දඹුල්ල විවිධසේවා සමුපකාර සංගමයේ කාරක සභා ඡන්ද විමසීමෙන් පසු ජයගත් අපෙක්ෂකයන් සමග මත්පැන් බිව් සමුපකාර නිලධරයෝ ගැන පරීක්ෂණයක් පවත්වන බව මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් ඩබ්ලිව්.එම්.පී.කේ.වීරසේකර මහතා කියයි.
ඇතැම්විට ජයග්‍රණ අවලංගු කිරීමට ද ඉඩ ඇත.
පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ උපදෙස් අනුව සමුපකාර කොමසාරිස් මේ පරීක්ෂණය ඇරැඹිය. මාතලේ සමුපකාර කොමසාරිස් දඹුල්ල විවිධසේවා සමුපකාර සමිතියේ කාරක සභා ඡන්ද විමසීමට ගොස් ඇත්තේ තමාගේ අනුමැතියද නොමැතිව බවත් හේ කියයිග
ඔහු වහාම මහනුවර ප්‍රධාන කාර්යාලයට මාරුකැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප විමර්ශනයක් (දී)
දඹුල්ලට වඩා කොච්චර නියමද? මහනුවර!(නදී)
කොහොමද අරක්කු වල රස.(නදී)
දබුල්ල වාර්තාකරුට මාගේ ප්‍රණාමය.(නදී)
ඕකත් ලොකු වරදක්ද?(නදී)
වැරැද්ද වැරැද්දම තමයි. ඒත් ඇමතිවරු රට රටවල ගිහිල්ලා රටේ සල්ලි වලින් කරන ඒවාට කව්ද කතා කරන්නේ? (නි)
ඇයි ඒ? ලංකාවේ බොන්න පුළුවන්නේ. (නි)
වැරදි කරන මිනිහා කොහේ හිටියත් වැරදි කරනවා, මේ කරන දුෂණ වංචා වලට හරි විදියට නම් රැකියාවෙන් පහකිරීම තමයි ඉතාම හොද. (නි)
රාජකාරි වෙලාවේදී බිව්වා නම් ඔක්කොම රස්සාවෙන් අයිකරලා දන්නා ඕනෑ. (නි)
මාරු කළේ නුවරට නම් මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
කුඩැල්ලව මෙට්ටේ තිබ්බාට වැඩක් වෙනවද ? මම නම් හිතන්නෙ නැහැ. (නි)
දැන් අනිත් අයත් හිටු කියලා බොන්න පටන් ගනියිද දන්නෙ නැහැ නුවරට මාරුවක් ගන්න. (නි)
හරිනම් මේ අදහස් ලංකාවේ පත්තරෙත් දාන්නයි තියෙන්නේ වැරදිකාරයින්ටත් බලන්න. (නි)
අනිවාර්යයෙන්ම දිනන්න ඇත්තේ විපක්ෂයේ කට්ටිය වෙන්න ඇති එකයි ඔය ඔක්කොම නීති, ජයග්‍රහණය අවලංගු කරනවා කියන්නෙත් එකනේ.(නදී)
කොහෙන්ද දන්නේ නැනැ පාටියට අරක්කු ගත්තේ? (නි)