මහනුවර කොළඹ ශීඝ්‍රගාමී දුම්රිය අද පස්වරුවේ මීරිගම දුම්රිය පොළේ නතර නොකළ බව මගීහු කියති.
පමා වී පැමිණි මේ දුම්රිය එහි නොනවත්වා ධාවනය වූ බවත්, දුම්රිය මගීන් සිය ගණනක් දුම්රිය ස්ථානාධිපතිට දොස් නැගූ බවත් වාර්තා වේ.
දුම්රිය ගමනාගමන අධිකාරී කාර්යාලය කියනුයේ මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හරි හදිස්සියක් වෙන්න ඇති (දී)
'මිහිරිගම' නොනැවැත්වු 'අමිහිරි' දුම්රියක්ද? (නි)
බයවෙන්න එපා. හෙට නවත්තයි. (නි)
ඕවා ඔහොම තමයි. උදේටත් සමහරදාට පරක්කුවෙලා ඇවිල්ලා සෙනග බහින්න කලින් අද්දලා යනවා. (නි)
දුම්රියක් නැවැත්වූ පසු දුම්රිය ස්ථානාධිපතිගේ පිටවීමේ සංඥාව නැතුව කොහොමද දුම්රිය ධාවනය කරන්නේ? (නි)
අනේ පව් (දී)
අලුතින් ගෙනා දුම්රියක් නම් තිරිංග වැඩ කරන්නේ නැතුව ඇති.. මතකනේ මීට කලිනුත් දුම්රිය එක පිට එක ගියා...(ස)
ඔය ගියේ ඊයේ කෝච්චිය, කලබල නොවී ඉන්න අද එක හෙට අනිවාර්යෙන් ම නතර කරයි... (ස)
අයියෝ මාර වැඩක් නේ (දී)
පරිපාලනේ වැරදි තමා, දැන් බොරුවට දෙන්නෙක්ගේ වැඩ තහනම් කියයි.. පෞද්ගලිකරණය කරානම් හරි. ගාන වැඩි වුනත් වෙලාවට වැඩ කරයි... ! (ස)
අනිවාර්යෙන් ම රියදුරා කසිප්පු ගහලා ඉන්න ඇති (ස)
දුම්රියේ නියමුවා දැකලා තියෙනවා පොලී මුදලාලි දුමුරිය වේදිකාවේ ඉන්නවා.. ඒක තමයි ඇත්ත.. කාටත් ඔහොම දේවල් වෙනවනේ.. ගනන් ගන්න එපා මෙයාලා (ස)