මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා මග්ගොන අතර මාගල්කන්දේදී බස්රියක් දුම්රියක ගැටී අඩු ගණනේ 20 දෙනකු තුවාල ලබන්නට ඇතැයි රෝහල් ආරංචි කියයි. මහනුවර සිට වයිකින් බසයකින් මළ ගෙදරක ආ පිරිසක් කොළඹ සිට ගාල්ලට ධාවනය වූ දුම්රියේ හැපෙන්නට ඇතැයි අසල් වැසියෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්ශ, මෙතන නිතරම අනතුරු සිදුවන තෑනක්. රේල් පාර ආසන්නයටම පෑමිනි විටයි දුම්රියක් පෑමිනෙන බව පෙනෙන්නෙ. කෝටි ගානක් ඉන්දියාවට දිල පාර හදන්න සල්ලි තියෙනවා. ගේට්ටුවක් දාන්න තමයි සල්ලි නෑත්තෙ.(නදී)
මෙතන ගාලු පාරත් එක්ක කන්ද බහින / නගින තැනකි. නිතරම අනතුරු සිදුවන තැනක්ය. කන්ද් බහිද්දි රේල් පාර ආසන්නයටම පැමිනි විටයි දුම්රියක් පැමිනෙන බව පෙනෙන්නෙ. මෙතන ඉස්සරහ නම් රතු ලයිට් එක්ක බෙල් එකක් තිබුණා. දැන් ඒකත් නැත. කෝටි ගානක් ඉන්දියාවට දීලා පාරවල් හදන්න සල්ලි තියෙනවා, ගේට්ටුවක් /රතු ලයිට් එකක් බෙල් දාන්න තමයි සල්ලි නැත්තෙ.අනේ මන්දා? (නි)
කව්රු මොනවා කිව්වත් බස් රියදුරු තමයි වැරදි. දුම්රිය හරස් පාර අනිවාර්ය අනතුරු තැනක්. විමසිලිමත් වෙන්න ඕනෑ තැනක්. රිය පදවන කාටත් සිහි තබා ගත යුතු දෙයක්. (නි)
දුම්රිය ගේට්ටු මොකටද හදන්නේ? තවත් කොච්චර වැඩ තියෙනවද කරන්න? යුද්දේ තිබුණු කාලේ මේ තරම් දුක් වින්දේ නැහැ. (නි)
බොහොමත් කණගාටුයි. මට අදාල නොවුනත් මා ඉතාලියෙ සිට මෙවනි අනතුරක් වන සෑම අවස්ථාවකම,ඒ වෙනුවෙන් වියදමක් නැතුව ගත හැකි ආරක්ශක ක්‍රමවේදයක් ගැන වගකිවයුතු ආයතන සියල්ලටම ලියලත් අවධානයක් නොලැබීම ගැන බොහොම කණගාටුයි. කෙටි කාලීන විසදුම වන්නේ දුම්රිය මාර්ගයට, මහමාර්ගයට අවතීර්න වන ස්ථානයේ සිට අඩි 20 පමන දුරින් කොන්ක්‍රීට් මාර්ග බාධක දමා,ඒ හරහා යන වාහන වල වේගය අඩුකිරීමයි. (නි)
ඇයි බැරි, රේල් ගේට්ටු ටිකක් දුරින් දාන්න? අඩුම තරමේ 100 ක් දුර පරතරය ඇතුව... අපේ රටේ ගොඩාක් රේල් ගේට්ටු තියෙන්නේ ළගම නේද? වැරදුනත් ආපහු ගන්න බැරි තරම් ළගයි. (නි)
බොරු සෝබන වැඩ නොකර මහජන ආරක්ෂාවට වැඩක් කරන්න කාලය ඇවිත්. (නි)
දැයට කිරුල වගේ අනවශ්‍ය දේවල් කරන්නේ නැතිව අනාරක්ෂිත තැන්වලට ආරක්ෂාව දුන්න නම් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැනේ. පාලකයනි මේ දේවල් වලට ඉක්මනින් විසදුම් සොයන්න. නැතිනම් අමාරුවේ වැටෙන්නේ අහිංසක මහා ජනතාව.(නදී)
ජීවිත හානි නැති උනොත් හොදයි. මහා ලොකුවට පම්පෝරි වැඩ නම් තියෙනවා. රේල් පාරකට ගේට්ටුවක් හෝ මොකක් හරි හයිකරගන්න සල්ලි නැ. මන් අහල තියෙනවා ලංකාවේම මේ වගේ අනාරක්ෂිත දුම්රිය හරස් පාරවල් තියෙන්නේ 900 ගානක්ලු. ඉතින් ඔය ටිකට ගේට්ටු ටිකක් දාලා මිනිහෙකුට පඩියක් ගෙවන එක මහා දෙයක්ද? ජීවිතයක වටිනාකමක් නොදන්නා පාලකයෝ ඉන්න රටක් මේක. අහස උසට කුළුණු ගහන්න විකාර සංදර්ශන වලට ඕන තරම් සල්ලි තියෙනවා .(නදී)
තාක්ෂනය දියූනු කාලේ සියළුම දුම්රිය සේවා පරිගණක පද්ධතියට ඇතුලත් කරන්න. බැරිනම් පරණ යකඩ වලට විකුණලා තවත් අධිවේගී මාර්ග මේවයේ හදන්න. අලි මැරෙන්නෙත් නැහැ. මිනිස්සු මැරෙන්නෙත් නැහැ.විකල්පයක් වහා අවශ්‍ය vei !
රූපවතිලා වගෙ තව කීප දෙනක් හිටියනම් ලංකාවට බුදුසරණයි.(නදී)
ජපානේ හැම ස්ථානයකම රේල් ගේට්ටුවක් තිබුනත් හැම කෙනෙක්ම යන්නේ වාහනේ නවත්තලා ජනෙල් පහත් කර හොදට දෙපැත්ත බලලා. පව් අහිංසක මිනිස්සු.(නදී)
වරද කාගේද....?(නදී)
ලංකාවට මේ මොකක් වෙලාද? හැමදාම අහන්න ලැබෙන්නේ මරණමනේ.(නදී)
මිය ගිය අයට නිවන් සුව.(නදී)
රේල් පාරවල් ටිකයි , කෝච්චි ටිකයි , පරණ යකඩ වලට විකුණලා පාරට තව බස් ටිකක් දමන්න? වගකිව යුත්තනි! වටිනා මිනිස් ජීවිත නේද මේ? දවසින් දවස අකාලේ පොලවට යට වෙන්නේ. උන්ගේ දරු පැටව්ට වග කියන්නේ කව්ද? රජයෙන් ගෙවනවද ? අහස පොලව නුහුලන අපරාද මේවා ? අහස උසට කුළුණු ගහන්න පෙර රටේ රේල් ගේට්ටු ටික හදල දුන්නොත් තමන් හොරට ගන්න පඩිසල්ලි වලට වන්දී ගෙවන්න සිදු නොවේවි මතු ආත්මයේදී.(නදී)
ගාමිනී මෙතන වැරැද්ද තාක්ෂනයේ කියලද හිතන්නෙ. යාංගල්මෝදර අනතුර උනේ තාක්ෂනයේ අඩු පාඩු නිසාද?. මෙතනත් අනාරක්ෂිත ගේට්ටුවක් නැති තැනක්. ගේට්ටු නැති උනත් අනතුරු ඇගවීම් පුවරු අඩියෙන් අඩියට තියනවා. ඒවා බලාගෙන ආරක්ෂිතව ලංකාවෙ කියෙන් කී දෙනාද එලවන්නේ. තාක්ෂනය කොයි තරම් දියුනු උනත් වැඩක් නෑ මිනිස්සුන්ගෙ මොලේ දියුනු වෙන් නැත්නම්. කෝච්චි බස් වගේ බ්‍රෙක් ගහලා නවත්ත ගන්න බෑ. රේල් පාරක් හරහා දානකොට කල්පනා කරනවනම් මෙහෙම වෙන්නෑ.(නදී)
යාන්ගල්මෝදර නඩුව විසඳුවා විතරයි ඒ පාර මාගල්කන්දේ ආයෙත් ඒ වාගේම එකක්. මෙතැන ආරක්ෂාවක් නැති තැනක්ද? නොසලකා ගිහින්ද? (නු)