IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දුම්රිය වර්ජනයෙන් කෝටි 7 ක පාඩුවක්

( මහින්ද නිශ්ශංක ) 

දුම්රිය රියදුරු නියාමක,ස්ථානාධිපති හා දුම්රිය පාලකවරුන්ගේ  වැඩ වර්ජනය හේතුවෙන්  දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 70 ක්ට වඩා වැඩි පාඩුවක් සිදු වී ඇතැයි  දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පැවසීය.

වැඩ වර්ජන කාලය තුළ  මගී ප්‍රවේශපත්  නිකුත් නොකිරීම, භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනය සිදු නොවීම, තැපැල් දුම්රිය ධාවනය නොවීම, මගී ආසන වෙන් කළ දේශිය හා විදේශිය මගීන් සඳහා මුදල් ගෙවීම හා වායු සමනය කළ ලංගම බස් රථ  යෙදවීම නිසා මෙම පාඩුව සිදු වී ඇති බවද ඒ මහතා කීය.



අදහස් (32)

දුම්රිය වර්ජනයෙන් කෝටි 7 ක පාඩුවක්

kumar (Gulf) Sunday, 12 August 2018 11:57 AM

වර්ජනය කරලා රට ප්‍රපාතයට දාමින් ජනතාවට වදදුන් අමනයින්ගෙන් මේ මුදල කපාගන්න.

:       0       372

සමන් - ඕමානයTuesday, 14 August 2018 08:27 AM

කෝටි 7 ක පාඩුවක්? ඇයි හත් දෙයියනේ කිව්වානේ, දුම්රිය වර්ජනය නිසා රජයට කිසිම පාඩුවක් නෑ, අහිංසක ජනතාවට විතරයි පාඩුව කියලා.

:       18       0

amila Sunday, 12 August 2018 12:02 PM

කරුණාකර මෙම පාඩුව අපහසුතාවට පත් මහජනයා පිට නොපටවා වර්ජකයන්ගේ මෙම මස වැටුපෙන් අය කරගැනීමට කටයුතු යොදන්න.

:       0       381

erdi Sunday, 12 August 2018 12:21 PM

දුම්රිය වර්ජනයෙන් කෝටි 7 ක පාඩුවක්? අහිංසක මිනිස්සු රටේ තත්වය තේරුම් ගන්න බැරි හරක්. රට ගැන නොහිතා දේශපාලනයට වහල්කම් කරන්නන්ගෙන් පිරි රටක්.

:       0       380

shan saudi Sunday, 12 August 2018 12:23 PM

ඒවා අයකරගන්න තමයි බෝනස් උසස්වීම් කියලා තියෙන්නේ... ඒවා කපලා අය කරගන්න. ඒවාත් ජනතාවට ගෙවන්නද කියන්නේ?

:       0       342

සතයපාල Sunday, 12 August 2018 12:35 PM

පාඩුව ජනාධිපතිවරයාගෙන්ම අය කරගත යුතුයි. මොකද විසඳුමක් දෙන්න... එයා දවස් හතරක් ගත්ත නිසා...

:       187       246

RaveendraSunday, 12 August 2018 04:02 PM

සතයපාල මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදිය. විසදුමක් දීමට දවස් හතරක් නම් තීරණයක් දීමට අවුරුදු හත අටක්වත් යයි නේද? කෙසේ වෙතත් සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් සටන් කිරීම පිලිබදව අපගේ කිසිදු විරෝධයක් නොමැති නමුත් තම තමන් ලබාගන්නා වැටුපට සරිලන සේවයක් තම තමන්, තමන් උපන් රටට ලබා දෙන්නේද යන්න මේ සියල්ලෝම හිතට එකගව සිතන්නේනම් මෙවන් ප්‍රශ්න ඇති නොවන බව අපගේ හැගීමයි.

:       0       37

shan saudiMonday, 13 August 2018 04:25 AM

සත්‍යපාල ඔයාගේ දරුවෙක් මිනියක් මැරුවොත් එල්ලුගස් යවන්න ඕනේ ඔයාවද ? නැත්නම් මිනිමරුවද ?

:       0       17

janis Sunday, 12 August 2018 12:36 PM

ජනාධිපතිතුමනි, මේ පාඩුව නීච වර්ජකයන්ගෙන් අඩු කරගන්න..

:       0       345

Nuwan Sunday, 12 August 2018 12:57 PM

බයවෙන්න එපා... මහජනතාව වන අපි ගෙවන්නම් ඕවා බදු වලින්

:       10       16

tiktik Sunday, 12 August 2018 01:03 PM

පාඩුව, වර්ජනයට සම්බන්ද වූවන්නේ වැටුපෙන් අයකර ගත යුතුයි...

:       0       335

Chamith Sunday, 12 August 2018 01:34 PM

දුම්රිය දෙපාර්තමේන්තුව අධික වශයෙන් ලබන පාඩුවේ අඩුවීම තමා වෙලා තියෙන්නේ.. හරියට ගණන් හදලා බලන්න..

:       0       17

noel Sunday, 12 August 2018 01:52 PM

ඉතා ඉහළ වැටුපක් ලැබුණත්, වැඩ වර්ජනය කළ සියලු දෙනාගෙන් මේ පාඩුව අය කරගත යුතුය.

:       0       337

jayatissa Sunday, 12 August 2018 02:07 PM

අපි ස්ට්‍රයික් කළේ නැහැනේ. ඒ ගොල්ලන්ගෙන්ම අය කර ගන්න ඕනේ... අපි මේ රුපියල් 1000ක් හොයා ගන්නේ පුදුම දුකක් විඳලා. ලක්ෂ ගණන් පඩි අරන් තවත් දඟලනවා. කඩේ යනවා.

:       0       339

[email protected] Sunday, 12 August 2018 02:08 PM

ජනපති හම්බවෙලා නෝන්ඩිය මකාගෙන පරණ විදිහටම වැඩ...

:       0       131

Kumar Sunday, 12 August 2018 02:08 PM

මේක පට්ටපල් බොරුවක්... නෙට් ප්‍රොෆිට් එක හදලා පෙන්වන්න.

:       0       16

සනත්Sunday, 12 August 2018 08:05 PM

ඒක පට්ටපල් බොරුවක් නම් පහුගිය දවස් 4 දී කිසිම පාඩුවක් උනේ නැත්නම් අපිට කෝච්ච් සේවය නොමිලේම කරන්න පුලුවන් වෙන්න ඕන.

:       0       0

ruby Sunday, 12 August 2018 02:12 PM

ඕක මොකක්ද? අපේ දේශපාලකයින් කරන හොරකම් එක්ක....

:       107       136

පියල් Sunday, 12 August 2018 02:14 PM

වර්ජන කාලයේ ධාවනය වූ දුම්රියන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කලේ උප දුම්රිය ස්ථානාධිපතිවරු සේවය කල ස්ථාන වලින්‍ පමණි. ඔවුන් නිහඬ සේවයක් කරන බව පහැදිලියි. දුම්රියන් පිළිබඳ තොරතුරු පවා තම පෙෳද්ගලික දුරකතනයෙන් විමසා දුම්රිය මගීන් වන අපට දැනුම් දුන්නා. ඔවුන් ස්ථිර සේවකයෝ නොවෙයි මම හිතන විදිහට. හැමදාම සේවයේ‍ නිරත වෙනවා.

:       1       146

Saman Sunday, 12 August 2018 03:15 PM

මේගොල්ලො වැඩට ආවා කියලා අර හමුදාවෙ අය දුම්රිය පදවන්න ඉන්දියාවෙදි පුහුණු කරන එක නවත්වන්න එපා. මේගොල්ලො ආයෙමත් එකපාරම නවතියි..

:       0       335

Sunil Sunday, 12 August 2018 03:21 PM

වැඩට ආවෙ නැති උනාට ඒ දවස්වලටත් ඇති කාල දීමනා ඉල්ලයි. නැත්නම් ආයෙත් නවතියි.

:       0       136

පිටිගල මිලානෝ Sunday, 12 August 2018 03:52 PM

හමුදා අනු ඛණ්ඩයකට වහාම මෙම පුහුණු කිරීම් කරන්න.

:       0       411

lalith Sunday, 12 August 2018 05:01 PM

ඕකත් මහලොකු දෙයක්ද? ඩියුටි ෆ්‍රී කාර් දෙකක ගාණනේ

:       104       0

Samathasena A . Aluthgamage. Sunday, 12 August 2018 05:10 PM

අනිවාර්යයෙන්ම මේ පාඩුව වෘත්තිය සමිතියෙන් ඉල්ලා අධිකරණයේ නඩු පැවරිය යුතුයි. අනික රජයක් හැටියට සිත සිතා සිටින්නේ නැතිව නැවත වර්ජනයක් කළහොත්, මාස තුනකට පමණ ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වා අපේ හමුදාවද යොදා දුම්රිය ධාවනය කළහොත්,මේ අය අමතක නොවන පාඩමක් ඉගෙන ගනීවි. ගෙවල්වල අඹු දරුවෝද පාඩමක් උගන්වාවි. පසුව අලුත් සේවකයන් ලෙස රැකියාවට බඳවා ගැනීමට හැකියි. එදාට,ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නා දේශපාලන කල්ලිද පාඩමක් ඉගෙන ගනීවි.

:       1       506

de silva Sunday, 12 August 2018 06:06 PM

දැන්ම ඉඳලා හමුදා නිලධාරීන් පිරිසක් රහසිගතව ඉන්දියාවට යවලා ඔවුන්ට දුම්රිය රියදුරු පුහුණුවක් දෙන්න. අනිවාර්යයෙන් මේගොල්ලෝ ලබන අවුරුද්දෙත් අපිව ප්‍රාණ ඇපයට අරන් වැඩි පඩි ඉල්ලලා වර්ජන කරනවා එතකොට මේ ටික එලියට යවලා පුළුපුලුවන් විදිහට අපි දුම්රිය ටික ධාවනය කරගමු ,

:       0       337

Samathasena A . Aluthgamage.Monday, 13 August 2018 12:38 AM

සිල්වා මහතා, ඔබතුමා නිවැරදියි. වෙනත් දියුණු රටවල රටේ ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රශ්න දෙස බලා ඉදිරි විසඳුම් සකස් කරනවා. ඒත් අපේ අවාසනාවට අපේ රටේ නැත්තේත් එයයි. මෙවන් බුද්ධිමත් සංවාද වලට ඉඩකඩ සලසා දෙන 'ලංකාදීපයට' අනේකවාරයක් ස්තුතියි. විදෙස් මාධ්‍ය සේවයේදී දිනකට පැය 20 ක් පමණ වැඩ කරන මා ලද ඇසිල්ලකින් මෙහි යමක් ලියා ලබන්නේ අසීමිත මානසික සුවයක්...

:       0       95

rocky Sunday, 12 August 2018 11:28 PM

මෙකී පාඩුව වර්ජනය මෙහෙයවපු වෘත්තීය සමිතියේ සාමාජිකයන්ගෙන් අයකර ගන්න. පූර්ව දැනුම්දීමකින් තොරව වර්ජනයකර, දෙපාර්තමේන්තුවට ආදායමක් ලබා දෙන, මගී ජනතාව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් මගී සංගම් එක්වී, මොවුන්ට විරුද්ධව නීත්‍යානුකුලව කටයුතු කරන්න. අන්ත දූෂිත දෙපාර්තමේන්තුවක් වශයෙන් පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව වහාම පුද්ගලීකරණය කරන්න!

:       0       3

Jahamanayaa Monday, 13 August 2018 12:40 AM

කෝච්චි දිව්වත් පාඩුයි. ස්ට්‍රයික් කළත් පාඩුයි. විකුණමු.

:       0       26

nimali Monday, 13 August 2018 02:44 AM

මෙවැනි වර්ජන නිසා ගමනාගමන අපහසුතාවයට පත් ජනතාවට නියාමක නිලනිවාස ලබාදෙනු !

:       0       38

Saman Monday, 13 August 2018 03:38 AM

මේ තරම් එඩිතරව වර්ජනය දිගටම කරනව කියපු අය මොකද එක පාරටම පොලොන්නරුවට ගිහින් සාකච්චා කරල වර්ජනය නැවත්තුවේ ?

:       0       30

Nishantha Monday, 13 August 2018 04:06 AM

මෙයාලටත් කාර් පර්මිට් දෙනවානම් හොඳයි.

:       1       0

Ashraff Ameen Tuesday, 14 August 2018 06:18 AM

දුම්රිය දෙපර්ත්තුමේන්තුව පාඩුව වර්ජකයන්ගේ පඩියෙන් කපාගත යුතුයි. මගීන් අසරණ කල අයට මොන පඩි වැඩි කීරීමක්ද ? වහාම දුම්රිය අත්‍යවය සේවාවක් කල යුතයි. හමුදා සෙබළුන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදිය යුතියි. ලෝකයේ නිදාගන්න එකට සහ දුම්රිය ප්‍රමාදවී ගමනාන්තයට යාමට බටා අතිකාලදෙන එක ආයතනය දුම්රිය දෙපාර්තමෙන්තුවයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 372 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 194 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 295 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 363 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 211 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 142 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site