දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෝ ඔහු වටේම සිටියහ. ඔහු බදා ගැනීමට බොහෝ දෙනෙක් පොරකෑහ.
තැන තැන රතිඤ්ඤා පත් කිරීම්, ප්‍රීති ඝෝෂා හා මල්මාලා උඩට විසිකර යළි අල්ලා ගන්නා සිද්ධිද දැක ගත හැකි විය.
11.35ට පමණ ඔහු ජිප් රියට නැගුනේය. ඒ සමගම ජිප් රිය පොලිස් ආරක්ෂාව හා පෞද්ගලික ආරක්ෂාව මැද්දේ පිටත්ව ගියේය.
ඔහු බැලීමට මව සහ පියාද පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා, දුමින්දට ඉන්නේ මේ 3000 විතරනේ. (නි)
අනේ මෙහෙමත් රටක්... මටත් යන්න හිතෙනවා ඕස්ට්‍රේලියා වලට... (නි)
සෑහෙන ගාණක් යන්න ඇති රත්ඤ්ඤා වලට. (නි)
මෙහෙම අය මල් මාලා දාලා පිළිගන්න ලෝකයේ තිබෙන එකම රට, '(අ)මුතු ඇටය' කියන අපේ රට පමණි. (නි)
එයා දුමින්ද සිල්වා නෙමෙයි, දිනුම් ද සිල්වා. (නි)
ඇයි පිළිගන්නේ, එය නිවැරදියි කියලා හිතන නිසාද? (නි)
ලැජ්ජා නැතිද? (නදී)
අපේ රටට දැන් ධර්මදීපය කියනවට වැඩිය හොදයි මිනිමරුවන්ගේ දේශය කිව්වා නම්. මෙහෙම ගියොත් තව ටික කාලෙකින් අපේ ගැහැණු දරුවෙකුටවත් පාරක බැහැලා යන්න බැරි කාලයක් උදාවෙනවා සිකුරුයි. (නි)
ඔක්කොම කුඩු ජාවාරම් කරුවෝද? නැතිනම් පාතාල කරුවෝද?(නදී)
නුසුදුස්සන්ව සුදුස්සන් ලෙස සලකන මිනිස්සු ඉන්න රටක් ලෙස ලංකාව හංවඩු ගැහිලා ලෝකය ඉදිරියේ. (නි)
මෙවන් රටක් ඉපදීමත් අභාග්‍යයකි (නි)
මාරම ජොලි රටක් මේක ! (නි)
මහේෂ් , භාරතගේ උන්ඩෙ ඉල්ලකය හරි ගිහින් දුමින්ද මැරුනා නම් ඔයා භාරතටත් ඔහොමම කියයි (නි)
කොලොන්නාවේ මෙච්චර කුඩ්ඩෝ ඉන්නවද?(නදී)
මෙයාගේ ජාතියේ කට්ටියමද මෙයාව බලන්න ඇවිත් තියෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි ඇහුවේ. (නි)
මිනීමරුවන්ට උදව් කරන,,,හුරේ දාන,,,,මුදලට ජාතිය ,ආගම පාවාදෙන රටක මතු උත්පතිය නොලැබේවා. ධර්මපාලතුමා උනත් ප්‍රර්ථනා කලේ ලංකාවේ ඉපදෙන්න එපා කියලනේ..!!!!!(ස)
මහෙෂ් ඔබ හරි (නි)
හිරුනිකා කෝ? (නි)
හොඳ මිනිස්සුන්ට පමණයි බෝම්බ වලින් වුණත් මැරුම් කන්න වෙන්නේ. (නි)
උසාවියට ගෙනාවොත් විෂබීජ ඇතුළු වෙලා ජීවිතේට අනතුරක් වෙයි කියපු කතාව මට මතක් වෙනවා. (නි)
මේවට අදහස් දාලා නිකන් අපේ ඇඟේ ලේ ටික කෝප කරගන්නේ මොකටද? (නි)
මේවා අනුමත කරන්න පුළුවන් දේවල් නොවෙයි (දී)
කොළොන්නාවට ජය වේවා! (නි)
දැන්නම් හිතෙනවා ඇමෙරිකානු ආක්‍රමණයක් එනවා නම් හොදයි කියලත්. මේ වගේ තමන්ගේ රටේ ආත්ම ගෞරවයක් නැතුව ජීවත් වෙනවට වඩා හොදයි වෙන රටක් යටතේ ඉන්නවා (නි)
ඉපදනකොටම මේ අයගේ ලැජ්ජා නහර කපලලු. (නි)
සිංහල ජාතිය උතුම්,සිංහල ජාතිය ශ්‍රේෂ්ටයි,සිංහල ජාතිය අනගිභවනීයයි කියා කියා කියන පුරාජේරුකාරයෝ කෝ? (නි)
මෙවන් රටක මතු උත්පතිය නොලැබේවා! ධර්මපාලතුමා වුණත් ප්‍රර්ථනා කළේ ලංකාවේ ඉපදෙන්න එපා කියලලුනේ. (නි)
මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
කොහමද ජනතාවගේ ණුවන. ?(ස)