දඹුල්ල අාර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 8 - 15 ත් අතර බවත් තක්කාලි පෙට්ටියක් රුපියල් සියයකට විකිණිමට නොහැකි බව තක්කාලි ගොවියෝ කියති.
දඹුල්ල අාර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 8 - 15 ත් අතර බවත් තක්කාලි පෙට්ටියක් රුපියල් සියයකට විකිණිමට නොහැකි බව තක්කාලි ගොවියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක මිනිස්සු දුක්විඳින තරමක් (නි)
අඩුම තරමේ ගොවියාගේ වියදමවත් මේකෙන් සොයාගන්න බැහැනේ. මොනවද මේ ආණ්ඩුව කරන්නේ ? තක්කලි ටිකත් පිටරටින් ගේන්නද යන්නේ (බ)
ඉන්දියාවේ කෘෂිකර්මාන්තය කරන කෙනෙකුට පුදුම සහයෝගයක් රජයෙන් ලැබෙනවා. උපදෙස්, කලට වෙලාවට සහන මිලට පොහොර ටිකද, වතුර ටිකද, අස්වැන්න විකිණීමට ඉඩද ..... අසරණ කාලෙට වැටුපක්ද හිමි වෙනවා. ඒ නිසා අද වෙනකොට එළවලු පලතුරු ලෝකෙටම විකුණලා විශාල විදේශ විනිමයක් උපයනවා. ඒකට අපේ රට? දුකයි. ලැජ්ජයි. ඇඬෙනවා. (නි)
අපේ රටේ අතිරික්ත තක්කාලි නිකන් කුණුවෙලා යන්න අරිනවා. ඒ වුණාට තායිලන්තය වගේ රටවල් අතිරික්ත තක්කාලි වලින් හදපු අතුරු නිෂ්පාදන ඕනෑතරම් අපේ සුපිරි වෙළඳසල් වල තියනවනේ. අනේ! අපේ රටේ අහිංසක ගොවිපවුල් වලට යන කලදසාව. මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පොල් ගහන්න එකෙක් නැතිවුණානේ? (නි)
ගොවියන්ට බනින්න එපා මිනිසුනේ. ඒ මිනිස්සු කරන්නේ තමුන් දන්නා දේ. කෘෂිකර්ම ඇමති සහ නිලධාරීන්ගේ වගකීම මේවට ක්‍රම කියලා දීම. ලොකු බිල්ඩින් වලට කුලී ගෙවුවට කෘෂිකර්මය නඟාසිටුවන්න බැහැ. නිලධාරිත් තරඟෙට වගේ රට ගිහින් පුහුණුවෙලා එන්නේ. මොනවද මේ ප්‍රශ්නෙට ඔවුන් දෙන විසඳුම්. (නි)
අපේ දේශපලකියින් හැමදාම හිතන්නේ ඔවුන්ගේ සුකවිහරණය පමණයි ,කිසිම දිනක රටට / ජනතවට සෙතක් වෙන දෙයක් කරන්නෙත් නැහැ ,හිතන්නෙත් නැහැ. අපේ රටට ජාතික ආරථික පර්තිපත්තියක් තිබිය යුතුයි. එවිට නිල් පාට, කොලපාට හෝ රතුපාට ආණ්ඩු බලයට ආවත් රටේ සංවර්ධනය අඩාල වෙන්නේ නැහැ. එවිට තිරසාර විසදුම් නැතුව පැලෙස්තර ගහන ලංකාවේ කෘෂි අමාත්‍යංශය, වැවිලි අමාත්‍යංශය, වෙළඳ අමාත්‍යංශය වැනි වැදගත් අමාත්‍යංශය නගාසිටවන්න හැකිවේවි .(හේ)
ගොවියොන්ට අඩු පොලියට ණය දෙනවා. ඒවා භාවිත කරලා පොඩියට කල් තබා ගැනීමේ ක්‍රම ඔවුන්ටම කරගන්න පුළුවන් (බ)
බටහිර ගොවියෝ ඉතිරි වන තත්කාලී පෙතිගසා වියලනවා. කල් තබාගත හැකි මෙම වියලි තත්කාලී පැකට් කරලා අලෙවියට යවනවා. ඊට අමතරව සෝස් හදනවා. අපේ ගොවියෝ දන්නේ වවන්නයි අඬන්නයි විතරයි. (බ)
අනිල්ගේ අදහස ඉතාමත් වටිනවා. මේ වගේ අයව තමයි ආණ්ඩුවේ උපදේශකයෝ හැටියට පත්කර ගන්න ඕනෑ. (නි)
මුළු රටේම ජනතාව දැන්ඉන්නේ අසරණවෙලා (නි)
එළවලු පලතුරු කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ. දියුණු රටවල ඔහොම එළවලු පලතුරු මහා ශීත ගබඩාවල නිසි පරිදි තැන්පත් කරලා අවුරුද්ද පුරාවටම සැපයුම ලබාදෙනවා. ඉතින් ගොවියාත්, පාරිභෝගිකයත් දෙන්නම දිනුම්. එවැනි වැඩපිළිවෙලක් කොහේ කරන්නද ඉතින් අපේ කෘෂිකර්ම අමාත්‍යංශ? එයාලට මේ අසරණ ගොවියන් සහ රටේ සාමාන්‍ය මිනිසුන් දුක්විඳලා ගෙවන බදුවලින් කරන්න වෙන වැඩ තියනවනේ, නිළියන්ගේ ගොඩනැගිලි නඩත්තු කරන ඒවා, අැමතිලට ලොකු සැප වාහන ගෙන්නන ඒවා වගේ වැඩ. ඉතින් වාරෙට ගොවියා අමාරුවේ, අවාරෙට පාරිභෝගිකයා අමාරුවේ - දිනන්නේ උගත්කමක් නැති ඇමතියෝ, එයාලගේ ගෝලයෝ විතරයි. (නි)
ඕවා හොය හොයා ඉන්න වෙලාවක් තියන එකක්යැ කෘෂිකර්ම අමාත්‍යංශයට, කෝටි ගණන් වියදම් කරගෙන අලුත් අමාත්‍යංශ ගොඩනැගිලි නඩත්තු කරන්න තියනවනේ. (නි)
හොඳ පාඩමක් මේක ශ්‍රී ලාංකිකයින්ට (නි)
දඹුලු තක්කාලි ගොවියා අසරණ වෙන්නේ කොහොමද මෙච්චර ලස්සන අමාත්‍යංශ කාර්යාලයකුත් තියෙද්දී. නිකන් බොරු කියන්න එපා. (නි)
වව වවා ඉන්නේ නැතුව, අපේ ජාතියයි, බුද්ධාගමයි ආරක්ෂා කරගන්න පාරට බැහැපල්ලා මිනිසුනේ! තක්කාලි ටික කුණුවෙලා විසි කළත් කමක් නැහැ. ගොවියෙක් වුණාට වැඩක් නැහැ මේ රටේ වීරයෙක් වෙන්න බැරිනම් (නි)
ප්‍රතිපත්තියක් තියෙන ආණ්ඩුවක් පත්කර ගන්නතුරු ගොවියන්ට, නිෂ්පාදකයන්ට සහ පාරිභෝගිකයන්ට විඳවන්න තමයි වෙන්නේ. අපේ මිනිසුන්ට තවම තේරුම් ගන්න බැරිකම තමයි මෙයට හේතුව. දැන්වත් ඇස් අරින්න බලමු මේ ක්‍රමය වෙනස් කරලා. එතෙක් මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. (නි)
තක්කාලි කල්තියාගන්න ක්‍රම කොච්චර නම් තියනවද. ගෘහස්ත කර්මාන්තයක් හැටියට තක්කාලි සෝස් හදන්න පුළුවන්. ගැමියන් දැනුවත් කිරීම සහ එයට වෙළදපොළක් සොයාගැනීම රජයේ වගකීම (නි)
මේ ගොවි මහත්වරුන් සහ මහත්මියන් මෙහෙම දුක් වින්ඳාට මේ අයගේ ඇමති නම් අන්න කොළඹ අනුන්ගේ බිල්ඩින් හදන්න රටේ සල්ලි නාස්ති කර කර සැප විඳිනවා. ඔවුන්ටයි කුණු තක්කාලි සංග්‍රහය දෙන්න ඕනෑ. (නි)
වවන්නෝ දිනන්නෝ වුණේ ඉස්සර (නි)
දඹුලු ගොවියන් පමණක් නොවේ, මේ රටේ මුළු ජනතාවම අසරණයි. (නි)
අර කෘෂිකර්ම අමාත්‍යාංශය කෝටි ගණන් වියදම් කරලා සුවපහසුවට ඉන්න නිසා තමයි මේවා වෙන්නේ. ගොවියන්ට ගොවිතැන ගැන නියම උපදෙස් දෙනවානම් ගොවින් මේ වගේ අසරණ වෙන්නේ අමාරුවේ වැටෙන්නේ නැහැ. බුද්ධිය හීන, නූගත් නුසුදුස්සෝ ඉහළ තනතුරු වලට ගියාම කොහොමද උපදෙස් දෙන්නේ. ඊළඟට වෙන්නේ ගොවියෝ තක්කාලි වවන්නේ නැතුවම හිටී. තක්කාලි ගිනි ගණන් යාවි. දැන්ම තියා ගොවිතැන් සැළසුම් කළොත් ගොවියාත් ගොඩ, පාරිභෝගිකයාත් සැනසේවි. (නි)
විකුණා ගැනීමට බැරි තක්කාලි පැත්තක ගොඩගසා තබා ගන්න. ළඟදීම ඔය පළාතට අර කට්ටිය පරවුණ පොහොට්ටුව උස්සගෙන ආවොත්, විකුණා ගැනීමට බැරුව කුණුවෙන තක්කාලි තොග අවශ්‍ය වෙන්න පුළුවන්. (නි)
මේ ආර්ථිකය ඉදිරියේ දඹුලු ගොවියන් පමණක් නොව මුළු රටේම ජනතාව අසරණ වී ඇත (නි)
මොවුන්ට කවුරුහරි ඉල්ලුමට සැපයුම න්‍යාය කියලා දෙන්නකෝ. (නි)
තක්කාලිත් කන්ද පුළුවන් කෑමක්ද? තක්කාලි වලට ශක්තිය වර්ධනය වෙනවා කියලා කලින්ම පොඩි මාර්කටින් පාරක් දැම්මා නම්, තක්කාලි ටික විකිණෙන්න ගතවෙන්නේ විනාඩි ගානයි. (නි)
ලංකාවේ කෘෂි අමාත්‍යංශය, වැවිලි අමාත්‍යංශය, වෙළඳ අමාත්‍යංශය, අරක මේකට හැම එකකටම අමාත්‍යංශ තියෙනවා. ඇයි මේවා කල් තබාගන්න විධි සහ කල්තබා ගන්න ක්‍රම ගැන ගොවියා දැනුවත් නොකරන්නේ? (නි)
අවාසනාවකට පාරිභෝගිකයා වෙළඳ පොළෙන් ගන්නේ කිලෝවක් 100කටත් වැඩිය දීලනේ (නි)