දඹුල්ල පූජා භූමි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ඉවත් කැර නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගන්නැයි උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නා හිමියන් දඹුල්ලේ දී කළ යෝජනාවට බුද්ධ ශාසන අමාත්‍යංශය එකඟ විය. වසර තිහකදී රජයේ කිසිම ආයතනයකට මේ වැඩ සටහන අවසන් කිරීමට නොහැකි වී යැයි මහා නාහිමියෝ කීහ. ඉනාමළුවේ සුමංගල රන්ගිරි දඹුලු මහා නා හිමියෝ ද මහා නා හිමි යෝජනාවට අගය කළහ. පමාවූ මේ යෝජනා ක්‍රමය හය මාසයකින් අවසන් කළ යුතු බව හෙලන් මීගස්මුල්ල මාතලේ මහා දිසාපතිනිය කියා සිටියාය. බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් ද සහාභිගී වූ මේ රැස්වීම උයන්වත්ත රන්ගිරි දඹුල්ල රජමහා විහාරයේ දී පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නයේදී දඹුලු හිමියන් හැසිරුණ ආකාරය අපට අනුමත කරන්න බැහැ. නමුත් මම හිතන්නේ මේ තත්වයට මේ ප්‍රශ්නය දිග්ගැස්සෙන්න ප්‍රදාන හේතුව අපේ රටේ ඉන්න සමහර දේශපාලුවන්ගෙ ක්‍රියා කලාපය, මෙවැනි සංවේදී ප්‍රශ්නයක් මතු උන විටදීම එයට නිසි පිළිතුරක් දුන්නේ නම් අද මෙවැනි තත්වයක් මතු නොවනු ඇත. ජනතාවගේ මෙවෙනි සංවේදී ප්‍රශ්න මග හැරීයාම රටේ මහත් අභාග්‍යකි.
හා හා....හරි එහෙනම්...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......... බුදු හාමුදුරුවනේ............
අවසානයේ ඉතිරි වන්නේ අපකරන,කියන,ලියන,හොද දේ පමණි.හොද දේ ඉදිරියට ගෙනියන්න නිතරම උත්සාහ ගන්න,ස්‌තුතියි.
තීරණය නියමයි.මේක බහු ආගමික රටක් නිසා සියළු දෙනාටම සාධාරණයක් වෙන විදියට කටයුතු කළානම් හොදයි
බොහොම හොද තීරණයක්.එතුමාට ජයවේවා!
තවත් යුද්ධෙකට ස්වාමින් වහන්සේලා ඒ ගමන වැඩ සලස්වනවා වගේ
හරියට වැඩක් කරන පුද්ගලයෙක්.
නියමයි...
තිබෙන උරුමය රැක ගැනීම ජාතිවාදයක් වෙන්නේ කොහොමද? එසේ නොකරන්නේ නම් එය නිවට කමක් මිස වෙන කිසිවක් නොවේ. ඔය අය ටික ටික පන්සල් වලට ලංවෙලා ඒවා විනාස කරදමා දැමු හැටි ඉතිහාසයේ ඕන තරම් සාක්කි තියෙනවා。සිංහලයාගේ ඇස් ඇරේවා!!!
බුද්ධ ශාසන අමාත්‍යංශය තියෙන්නේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොවෙයි ...නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරපු එක ඉතාමත්ම හොද තීරණයක්.
බුදුනේ බුදුපියාණනේ...... ඔබ දුටු නිර්මල දැහැමි අතීතය අද මිසදිටු මිනිසුන් අතර අනාථ වෙලා !!!!!
හායි !....
වැඩිකල් යන්න කලින් පූජක පක්ෂය ආගම් මාරුකරාවි...
වැඩක් බාර දෙන්නෙ ඒ වැඩේ හොදට කරන්න පුළුවන් කෙනෙක් .... ඒක නිසා සුදුස්සට බාර දීය යුතුයි .......
අපිට මහ දුකක් දෑනෙනවා. ඈත්තටම මේ රටේ වෑඩක් කරන්න පුලුවන් උත්තමයකුට විතරයි !
ගොඩක් හොද අදහසක්.
මේක ඉතින් හොද අදහසක්. බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් කරන්නේ කාට හරි කොන්ත්‍රාත් දෙන එකනේ. නාගරික සංවර්ධනෙන් කළා නම් ඉතා හොදයි. එතනින් මේ දේ කරයි කියලා අපිට විශ්වාසයි. පින්තූරෙ දැක්කම නම් දුක හිතෙනවා. ලේකම් ඇතුලු පිරිස මහ නාහිමි සමග සම අසුන් අරගෙන තියෙන්නේ. උපසම්පදා හිමි නමක්වත් මහ නාහිමි සමග සම අසුන් ගන්නේ නෑ. මේ ලේකම්තුමා සංස්කෘතිය දන්නේ නැද්ද කොහෙද.
බුදුරජානන් වහන්සේගේ ආදර්ශ පමණක් ක්‍රියාවට නැංවිය යුතුයි. බුදුහාමුදුරුවන් කොතනවත් පූජා භූමයක් සම්බන්ධ අදහසක් ලබා දී නැති නිසා මෙවැනි පටු අදහස් කුණුබක්කියට දැමිය යුතුයි.
මොකද රංජිත් .......................කන්නේ.
මංගල මොනවද දන්නේ
සාදු ! සාදු !!, මාත් එනව ඒ පින්කමට...
හපොයි මම බයේ හිටියේ ඒ සැලැස්ම අපේ ආචාර්ය දුටුගැමුණුටම බාර දෙයිද කියලා. නැත්නම් ෆෙන්ෂුයි බුද්ධාගම තමයි ඉතින් දඹුල්ලෙත් ක්‍රියාත්මක වෙන්නේ..
මුස්ලිම් බැතිමතුන්ට දඹුල්ලේ පල්ලියේ ආගම කියන්න සුදු වාහන වලින්ම ප්‍රවාහන පහසුකමුත් මෙයින්ම සලස්වා ගත්ත හැකියි
ගොඩක් හොද වැඩක්.ඒත් මේ රටේ අයට කොච්චර හොද වැඩක් කළත් හොදක් නෑ
බුද්ධිමත් තීරණයක්.ජය වේවා!
තියෙන නිදන් ... රට වෙනුවෙන් යොදවනවනම්....
"කව්ද සැබෑ බෞද්ධයා?" youtube එකේ තියන ඉහත සදහන් නමේ ඇති වීඩියො එක බලන්න.
කුරගලට මොකද උනේ....රහතුන් වැඩහිටි තැනක අද මොකද වෙන්නෙ? මෙව්වට නිදාගෙන හිටියොත් දළඳාවත් අපිට නැතිවේවි. බලල්ලු මලු වලින් පනිනවා දකින අය උඩ බලා ඉන්නවා වගේ කතා කරන්නෙ.
බුදු හාමුදුරුවනේ............
වැඩේනම් නියමයි. බුද්ධාගම විකුණගෙන කන අයටත් දඩුවම් දුන්නොත් තමයි වඩා හොඳ
දැන් ලොකු ලංසුවකට අන්‍ය ආගමිකයන්ට විකුණන්න පුළුවන්නේ.දඹුල්ලත් ඉවරයි
කඩුව හොයන වැඩේ දඹුල්ලට ගියා වගේ
දැන් නිදන් යස අගේට හම්බුවෙයි
කොහොම හරි කමක් නෑ.හොදක් වෙනවනම්
නිකරුණේ චෝදනා නොකර චෝදනා ඇත්නම් ඔප්පු කර පෙන්විය යුතුයි
බුද්ධ ශාසන අමාත්‍යංශයට බුදු සරණයි
නාගරික සංවර්ධන අධිකාරියට බැරිනමි පාතාලෙට දීලා හරිකමක් නෑ ඔය ගොල්ලන්ගේ වැඩේ කරගැනීම ඔබ සතු කාර්යයක් වන්නේය. ඔබලාගේ හිත සු වපිනිස යමක් වෙනවානමි අපිත් සතුටුයි. මොකද අපි කවුරුත් මැරුණහම මෙවා ගෙන නොයන බැවිනි. එමනිසා මිනිසුන් අතර පවතින්නාවු සහජීවනය පලදු නොවන ආකාරයට කටයුතු කිරීම ඔබ සැමගේම වගකීමකි. විවිධ විශ්වාසයත් තහවුරු කර ජීවත්වන්නාවු බහු ආගමික විවිධ භාෂාවන් කථාකරන්නාවු සමාජ පද්ධතියක් තුල අප ජීවත්වන්නෙමු. එවැනි සමාජයක් තුල මහජාතිය සුලු ජාතියගේ සාමය, මෛත්‍රිය, කරුණාව, සමගිය, දෙධරායන ආකාරයෙ කුමන සංවර්ධනයක් සිදුකලත් එයින් කිසිදු ආධ්‍යාත්මකි ගුණවගාවක් ඇති නොවන්නේමය. (පුඥා වංතස්සායන් ධමිමෝ) ධර්මය ඇත්තේ පුඥාවන්තයින්ටය.
බලල මල්ලෙන් එලියට පැන්නා
ගොඩක් හොද වැඩක්.
අම්මපා... කඩුවක් හොයා ගත්ත නම් මුලින්ම කපන්නේ කාගේ මොකක්ද කියලා දන්නවා මම
කරන දේ කියන, කියන දේ කරන, බැරි දේ නොකියන, බොරු කයිවාරු නැති, මා විශ්වාස කරන ආකාරයට යුද්ධය අවසන් කරවීමේ සැබෑ පීතෲත්වය හිමිකරු එතුමාමය. අනෙක් අය කොපමණ කයිවාරු ගැසුවත් ඒවා සියල්ල කයිවාරු පමණක්ම වේ. මහනාහිමියන් එතුමාට දී ඇත්තේ එම සහතිකයයි. උන් වහන්සේට චිරං ජයතු !
දඹුල්ලට මොනවා වේවිද ?
ප්‍රතිඵල තුන් මාසෙන්. අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි.
අති පූජ්‍ය මහ නාහිමියන‍්ගේ යෝජනාව ඉතාම හොඳයි. මෙතුමා මේ කාර්යයත් නිවැරදිව කරාවි. මේ විදියට අපේ මහනායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ඉල්ලා සිටින්නේ ශ්‍රී සද්ධර්මය දිවිහිමියෙන් රැකගන්න කැපවෙන ලෙසයි.
බළලා මල්ලෙන් එළියට පැන්නා.
රංජිත් මොනවද දන්නේ
රංජිත්ට අලිබබා කියපුදේ තේරුනාද මන්ද......... පුඥා වංතස්සායන් ධමිමෝ (ධර්මය ඇත්තේ පුඥාවන්තයින්ටය)
නියමයි. ඇත්තටම වැඩක් කරන කෙනෙකුට භාර දෙන්න ඕන. අනිත් අයගේ කතා විතරයි. නියම වැඩ කාරයා එතුමා තමයි. ජයවේවා !
මං මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ පකිස්ථානය, බංග්ලාදේශය, මැලේසියා, ඉන්දුනීසිය වැනි බෞද්ධ රටවල් බෞද්ධයන්ට නැති උනේ බෞද්ධයන්ගේ කරුණාව, අනුකම්පාව, ඉවසීම, එකටෙක නොකිරීම වගේ ගුණාංගයන් නිසා. දැන් ලංකාවේ සිද්ධ වෙන දේවල් බලලා මට හිතෙනවා අපි අපේ බෞද්ධ රටවල් නැති කරගත්තේ සහ නැති කරමින් ඉන්නේ අපේ උන්ගේ අදුරදර්ශී බව, හොර වංචාව, දුර්වලතාවය, නො හැකියාව, පණ්ඩිතකම හා මෝඩකම නිසා කියලා.
හොද අදහසක්. වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට වැඩ බාරදෙන්න ඕනේ. දඹුල්ලේ විතරක් නෙමේ අපේ රටේ උරුමය සුද්දගේ කාලේ ඉදන්ම විනාස වුනා. නැගෙනහිර උතුර දකුණ මේ හැමතැනම අපේ පන්සල් පැරණි උරුමය කඩලා විනාස කරනවා. ඒවා බේරගන්න ඕනේ. මේ උරුමය එක ජාතියකට අයත් නෑ. මේ උරුමය රකින්න වගකීම ශ්‍රී ලාංකික හැමෝටම තියෙනවා. අපේ උරුමය රකිද්දී තමා ශ්‍රී ලාංකික ජාතිය ගැන අපිට ආඩම්බර විය හැක්කේ. මේ අපේ උරුමය. ශ්‍රී ලාංකික උරුමය රකින්න සියළු ජාතීන් එකවගේ එක්වෙමු. අපි පෞරාණික පන්සල් වගේම කෝවිල්, පල්ලි රැකගත යුතුයි.
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු.
ඉතාමත්ම හොද තීරණයක්.
ගොඩක් හොද දෙයක්. මොකෝ මේ මුස්ලිම් පල්ලියට කෑ ගහපු කට්ටිය මේකට කැමැති නැහැ කියන්නේ. ඉස්සෙල්ලා තිබ්බ බුද්ධාලම්භන සතුටම දැන් ඇති වෙනන් ඕනනේ. ලංකාවේ වැඩි හරියක් ඉන්නේ කුහක මිනිස්සු කියලා පෙන්නන්න එපා යාළුවනේ.
බුද්ධ ශාසන අමාත්‍යංශයට බුදු සරණයි,
ලොකු හාමුදුරුවන්ගෙත් හිතගිහින් වගේ...
අපේ හාමුදුරුවන්ට අලුතෙන් මොනව හරි ඕන වෙලා වගේ
කඩුව හොයන වැඩේට අති පූජ්‍ය මහ නාහිමියන‍් දඹුල්ලට ගියා වගේ........... බුද්ධ ශාසන අමාත්‍යංශයට බුදු සරණයි
නිකං කුහක කතා කියන්න එන්න එපා. ගෝඨා කියපු දේ කරලා පෙන්නලා තියෙනවා