ශ්රී ලංකාවෙන් වැඩමකර සිටි පත්බේරියේ ඥානාලෝක හිමියන්ට තමිල්නාඩුවේ තන්ජූර්හි බ්‍රිහාදීශ්වර මහා දේවාලයේදී අඩන්තේට්ටම් කිරීම සහ උන්වහන්සේගේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුවලට අවහිර කිරීම සම්බන්ධයෙන් තන්ජූර් පොලිසිය විසින් සැකකරුවෝ 15 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඥානාලෝක හිමියන් නවදිල්ලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ ඉන්දියා පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබන අතර වාරයේ එම ආයතනයේම සිසුන් 19 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සමඟ තන්ජුරයට පැමිණ සිටියේ පුරාවිද්‍යා සමීක්ෂණ වැඩකටයුතු වලට සහභාගී වීම සඳහාය. උන්වහන්සේ සමඟ පැමිණ සිටි වැඩිදෙනා විදේශ සිසුහු වුහ. මේ දිනවල තමිල්නාඩුව පුරා පැතිරී ඇති ශ්‍රී ලංකා විරෝධී රැල්ලේ අතුරු පලයක් ලෙස මෙම අතවර කිරීම සිදුවන්නට ඇති පොලිසිය කියයි. කෙසේවුවද මේ සම්බන්දව විශාල ප්‍රචාරයක් ඉන්දීය පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මගින් ලබාදී තිබුණි. මෙම සිද්ධියට සම්බන්ධ වරදකරුවන්හට නීතිමය දඬුවම් ලබාදීම සඳහාත් ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයන්හට නිදහසේ තම වැඩකටයුතු කරගෙනයාම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සඳහාත් ඉදිරියේදී මවැනි කනගාටුදායක සිදුවීම් ඇති නොවීම සඳහා කඩිනම් පියවරක් ගන්නා ලෙසත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ඉන්දියා රජයට දන්වා ඇත.
සිද්ධියෙන් පසු තන්ජුර් පොලිසිය ඥානාලෝක හිමි ඇතුළු කණ්ඩායම විශේෂ ආරක්ෂාව සහිතව ත්‍රිචීනෝපොලි ගුවන්තොටුපලට රැගෙනගොස් නවදිල්ලිය වෙත ගමන්කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීය. එම පිරිස රැගෙන ගිය වාහන වලටද මග රැක සිටි පිරිස් ගල් මුල් ප්‍රහාර එල්ල කළ නමුත් එයින් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.
නව දිල්ලි නුවර පුරාවිද්‍යා පශ්චාත් උපාධිය හදාරන එම සිසුන් අතර තායිලන්තය,චීනය සහ උතුරු ඉන්දියාවෙන් පැමිණි සිසුහු ද සිටියහ. ඥානාලෝක හිමියන් එම උපාධිය සඳහා පසුගිය වසර එක හමාරක කාලයක් තිස්සේ ඉගෙනීමේ කටයුතුවල නිරතවී ඇත.
පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතරේ " නාම් තමිසර් කච්චි", "තමිසර් දෙශීයර් පොධුවුඩමායි කච්චි" සහ ප්‍රභල ශ්‍රී ලංකා විරෝධියෙකු ලෙස පෙනීසිටීමට වලිකන වයිකෝ ගොපාලස්වාමි ගේ "මුරුමලච්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්"නම්වූ සංවිධානයන්ට අයත් අය සිටිනා බවත් මෙම ප්‍රහාරය දේශපාලනමය හේතුන්මත සිදුකරන ලද්දක් බව ඉතාම පැහැදිලි බවත් පොලිසිය පවසා ඇත.
එම අවස්ථාවේ දේවාලය වන්දනාකාර ගැනීම සඳහා එතනට පැමිණ සිටි බැතිමතුන් සියලුදෙනාම මෙන්ම දෙවාලයේ පුජක තුමාද මෙම සිද්ධිය දුටු පසුව ඉමහත් කනස්සල්ලට පත්වූ බවත් එය එකසිතින්ම හෙළා දුටුබවත් වාර්තා වී තිබුණි.
මේදිනවල දකුණු ඉන්දියාවේ සීමිත පිරිසක් දේශපාලන වාසි පතා ගෙනයන උසිගැන්වීම් හේතුවෙන් කැළඹීමට පත් සුළු පිරිසක් සිදුකල මෙම අවාසනාවන්ත සිද්ධිය නිසා ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කිසිසේත් බියයුතු නැති බවත් තන්ජුර් පොලිස් අධිකාරී සයිලේෂ් කුමාර් යදාව් ප්‍රකාශකළේය. ඉන්දියාවේ කොතැනක උවත් විදේශිකයන් සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව සැපයීමට ඉන්දියානු බලධාරීන් කටයුතු කරන බවටද ඔහු සහතික විය. දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකාවට සම්බන්ධ සියලුම ස්ථානයන් වෙත ආයුධ සන්නද්ධ දැඩි ආරක්ෂාවක් සැපයීමට දැනටමත් කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කා නේද බුද්ධිමත් ජාතියක හැටි (දී)
මෙවන් දේනැවත සිදු නොවේවා (දී)
අපක්ෂපාති පරීක්ෂණයක් මගින් ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති/නැති බව පෙන්වා වරදකරුවෙකු ඇතොත් ඔවුන්ට දඩුවම් දී ලෝකයටම අපේ නිවැරදි බව පෙන්වුවා නම් ,මෙවැනි අමිහිරි අත්දැකීම් වලට ලාංකිකයන්ට ලක්වන්න සිදුවන්නේ නැහැ. ගෝත්‍රිකයන් වගේ රට තුළට වී කෑ කෝ ගැසුවාට පලක් නැහැ. (නි)
මොවුන් පණ පිටින් අපායේ යනවා නියතයි (නි)
මේ වැනි වැඩ වලින් ලාංකිකයෝ අවුස්සන්න පුළුවන් කියලා ඉන්න්දියාව හිතා ඉන්නවානම් එක තමයි ඉන්දියාව කරන ලොකුම මෝඩ වැඩේ (දී)
මෙවැනි අවස්ථාවක එවැනි ස්ථානයකට යෑම සුදුසු නොවෙයි.මන්දයත් මීට පෙර අපේ ජනාධිපතිතුමන් ඒ රටට පැමිණීම සම්බන්ධවද මෙවැනි පිරිස් හර්තාල් කරමින් විරුද්ධත්වය දැක්වු අයුරු අප නොදන්නවා නොවේ. කෙසේ පැවසුවද ඒ රටේ ආරක්ෂාව සම්බන්ධව අපට විශ්වාසයක් තැබිය නොහැක. (නි)
තමිල්නාඩුවේ ඉන්න දෙමළ අයට කිසිම හැදියාවක් නැහැ. බලන්න ඔවුන් අපේ රටට ආපුවහම අපි කිසිම අරියාදුවක් කරනවද? (නි)
මෙම සිද්දිය ලෝකෙටම පෙන්නුවාට ලංකාදීපයට ස්තුති (දී)
මේවා ජාති ජාතිත් පලදෙන පාප කර්ම
අපේ ලොකු අයියනේ ඉන්දියාව. සහෝදර ප්‍රේමය පෙන්වන හැටි තමයි මේ. (නි)
නැවත ජාති වවාදී ප්‍රශ්නයක් ගොඩ නගන්න තමයි සුදානම් උනේ (දී)
ලංකාව බෞධයින් වැඩි රටක් ඒ නිසා භික්ෂුවකට ගැහුවහම අපේ මිනිස්සු කුපිත වෙයි කියලා තමයි ඔය ගැහුවේ (දී)
මේවා ගැන මානව හිමිකම් ගැන කතා කරන කට්ටියට කියන්න දෙයක් නැද්ද? විශේෂයෙන්ම මොන ආගමක වුණත් පූජ්‍ය පක්‍ෂයට මේ විදියට සළකනවා නම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? (නි)
අතීතයේ සිට ලංකාවට ප්‍රශ්න ඇති උනේ ඉන්දියාවෙන්, කාලිංග මාඝලා ආවේ කොහේ ඉදන්ද (දී)
අපිව මෙවන් වැඩ කරලා රවට්ටන්න ඉන්දියාවට අමාරු වෙයි (දී)
දේශපාලන විසදුමක් අවශයි (දී)
අපි නැගී සිටින්න ඕනේ (දී)
කිසි සේත්ම අනුමත කරන්න බැහැ (දී)
ඉන්දීය රජය ආරක්ෂාව සලසන්න ඕනේ (දී)
ලංකාව ජාති වාදය අවුස්සන්න තමයි ඔය හදන්නේ (දී)
ඉන්දියාවට ලංකාවේ මානව හිමිකම් ගැන කතාකරන්න වුවමනාවක් නැහැ. (නි)
ලංකාවේ හිමි නමකට ගහලා !!!!!!!!!!!!!!
කෝ ජාත්‍යන්තරය , කෝ මානව හිමිකම් (දී)
මානවහිමිකම රකින්න ඕනේ අපි විතරද
අවාසනාවන්ත සිද්ධියක්. අපව උසිගන්වන්න කරන ලද්දක් බව ඉතාම පැහැදිලියි. (නි)
මගේ හිතේ තියෙන කේන්තිය (දී)
මේ නම් මහ එපාකරපු ජාතියක්... (නි)
ඉන්දීය රජය සම්පුර්ණයෙන් වග කියන්න ඕනේ (දී)
මේවා මිනිස්සු කරන වැඩද (දී)
මේවා ජාත්‍යන්තර මට්ටමෙන් විසදබ්න්න ඕන ප්‍රශ්න (දී)
ආගමික පූඩක වරුන්ට ගරැ කිරීම් අපි සියළු දෙනාගෙම වගකීමක්.
ලංකාවේ ඉන්නේ නුවනක්කාර මිනිස්සු නිසා ජාති ඉන්දියාව කල ඒ අනුවන වැඩේ වතුරේ ගියා (දී)
මෙහෙමත් මිනිස්සු? (නි)
ලන්කාව්වේ ඉන්න මිනිස්සුන්ට අපි ස්තුති වන්ත වෙන්න ඕනේ, ප්‍රශ්න ඇති නොකර ගත්තාට (දී)
ඉතාමත් නින්දිත වැඩක්. ආගමකට ගරුකරන්නේ මෙහෙමද (අ)
මවෙ වෙන වැඩ ඉක්මනට න්වත්තාන්න මිනිස්සු හැමදාම ඉවසන්නේ නැහැ (දී)
මේවා ඉවසා ඉන්න බැරි දේවල් (දී)
මේ දේවල් නොපෙනෙන්නේ මන්ද මානව හිමිකම් කට්ටියට (දී)
මේ ගහන්නෙ අපිට, අපේ භික්ෂුවට..ඇගේ ලේ කකියනව මේ වීඩියෝ එක දකිද්දි.. මොන ආගමක උනත් පූජකයෙකුට අත උස්සන එක වැරදියි. තමිල්නාඩුවෙ සමහර අය අපිට මෙහෙත් අමුතු පාට් දාන්නෙ. හැම කෙනාම එහෙම නෑ... (ස)
ඒ අය සර්පයෝ වගේ ජාතියක්. කොච්චර ආරක්ෂාව දෙනවා කිව්වත් මොනවා හරි වුනොත් කවුරුවත් නැහැනේ. (ස)
කරපු අයව උලතියන්න ඕනේ. (ස)
අපි ඉන්දියාවට යන අයට සංචාරක උපදේශ නිකුත් කරලා නැවත එය අවලංගු කරගත්තා නේද ? මම කියන්නේ දකුණු ඉන්දියාවේ සංචාරක ස්ථිර උපදෙස් මාලාවක් නිකුත් කළ යුතුයි. (ස)
දැන්වත් අපේ මින්ස්සු තේරුම්ගන්න ඔනේ ඉන්දියාව අපට විරුද්ධයි කියල. පවු අපේ හාමුදුරුවෝ (අ)
ඇයි මිනිස්සු මෙහෙම ආගම් වලට ගහන්නේ. (ස)
මේගොල්ලන්ගේ සිහිය විකල්වෙලාද දන්නේ නෑ. (අ)
මහා නරක මිනිස්සු ජාතියක්
ආරක්ෂාව හොඳට තියෙනවා යන්න ගිහින් කාලා එන්න (අ)
මේවා ලෝකයටම පෙන්නන්න ඕන දේවල් ඒ ගොල්ලන්නට ඕවට ලැබෙයි (අ)
මෙච්චර කියලත් ඇයි යන්නේ.ලංකාවට විරුද්දව තමිල්නාඩුවේ පාසල් සිසුන් පෙළපාලි,උපවාස දිගටම පවත්වන නිසා සියලු පාසල් දින නියමයක් නැතිව වස ඇත. 20 වන දින පාසල් ළමය කෝටියක් එක තැන රැස්වෙනවා. එදින තමිල්නාඩුවේ තිබෙන මද්යම රජයේ අමාත්‍යංශ වලට බල කිරීමට ලැහැස්ති වෙනවා. (අ)
මේගොල්ලෝ මේ අපිට ගහන්නේ අපි දෙමල මනුස්සයන්ට හිරිහැර කලා කියලා... මාලු අස්වැන්න මංකොල්ල කන මේගොල්ලන්ගේ මාලුකාරයෝ අපේ ද්‍රවිඩ ධීවරයන්ට ගහනකොට මුන් කොහෙද දන්නෑ ඉන්නෙ (අ)
අහෝ දෙවියනි. (අ)
ඇයි අපේ අය මේ වෙනුවෙන් ඉන්දයියාවේ තානාපති කාර්යාලය ලග විරෝධයක් නොකරන්නේ. (ස)
පේන්නේ නැද්ද මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ කව්ද කියලා (අ)
අපිට ජීනීවා සමුළුවට පෙන්නන්න ලැබුණු හොදම තුරුම්පුවක්. (නි)
අපේ හාමුදුරුවන්ට කරපු දේට නම් හොදක් වෙන්න එපා. (නි)
ඉන්දියාව මෙහි වගකීම භාර ගත යුතුයි (දී)
ඉන්දියාවෙන් ආරක්ෂාව දෙන්න ඕනේ (දී)
මෙම කණගාටුදායක සිද්ධිය උපරිම වශයෙන් හෙලා දකිමු. තමිල්නාඩුවේ ශ්‍රීලංකා විරෝධී දේශපාලකයින් මෙම සිද්ධීන් වල පසුපස සිටිනබව ඉතා පැහැදිලියි. ඉන්දියානු රජය මෙම සිද්ධීන් සිදු නොවන ආකාරයට වැඩකටයුතු යෙදිය යුතුයි. ශ්‍රීලංකා රජය මේ පිළිබඳව ඉන්දීය රජයට විරෝධය පලකල යුතුයි. (ස)
ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයින්ට සිදුවෙන පහරදීම් සම්බන්ධයෙන් රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කිසිදු පියවරක් නොගැනීම කණගාටුදායකයි. (නි)
අර නෝනා මේවා හොදට බලාගත්තොත් හොදයි. (නි)
මෙවන් සිද්දීන් නැවත නොවෙන්න ඉන්දීය රජය මොකද්ද අර ගත්ත පියවර (දී)
අපි මේවට කුපිත වෙන්න හොද නැහැ , මේවා කරන්නේ අපිව කුපිත කරවන්න (දී)
කෝ දැන් මානව හිමිකම්? (නි)
88/89, 71 කාලෙදි අපෙ රටේ කොච්චර හාමුදුරුවරු මරලා තිබුණාද? (නි)
නමුත් අපිට එහෙම රන්ඩු වෙලා බැහැ. මොකද බුද්ධගයාව එහෙ තියෙන නිසා . දඹදිව කියන්නේ අපිට තියෙන අති උතුම්ම ස්ථානය. (නි)
ජාති ජාතිත් මෙවන් අපරාධ සිද්ද නොවේවා (දී)
ලංකාවේ ජාතිවාදය අවුස්සන්න හදන්නේ, අහුවෙන්න එපා මේවට (දී)
දෛවය විසින් ලබන දඬුවම්ද මේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
දැන් මේකට අපේ බොදු බල සේනාව මොකක්ද ගන්න පියවර? (නි)
දැන්නම් හොදටම ඇති. (නි)
මේක චැනල් 4 කට්ටියට පෙන්නන්න. (නි)
අපිත් පිළිතුරක් දියයුතුයි නේද? (නි)
මේවා ජයත්‍යන්තර වශයෙන් විසදන්න ඕන ප්‍රශ්න
ඉන්දියාව ශ්‍රී ලාංකිකයන්ට සංචාරයට නුසුදුසු රටක් කියලා නම් කළ යුතුයි. (නි)
මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්? (නි)
මෑතක සිට, දිගින් දිගටම ශ්‍රී ලාංකිකයන්ට වගේම විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාට ඉන්දියාවේදී විවිධ ප්‍රහාර එල්ල වුණා. නමුත් අපේ රජය තවමත් මේ සම්බන්ධව නිහඬයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධව වගකියන්න ඕනෑ නේද? මේවා ඉදිරියට වෙන රට වලටත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. (නි)
දක්කාද්ද ඒ හාමුදුරුවන්ට ගහපු හැටි (දී)
තරයේම හෙලා දකිනවා (දී)
නින්දිත ක්‍රියාවකි. අපි මෙය හෙළාදකිමු. (නි)
මෙහෙම් අපරාධයක් (දී)
පේනවා නේද තරම? (නි)
කොහොම අහන ඉන්නද මේවා (දී)
ලේ කකියනවා මේවා දකිනකොට. (නි)
බොදු බල සේනා, කෝ ඔයාලා? (නි)
අපිත් ගහන්න ගත්තොත් ඔයිට වඩා හපන් වෙයි. (නි)
මට අහන ඉන්න බැරි උනා මේ සිද්දිය මුලින්ම දකින කොට (දී)
එන්නකෝ ලංකාව පැත්තේ.... (නි)
හරිම දුක හිතෙන සිදුවීමක්. (නි)
ලංකාව අස්ථාවර කරන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ (දී)
කොහොමද අපි මේවා ඉවසා ඉන්නේ
මට එයාලව අහුවුණොත් කරන දේ මම දන්නවා. (නි)
අපි මේකට උත්තර දෙන්න ඕනේ, නමුත් අතින් පයින් නොවෙයි ඔලුවෙන් (දී)
මේවා ජාති ජාති පලදෙන පාප කාර්ම (දී)
මෙවැනි සිදුවීම් වලින් පේන්නෙ යුද්ධය ඉවර කරපු එක ගැන ලංකාවෙ දෙමළ අයටත් වැඩිය රිදිලා තියෙන්නෙ තමිල්නාඩු දෙමළ අයටයි. සමහරවිට තමිල්නාඩුව බෙදා වෙන්කරගන්න හිටපු එකට ඒක බාධාවක් වෙන්න ඇති. (නි)
මහ පොලොව නුහුලන අපරාධයක් (දී)
මොනවද ඔබට අවශ්‍ය? දැන් ඔබට සතුටුද? (නි)
මේ ප්‍රහාරය අපි දැඩි ලෙස හෙලා දකිනවා (දී)
අපිට මේක ජිනීවා වලදි පෙන්නන්න බැරිද? (නි)
කොහොම හරි මේ ප්‍රහාරය ලෝකයා දැනුවත් කරන්න ඕනේ (දී)
මේවාට කෑගහන අයට මේවා පෙනෙන්නෙ නැද්ද දන්නෙ නැහැ. (නි)
මේ පූජක වරයෙක් කියලවත් මෙයාලට හිතුනේ නැද්ද.(නදී)
අපටත් පුළුවන් ඉන්දියානු මහ ආණ්ඩුවට බලපෑමක් කරන්න තමිල්නාඩුවට වැඩියෙන්. ඒ ඉන්දියානු බඩු වර්ජනය කිරීමෙන්,ඉන්දියානු තෙල් නොගෙහ ඉඳිමෙන්. ඒක තමිල්නාඩු ඡන්ද වලට වඩා වැඩි බලපෑමක්. නමුත් මං හිතන්නෙ නැහැ එවැනි එකමුතුවක් කරගත හැකියි කියලා. (නි)
ලංකාවේ හාමුදුරුවෝ අනිත් ආගම් වල අයට ගහන්නෙත් මේ වගේම තමයි. (ස)
මෙය මානව හිමිකම් එකට පෙන්වන්න යවන්න.(නදී)
මේ සිද්ධිය පිලිකුලෙන් යුතුව අපි හෙලාදැකිය යුතුයි. ඒ වගේම හැම ද්‍රවිඩයෙක්ම අන්තාවාදී නෙමෙයි කියලා අපේ හාමුදුරුවෝ බේරාගන්න උත්සහ කරන දෙමළ සහෝදරයන්ගෙන් පේනවා. ඒ වගේ අයට අපේ ප්‍රනාමයත් පුද කරන්න ඕනේ. ස්තුතියි සහෝදරයා.(නදී)
අසල් වැසි රටේ හිතවත් මිනිසුන්නේ මිනිසුන් සිතන විදියට ඇයි නොසිතන්නේ ප්‍රශ්ණ ඇත බොහෝ කොහොමද විසදන්නේ මොහු හිමිනමකි මෙහෙමද ඔබ සලකන්නේ!!(නදී)
පව්! අපේ හාමුදුරුවෝ, ඉන්දියාවට මුක්කු ගහන අපේ දේශපාලකයින් මීටවඩා හිතන්න වෙනවා.(නදී)
අපේ රජය මේ වෙන දේවල් වලට පියවරක් ගන්නේ නැද්ද?(නදී)
අපි මේ වෙනුවෙන් එකා වගේ හඩක් නගන්න ඕනේ (දී)
මෙයාලගේ බඩු ලංකාවේ විකුණන-එකත්, ගන්න-එකත්, නැවත්වුවා නම් ඔය කට්ටියට තේරෙයි. (නි)
මානව හිමිකම් ගැන කතා කරන කට්ටිය මේවා ගැන කතා කරන්නේ නැද්ද (දී)
බලෙන් කෑම දාලා රජීව් ගාන්ධි බෝම්බෙන් ගියා. බලමුකෝ මේකට මොකක්ද ලැබෙන දඩුවම කියලා.(නදී)
ඉන්දියාව ලංකාවට ගෞරවකරනවා නම් මේ සියළු දෙනාට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කර උපරිම දඩුවම් දිය යුතුයි. හිමියනි අපේ බලවත් කනගාටුව.(නදී)
ඔය රටට යාම නැවැත්විය යුතුය.(නදී)
විදේශ ඇමති මෙයට වගකිවයුතුයි. එයා කීවා ලාංකිකයන්ට තමිල්නාඩු යන්න කියලා. (නදී)
ලෝකේ සියලු අන්තවාදී වැඩ නවත්වන්න (දී)
ඉන්දියාව අපට විරුද්ධයි. මෙච්චර කියලත් ලාංකිකයන් ඇයි තමිල්නාඩු යන්නේ? ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව ඉන්දීය රජයට විරෝධය පලකළ යුතුයි. (නි)
ඇත්තෙන්ම මෙය ඉතා කණගාටුදායක සිදුවීමක්. (නි)
මේවා දකිද්දී ඇග වෙව්ලනවා. (නි)
හාමුදුරුන්ට ප්‍රහාර එල්ල කරන එක නවත්වන්න (දී)
ඇයි මේ තරම් අඩන්තේට්ටම් කරද්දී මිනිස්සු ඉන්දියාවට යන්නේ. බුදුන් ඉපදුන රට වුනත් එය අයිති වෙනත් ජාතියකට. ඉතින් අපි කුමක් කරන්නද?(නදී)
කෝ අපේ පාලකයොයි, තානාපතිවරුයි. ඉන්දියාව ලාංකික බැතිමතුන්ට ආරක්ෂිතයි තියන්නේ මොන පදනමක් මතද?(නදී)
බුදුන් ඉපදුන රටද මේ? (නදී)
ලොකුගේ වගේ අය හින්දයි වෙච්ච නැති දේවල් වුනා වගේ පිටරට අයට හිතෙන්නේ.(නදී)
ලැජ්ජයි ඉන්දියා! (නි)
මේවා කර කර ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරයි.(නදී)
වයිකෝගෙ පක්ෂයත් ලංකාවෙ බොදුබල සේනා වගේ එකක්.(නදී)
අපරාදේ! ඉන්දියාවේදී අපේ අහිංසක හිමි නමක් ගුටි කැවා. (නි)
තමිල්නාඩුවට යන්න එපා. මුන් සත්තු ජාතියක්. (නදී)
අපි මේ ප්‍රහාරය් හෙලා දකින්න ඕනේ (දී)
අපි එක හඬින් කියනවා වැඩේ වැරදි (දී)
අපේ රටේ මෙහෙම වුණා නම් ඔය මානව හිමිකම් ගැන කතා කරන අයත් හොදට කතාකරයි. (නි)
ලංකාවතුල ප්‍රශ්න ඇති කරන්න තමයි ඔය හදන්නේ (දී)
මම නම් කියන්නේ අපේ කොන්ද කැඩිලයි තියෙන්නේ. ඉන්දියවෙන් නැවක් නාවොත් අපි හාමතේ.(නදී)
අපට අපේ රට ඇතුලේ තෙල් ටික විකුනගන්න පුලුවන්ද අල්ලපු රට නැතුව. හැබැයි අහුවම කියන්නේ අපිළු උතුම්ම.(නදී)
මෙන්න මානව හිමිකම මේක යවන්න ජිනීවා වලට.(නදී)
කෝ මේ සිංහල රාවය. කෝ සේනාව? යන්න ඉක්මනට ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය ලගට.(නදී)
දෙව්දුනි ඔබ කොහිද?(නදී)
ජනාධිපතිතුමනි, මත්තල විවෘත කරලා ඇවිත් ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය වහන්න එන්න.(නදී)
අපි අනුකම්පා කරන්න ඕනේ මේ අහිංසක මිනිස්සු ගැන (දී)
මේ දෙමල අන්තවාදීන් නොවේ කොටි ත්‍රස්තවාදීන්. මානව හිමිකම් ?(නදී)
එකසත් ජාතීන්ගේ සංවිධානයට පෙන්නේ නැද්ද මේවා (දී)
මේක ලංකාවෙදි එයාලගෙ කෙනෙක්ට වුණා නම් කොහොමද? මේ වගෙ ප්‍රවෘත්ති ජාත්‍යන්තරයට දෙන්න ඕනෑ. (නි)
මේවා දකිද්දී මැරෙනවා පේන්නේ නැහැ.(නදී).
ලංකාවේ ජාතිවාදය ඇති කරන්න තමයි මේ හදන්නේ, එතකොට එකසත් ජාතීන්ගේ සංවිධානයට පුළුවන්නේ ලංකාවට එරෙහිව සම්භාධක දාන්න. (දී)
මොකක් බෙදා ගන්න බැරිවද (දී)
කැත වැඩක් (දී)
දෙවියොම දඩුවම් දෙන්න ඕනේ මේවට (දී)
බොදු බල සේනා, කෝ ඔයාලා? (නි)
සිංහලයා අවුස්ස ගත්තොත් නම් ටිකක් අමාරුවෙයි. (නි)
ලාංකිකයෝ විදිහට අපි මේක හෙලා දකිනවා (දී)
මටනම් කේන්ති (දී)
පේනවනේ අපේ අයට සළකන හැටි? (නි)
මානව හිමිකම් ගැන හැමදාම කෑගහන නෝනා මොකද සද්ද නැත්තේ .(දී)
කිසිසේත් ම අනුමත කරන්න බැහැ (දේ)
සිංහල අපි සියලු දෙනා එකට එකතු විය යුතුයි (දී)
අපි සිංහලයෝ. අපි එකතු වෙමු (දී)
සිංහලයිනි අවදි වෙවු (දී)
අපි මොකද්ද මේකට කරන්න ඕනේ දැන් (දී)
හරිම කණගාටු අශෝභන වැඩක් (දී)
අත පය විසි කරන්න සංඝයා වහන්සේලා අල්ලා ගත්තේ ඇයි. (ස)
ඉන්දියන් රජය මේවට වග කියන්න ඕනේ (දී)
කිසි සේත්ම අනුමත කරන්න බැහැ (දී)
ඒ කරන වැඩේ දැක්කාම මට ඉන්න බැහැ (දී)
දන්නාවාද මට මේ වෙලාවේ දැනෙන දේ (දී)
අපි හොද වැඩියි (දී)
මේවා ඇහෙන කොට අපි කොහොමද ඉවසාගෙන ඉන්නේ (දී)
කවුද මේවට වග කියන්නේ (දී)
තමිල්නාඩු ද්‍රවිඩයන් යාපනයේ වෙසෙන සාමකාමී ද්‍රවිඩ ජනතාව වඩ වඩා උසිගවන්න පටන් ගත්තේ යුදධයෙන් පසු යාපනයේ ජනතාව ලබා ඇති ශීඝ්‍ර දියුණුව දැකීමෙන් පසුවයැයි සිතමි. මෙම දියුණුව තමිල්නාඩුවන්ට ඇහේ කටු ඇනෙන්නාක් මෙන් අමිහිරි අත්දැකීමක් වී ඇත. ඔවුන් දැන් සූදානම් වන්නනේ ජාතිවාදී කලබල යාපනයේ ඇති කොට ලාංකික ද්‍රවිඩ ජනතාව නැවත වරක් ආර්ථික දරිද්‍රතාවයට පත් කිරීමටයි. ලංකාවේ වෙසෙන සාමකාමී, බුද්‍ධිමත් ද්‍රවිඩ ජනතාව මෙවැනි නොපනත් ක්‍රියා පිළිකුල් සහගත ලෙස ප්‍රතික්‍ෂේප කරනු ඇත. (නි)
ඉතාමත් අශෝබන ක්‍රියාවක් (දී)
කිසි සේත්ම අනුමත කරන්න බැහැ, අපි හෙලා දකිනවා මේ වැඩේ (දී)
ජාතිවාදය ඇති කරන්න හදන්න එපා (දී)
මේවා දකිද්දී මගේ ඇගේ මාළු නටනවා. (නි)
මිනිස්සු හැමදේකම අන්තයටම යනවා එකයි මේ වගේ දේවල ඇතිවෙන්න හේතුව (දී)
අනේ මේකෙ අදහස් පල කරල තියෙන මේ රටේ මිනිස්සු හරි පුදුමයි. මේකටත් දේශපාලනය, පක්ශභේදය. අපිට හෑමදාම විනාශයක් උනේ මෙන්න මේ දේනිසා. මේ ප්‍රවෘත්තිය තියෙන්න අපේ රටේ ජනමාදය වල විතරයි. මේකෙ අදහස් දාන එක්කෙන්ක් ලොකු ලොකු ජනමාදය ආයතන වලට මේ ප්‍රවෘත්තිය දෙන්න උත්සහ කරන්න.(නදී)
මුස්ලිම් අන්තවාදය පමණක් නොව මේවාට විරුද්ධවද නැගී සිටිය යුතුයි. (නි)
ලංකාවේ හිමි නමකට ගහලා (දී)
අපිටත් ඕනෑ නම් පුලුවන් වැඩ පෙන්නන්න. (නි)
ගස් අස්සේ නටන හින්දි චිත්‍රපටි බල බලා තව තවත් ඉන්දියන් ආර්ථිකේ ශක්තිමත් කරන්නකෝ. (නි)
ලාංකිකයිනි අවදි වෙන්න (දී)
ඉන්දියන් වාහන ගන්නෙත් අපි විතරයි. ගහන්නෙත් අපිටමයි. (නි)
ඉන්දියන් ආර්ථිකේ තව තව ශක්තිමත් කරන්නකෝ. (නි)
මට උහුලන්න බැහැ මේ සිද්දිය (දී)
ලෝකෙම ගැරහිල්ලට ලක් වෙනවා මේ සිද්දිය (දී)
අන්ත වාදී මිනිස්සුන් හරිම දරුණුයි (දී)
අද බුදුහාමුදුරුවො හිටියා නම් උන්වහන්සේට මොනවා හිතෙයිද? (නි)
මොකද්ද මේ අපරාධය (දී)
දැන් ඉතින් හරිනේ. ඉතින් දැන් තවත් යන්න ඕනැද? (නි)
චෙන්නායි දුම්රිය ස්ථානයක ඊයේ තවත් ලංකාවෙන් ගිය වන්දනා නඩයක හිමි නමකට පහර දීලා කියන්නෙ ඇත්තද? (නි)
මොන නින්දිත වැඩක්ද ඒ (දී)
අපි නැගී සිටින්න ඕනේ (දී)
කමක් නැහැ, වතුර රත් වෙනකල් කකුළුවා හැලියේ හිටපුදෙන්කෝ (දී)
ලාංකිකයෝ ඉන්දියන් බඩු වර්ජනය පටන් ගන්න කලින් මේවා නැවැත්තුවොත් හොදයි. (නි)
මොකද්ද අපිත් එක්ක තියෙන තරහ (දී)
මේ තත්ත්වයට ඉන්දියානු රජය වගකිව යුතුයි . අපේ රජයට යුධ අපරාධ චෝදනා නගන ශ්‍රී ලාංකිකයින්ද සිටින බව අදහස් අනුව පෙනේ. මොවුන් පිළිබඳවද බුද්ධි අංශ සොයා බැලිය යුතුයි. නැවත කොටි සංවිධානය බිහි කිරීම පිණිස ඉන්දියානුවන් සහ බටහිර රටවල් සහ අපේ රටේ සමහරුන් උත්සාහ ගන්නා බව පෙනීයයි. ඉන්දියානු නිෂ්පාදන සහ සේවා වර්ජනය කිරීමෙන් මේවාට පුරවැසියන් ලෙස පිළිතුරු දිය හැක. (නි)
නිවට වැඩ කරන්න එපා (දී)
උඩ ඉන්න දෙවියන්ටවත් මේවා පේන‍්නෙ නැද්ද? (නි)
සිංහලයෝ ඉන්දියානුවන් තරම් අනුවන ජාතියක් නොවෙයි (දී)
අපි දැන් පිළිතුරු දෙමුද? (නි)
ඇමරිකාව ජිනීවා යෝජනා වලට පෙර මේ ගැන බැලුවොත් හොදයි. (නි)
පුෂ්ප, ඔබ ඉතාම නිවැරදියි. ඒකෙ ඌණපුර්ණයක් තියනවා. තමිල්නාඩු ඉන්න හැම දෙමල කෙනෙක්ම කොටි හිතවාදීන් නොවේ. (නි)
මේවා දකිද්දී අපේ ලේ රත්වෙනවා. (නි)
අස්තාවර තත්වයක් ලංකාවේ ඇති කරන්න තමයි ඔය හදන්නේ, එතකොට ජිනීවා වලදී වාසිනේ කට්ටියට (දී)
මානව හිමිකම් කැඩුවේ කවුද අපිද කොටිද (අ)
කරන කලට පවු මිහිරිය මි සේ (දී)
මහා පාප කර්මයක් කර ගත්තේ ( දී)
මට ඔය එකෙක් අහුවුණොත් බලා ගන්නාවා (අ)
කොටි කරපු දෙයම දෑන් අපිත් කලයුතුය. මෙම වීඩියෝපටය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර අරින්න.තමිල්නාඩුවේ මානවහිමිකම් කඩනවා.සංචාරකයන්ට ගහනවා.කියලා. ඉන්දියාව කොටි පෑටව් හදනවානම්,ඡන්ද වාසියට උන්ට කිරි පොවනවානම් , අනේ මුන් කන්නෙ නෑ...එන්න එන්න අපේ ගෙදරට කියලා අඩගහලා සංචාරකයන්ට උන් එයාලව හපාකනකොට අල්ලන්නේ නෑත්නම් , අපේ නිදහස් රටෙ දේශපාලනයටත් අතදාන්න හදනවානම් කලයුත්තේ.කුමක්ද කියා අමුතුවෙන් කිවයුතු නත. (අ)
අනේ අපොයි අපිට වෙච්ච දේ... (නි)
මොකද්ද. මොකද්ද. අපේ හිමි නමකට ගහලා (දී)
නින්දිත වැඩක්. සිංහලයිනි, දැන්වත් අවදි වෙවු....!! (නි)
මට ඔය එක් කෙනෙක් අහුවුණා නම්? (නි)
මේ වගේ මිනිස්සු ඉන්න ප්‍රාත්තයකට අඩියක් තියන්ඩ හොද නැහැ. ගෝත්‍රිකයන්ටත් අන්තයි. (නි)
ලංකාවේ ජාති වාදය අවුස්සලා ලංකාව අස්ථාවර කරන්න තමයි ඔය හදන්නේ (දී)
මගේ ඇඟේ ලේ පිච්චිලා (දී)
මම බලාගන්නම්කෝ ඔවුන් ගැන. (නි)
ඔවුන්ට හොදක් නම් වෙන්න එපා. (නි)
ඉතාම පහත් වැඩක්. දැඩි දඩුවම් දෙන්න (නි)