කොන්ඩේ බූ ගාලා නේද කලින් පින්තුර වල දාලා තිබුනේ? මේ තරම් ඉක්මනට කොන්ඩේ ආවේ කොහොමද? (නි)
පාර්වතී, අර සේනා මේ සේනා දැන් කෝ ? (නි)
ජයවේවා .. ! (ස)
මේක නම් දේව හාස්කමක්. සාදු සාදු සාදු (නි)
මට මතක් වෙනවා අර එක්ස් රේ එක. චූටී මොලේට ඈතින් ගිය උණ්ඩය... (ස)
මාළු පාන් ගෙඩියට විකිණෙන මිනිස්සු. (ස)
පුදුම අසනීපයක් නේද මෙතුමට තිබුණේ? පරිස්සමෙන්.. ආපහු වරෙන්තු එහෙම ආවොත් ලෙඩේ වැඩිවෙයි... අනික හැමදේම අමතකයි කිවුව කෙනාට කොහොමද ජනතාව මතක..? මම මේ හැමදෙයක්ම දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අපේ දුමී සර්ට නිදුක් නිරෝගී සුව පතමු !!! (නි)
මේ වගේ සතුටක් මට කවදාවත් දෑනිල නැහැ, මට පිස්සු වගේ (නි)
කොන්ඩේ ක්රේල් කරලා නේද? (නි)
මොලේ ඔපරේෂන් කළේ එයාගේ විතරයි කියලා අපි සිතුවේ. බලනකොට අපේ මිනිස්සු ඔක්කොම මොලේ කචල්කාරයෝ. (නි)
මෙහෙම රටක මම නම් ලබන ආත්මෙක ඉපදෙන්න එපා. මට දුක මගේ දරුවන්ගේ අනාගතේට සිද්ධ වෙන දේ ගැන. (නි)
මම බෝට්ටුවකින් හරි ඕස්ට්‍රේලියා වලට යනවා. ආයිත් නම් එන්නෙම නැහැ (නි)
අනේ මෙහෙමත් මිනිස්සු. (නි)
බඩගින්න අනිත් සැම ගින්නටම වඩා ලොකු බව මේ ඉන්න සෙනග ඔප්පු කලා.(ස)
දොස්තරලට ,ගුරුවරුන්ට,කථිකාචාර්යවරුන්ට පහර දෙනවා...... දුමින්දලාව මල් මාලා දාලා පිළිගන්නවා. රට යන අත? (නි)
හ්ම්... ඉස්සරට වැඩිය දැන් ඔහු ලස්සනයි..(ස)
දුමින්ද සිල්වාට ජය..! (ස)
කොහොමද දැන් අපේ අට ආශ්චර්යයට යන තාලේ? (නි)
දුමින්ද සිල්වලාව පුම්බලා තියන්නේ කවුරුන්ද? (නි)
එක මරණයක සැකකාරයෙක් රිමාන්ඩ් කරනවා, තව මරණයක සැකකාරයෙක් ජනතා බුහුමනට පත් කරනවා. මොකද්ද මේ වෙනස? මම මේ ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මහා පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්නේ මේක? (නි)
කාවද මේ රවටන්න හදන්නෙ? (නි)
ඇත්තට මේක හරිම වැරදියි. (නි)
ඇප දුන්නු ගමන් ලෙඩෙත් සනීප වෙලානේ. අපරාදේ රෝහලට වියදම් කරපු වෙලේ මේක කලින්ම කරන්න තිබුනනේ? (නි)
කියන්න දෙයක් නැහැ මට. ඔක්කොම හාමුදුරුවන්ගේ. (නි)
මේක තමයි අපේ රටේ දේශපාලනේ (නි)
මෙහෙමත් මිනිස්සු? (නි)
සියල්ලන්ගේ ඇස් නොපෙනෙන මේ වගේ සමාජයක ජීවත් වීමේ අවාසනාවන්තයෝ වීම ගැන හදවතින්ම කණගාටු වෙමු. ඊටත් වඩා දේශපාලඥයින් බලයට පත් කිරීමට ඡන්ද කිහිපයක් එක් කර දීමෙන් කර ගත්තා වූ අකුසල කර්මයන්ගේ විපාක මේ ආකාරයෙන් අත් විදීමට සිදු වූ බව කළකිරීමෙන් දන්වනු කැමැත්තෙමු. (නි)
මේකට සිංහලෙන් කියන්නේ අඩු අධ්‍යාපනය සහ මන්ද මානසිකත්වය කියලා... (නි)
අන්ද මන්ද දුපතේ මිනිස්සුන්ට ,කිසිමදෙයක් මතක නැහැනේ නේද. (නි)
තවත් යුද්ධයක පෙරනිමිතිද? (නි)
මිනිස්සු මේ තරම දෙයක් කරයි කියලා මම හිතුවේ නැහැ(දී)
ෂරියා නීතිය ඕනෑ මේ වගේ රටකට තමා කියලා දැන්වත් තේරෙනවද? (නි)
එතකොෙ අර අවිගත්තෝ අවියෙන්ම නැසෙති කියලා කියන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
දුමින්ද සිල්වා මහත්තයා සමග අපිට ගැටළුවක් නැහැ .නමුත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැනට මාස 3 කට කලින් අපි දැක්කා තට්ටෙ ගාපු පින්තූරයක්. දැන් ලස්සනට කොන්ඩෙ තියෙනවා. එතුමා ඔලුවේ ගාපු ෂැම්පු වර්ගය අපිටත් කිව්වා නම් අපේ තට්ටයත් නැති කරගන්න පුළුවන් වෙයි. (නි)
එක එක අය අපිට යුධ අපරාධ ගැන ඇඟිල්ල දික් කරන එක ඉතින් අහන්න දෙයක් ද? අනේ ඒවට විරුද්ධව නාස්ති කරපු අපේ කාලය! අපිට දුක ඒ ගැනයි... (නි)
වන්දි භට්ටයෝ (දී)
මේවට විරුද්ධව මුස්ලිම් අපි අපේ විරෝධය පානවා (නි)
මේවට ශාපකරන්න ඕනෑ දුමින්දට නෙමෙයි , මේ රටේ මිනිස්සුන්ට. (නි)
මෙච්චර කල් බොරුනේ කරලා තියෙන්නේ. (නි)
ඔලුවට විෂබීජ ගිහින් තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ (නි)
අයියෝ! මහ ජනතාවට දෙවියන්ගේම පිහිටයි. (නි)
මතක නැත්තේ කොයි ටිකද? (නි)
ඇත්තටම මිනිස්සුන්ටද මතකය අඩු වෙලා තියෙන්නේ (දී)
රටේ වෙන හොඳ දේවල් කරපු අය මෙහෙම පෙළපාලිවල අරන් ගිහිල්ලා තියෙනවාද? (නි)
මේ මහා පිරිස දුටුවහම ස්ථිරවම මම හිතා ගත්තා ශ්‍රී ලංකාව කවදාකවත් දියුණු රටක් නොවන බව. (නි)
මෙන්න වැඩ. අපිට නම් මතක නැහැ. (ස)
මටනම් ලැජ්ජයි මේවා බලන්නවත් (දී)
මොනවා ලියන්නද කියල හිතෙන්නේ නැහැ.හිතේ තියන්නේ දුකක්. ධර්මදීපය දැන් අධර්මදීපයක්... (නි)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු (ස)
තවමත් කියනවද ලංකාවේ ඉපදුනේ වාසනාවකට කියලා ? ලංකාවේ ඉපදුන මම නම් මහම පවුකාරයෙක්. මම මහා පවක් කරපු නිසා තමයි ලංකාව වගේ මිනිස්සු ඉන්න රටක ඉපදුනේ. ආයෙත් නම් කවදාවත් ඔය රටේ උපදින්න වෙන්න එපා දෙවියනේ. (නි)
ෂරියා නීතියටත් වඩා ඇෆ්ගන් නීතිය තිබුනා නම් වඩා හොඳයි කියලා මට දැන් හිතෙනවා. (නි)
අපේ රටට දේව ශාපයක්ද මිනිස්සුන්ට හොද නරක තේරෙන්නේ නැති හැටි.(නදී)
රෝහලේද හොටෙලයේද ඉදල තියෙන්නේ.(නදී)
ඔය ඇවිල්ල තියෙන්නේ මෙච්චර දවස් අර මොනාද එක නැතුව අසහනෙන් හිටපු කට්ටිය වෙන්න ඇති නේද ?(නදී)
මිනිස්සුන්ට හැමදේම එපාවෙන්නේ මේ වගේ දේවල් වලින් තමයි (නි)
මීළගට කොළොන්නාවේ කවුරු ලැහැස්තිද දන්නෙ නැහැ (නි)
අනේ අපි ඉපදුනේ මෙහෙම රටකද කියලා හිතෙනවා. (නි)
එයාව පිලිගන්න යන අයත් එයා වගේමද දන්නෙ නැහැ (නි)
එයාට කිසිම ලෙඩක් නැහැනේ? (නි)
සුසිල් , දන්නවද ඔය ලියපු සිංදුවේ තේරුම? අපිට ලැජ්ජා කරන්න එපා. නිකන් කටට ආපු පලියට මැත දොඩවන්න එපා. අපි ඉන්නේ රත්න දීපේ නොවේ, කප්පන් දීපේ. (නි)
පේනවනේ වටේ ඉන්න කට්ටියගේ හැටි. ඔක්කොම කුඩේ කුඩු වගේ පෙන්නේ. මේ ඔක්කොම අහිංසක මිනිස්සුන්ගේ ඉවසීම නැති වෙනකන් විතරයි. ඔහොම යන්.. ඔහොම යන්..... (නි)
ඒ වටේටම ඉන්නේ මිනිස්සුද? (නි)
ඉතින් කෝ, හිරුණිකා ඇවිත් නැහැනේ...... (නි)
ලැජ්ජයි කියන්න 'අපි සිංහලයෝ' කියලා (නි)
මෙහෙම දේවල් වෙනකොට ජිනීවා යන්නේ නැතිව මොකද කරන්නේ. ජනතාව විසින් නිතිය අතට ගන්නේ මේ නිසාද. නීතිය සැමට සාදාරණව ක්‍රියාත්මක නොවන බවද මේ කියන්නේ. මම කීවේ රිබාන්ඩ් බාරයේ ඉන්නකොට බරපතල ලෙස රෝගීව සිටියේ. ඇපදෙන කොටම ඉහෙන් බහින රෝගයක් නැහැ. මේ අයට වෛද්‍ය සහතික දීපු අයත් එම සහතික බලලා තීන්දු තීරණ ගත් අය ගැන කුමන විශ්වාසයක්ද. මේ හෑල්ලුවන්නේ රටේ නීතිය.(නදී)
ඔය ෆොටෝ වල පොරකකා වට වෙලා ඉන්නේ දුෂණයට අරක්කු බෝතලයට යට උන පින්වත් චන්ද දායකයෝ වෙන්න ඇති නේද. මම දන්නේ නැති නිසා අහන්නේ. (නදී)
සුන්දර සිනහව යටින් සිටින අසුන්දර මිනිසා හදුනාගැනීමට මෝඩ ජනතාවට පින පෑදේවා.(නදී)
දැන් සියලුම දෙනාට තේරෙනවා අපේ රටේ මොකද්ද දැන වෙන දේ කියලා. අපේ පාඩුවේ අපි මේ රටට වෙලා ඉන්නවා. ශ්‍රී ලංකාවට ගිනිසිලුවේ පිහිටයි! (නි)
ලංකාවේ ගොඩක් උගත් මිනිස්සු ඉන්නවා යැයි මම හිතනවා. ඉදිරියට වරදක් කළත් වරදක් කරන්න අණ කළත් දෙකම එකයි. (නි)
ඔබට මම සුබ පතමි. සමගිය අපේ බලයයි. (නි)
උසාවි යන්න තරම් අමාරු ලෙඩ තිබුණු කෙනා පෙළපාලි යනවා?? (නි)
මෙය වර්ල්ඩ් කප් එක දිනලා අවිල්ලවත්ද? (නු)
අනේ රටකට ගිය කලක්. (නි)
ලංකාවේ අධිකරණයට ජය වේවා !!! (නු)
මේ රටේ නීතියක් තියන්නේ දුප්පත් ඇයට විතරයි?(නු)
මෙතන ලියැවුණු අදහස් වලින්ම තේරෙනවා මෙයාට තිබෙන කැමැත්ත. ඒ වුණාට බඩගින්න ලොකුයිනෙ නේද? අපි හිතපු දේ වෙලා නැහැ. (නි)
ඔක්කොම එක ජාතියේ වගේ නේද? (නි)
අර රෝද පුටුවේ යනවා කියපු කෙනානම් වෙන්න බැහැනේ . විසබීජ යන්නේ මෙයාගෙන් එලියට (නු)
මේ අයටම ලබන පාරත් ඡන්දේ දෙමු. (නි)
සිහලුනි, තොපට මෙවැනි දේ ඉදිරියේදී තව තවත් දකින්නට ලැබේවා! මේ පෙන්වන්නේ මහා ජාතියක නිරුවතයි. (නි)
මෙහෙව් රටක ජීවත් වීමට මොනතරමක් පවු කරලා ඇද්ද කියලයි මම නම් මේ කල්පනා කරන්නේ. මේකෙන්ම පේනවා රටේ ඉන්න මිනිස්සුන්ගේ තරම. මේ සේරමත් ඔහු වගේම අයම විය යුතුයි නේද. මගේ රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
මේක තමයි අපේ රටේ සැබෑම තත්ත්වය... (නි)
කොන්දක් කිසිත් නැති ජාතියක හැටි.... මරබෙටි හලාගෙන ආවඩන හැටි ...
ආසියාවේ ආශ්චර්යය! (නි)
3 වරක් බුදුන් වැඩිය රටට බුදුන්ගේම සරණයි! (නි)
දෙවියන්නේ මිනිහෙක් මරලා මෙහෙම පිළිගන්නවානම් මිනි 3ක් මැරුවොත් නොහොම වෙයිද දන්නේ නැහැ.(නදී)
ආ ඔය ඉන්නේ, නියම පිරිසිදු සිල්වත් බෞද්ධයෝ. ජය වේවා! (නි)
බත් පාර්සල් ' මාළුපාන් ' සෑහෙන්න විකිනෙන්න ඇති .(නදී)
වෙස්මූන ගලවලා දැන් එළියේ නටනවද? (නදී)
ඇප ලැබෙනකල් මොකුත් මතක නැහැලු. එතකොට එයාට කතා කරන්නත් බැහැලු. ඇප ලැබුනම කොහොමද මෙහෙම වුණේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඇගේ මාලු ගගේ නටනවා.... (නි)
කොස් ගෙඩියක් හොරකම් කරපු කෙනාටත් 50000යි, මිනීමැරුම් චෝදනා ලබා සිටින කෙනාටත් 50000යි. ඇයි මේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
නුවන් ඔබ හරි. දැන් ඉතින් මුළු ලංකාවටම ලයිට් බිල වැඩිවීම අමතකයි. දැන් ඉතින් මුළු ලංකාවටම වටින්නේ දුමින්ද සිල්වාගේ අනාගතයයි , ඉදිරි කටයුතුයි මිසක් තමන්ගේ දේවල් නෙමෙයි. (නි)
මීලග ජනාදිපති ඡන්දයක පෙර මග සලකුණු මට මැවිලා පෙනෙනවා (නි)
බුදු අම්මෝ මෙයාගේ නිතිඥයෝ කියපු කතා... දැන් මාසෙකට කලින් නේද තට්ටේ ගාලා හිටියේ? මේ තියෙන්නේ මාස 6 ක විතර කොණ්ඩයක් වගෙයි මට නම් පෙනෙන්නේ. ලංකාවේ විෂබිජත් දැන් නැද්ද කොහෙද? (නි)
කියපු අමාරුකම් මොකුත් පේන්න නැහැනේ. ඔය යස අගේට ඉන්නේ. මෙන්න ලංකාවේ වැඩ.(නදී)
හරක් පට්ටියක් වගේ.(නදී)
එහෙනම් ඇයි එලියට එන්න ඉස්සෙල්ලා පින්තුරයක්වත් ගන්න කාටවත් එන්න නොදුන්නේ? (නි)
ශ්රී ලාංකිකයෙකු වශයෙන් දැනගන්න පුලුවන්ද මට වෙඩි හුවමාරුව සිදුවුණු වෙලාවේ සිට අද දක්වා අපේ මහජන මුදල් කොපමණ වියදම් වුණාද කියලා මේ උත්තමයාට? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙයාව පිළිගන්න ඇවිත් ඉන්න අය මට නම් පෙනෙන්නේ හරියට ව්‍යාපාරිකයෝ වගේ. (නි)
අපේ රටේ මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද කරන්න? මේ කාලය නාස්තිකරන වෙලාවේ පන්සලකට ගිහින් මලක් පුජා කලොත් නරකද? (නි)
අනේ කාලේ වනේ වාසේ. (නි)
වුවමනාවටත් වඩා විනය නීතිත්, කළ අකටයුතුකමුත් නිසා විපක්ෂයේ හිටපු හොඳ අය ටික තරහා කර ගත්තා. නැවත ඒ අය අල්ලගන්න හිතන්නවත් එපා. බැරිවෙයි. දැන් පීනන්නේ ඈත දියඹේ ! (නි)
නැවත නවතපු තැනින් පටන් ගනීද? (නි)
මෙහෙම අය පිළිගන්න ඕනෑ තරම් මිනිස්සු? (නි)
ලොව 8 වන පුදුමයද මේ? (නි)
හොදට කාලා බීල මහේෂාක්‍ය ජීවිත ගත කරපු සමහර මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොටම දුක් විදලා, මැරෙන්නෙ ඇයි කියලා දැනුයි තේරෙන්නේ. (නි)
සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් හොස්පිටල් එකේ ඔක්කොම ලෙඩ්ඩු ටික කොළඹ නවලෝක හොස්පිටල් එකට එන්න පොරකනවලු සිංගප්පුරුවේ එයාර් පෝර්ට් එකේ. ශ්‍රී ලංකන් ෆ්ලයිට් ෆුල් වෙලාලු... (නි)
නීතිය නිරූපණය කරන වනිතාවගේ ඇස් වහල තියෙන්නේ ඇයි කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති නේ. (නි)
හිර කූඩු වල ඉන්නේ මිනී මරපු අපරාදකාරයෝ. උන්වත් එලියට දැම්මා නම් හොදයි. අනේ අපොයි අපේ රට.(නදී)
මම හිතන්නේ ආපු අය බත්පාර්සල් වලට ආපු අය වෙන්න ඇති.(නදී)
ජන ගඟක් කිවුවට ඔලු විතරයි පේන්නේ. ඒත් ඔලු තියෙන අය මෙතන ඉන්නවද කියලයි පුදුමේ. (නි)
වේනදට මෙතන අපි අදහස් පලකළහම "ඉරිසියාකාරයෝ" , "රට දියුණු වෙනවට කැමති නැති උන්" ,"දේශද්‍රෝහියෝ" කියලා අපිව හංවඩු ගහන එක දේශප්‍රේමියෙක්වත් පෙනෙන්න නැත්තේ මොකද දන්නේ නැහැ. (නි)
හිතේ දුකටයි මෙහෙම ලියන්න සිද්ධ වුණේ. හැමෝම එකුතවෙලා මේ මුළු ලෝකයම රැවැට්ටුවා කියලා තාමත් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැතිකම අපේම අවාසනාවක්. (නි)
මේ වගේ රටක ආයෙ නම් ඉපදෙන්න එපා දෙයියනේ! (නි)
මේ බුදුන්ගේ දේශයයි. ඔබට ජයවේවා! බුදුසරනයි.(නදී)
මේ ඉන්න අය සේරම කුඩුකාරයෝ නේද?(නදී)
"මිනිසත් බවින් පොහොසත් ඔබට ඉක්මන් සුවය පතන්නෙමු. මොරටු ජනතාව. අනේ අප්පචියේ. රටකට වෙච්චි දේ?(නදී)
මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ලංකාවේ මිනිස්සුන්ට තව දවසකින් හැමදේම අමතක වෙනවනේ.(නදී)
දුමින්ද සිල්වා සංධානේ මන්ත්‍රී කෙනෙක් ද? අනේ මටත් මතක නෑ වගේ. කොහොම උනත් කළගුණ සලකන්න ඉස්සරම ගියේ.(නදී)
පිළිගන්න, කුඩුකාරයෝ සහ ගණිකාවෝ ඇවිල්ලා. මොලේ ඔපරේෂන් කලාට කොන්ඩේ කොහොමද ඉතුරු වුනේ. මොලේ තියෙන්නේ කොහෙද? (නදී)
මෙය කොච්චර දුරට අදිකරණයට අපහාසයක් නොවේද? ඔලුවට විෂබීජ යනවා කිව්වේ ගාපු ක්‍රීම් එකට වෙන්ට ඇති මගේ හිතේ. අනේ ඔය දොස්තරලට දෙවියොම බලත්වා. මේ දේවල් වලින් වෙන්නේ අදිකරණය හෑල්ලු වීම නේද? (නදී)
රටතට ගිය කල පිලිගන්න මිනිස්සු පොරකනවා.(නදී)
සසර වසන තුරු නිවන් දකින තුරු පව් කෙත හෙල මැර දෙරණේ යලි නුපදින්නට හේතු වාසනා වේවා..හේතු වාසනා...... (නි)
නීතිය වල් වැදී ඇත. අපි කුමක් කරමුද? (නි)
අර අධිකරණයේ තරාදියක් අතින් අරන් දෙඇස් වසාගෙන ඉන්න කෙනාට මොනවා හිතෙනවාද දන්නෙ නැහැ නේද? (නි)
හැබෑටම කව්ද මේ මේ මට නම් මතක නැහැ.(නදී)
මේවද ලංකා නීතියෙන් ලබාදෙන දඩුවම්? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ සේරටම කවුද වග කියන්නේ ඕනෑ? අනේ මොනවා වුණත් දුමින්ද අහිංසකයි. (නි)
මදුර ජවනිකාවකි. එන සතියේ වතුර බිලත් වැඩිවේවිද? එන මාසේ දුමින්ද මැතිදු ගානෙ දන්සල් හම්බවේවි අපිට, උපන්දා සිට කරපු පින් වැඩිවෙන්න (නි)
මේ විදියට ගියොත් ලබන සැරේ ජිනිවා වලදී අපට මොනවා වේවිද කියලා කියන්න බැහැ. මේක නම් ආසියාවේ ආශ්චර්ය ඒ ආශ්චර්යය අපට එපා. මෙහෙම දිගටම වුණොත් අප කාටත් හොද නැහැ. මේවාට කවදාක හරි අපට වන්දි ගෙවන දවසක් එනවා (නි)
මේ සේරම ඇයි පොර කන්නේ? එයා කරපු වැඩේ හොද හින්දා නේද? (නි)
මේවා දකිනකොට මට නම් හිතෙන්නේ අපි කලිසම් ගලවල ගවුමක් අද ගත්තනම් හොදයි කියලා. රටකට ගිය කල දසාව ගැනනම් හරිම දුකයි.(නදී)
එහෙනම් අහවල් වෙබ් අඩවියේ පළවෙච්ච දේවල් ඇත්ත තමයි (නි)
මුදලට විකිනෙන සේනා දැන් කෝ? දේශප්‍රේමියෝ දැන් කෝ? (නදී)
මිනීමරුවෝ පිළිගන්න අයත් අපේ රටේ ඉන්නවා.? අහෝ දුකකි.කිමද මේ අරුමේ. මට නොහෙගේ ප්‍රිය මිතුරේ.(නදී)
බත් පැකට් එකටයි කසිප්පු බෝතලයටයි ලංකාවේ මොනවද කරන්න බැරි.(නදී)
මේ සිගාල අපේ රටයි ,අප වනසන අපේ රටයි... (නි)
ඇප දුන්නු ගමන් ලෙඩ හොද වෙලානේ. අනේ වාසනාවන්! (නි)
ලැජ්ජයි........... (නි)
මොලේ නැති අය වටිනා මිනිස්සුන්ට බෝම්බ ගැහුවා. ඒත් මොලේ තියන එකෙක්වත් නැද්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. (නි)
ඔහොම යන් පුතා ...... (නි)
හිරුණිකා නංගී, දුක්වෙන්න එපා. ධර්මය අදහන්න. විශ්වාස කරන්න. ප්‍රභාකරන්ටත් පව පඩිසන් දුන්න එකේ මේවා මොනවාද? බලන්නකෝ වෙන දේ.(නදී)
මොකද නගෝ හිමිදිරියෙන් කුඹුක ළිදෙන් නෑවේ... මාව අරන් යනවා නිසයි අද එලියට ආවේ... (නි)
මේවා අප දේශපාලන න්‍යාය පත්‍රයේ එක් දිගුවක් පමණයි. (නි),
ඒ වුණාට මට නම් මතක් වෙන්නෙම අර කළුතර මල් විකුණපු අම්මලට කරපු දේ. (නි)
රට මෙවන් තත්ත්වයට වැටුනේ මොන හේතුවකින්ද? (නි)
මෙච්චර මිනිස්සු කන්දරාවක් මේ තත්ත්වයට පත්වීම ගැන දුකයි (නි)
මෙයා ගැන වෙද්‍ය වාර්තා දුන්න අය ගැන තමයි ඉස්සෙල්ලාම හොයන්න ඕනෑ. (නි)
පල ඇති රුකටනේ වවුලොත් වහන්නේ ! (නි)
අනේ මේ මල් මාලා දාන්නේ ලංකාවේ පිස්සෝ.(නදී)
මේවා බලන කියවන අපිට පිස්සු. මෙයාලව පාර්ලිමේන්තු යවපු අපිට තමයි මොලේට විෂබීජ ගිහිල්ලා තියෙන්නේ(නදී)
ඔහු පිළිගන්න පොරකන හැටි දකිනු සකි... නීතිය වල්වැදී ඇති සැටි පෙනෙනු සකි... විදුලි සැරද පරයා හද පෙලුන සකි ... මෙහෙව් රටක ඉපදීමම පාපයකි ... (නි)
පොඩි අඩුවක් නම් තියෙනවා. ස්වාමීන් වහන්සේලා වඩම්මලා සෙත් පිරිත් ටිකකුත් කිවුවොත් හොඳයි නේද? (නි)
අනේ අපේ රටට කවදාහරි ජය වේවා! (නි)
මටත් ඕකම හිතුනා උදය (නි)
දැන් නැතුවට මතු කාලයකදි සුදුස්සෙක් සුදුසු වැඩේ ඉෂ්ට කිරීම අනිවාර්යයි. (නි)
මෙයාගේ ඔලුවේ කිසිම තුවාලයක් නැහැ. කාටද මේ බොරුව.(නදී)
දවස් 2 කට ඉස්සෙල්ලා ඇප ගත්තේ නීතිඥයින් රෝහලට ගිහිල්ලා නේද? (නි)
අම්මෝ මෙච්චර ඉන්නවද ඒ ජාතියේ ව්‍යාපාරික ප්‍රජාව? (නි)
ශ්රී ලංකා වීරවරයන් අතරට එක්වන අලුත්ම වීරයා! (නි)
අයියෝ රනිල් මහත්තයෝ, ඔයා නිසයි වස්තුවේ මේ හැමදේම... දැන්වත් ඉස්සරහට එන්නකෝ. (නි)
කිසිම විෂබීජයක් නැහැ වගේ එළිමහනේ... (නි)
බෙල්ලට තොන්ඩුව දානවද? මල් මාලා දාලා පිළිගන්නවාද කියලා තීරණය කරනන් ඕනෑ මහජන මතය විසින් තමයි. (නි)
මේවා දකිනකොට අපිට අපි ගැනම පුදුම කළකිරීමක් එනවා. අපිට භාරතගෙන් වැඩකුත් නැහැ, දුමින්දගෙන් වැඩකුත් නැහැ, හිරුනිකාගෙන් වැඩකුත් නැහැ. නමුත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකේ උතුම් රට කිවුවට හැමෝම හිතලා බලන්න අපිට වැඩිය උතුම් රටවල් කොච්චර තියනවද කියලා (නි)
100% ක් මොලේ තිබුණු කාලේ වගේද දැන් 40% කරන වැඩ. බලමු (නි)
අපි මොනවා කරන්නද? (නි)
එයාව මෙහෙම පිළිගන්නවා නම් ප්‍රබාකරන් හිටියා නම් අද කොහොම පිළිගැනීමක් තියේවිද යාළුවා? (නි)
මෙහෙම රටක ජීවත් වෙන්න ලැබෙන එක පෙර කළ පිනක් ද පවක් ද මන්දා. මේවා ගැන පොතක් ලියන්න තරම් තියෙනවා. පවු අපේ මිනිස්සු. (නි)
බෞද්ධ රටේ නිතිය ඹච්චරයි.(නදී)
මේ වැඩ වලින් ආණ්ඩුව ගැන සත පහක විස්වාසයක් තියන්න බැහැ .අනේ අපොයි අපේ රට.(නදී)
මේ වගේ අය ඉන්න රටක ඉපදෙන්න වීම මහා අවාසනාවක්. (නදී)
හොද හොද සෙල්ලම් ඉදිරියට පෙනෙයි. ලංකාවේ සියළුම විපක්ෂ දැන් ඉන්නේ හෙළුවෙන්.(නදී)
මෙහෙම සෙනග ඉන්නවා දැක්කම ඉරිසියා හිතිලා තර්ජනයක් වෙයි කියලා බයට නැති කරලම දායිද දන්නේ නැහැ.(නදී)
ෂරියා නීතියේ මෙහෙම බේරෙන්න බැහැ.(නදී)
දුකයි අපේ රට ගැන. ඒ වේදනාව එන්ගේ ලේ කකියවන තරමට. (නි)
මේවා අහන්න දකින්න ලැබෙන එකත් කොච්චර අවාසනාවක්ද කියල හිතෙනවා අපට. මහේෂ් ගේ කතාවට මාත් එකග වෙනවා. මිට වඩා හොදයි ප්‍රභකරන් හිටියා නම්. එක්කෝ මේවා දකින්න අපි නැ. නැත්නම් ප්‍රභකරන් මුන්ව නැති කරනවා. දැන් කියයි අපේ දේශමාමක කට්ටිය අපි කොටින්ට කඩේ යනවා කියලා. කොටිය අපේ ඇත්තටම සතුරා. මේක තමයි මිතුරු වේශයෙන් ඉන්න භයානක තුර රටට ඉන්න. එක නොතේරෙන එක තමයි දුක.(නදී)
මහේෂ්, මේක ඉන්දියන් සාගරයේ මුතු නෙමෙයි. මේ රට ඉන්දියන් සාගරයේ (අ )මුතු ඇටය වෙලා දැන් නැත්නම් මෙහෙම අමුතු අමුතු දේවල් වෙන කොහෙද වෙන්නේ? (නි)
කවුද මේ දුමින්ද කියන්නෙ, මට මුකුත්ම මතක නැහැනේ. කවුරු හරි මට මතක් කරලා දෙන්නකෝ (නි)
අපේ දරුවන්ගේ අනාගතය විනාස කරා.(නදී)
සමහර මාධ්‍ය වල නම් කිවුවේ එයා බේරිලා ආවේ වාසනාවට කියලා. ඒත් තමන්ගේ තරුණ දරුවන්ගේ අවාසනාව උදාවෙද්දී තමයි කට්ටියට තරු පෙනෙන්නේ. (නි)
අර මොකක්ද පෙරහරක් බැලුවම එයාගේ චැනල් එකේ සල්ලි දෙනවා වගේ මේවටත් දහස් ගණන් දෙන්න කොච්චර වියදමක් යන්න ඇතිද ? මට නම් හිතෙන්නේ එහෙමයි . බත් පාර්සල් දෙන්නේ නැතුව එහෙම කලාද දන්නේ නෑ නේද ?(නදී)
මේක නම් ආශ්චර්යයක්. (නි)
ඇත්තටම අපිට වෙන විසදුමක් තියනවද? (නි)
කගේ කාගේත් මොලේ පරික්ෂා කර ගත යුතු කාලය ඇවිත් වගේ.. (නි)
ඔයා හරි කුමුදිනි . ඔය ඇවිල්ලා ඉන්න ඔක්කොම කුඩුකාරයෝ සහ ගණිකාවෝ. මේවගේ අය ඉන්නකන් දුමින්දලා මොනවා කරත් හරි. අනේ මගේ රටට උන දෙයක්?(නදී)
කට වහගන්න මුරුගා, ඔයා ඇමරිකාව ගැන දන්නේ මොනවාද? මීට දින කීපකටත් පෙර වුණ සිදුවීමවත් අමතකද? (නි)
දොස්තරලා, නඩුකාරයෝ , ඔක්කොම එකතුවෙලා හොඳට පහුගිය දවස්වල අපි ඔක්කොමලව රැවැට්ටුවා. (නි)
මෙහෙමත් සිංහලයෝ? (නි)
ඇප නොදුන්නා නම් තාමත් අසනීපයෙන් ඉන්නත් තිබුණා. (නි)
මට හිතෙනවා "ලැජ්ජාව " විෂයයක් ලෙස පාසල්වලට ඇතුලත් කරන්නම ඕනෑ කියලා. (නි)
අපිටත් දැන් තියෙන්නෙ මේවා බලලා, සතුටින් ඉන්න එක විතරයි. එතකොට අපිත් ආසියාවේ ආශ්චර්යමත් පුරවැසියෝ කියලා දැනේවි. (නි)
මෙහම ගියොත් රට කොහාට යයිද? (නි)
"පැත්ත ගියත් ඇත්ත කියන" සමහර මාධ්‍යයත් මේ සිද්ධියේ ඇත්ත ඇති සැටියෙන් පෙන්නුවේ නැහැ (නි)
මෙව් උතුම් රටක ඉපදීමම වාසනාවක් :D (නි)
ඇතුලේ හිටපු පොන්සේකා මහත්තයා නිදහස ලැබුනාමත් මිනිස්සු මේ වගේ හිටියා. ඒත් දැන් කෝ. මේවට කියන්නේ පුස් වෙඩිල්ල කියලයි. (නදී)
මෙහෙම අයට උදව් කීරීම හොදද ? මම දන්නේ නැති නිසා අහන්නේ මේ ධර්මද්වීපයේ ජීවත් වන අයගෙන්. (නි)
මමයි කියල මොනවා කියන්නද (දී)
ඇත්තටම හිතාගන්නවත් බැහැ උණ්ඩයක් ඔලුවේ ඇතුලේ තිබුණා කියලා. ඕගොල්ලෝ හිතනවද එයාට ඔලුවක් තියෙනවා කියලා? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
රට ගැන මට හිතා ගන්න පුළුවන් (දී)
අපිට හූ .........හූ .........හූ ......... (නි)
ජිනීවා වලදී නොවේ ඕනෑම තැනක ඕනෑම දෙයක් වුණාවේ. මම නම් රට ගැන පැත්තවත් බලන්නේ නැහැ ආයේ, අම්මපා (නි)
අයියෝ සල්ලි
මේ රටට ඉන්දියන් සාගරේ මුතු ඇටය කිව්වේ වැරදිලාද කොහෙද? (නි)
මේ මිනිස්සුන්ට පිස්සුද? නැත්නම් මේවා බලන අපිට පිස්සුද? (නි)
ආසියාවේ ආශ්චර්යයට තව ටික දුරයි (නි)
අපි ඉන්නේ කොහෙද? මේ 2013 ද?(නදී)
ඔයාට සුබ අනාගතයක් දුමින්ද මන්ත්‍රීතුමනි (නි)
මෙහෙම කෙනෙක් ජනතාව විසින් මෙහෙම පිළිගන්නා මා දුටු පළමු බෞද්ධ රට ... (නි)
ඕන් බලාපල්ල ආශ්චර්යය ලක් වැසියනි (නි)
ලංකාවේ ජීවත් වෙන අයගෙන් 90% ගේ අදහස් මේ දාලා තියෙන්නේ කියලා ඔය ඉහල පුටුවලට හිතෙනවා නම් , අපේ රට ඉදිරි අනාගතය මොන වගේ වෙයි කියලද හිතෙන්නේ ? මේවගෙන් පෙන්නුම් කරන්නේ ,රටේ නීතිය වල පල්ලට යන බව නෙමෙයිද? (නි)
ඕන් බලාපල්ල ආශ්චර්යය ලක් වැසියනි (නි)
කල්ප ඔයා හරි . ඒක ඇතුලත්ම වෙන්න ඕනෑ විෂයක් දැන් තියන තත්ත්වේ හැටියට ලංකාවේ. (නි)
සාධාරණක් නැති රටක මේවත් කජුද කිවුවලු. (නි)
දේශ පාලකයන්ට වෙඩි තැබීමට සෙල්ලම් පිස්තෝල විකිණීමට ඇත .(නදී)
කෝ කොහෙවත් තුවාල තිබුනු බවක් පෙනෙන්න නැහැනේ. මේ ඉනේනේ හිටියට වඩා හොදින්. අනේ මන්දා මට නම් නිකන් පිස්සු වගේ. (නි)
කළු කෝට් කට්ටිය සෙට් වෙලා දුන් මෙහෙයුම සිංගප්පුරු තියරිය බලන් සල්ලි වල මහිමය. කොතනද පැරලයිස්? ලංකාව නම් නියම පැරඩයිස්... (නි)
අනේ මට නම් මුකුත් මතක නැහැ. කව්ද මේ දුමින්ද කියන්නේ? (නි)
අනේ මට එන්න හිතෙන්නේ නැහැ ලංකාවට. අනේ මේ ඉන්ග්ලිෂ් රටවල් වල මොන වරද කළත් දඩුවම් ලැබෙනවාමයි. ලංකාවෙන් ආපු එකත් දැන් හිතෙනවා හොදයි කියලා. (නි)
බලවු, සිහලුනි, රට ගැන හිතලා වැඩ කරන අපුරුව? බලවු, ආශ්චර්යයක මහත. (නි)
ජීවිතේම රට ජාතිය වෙනුවෙන් කැප කරපු අනගාරික ධර්මපාලතුමා මේ රට අත් හැර දාලා ගියේ අප්‍රමාණ කලකිරීමෙන්. එතුමාගේ අවසන් ප්‍රාර්ථනය වුනේ මම සසර වසන තුරු ලංකාවේ උපදින්න එපා කියලා. අපටත් අද කරන්න වෙලා තියෙන්නේ මේ ප්‍රාර්තනයම තමා (නි)
අහෝ ලංකාවට මිනි මරුවන්ගේම සරණයි. චින්තනේ බලේ.(නදී)
මට අදහසක් දාන්නෙ නැතුවම ඉන්න බැහැ මේක දැක්කහම, මට දුකයි මගේ රටට වෙන දේ ගැන. මේ දේ වෙයි කියලා බයට මම ඡන්දෙ දුන්නෙත් නැහැ. ඒත් දැන් රට අගාධයට ගිහින් ඉවරයි. වගකීම ඡන්ද දායකයො ගන්න ඕනෑ. අපේ රටේ තරම් ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න වෙන රටක් මම දැකලා නැහැ. තමන්ගෙ පටු වාසි වලට රටේ අනාගතය විනාශ කරනවා. රටට ආදරයක් නැති දේශපාලනඥයො තවතවත් ආත්මාර්ථකාමී මෝඩ මිනිසුන් ඇතිකරනවා. මේවා බලාගෙන ඉන්න හරි අමාරුයි සහ එක මිනිහෙක්ට මේ සමාජය වෙනස් කරන්නත් බැහැ. එනිසා හොඳම දේ අකමැත්තෙන් හරි වෙන රටකට යන එක තමයි. (නි)
ජිවිතේටම මම ලියන පළමු සටහන. මම දන්නේ නැහැ දුමින්ද හරිද වැරදිද කියලා. ඒක උසාවියට අයිති වැඩක්. එහෙත් මේ වෙචච විදිහ නම් කොහෙත්ම පිළිගන්න බැහැ. හිතට හරිම දුකක් එනවා. (නි)
මහත්තයෝ ඔබතුමා ඔළුවේ ගෑව තෙල් වර්ගය කරුණාකර සඳහන් කරන්න. (ස)
සැහෙන පිරිසක් කුඩු ගහල තියෙනවා. ඒ වගේම විකුනන්නත් සහය වෙලා තියෙනවා වගේ.(නදී)
මෙය කරලා තියෙන්නේ ලොකු වංචාවක්. පින්තුරවල දල තිබුන විදියට සැත්කම කලානම් මේ විදියට ඔයවගේ කොන්ඩේ වැවෙන්නේ නැහැ. ගොඩක් තැන්වල තට්ටය. එක්කෝ මෙයාට වෙඩි වැදිලා තියෙන්නේ යන්තම් එහෙම නැත්නම් මේක බොරු කොණ්ඩයක්. අදිකරණය නොමග යවන්නේ ලොකු බොරුවක් කරලා තියෙනවා. නීතියක් තියෙන රටකට මෙයත් හොඳටම ඇති. (නදී)
ශ්රී ලංකාවේ මිනිස්සුන්ට මොනවද මතක තිබුණේ? (නි)
අනේ කව්රු හරි ඇවිල්ල මගේ ඔලුවටම වෙඩිල්ලක් තියල යන්නකෝ.(නදී)
මටනම් මේ දේවල් ගැන හරිම අප්පිරියයි. මම හිතනවා වගකිව යුත්තෝ මේ ජනතාවගේ ප්‍රතිචාර වගකීමෙන් කියවල බලාවි කියලා.(නදී)
දුමින්ද කියන්නේ ලංකාවේ එක්තරා ආශ්චර්යමත් පුද්ගලයෙක් උණ්ඩ පහක් හිසට වැදිලත් මේ විදියට ඉන්න එක ගැන.. එයාගේ ඔලුව යකඩ වෙන්න ඇති.. ඇයි අපේ ජනතාව මේ තරම් මෝඩ.. මේකට හේතුව නිසි නීතියක් නැති කමයි.. (නු)
අපේ රට දැන් ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී මේවා සුළු දේවල්නේ (නි)
දුමින්ද නෙමෙයිනේ වරද කරලා තියෙන්නේ.. භාරතනේ..!(නු)
මේවායින් උසාවියට හොද කියනවා ඇති කට්ටිය..!(නු)
ලංකාවෙ මිනිස්සු කන ආහාර වෙනස් කරන්න කාලය ඇවිල්ලා.(නදී)
මම රටට හුගක් ආදරේ කර කෙනෙක් නමුත් දැන් නම් මට ලංකාවට හෙන ගැහුවත් කමක් නැහැ, මම ඉන්නේ වෙනින් රටක්.(නදී)
මේ වගේ දේවල් කරන අය හිතන්නේ රටේ ඉන්නේ මෝඩයෝ කියලා වෙන්න ඇති. ලබන සැරෙත් අපි ඡන්දෙ දෙමු මේ අයට (නි)
මොළ ගෙඩි වලට හෙන ගහලද හෙළයින්ගේ! (නි)
මෙහෙමත් ලංකාවක්! බුදුන් වැඩිය දේශයක් නේද මේක? (නි)
හිරුනිකාගේ අදුම හරි නැහැ කියලා අල්ලලා කූඩුවේ දායි බලාගෙන ඔන්න. දුමින්ද නම් ඉතින් පව්. කන්න බොන්න නැතිව ඇතුලේ ඉදලා හොදටම කෙට්ටු වෙලා. මේ රට මගේ රට මා ඉපදුන රට.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. දැන් මේවායින් උසාවියට නම්බුද? (නි)
මෙවන් රටක මීට වඩා වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? (නි)
මම යන්තම් ලන්ඩන් පැන්නා ... මේවා බලලා දැන් මම හිනාවෙනවා .... (නි)
කොලොන්නාව ඉවරෙටම ඉවරයි දැන්නම්..(නු)
කලින් ඇප දුන්නනම් කලින්ම ලෙඩේ හොඳ වෙයි. අනේ ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ගේ මොලේ හොඳටම කචල් වෙලා.(ස)
ඔන්න වැඩේ... දැං මෙයාට සනීපයි නේ?(නු)
මෙයාට සහායට ගොඩක් අය ඉන්නවානේ..!(නු)
අනේ හත්තලාමේ ...මේ සැරේ පටන්ගන්න තැන නම් පැහැදිලියි. හැබැයි කොතනින් අවසන් කොරයිද මන්දා (නි)
ලෝකයේ වැඩියෙන්ම මී හරක් ඉන්න රට ශ්‍රී ලංකාව.(නදී)
දුමින්ද මහත්තයා මොනවා කරන්නද මෙයා එපා කියද්දි ප්‍රේමචන්ද්‍ර මහත්තයා වෙඩි තියාගෙනනේ..!(නු)
මේක ඉතින් මෙහෙම වෙයි කියල දැනගෙන හිටියනේ (නු)
කරන්න වැඩක් නැති අය වෙන්න ඇති එදා යන්න ඇත්තේ (නි)
පංච දුශ්චරිතයේම නිරත වෙන මිනිස්සුන්ට සුදු හුණු ගාන අයට යන්න වෙනම අපායක් හදෙන්න ඕනෑ. මේ සියල්ලටම මේ රටේ ඡන්දේ දෙන ඡන්දදායකයෝ වගේම මේ රට මෙහෙයවන පිරිසුත් වග කියන්න ඕනෑ. නූපන් අපේ රටේ දරුවෝ ගැන හිතනකොට හරිම දුකක් දැනෙන්නේ. (නි)
මෙයාල පිළිගන්න අයත් නිරුවතින් හිටියා නම් හරි, තමන්ගේ නිරුවත රටට බලාගන්න. (නි)
මේ මිනිස්සු ගැන මම කතා නොකරමි (දී)
පිස්සු හැදෙනවා ලංකාව ගැන අහන්න තියෙන ඒවට. (නි)
මේ ප්‍රශ්න වලට විසඳුම ශරීයා නීතිය ගෙනෙන එක නෙමෙයි. දැනට තියෙන නීතිය ක්‍රියාත්මක කරන එකයි. (නි)
බොරුවක් නේද කරලා තියන්නේ? ඔය ඉන්නේ යස අගේට (නි)
මට නම් ඔකා වහ කදුරු තමයි. (අ)
ඔය ඉන්නේ යස අගේට දැන්. පිස්සු හැදෙනවා දැක්කහම (නි)
දැන් බයවෙන්න දෙයක් නැහැ. තව සුමාන දෙකකින් ලංකාවේ ව්‍යාපාර නැගලා යාවි (නි)
මේවා දැකල කලකිරෙනවා තමයි එත් අපි කල්පනා කරලා බලන්න ඕනේ කාගේද වැරැද්ද කියල . ශ්‍රී ලංකාවේ අපරාද කරලා උසාවියෙන් නිදහස් වෙලා හරි , ඇප ලැබිල හරි ගෙදර යන දේශපාලකයෝ හැමදාම ගෙදර ගියේ ඔයවිදියට තමයි . එදත් උනේ විරුද්ද පැත්තේ අය දොස් කිව අසාධාරණය ගැන කතා කලා , එත් තමන්ගේ පැත්තේ අය ඒ වැරැද්දම කලහම වීරයෙක් විදියට සැළකුවා බලපුවම ඊ ළඟ මැතිවරනෙන් වැඩිපුර මනාප ලබන්නේ වැඩිපුරම මැරකම් කලකෙනයි කියල හොඳට අතීතය මතක් කලොත් පෙනේවි . ඒත් ඔය ඔක්කොම හැම සෙල්ලමක්ම දාන්නෙ අපගේ කතිරේ වැරදි විදියට පාවිච්චි කළනිසා නේද ? ඉතින් වැරැද්ද කාගේද ? අපිට අතීතය මතක නැති එක නෙමේද ?( නු)
මේවා දැකලා මගෙත් ඔලුව නරක් වෙලා. අනේ අප්පෝ අපේ රටට ගිය කලක්! (නි)
ආසියාවේ ආශ්චර්යය තමයි ඔය. (නි)
කවුරු මොනවා කත් පාර්වතීලා වගේ අයට බෞද්ධ ප්‍රබෝදයක් ඇති වුනොත් හැංගෙන්න තැනක්වත් නැතිවෙයි. (නි)