IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දඹර අමිල හිමිගෙන් අලුත් සංවිධානයක්

අධිරාජ්‍ය විරෝධය හදවතේ කොටාගෙන එය ජීවන රටාව බවට පත්කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමියෝ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ. රජය අධිරාජ්‍යවාදීන් සමග අත්වැල් බැදගෙන ඇති බවටත්, ඇමෙරිකාවට ලංකාවට එන්නට මග දොර විවර කර ඉන්දියාවට ජනේලයක් විවර කර දී ඇති බවටත් ඒ හිමියෝ චෝදනා කළහ. අමිල හිමි දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සංවිධානයකටද නායකත්වය දුන්නේය.



අදහස් (0)

දඹර අමිල හිමිගෙන් අලුත් සංවිධානයක්

පොතේගුරා Sunday, 20 May 2012 07:07 PM

එතකොට හාමුදුරුවනේ මෛත්‍රීය තියෙන්නේ කොහේද

:       0       0

dammika Sunday, 20 May 2012 07:10 PM

දඹර අමිල සුවාමීන්ද්‍රයන් වහන්සේ හැම මොහොතකම රටට අහිතකර අන පනත් ගෙනෙන මොහොතකම රටම අවදිකළ හිමිපානන් වහන්සේ නමක්. ඔබ වහන්සේගේ මෙම සංවිධානයට අපි සුභපතනවා. අපි ද රට වෙනුවෙන් ඔබවහන්සේලා හා එක්වෙමු.

:       0       0

අමල් Sunday, 20 May 2012 07:13 PM

හාමුදුරුවනේ ජාති හිතෛශී බව හොඳයි. ඒත් මේ හොරකම් ගැන ටිකක් බණ මාර්ගයෙන් හරි ගමේ ජනතාවටත් කියලා දෙනවද ? සුවපත්වේවා !

:       0       0

කිවි Sunday, 20 May 2012 07:19 PM

බුද්ධ ධර්මය දේශනා කරන්නේ නැතිව වෛරී දේශපාලනය දේශනා කරන්නේ ඇයි.

:       0       0

අලිබබා Sunday, 20 May 2012 08:57 PM

අද ලංකාව අධිරාජ්‍යවාදින්ගේ දඔරකඔයට ගැටගසාතිබෙන ලංකාව තුල අමිල නිදහසක් ගැන බලාපොරොත්තු වීම ඉතා දුෂ්කරය. මන්දයත් රටේ නායකත්වයත්, සියලුම දේශපාලන පක්ෂත්, පුජකපක්ෂය ඇතුලු ප්‍රභුවරුනුත්, රටේ සාමාන්‍යය ජනතාවත්, එම දඔර කඔයට අසුවි ඇති බැවිනි. අධිරාජ්‍යවාදින්ගේ සපත්තුවට යටව සිටන්නාවු ජනතාවට තවත් අධිරාජ්‍යවාදී විරෝධී ජනතා ව්‍යයාපාරයක් යනු තවත් එක්තරා දේශපාලන සංවිධානයක සිහිනයක් පමනි. අධිරාජ්‍යවාදී විරෝධී ජනතා සංවිධානය යනුවෙන් තවත් අලුත් සංවිධානයක් බිහිවීම සමිබන්ධව අපගේ හෘදයංගම අමිලසතුට ජයවෙිවා.අපිකාටද බය. අපිට කවුද බය.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 20 May 2012 09:07 PM

මේ ප්‍රවෘත්තිය සඳහා දමා ඇති කමෙන්ටු කියවූ විට විවිධ තරාතිරමේ විවිධ අදහස් හා ආකල්ප ඇති උදවිය ඒ අතර ඉන්නා බව පැහැදිලිව පෙනේනට තිබෙනවා. දඹර අමිල් හිමියන් වනාහී පුරා විද්‍යා කේෂ්ත්‍රයට සම්බන්ධව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිමිනමකි. උන් වහන්සේ උගත්කමින් මෙන්ම ප්‍රායෝගිකවද රටට යම් අහිතකර තත්වයක් ඇතිවූ සෑම අවස්ථාවකදීම පක්ෂ පාට නොබලා ඊට විරෝධය පෑ හිමිනමක් ලෙස මුළු රටම උන්වහන්සේව හඳුනාගෙන අවසන්ය.දැනට අපේ රටට අවශ්‍ය කුමක්දැයි උන්වහන්සේ හඳුනානෙ අවසන්බව ඉහත උන්වහන්සේ විසින් පිහිටුවා ඇති අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ මූලික තේමාව අනුව පැහැදිලිවේ.මම පෞද්ගලිකව කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂපාත පුද්ගලයෙකු නොවෙමි. එසේ වුවද උන්වහන්සේ මේ ක්‍රියා කිරීමට සැරසෙන කාර්යය අනිවාර්යෙන්ම රටට ජාතියට මිනිසුන්ට හිතකර දෙයක් බව නම් පැහැදිලිව දනිමි.ඒ නිසා උන්වහන්සේගේ මේ සත් කාර්යයට මගේ නොමඳ ආශිර්වාදය පළ කරමි. තෙරුවන් සරණයි..!!!

:       0       0

අමිල කටුනායක Sunday, 20 May 2012 09:24 PM

එඩිතර හිමි නමක්....‍හොඳ‍ ‍දෙයකට නම් මගෙත් සහය...

:       0       0

ජගත් Sunday, 20 May 2012 09:59 PM

දඹර අමිල හාමුදුරුවන් හැමදාමත් ඉතා නිවැරදි සත්‍ය මතයක් දරන අයෙක් සමාජය දේශපාලනය විතරක් නෙවේ බුදු දහම පිලිබදව උන්වහන්සෙගේ දැක්ම නිරවුල්..

:       0       0

පෙරේරා Sunday, 20 May 2012 11:07 PM

දේවදත්ත පරම්පරාවෙද???????????

:       0       0

සුටික්කා Sunday, 20 May 2012 11:57 PM

හදවතේ කොටගන්නා ඕන "අපි ශ්‍රී ලාංකිකයෝ" කියන එක, ජීවන රටාව කරගත යුත්තේ "ස්වෝත්සාහය" කියන එක. .... අපේ හාමුදුරුවනේ....

:       0       0

සූටික්කා Sunday, 20 May 2012 11:57 PM

හදවතේ කොටාගන්න ඕන "අපි ශ්‍රී ලාංකිකයෝ" කියන එක, ජීවන රටාව කරගත යුත්තේ "ස්වෝත්සාහය" කියන එක. .... අපේ හාමුදුරුවනේ....

:       0       0

බන් Monday, 21 May 2012 12:03 AM

මෙයා ර‍ට කනවෝ.....

:       0       0

ගාමිණී Monday, 21 May 2012 12:37 AM

පුදබිම යුද බිමක් නොවේවා!

:       0       0

නවීන් Monday, 21 May 2012 02:17 AM

සිවාමීන් වහන්ස, ඔබ වහන්සේට හොඳ ඳෙයක් පෙන්නල දෙන්න පක්ෂයක් අවශ්‍යමද?

:       0       0

සමන් Monday, 21 May 2012 05:44 AM

හාමුදුරුවනේ, හාමුදුරුවෝ අදහන්නේ බුද්ධාගමද?

:       0       0

රම්සි Monday, 21 May 2012 11:31 AM

සංජු මල්ලී මේ කතාතරන්නේ ලංකාව ගැනද??

:       0       0

සමන්, මෙල්බෝන් Monday, 21 May 2012 12:07 PM

හාමුදුරුවන්ලටත් DOLLAR වලට ආස හිතිල වගේ....

:       0       0

සන්ජු79 Sunday, 20 May 2012 06:19 PM

මේ උන්නාන්සෙත් රට ගිණිතියන්න යමක් කලා මිසක් යහපතක් වෙන දෙයක් කලේ නං නැ. එක සැරයක් ජේ වී පී නඩෙත් එක්ක කොටුවෙ ස්ටෙෂන් එක ඉස්සරහ අට්ටාලයක් බැදගෙන නාඩගමක් නැටුවා පොලීසියෙ ඉවසීම හින්ද මිනී නොමැරි අහවර උනෙ. මම ඒ සිද්ධිය හොදටම දැක්ක.

:       0       0

විමල් Sunday, 20 May 2012 06:31 PM

කාලෝචිත සංවිධානයක්. ඔබට පින් සිදුවන ක්‍රියාවක්.

:       0       0

හේමන්ත Monday, 21 May 2012 04:21 PM

ඔය සංවිධානයට දකුණු කොරියාවේ අපේ සුභපැතුම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 694 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3596 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1294 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2236 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37786 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site