දඹුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්ද නිලධරයෝ පිරිසක් ඡන්දයෙන් පසු ඉබිබන්කටුවේ හෝටලයක් අසල සාදයකට හවුල් වුහ.
මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා කියයි.
ඡන්ද නිලධරයන් හා ඡන්දයෙන් අලුතින් පත්වු සභිකයන් මේ පාටියට පැමිණි බව දැක ගත හැකි විට .රජයේ වාහනය ගහක් යට නවතා ඔවුහු තැන් දෙකක මත් පැන් බොමින් සිටියහ. එසැණ එහි යනු දුටු දඹුල්ල සමුපකාර සේවකයෙක් එසැණ කැමරාවට ගහන්නට ගත් උත්සාහය අසාර්ථක විය.
සමුපකාර පරීක්ෂක ඩබ්ලිව්.එම් වර්ණසුරිය මහතාද එහි සිටියේය. සමුපකාර ඡන්දයේ අක්‍රමිකතා පැවති බව එක් නිලධරයෙක් පිළිගත්තේය. මාතලේ දිස්ත්‍රික් සමුපකාර කොමසාරිස් ඩබිලිව්.එම් චන්ද්‍රරත්න මහතා පැවසුවේ දඹුල්ලේ කාරක සභා ඡන්දය පැවැත් වු බවයි.‘‘ අපි දඹුල්ලේ කාරක සභා ඡන්දය පැවැත්වුවා. ඇතැම් ස්ථානවලින් වාර්තා වූ අක්‍රමිකතා සොයා බැලුවා. රාජකාරී අවසන් වෙලා පොඩ්ඩක් ගත්තා. අපි ඒ වරද පිළිගන්නවා. එතැන සමුපකාර සේවකයන් ද, අලුතින් පත් වූ කාරක සභිකයන් ද අපේ සමුපකාර පරීක්ෂකවරුන් එහි සිටි බව දැකගත හැකි විය.
‘හැබැයි අපි සාධාරණව කාරක සභා පත් කරන්න වැඩ කරනවා‘ ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කා හරි ලව්වා මේක නවත්වන්න බැරිද නසාර්?(නදී)
සේනාවට කීව්වද.?(නදී)
සමහර මෝඩයෝ හැම දෙයකටම බොදු බල සේනාව ගෙන කියවනවා. අදාළ දෙයක් නම් කමක් නැහැ (නි)
තිතට මත කියන්නේ මේකට. (නි)
මේ වගේ ඉන්න ඔක්කොම හොරු.(නදී)
මට නම් හිතා ගන්න බැහැ මෙතන මොකද්ද සිදු වෙලා තියෙන වැරැද්ද කියලා. ඡන්දය වැරදි විදියට පැවැත්තුවා නම් ඒක ගැන හොයන එක හොඳයි. මේ අය ඡන්ද වැඩේ හරියට කරලා ඊට පස්සේ මත්පැන් පානය කරපු එක කොහොමද වැරදි වෙන්නේ? මිනිසුන්ට නිදහසේ ඉන්න අයිතියක් නැද්ද? ලංකාවේ කවුරුවත් මත්පැන් බොන්නේ නැද්ද? මේ අය මත්පැන් බීලා කලබලයක් කළා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න නීති තියෙනවා. (නි)
මැතිවරණ රාජකාරි වලට එන බොහෝ නිළධාරීන් ඔහොම තමයි. (නි)
නසාර්, ඇයි "බොදු බල සේනාවට" මෙච්චර බය. කල්මුනේ නගර සබාවේ කටිටිය "බොදු බල සේනාව" තහනම් කරන්න යෝජනාවකුත් සම්මත කර ගත්තලු නේද?(නදී)
නසාර්, ඒ ටිකත් හලාල් කරලා ගන්න කිවුවා නම් නරකද පිරිසිදු වෙන්න? (නි)
අපි හිතුවේ පැපරාසි ඉන්නේ පිටරට විතරයි කියලා. නමුත් ලංකාදීප පැපරාසි කට්ටිය නියමි වීඩියෝව අන්තිම කොටසි අර පරිස්සක තුමා කන පැලෙන්න බිල.(නදී)
මේක ප්‍රගති සමාලෝචනය වෙන්න ඇති. කරුවත් වeරදියට හිතන්න එපා ? (ස)
නසාර් බොදුබල සේනාවට පුදුම බයක්නේ තියෙන්නේ.(නදී)
මේ ඕන දෙයක් මාධ්‍ය උපකරණ පාලි නැහැ ඔය වැඩ වලට (දී)
අනේ මේ පොඩි දේවල් අපි අමතක කරමු මේ බක් මහේ, දැන් ඉඳන් පොඩ්ඩක් ගත්තොත් තමයි ලබන සතිය වෙනකොට පදන් වෙන්නේ, මේගොල්ලෝ බක් මහ උළෙල දැන්ම පටන් අරන් වගේ.(නදී)
හරි වැඩක්නේ . වැඩේ ඉවර උනාම කවුරුත් බොනවා තමයි. මේක මහා ලොකු දෙයක් ද? (නදී)
අපිට මස් කන්න හොද නැහැ. එයාලට හොදයි.(නදී)
නසාර් ,ඉල්ලගෙන නා ගන්නවා කියන්නේ මේවට. කිසිම ආගමකට අගෞරව කරන්න එපා , මිහිපිට පල දෙනවා. මිනොලිටත් එක්ක මේ කියන්නේ. (නි)
ලංකාදීපයට ගහන්න හැදුවේ මොකටද (දී)
මහා අය හිටගෙන කරනකොට පොඩි එවුන් දුව දුවා කරනවා කියනවනේ. ඉහළ සිට පහළටම දුෂණය වංචාව මගඩි නැවැත්විය යුතුයි. ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ කකුළුවා සැපයක් යැයි දිය කෙලියේ ...කිවුවලු. (නි)
ලංකාදීපයට ගහන්නත් හදලා, මාර මිනිස්සු නේ (දී)
ඉර්ශාර්ඩ්, ඔයා ඇතිතරම් ඌරුමස් කන්න. අපි විරුද්ධ නැහැ (නි)
මම හිතන්නෙ නැහැ මෙතන මේ තරම් කෑ ගහන්න දෙයක් වෙලා කියලා. නමුත් මම දන්නෙ නැහැ බීමත්ව රිය පැදවීම සහ රජයේ වාහන පාවිච්චි කිරීම මොන විදිහටද සළකන්නෙ කියලා නම්. (නි)
අරුණ, ඔයා හරි. මේක සෞදි නොවෙයි. මේක ගෞතම බුද්ධ රාජ්‍යය නොව? (නි)
බොදු බල සේනාවට බය නැහැ බොදු බල සේනාව ඇත්ත කතා කරනවානම්.(නදී)
ලංකාදීපයේ මහත්තුරුන්ට තියෙන ශක්තිය ඔය කැගහන හුග දෙනෙකුට නැහැ. නමුත් ලංකාදීප මහත්තුරුන්ට තීක්ෂණ බුද්ධියත් තැනට සුදුසු නුවණත් කැපවීමත් තිබෙනවා. බලන්න කිසි අවුලක් නොමැතිව ප්‍රශ්ණයක් විසදන ලස්සන. (නි)
නසාර් හීහෙන්ද දොඩවන්නේ ඔයා නැගිටින්න .(නදී)
වැහෙන්න යන සමූකාර නිලවරණයත් ඡන්දයක්ද?(නදී)
නිකන් බොරුවට තවත් ගනනක් වියදම් කරල පරීක්‍ෂන කරල වැඩක් නැහැ. ඇයි මේ ලංකාවේ හොර ජන්ද කෙරුවාව උනු පලවනි වතාවද?. (නදී)
බොදු බල සේනා අවදි වන්න.(නදී)
ඔබට ස්තුතියි.(නදී)
මොනවද අනේ මේ කතා? අපි වැඩ අවසන් වෙලා පොඩි සතුටක් ගත්තහම ඇයි මෙහෙම කරන්නේ? (නි)
මෙන්න ඇත්ත. ඔක්කොම චන්ද ඔහොම තමා වෙන්නේ.(නදී)
මුලු රටේම සමුපකාර ව්‍යාපාරය බේබද්දන්ගෙන් බේරා ගතයුතු කාලය පැමිණ ඇත. මේ බේබද්දන් සමුපකාර දෙපාර්තමේන්තුව තුල මෙන්ම සමුපකාර ව්‍යාපාරය තුලද පිරි ඉතිරි සිටිති .(නදී)
කට ගස්මටද තල ගොයා අරන් තිඑන්නේ.ඔය පැත්තේ හුගක් තලගොයි ඉන්නවා.(නදී)
බොරුවට පරීක්ෂණ වලට මුදල් වියදන් කරන්න එපා. ඒක තවත් වියදමක්. මේකට සේනාව දාල කුණු බිත්තර පාරක් ගස්සන්න වැඩේ ඉවරයි.(නදී)
රජයේ සේවකයෝ ගැන නම් කතා කරලා වැඩක් නැහැ (නි)
සාධාරණව තමා මත්පැන් පාවිච්චි කරලා තියෙන්නේ.(නදී)
මේක යකාගෙ කතාවක්නෙ. ‘අපි පොඩ්ඩක් ගත්තා තමා. හැබැයි සාධාරණව කාරක සභා පත් කරන්න වැඩ කරනවා.(නදී)
මේ සේරම හොඳ බෞද්ධයෝ. මත්පැන් විකුණන අවන්හලෙත් අයිතිකරයා හොඳ බෞද්ධයෙක්ලු, හතර පෝයටම පන්සලට දානය දෙන. (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (නි)
නසාර් මේක ලංකාව. සෞදි අරාබියාව නෙමෙයි. ඒක හොඳට මතක තියා ගන්න. අපි ජාතිවාදයට ආසා නැහැ. හැබැයි ආවොත් අරින්නෙත් නැහැ.(නදී)
නිකන් බොරුවට බොදුබල සේනාවට කතා කරන්න එපා නසාර් මහත්තයා. අයුක්තියට එරෙහි වෙන්න ඔයාටත් අයිතියක් සහ වගකීමක් තියෙනවා නේද?(නදී)
නසාර්, අපේ හිමිවරුන්ට අපහාස කරන්නේ නැතිව පුලුවන් නම් උලමාලට කියන්න (නි)
ලංකාදීප වාර්තා කරුවන්ට අපේ ප්‍රණාමය! මාධ්‍යය තුලින් ජනතාවට වගේම ලොකු ලොක්කන්ට මේවා හෙලිකිරීම ගැන. බීමතින් රිය පැදවීම ගැන මොකද කියන්නේ? වගකිවයුතු අය මෙහෙමද හැසිරෙන්නේ? (නි)
නසාර් බයවෙලාද? (නි)
ඕක සුළු දෙයක්නේ. (නි)
මෙයාල විතරක් නෙමෙයි, දඹුල්ලේ තව ලොකු ලොකු ඇත්තෝ නගර සභාවේ නිල වාහන එයාලගේ වගේ පාවිච්චි කරනවා. (නි)
වෙන වෑඩ නෑත්ද අපේ දේවල් හොයන්නෙ. අපි මේ රෑඩිකල් පාලනයක් ගෙන එන විදිහක් ගෑනයි මෙතන කතා කරන්නෙ. නිකන් යන්න මනුස්සයො යන්න. ඈයි මීට කලින් අපි බොනව දෑකල නෑත්ද?(නදී)
කෙලින්ම ඉවත් කරලා දාන්න ඕන. නැත්නම් සමුපකාරය දියුණු කරන්න බැහැ. මහ ඇමති තුමනි මෙය ඔබේ වගකීමක්.(නදී)