යාපනයේ කොටි කොල්ලන්ගේ නායකයා බව කියන ලන්ඩනයේ කෙන්ට් ප්‍රදේශයේ බ්‍රෝඩ්ස්ටෙයාර්ස්හි එඩ්වඩ් ආම්ස්ට්‍රොන් ඇන්ටන්ට (37) ලන්ඩනයේ ක්‍රොයිඩන් උසාවිය මාස තිහක සිර දඩුවමක් නියම කළේය. ලන්ඩනයේ පූමි සුපර්මාකට් හි වකීසන් මාණික්කවාසම් හා ඔහුගේ සහෝදරයාට සාප්පුව ඇතුළේදී පහර දී තර්ජනය කළැයි ඔහු චෝදනා ලබා සිටියේය.
පැමිණිල්ල ජූරි සභාවට දැන්වූයේ ඇන්ටන් එම සහෝදරයන්ට පහර දී ඇත්තේ මාණික්කවාසගම් නඩුවක සාක්කිකරුවකු නිසා යැයි බවයි.
පමිණිල්ලේ නීතීඥයා පැවසුවේ ඇන්ටන් ක්‍රොයිඩන් කල්ලියේ නායකයා බවයි. පොලීසිය පැත්තට සාක්කි දුන්නොත් මාණික්ක වාසගම්ගේ ජනනේන්ද්‍රිය කපා පවුලම මරා දමන බවයි.
රංචු ගැසී කළ අපරාධයක් සම්බන්ධයෙන් මාණික්කවාසගම් පොලිස් සාක්කි කරුවෙකි.
පහරදීමේ චෝදනා දෙකකට ඇන්ටන් වරද පිළිගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිවාරු ගැහැව්වට මේගොල්ලේ ලෝකෙටම එපා වෙන දවස වැඩි ඈතක් නැහැ.(නදී)
නියමයි. මේක එංගලන්තේ උන නිසා නඩු අහලා පත්තරෙත් දාලා. මෙහෙ උනා නම් මොකද වෙන්නේ.(නදී)
නිසි දඩුවම් දියයුතුයි. (නි)
කටුගස්තොට, ගොහාගොඩ සාරානන්ද දහම් පාසැලේ බඹරු ප්‍රහාරයක්. 100 ක් රෝහල් ගතකරලා. හොයලා බලන්න.(නදී)
වැරදි කලොත් ලෝකේ මොන මුල්ලක හිටියත් අහුවෙනවා (දී)
ඔහුව නිදහස් කරන්න කවුරු හරි අණ දෙයිද? (නි)
දහම් පාසල් නොගිහින් කුරාන් පාසල් යවනවා නම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ. (නි)