පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සෙනසුරාදා රාත්‍රී රෝහලකට ඇතුළු කළ බව පවුලේ ආරංචි කියයි.
මුලින්ම දැඩිසත්කාර ඒකකයට ඇතුළු කළ ඔහු අද උදේ සාමාන්‍ය වාට්ටුවකට මාරුකරුනු ලැබීය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පවුලේ ඥාතීහු ගිය සතියේ මාධ්‍යට කරුණු දක්වූහ.
ඉන් කියැවුණේ වෛද්‍ය උපදෙස් අනුව විටින් විට ඔහුට ප්‍රතිකාර අවශ්‍ය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කන්නේ තණකොළ කියල හිතුවද දන්නේ නැහැ නේද? මේ කරන්නේ බොරුවක් කියලා නිතිය නොමග ඇරියට ජනතාවට නොතේරෙනවා නොවේ.(නදී)
මේක දැන් මෙගා ටෙලියක් වගේ. බොරු බේගල් අහලා එපාවෙලා. දුමින්ද ගේ පවුලේ අයට එයා ලොකු ඇති. අපිට නම් මෙයා නිකම් දේශපාලුවෙක් විතරයි.(නදී)
රූපවතීයේ ඕයා ඕවා බලන්න එපා අනේ.(නදී)
දැන් මෙහෙ තමයි ප්‍රතිකාර කරන්න ඕනා. සිංගප්පුරු යන්න පාස්පෝර්ට් දෙන්නේ නැහැනේ. මොලේ අවුලක් නම් ආයේ අමතකවෙයිද දන්නේ නැහැ.(නදී)
කිසිවිටක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරපු ලෙඩෙක් එක දවසින් වාට්ටුවකට මාරු කරන්නේ නැහැ.(නදී)
න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ජේ න පබ්භාතානඞ් විවරඞ් පවිස්ස......... (නි)
අනේ අපේ රටට ගිය කලක්. (නි)
දැන් දුමින්දත් ආටක නාටක එකක් වගේ.(නදී)
ලංකාවේ මිනිස්සුන්ට කාලයත් එක්ක හැම දෙයක්ම අමතක වෙනවා. ඊළඟ පාර කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගන්නේ දුමින්ද සිල්වා . (නි)
තේරෙන්න ඇති පෙළපාලි සමග ගෙදර ගියාට වැඩේ දරුනුයි කියලා. . අර ගුවන් තොටුපළෙන් එන දවසේ ඔච්චර සෙනග නැහැනේ.(නදී)
නඩු දිනේ කිට්ටුවෙනකොට රෝහල් ගතවෙනවා. නඩු දිනේට පහුවෙනිදා ටිකට් කපන් ගෙදර යනවා. කොහොමද නාට්‍ය මාර පිටපත .(නදී)
අර කට්ටියගේ ඇස්වහ වැදිලා අපේ කොලුවට. (නි)
අපි දන්නවා ඕකත් රගපාන නාට්ට්‍යක කොටසක් බව. අපිට පස්සේ මේ වගේ අහන්න පුළුවන්. පිළිගන්න වසරේ හොදම විකට නළුවා. දුමින්ද සිල්වා. (නදී)
තවම කතාව අවසන් නැහැ වගෙයි (නි)
මේ කතාව අවසානයේ මොකක්ද වෙන්නේ ඈ...?? (නි)
නියම විහිළුවක්.(නදී)
අපේ පිරිසිදු ජනමාධ්‍යයන් තුල මේවගේ දේවල් පල කරන්න එපා. මේ වගේ අය ගැන කියවල අපේ කාලය නාස්ති කරගන්න උවමනා නැහැ.(නදී)
වසරේ ජනකාන්ත නළු සම්මානය සඳහා නිර්දේශිත නම් අතර දුමින්ද සිල්වා. අපිට තමයි ඉතින් කඩවුණු පොරොන්දුව.(නදී)
එහෙනම් ඇත්තටම අසනීපද . නැතිනම් එම ටෙලි නාට්‍යයේ තවත් කොටසක්ද?(නදී)
තවත් රගපැමක කොටසක ආරම්භයද කොහෙද.(නදී)