IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දුමින්දට ඇප : රට යන්නත් බෑ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රුපියල් පනස් දහසක මුදල් ඇප ද, රුපියල් පන් ලක්ෂය බැගි ශරීර ඇප දෙකක් ද මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද නියෝග කළේය.

අධිකරණයේ අවසරයකින් තොරව ඔහුගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා සාක්කිකරුවනට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බව ද පැවසීය.

2011 ඔක්තෝබර මාසයේ කොලොන්නාවේදී සිදුවූ වෙඩිතැබීමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය විය.

කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා අධිකරණයට පැමිණ සිටියේ නැත.



අදහස් (0)

දුමින්දට ඇප : රට යන්නත් බෑ

බර්නාර්ඩ් Wednesday, 24 April 2013 01:54 PM

අනේ දෙවියනේ අපේ ජනාධිපතිතුමා මේ මොනවත් දන්නේ නැද්ද ? ලේකම් තුමනි මේවා එතුමාට පෙන්වන්න.(නදී)

:       0       0

අසේල Wednesday, 24 April 2013 08:15 PM

මතකය නැත්තේ දුමින්ද පුතාට නෙමෙයි , අපේ කට්ටියටයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ෂිරාෂ් Wednesday, 24 April 2013 02:13 PM

මම කව්ද ? මට මතක නැහැ.(නදී)

:       0       0

සෑම් Thursday, 25 April 2013 09:39 AM

සාක්කි කරුවන්ට බලපෑම්? එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.... (නි)

:       0       0

ශාන්ත Wednesday, 24 April 2013 02:17 PM

ජයවේවා! (නි)

:       0       0

සිසිර Wednesday, 24 April 2013 02:17 PM

කවුද මේ සමන් ???? නියම කොල්ලෙක්. ඔයාලා තමයි ආසියාවේ ආශ්චර්යයේ පෙරගමන්කරුවෝ (නි)

:       0       0

කමල් Wednesday, 24 April 2013 08:26 PM

මට මොකුත් මතක නැහැ (දී)

:       0       0

ලලිත් Wednesday, 24 April 2013 08:31 PM

දැන්නම් සමහරුන්ට නිදහසේ හුස්ම ටිකක් ගන්න පුලුවන් වෙන්න ඇති නේද ?? (නි)

:       0       0

බණ්ඩාර කුවෛට් Wednesday, 24 April 2013 02:19 PM

නීතියේ සමානාත්මතාවය යනු මෙයයි. (නි)

:       0       0

රූපවතී Thursday, 25 April 2013 09:52 AM

මගේ දරු පැටියා පිටරටක නිසා හිතට ටිකක් හයියක්. එහෙත් මගේ රට කියන හැගීමෙන් හිතට වද දෙනවා. මගේ රටට මොකද වුණේ? (නි)

:       0       0

අජිත් Wednesday, 24 April 2013 08:32 PM

අනේ ඔබතුමා නැතුව අපි මැරෙන්න ගියා. කිසිම කෙනෙක් මේ වෙනකල් අපි දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ. (නි)

:       0       0

දයාහේ Wednesday, 24 April 2013 02:27 PM

බලනකොට කිසි අසනීපයක් තිබිල නැහැ . මහත්තයෝ ආයෙත් කුඩුත් තුවක්කවත් අතට ගන්න .ජයවේවා. මැරුන එකා මරුනා ඉවරයි .ඉන්න එකා යමක් කමක් හම්බකරගෙන ඉන්න ඕන .(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Wednesday, 24 April 2013 02:35 PM

ඔය කියන නීතිපති උපදෙස් මත බන්දනාගාරයේ ඉන්න හැමදෙනාම නිදහස් කරන්න බැරිද?(නදී)

:       0       0

රිස්වාන් ඩුබාඊ Wednesday, 24 April 2013 02:36 PM

ඇයි මට ඇප? ඇයි මම ඉස්ප්රිත්තලේ ? මට මොනවද උනේ ? මට කියන්න කව්රුහරි මට මොනවද උනේ කියලා.(නදී)

:       0       0

සුරා Wednesday, 24 April 2013 02:43 PM

දුමින්ද පුතා ඔය කියන විදිහට රට යන්නත් එපාග සාක්කි කාරයන්ට බන්නිනත් එපා. හොද පුතා නේ . මතක නැහැ කිව්වට කමක් නැහැ.(නදී)

:       0       0

ලලිත් Wednesday, 24 April 2013 02:58 PM

ලංකාවේ නීතිපති සහ දෙසපාලනාදිකරණය සහ චින්තනය මගින් වැරදිකරුවන් නිදහස් කොට නිවරදිකරුවන්ට දඬුවම් ලබාදේවි, මේක නොඋනොත් මගේ කන කපන්න .(නදී)

:       0       0

ලිවේරා Wednesday, 24 April 2013 02:58 PM

අනේ මෙහෙම තණ්හාවක්.(නදී)

:       0       0

ලලිත්-සෞදි Wednesday, 24 April 2013 03:01 PM

අකේ කාලේ වනේ වාසේ පොල්ගෙඩි 8ක් කඩපු පාසල් දරුවටත් ඇප 50000යි. මින්හෙක් මරපු දේශපාලකයටත් 50000යි. මේකද ලසන්ත මහත්තයෝ ලංකාවේ නීතිය.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 April 2013 09:25 PM

අපේ පැත්තේ ආච්චි අම්මලා සතුට වැඩිකමට නටනවා. (නි)

:       0       0

ලාල් සුරංජිත් Wednesday, 24 April 2013 03:17 PM

ජනයනි දැන්වත් තේරෙනවද කොහොමද රට යන අත ගැන. ලංකාවේ ඉන්න වන සත්තු පවා රටින් පැන ගන්න පුලුවන්නම් මෙලෙහකට වෙනත් රටකට ගිහිල්ල ඉවරයි. ඒ තරමට පිළිකුල් දේවල් අහන්න දකින්න ලැබෙන්නේ.(නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Wednesday, 24 April 2013 03:22 PM

අති විශිෂඨයි.(නදී)

:       0       0

සූරි Wednesday, 24 April 2013 03:30 PM

අද වෙළදපොලේ කුඩු ග්‍රෑම් එකක් කීයද?(නදී)

:       0       0

මේනකා සෞදි අරාබිය Wednesday, 24 April 2013 10:03 PM

අනේ අපොයි! පවු අනේ! (නි)

:       0       0

සදරුවන් Wednesday, 24 April 2013 10:09 PM

සමන්ගේ අම්ම ඉන්නවද ?(නදී)

:       0       0

ලක්මල් Wednesday, 24 April 2013 03:51 PM

උඩ පැනගෙන ඡන්දය දුන්නු "දේශහිතයිෂීන්ට" දැන් සැප ඇති නේද?. ඔය ටික වෙන බව කීවා. ඔක්කොම ගිහිල්ලා දුන්නා 2/3 බලය. අපි නම් රටෙන් ගියා. ඡන්දය දුන්නු දේශහිතයිෂීන් ඉන්න එකයි ඇත්තේ. අනිත් අය පුලුවනම් බෝට්ටුවකවත් එන්න.(නදී)

:       0       0

ජයනන්ද කතිපෙඅරචි Wednesday, 24 April 2013 03:55 PM

මෙහම රටක මොකද අපි ඉපදුනේ කෝ බොදුබල සේනාව ?(නදී)

:       0       0

පිටිගල Wednesday, 24 April 2013 10:31 PM

මම දුමින්දට වෙඩි තියල මාත් වෙඩි තියා ගත්තා. දුමින්ද නිර්දෝසයි. ඔය ගොල්ල නිකන් ඉන්න. මම භාරත.(නදී)

:       0       0

අජිත් Wednesday, 24 April 2013 03:57 PM

අනේ මම නම් මුකුත් කියන්නේ නැහැ හොඳේ.(නදී)

:       0       0

පෙ‍රේරා Thursday, 25 April 2013 11:05 AM

එයා මොකටද රට යන්නේ? මොනවැයින් අඩුපාඩුවක්ද එතුමට?නමුත් අපි හැමදෙනාම කවදාහරි මැරෙණ බව මතක තියාගෙන කවුරු කවුරුත් වැඩ කරනවා නම් තමා හොද. (නි)

:       0       0

වසන්ත Wednesday, 24 April 2013 04:05 PM

කුඩු ලංකාවට ගෙන්න වන්න නිදහස් කරන්න ඇති.(නදී)

:       0       0

නීල් Wednesday, 24 April 2013 10:49 PM

හානේ! එයාට ඇප දුන්නද? (නි)

:       0       0

සදරුවන් Wednesday, 24 April 2013 04:11 PM

පොල් ගෙඩි අටටත් රු.50,000යි, මිනි මැරීමටත් රු.50000යි?(නදී)

:       0       0

පෙරමුණ Wednesday, 24 April 2013 04:14 PM

මේ ගැන අපි මොනවා ලියන්නද?හැරෙන පැත්ත හොදා කියමු.නැත්තන් අපි දේශද්‍රෝහියෝ වෙයි.(නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 24 April 2013 04:15 PM

අර අහිංසක මනුස්සයට සාදාරනයක් නෑ ඉතින් ඒ පවුල්වල අය ජිනිවා ගියාට වැඩක් නැහැ.(නදී)

:       0       0

විරාජ් Wednesday, 24 April 2013 04:20 PM

මට මොකුත් කියන්න මට මොකුත් මතක නැහැ (දී)

:       0       0

ප්‍රසාද් Wednesday, 24 April 2013 04:28 PM

ආඩම්බරයි හසන්ත මහත්තයෝ.(නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 24 April 2013 04:36 PM

අපිට මොකෝ 3න් 2 දානකොට ඔහොම වෙයි කියල හිතුවද? (නදී)

:       0       0

සම්පත් Thursday, 25 April 2013 12:04 AM

අපි ඡන්දෙ දුන්නේ මේවා අහන්න නෙමෙයිනේ. පොඩ්ඩක් හිතන්න. (නි)

:       0       0

රකිත් Friday, 26 April 2013 04:52 AM

මහාධිකරණ විනිසුරුතුමා අහල තියෙනවලු විත්තියේ නීතිඥවරයාගෙන් "විත්තිකරුගේ මොලේ තියෙනවද කියලා". http://www.gossiplankanews.com/2013/04/duminda-silva-releases-on-bail.html#more මම විත්තියේ නීතිඥවරයා නම් කියනවා, "ස්වාමිනි, මොලේ තිබුනානම් මේ වගේ දෙයක් කර ගනීවිද කියලා" (නි)

:       0       0

සෑම් Wednesday, 24 April 2013 04:52 PM

සෞදි වල වගේ ජරා නීති අපිට එපා. මේ වගේ අලුත් නීති අපිට හොදයි. තව තවත් දිනේවා.(නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 24 April 2013 04:55 PM

සමන් ඔයා කුඩු විකුණනවද අරය නිදහස් උනාට සතුටුයි.(නදී)

:       0       0

ද සිල්වා Wednesday, 24 April 2013 12:21 PM

ලගන්දීම නිදොස්කොට නිදහස් කරවී , ඊට පස්සේ සුපුරුදු ඔක්කොම ලෙඩ හොද වේවි. ඊට පස්සේ සුපුරුදු පරිදී වැඩ කරන්න පටන්ගනී.(නදී)

:       0       0

වරුණ Wednesday, 24 April 2013 12:22 PM

කියන්න වදන් නැහැ හැගුම් සිතේ ගොලුවෙලා....... (නි)

:       0       0

ගාමිණී Wednesday, 24 April 2013 12:24 PM

මේක තමා ආශ්චර්යය. (නි)

:       0       0

උදාර Wednesday, 24 April 2013 12:28 PM

ජය වේවා! (නි)

:       0       0

පැතුම් Wednesday, 24 April 2013 05:07 PM

අපි නම් දැනගත්තා පොල් පැලේ කන්න තමයි කියලා. (නදී)

:       0       0

සුරංග Wednesday, 24 April 2013 12:30 PM

ආන්ඩුවෙ අයියලා මල්ලිලාගේ සපෝටි එක නැත්නමි අද දුමින්ද හිරේ.(නදී)

:       0       0

අනුර Wednesday, 24 April 2013 05:16 PM

හරක් පට්ටියේ හැටියටලු එඩේරා. මේක ලංකාව .ලබන ආත්මේ වත් වෙන කොහේ හරි ' අනේ මන්දා?(නදී)

:       0       0

රමිලා Wednesday, 24 April 2013 12:36 PM

දෙන දෙවියෝ එලව එලවා දෙනවා කියන්නේ ඕකට තමයි. අපිත් ඡන්දෙ ඉල්ලලා තිබුනානම් ඕන දහජරා වැඩක් කරලා බේරෙන්න තිබුනා.(නදී)

:       0       0

චමින්ද Wednesday, 24 April 2013 05:22 PM

දුමින්දව නිදහස් කළ එක හොදයි. එතුමා දුප්පතුන්ට උදවු කළ හොද කෙනෙක්. (නි)

:       0       0

හේරත් Wednesday, 24 April 2013 12:40 PM

සුභ අනාගතයක්! (නි)

:       0       0

නදී Wednesday, 24 April 2013 12:44 PM

එතකොට කවුද වැරදිකරු ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මාධව Wednesday, 24 April 2013 12:45 PM

මට පුදුම හැගීමක් දැනෙනවා (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 24 April 2013 12:45 PM

ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදිලා... (නි)

:       0       0

රංගල Wednesday, 24 April 2013 12:46 PM

මොකද්ද? මට මතක නැහැනේ. ඔබ සැමට බුදු සරණයි! (නි)

:       0       0

සමන් Wednesday, 24 April 2013 12:52 PM

ජයවේවා ගරු දුමින්ද සිල්වා මැතිදුනි. අප දන්නවා ඔබතුමා නිර්දෝෂීයි කියලා. කොළොන්නාව සිදුවීමෙන් සැබෑටවටම අගතියට පත්වුයේ දුමින්ද මහතා. එතුමන්ට තමයි වෙඩි වැඩි රෝහල් ගත වීමට සිදුවුයේ. ඉදිරියේදී නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ ජනතාවට සේවය කිරීමට ඔබතුමාට හැකිවේවා. අප ඔබ සමගයි. (නි)

:       0       0

දිල්ශාන් Wednesday, 24 April 2013 05:41 PM

අනේ මන්දා අප්පා (දී)

:       0       0

නිලන්ත Wednesday, 24 April 2013 12:53 PM

ඔන්න බලන්න මහත්තයෝ, අපි හතුරෙකුටවත් හිංසා කරන ජාතියක් නෙමෙයි. බලන්නකෝ අපේ ජාතියේ හැටි. මේවා ආශ්චර්යයෙනුත් ආශ්චර්යයි. මට මේවා පේනකොට ඇස් වලට කදුළු පිරෙනවා. (නි)

:       0       0

ප්‍රියංක Thursday, 25 April 2013 06:41 AM

අනේ මේ ලක්මාල්, පොඩ්ඩක් ඔලුව පරීක්ෂා කරවා ගත්තා නම් නරකද? (නි)

:       0       0

ෆෙරෝස් Wednesday, 24 April 2013 12:55 PM

මට වචන පැටලැවෙනවා වගේ. අදහස් දාන්න බැහැ ඒ නිසා. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 24 April 2013 12:55 PM

ජයවේවා ! (නි)

:       0       0

යොහාන් Wednesday, 24 April 2013 12:57 PM

ඔන්න දැන්නම් හිරුනිකා දුවට ගරු මන්තිරිතුමාව හොඳට දැක ගන්න පුළුවන්. (නි)

:       0       0

සරත් Wednesday, 24 April 2013 12:59 PM

මෙතරම් කල් ගිය එකනේ පුදුම.(නදී)

:       0       0

සිසිලියා Wednesday, 24 April 2013 12:59 PM

ඇති වෙන්න රට ඉඳලනේ ආවේ. ඉතින් මොකට රට යනවද එතුමා? (නි)

:       0       0

මාගලී Wednesday, 24 April 2013 05:51 PM

පොල් ගෙඩි 8ක් හොරකම් කිරීමත් මිනි මරණ එකත් දෙකම වැරදියි. ඒත් දෙකටම ඇපය රුපියල් 50000යි. ඒක ආසියාවේ ආශ්චර්යද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අමිල Wednesday, 24 April 2013 05:51 PM

ඕක තමයි අපි කිව්වේ. අපි දැකගත්තා හැරෙනකොටම පොල් පැලය කන්නයි යන්නේ කියලා.(නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 24 April 2013 05:52 PM

හිරු නාලිකාවට අපි කියනවා සහෝදරකම් අතහැරලා මේ සිදුවීම ගැන කතාකරන්න කියල අර මලිංගව වගේ මෙයාව නැති කරන්න.(නදී)

:       0       0

සිරිපාල Wednesday, 24 April 2013 01:03 PM

දන් ඉතින් මේක ගැන කතාකරන්න ගනීවි කස්ටියම.. .. ලයිට් කතා ඉවරායි... (නි)

:       0       0

ජසීම් Wednesday, 24 April 2013 01:04 PM

දෙවි පිහිටයි! (නි)

:       0       0

ලාල් Wednesday, 24 April 2013 01:07 PM

හැම වැරදි කාරයෙක්ම නිටිපති අතින් නිදහස්.(නදී)

:       0       0

කිලක්-ඩුබායි Wednesday, 24 April 2013 06:04 PM

මේවා අහබු සිදුවීම් නම් නෙමෙයි. මේ නාටකයේ අධ්‍යක්ෂකවරු, තිරරචකයන්, නිෂ්පාදකයන් තිරය පිටු පස සිට රග දක්වනවා. අපිට පේන්න එන්නේ ප්‍රදාන නළුවා විතරයි.(නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 24 April 2013 06:04 PM

මට මොකුත් මතක නැහැ. කවුද දුමින්ද කියන්නේ (දී)

:       0       0

බණ්ඩා Wednesday, 24 April 2013 01:10 PM

දැන් ජීවිතේ අලුතින් පටන් ගන්න වේවි. පව් අහිංසකයා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 24 April 2013 06:06 PM

ලාල් සුරංජිත්, මිනීමරු ප්‍රභාකරන්ටවත් මේ තරම් විනාසයක් අවරුදු 30 කදී කරන්න බැරි වුනා. අද රට යන අත බොහොම භයානකයි. මට දුක අපේ අනාගත දරුවට රටක් නැති වෙන එක ගැනයි.(නදී)

:       0       0

ලක්මාල් Wednesday, 24 April 2013 06:09 PM

දුමින්ද කියන්නේ හොද මහත්මා දේශපාලඥයෙක්. අපේ රටට ශක්තියක්. අනික මේකෙන් පෙනෙන්නේ එතුමා වරදක් කරලා නැති බව නේද ? (නි)

:       0       0

නන්දලාල් Wednesday, 24 April 2013 06:18 PM

ටිරාජ් පිදුරු දුන්නට කමක් නැහැ. එළදෙන පෙන්නන්නවත් එපා කුඩුකාරයෝ මරාගන්න ඒවාට අපි මොකටද මැදිහත් වෙන්නේ.(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Wednesday, 24 April 2013 01:15 PM

ඔබට ජයවේවා! තවත් ධෛර්ය ලැබේවා! ඉදිරියටත් හොඳ වැඩ කිරීමට ලැබේවා! හොඳ අනාගතයක්! දෛවය විසින් සිදු විය යුතු දේවල් සිදුවේවි. මෙය මනුෂ්‍ය ලොවකි. දිව්‍යය ලෝකයක් නොවෙයි. හිරුනිකාටත් සුබ පැතුම්! (නි)

:       0       0

බුද්ධි Wednesday, 24 April 2013 01:16 PM

මා ලබන ආත්මේවත් වෙනත් රටක ඉපදේවා! සමාවෙන්න ලක්මෑණියනි. (නි)

:       0       0

චානක Wednesday, 24 April 2013 01:16 PM

අනේ සමන් ...කොහෙද ඉන්නේ ආ ? (නි)

:       0       0

අපොන්සු Wednesday, 24 April 2013 01:17 PM

රුපිය පනස් දාහක ඇපයක්? (නි)

:       0       0

ගිමාල් Wednesday, 24 April 2013 01:21 PM

එතකොට කවුද වැරදිකරු ? (නි)

:       0       0

ජීවා Wednesday, 24 April 2013 01:22 PM

ඇප දෙන්න බැහැ කියුවා නේද (දී)

:       0       0

සම්පත් Wednesday, 24 April 2013 01:24 PM

රිස්වාන් සෞදි, ඔයා වගේම මමත් පතන්නෙමි. (නි)

:       0       0

රොන් Wednesday, 24 April 2013 07:01 PM

දැන් ඉතින් ඇපත් තියනවනේ. කලින් කරපු (ධාර්මික) ව්‍යාපාර කටයුතු කරගෙන ඔහොම යං (නි)

:       0       0

අමීන් (සෞදි) Wednesday, 24 April 2013 01:26 PM

මම මේ දන්නේ නැති නිසා අහන්නේ. කව්ද එහෙනම් වෙඩි තියාගෙන තියෙන්නේ? (නි)

:       0       0

ජීවා Wednesday, 24 April 2013 07:05 PM

මේ වගේ සාධාරන තීන්දු දෙන නඩුකාරවරුන් තව බිහි වේවා යන්න මගේ පැතුමයි. සාධාරණය රජවේවා! ලංකාව දිනේවා! (නි)

:       0       0

ශාන් Wednesday, 24 April 2013 01:27 PM

විනිසුරුතුමා දිගුකල් දිනේවා! අපි ඔබ සමගයි (නි)

:       0       0

ෆර්හාන් Wednesday, 24 April 2013 01:27 PM

එතකොට වැරදිකරු කව්ද? මම දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

රනිල් Wednesday, 24 April 2013 01:28 PM

නමුත් දැන් එතුමාගේ මොළයේ කොටස් අඩුනිසා ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ. (නි)

:       0       0

රොහාන් Wednesday, 24 April 2013 01:29 PM

කැපී පෙනෙන විශිෂ්ඨ නඩු තීන්දුවක්! (නි)

:       0       0

කමල් Wednesday, 24 April 2013 01:31 PM

දුමින්ද මැතිතුමනි, මැරකමට තිත තැබූ ඔබට මතටත් තිත තබන්නට ශක්තිය ලැබේවායි පතමි. (නි)

:       0       0

මිචෙල් Wednesday, 24 April 2013 07:32 PM

දැන් ඉතින් ඔබතුමා ශාරිරික ව්‍යායාම ටික පිළිවෙලකට කරගෙන ඇග හදාගන්න. අපි මේ කියන්නේ ඔබතුමාට තියෙන හිතවත්කමට. (නි)

:       0       0

රත්නසිරි Wednesday, 24 April 2013 01:32 PM

පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව තක්කඩි දේශපාලනය නතර කරනවා කියලා මොන ජගතාද ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ? පුළුවන් නම් කියමු බලන්න (ලිඛිතවත් දෙන්න හොදේ) (නි)

:       0       0

රම්‍යා Wednesday, 24 April 2013 01:33 PM

මාලක නිදහස්, ධර්මසේන නිදහස්,දුමින්ද නිදහස්.... ජය වේවා! එහෙම තමයි වෙන්නත් ඕනෑ. (නි)

:       0       0

දසුන් Wednesday, 24 April 2013 01:34 PM

තව ටික දවසකින් තව මොනවා දැනගගන්න ලැබේවිද දන්නෙ නැහැ? (නි)

:       0       0

සම්පත් Wednesday, 24 April 2013 01:35 PM

ඔයාලා ඔය ඔච්චර කතා කරන්නේ කා ගැනද? මට තේරෙන්නෙත් නැහැ, එහෙම දෙයක් මතකත් නැහැ. (නි)

:       0       0

බන්දුග-කටාර් Wednesday, 24 April 2013 01:38 PM

ඇප දෙන්න ඉතින් එය රිමාන්ඩ් කරලා හිටියෙත් නැහැනේ. , බලාගෙන යනකොට පොල් ගෙඩි 5ක් හොරකම් කිරීමත් මිනි මරණ එක තරම් අපරාධයක්. වැරදි දෙකටම ඇපය රුපියල් 50000/=.(නදී)

:       0       0

උපුල් Wednesday, 24 April 2013 01:39 PM

මට වෙඩි තිබ්බේ නැහැ. මමම වෙඩි තියාගත්තා.(නදී)

:       0       0

රේග Wednesday, 24 April 2013 01:40 PM

දන්නවද අපි තුන් වෙනි ලෝකයේ රටක් වෙන්න හේතු වලින් එකක් දෙකක්?? දන්නවා නම් කියන්න බලන්න. මම මේ නිකන් ඇහුවේ. (නි)

:       0       0

නිමල් පුනාන්දු Wednesday, 24 April 2013 01:41 PM

මෙතුමා සාක්‍ෂිකරුවන්ට බලපෑම් කරන එකක් නැහැ. මෙතුමාගේ කට්ටිය අහිංසක ඇති. (නි)

:       0       0

සංකල්ප Wednesday, 24 April 2013 01:47 PM

උතුම් රටේ නීතිය උතුම් විදියට ක්‍රියාත්මක වෙනවා කියලා අපිට දැන් පෙනෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 13 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 318 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 792 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 288 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 746 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2116 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site