ගොවීන්ගේ ලොකු ලූනු මිලට ගැනීමේ මුවාවෙන් දඹුල්ල ලූනුමිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ දී ලක් සතොස මුදලාලිගෙන් ලූනු කිරතියි දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහතා කියයි. ගොවීන්ගෙන් රුපියල් හතළිස් පහට පනහට ගන්නා කිලෝව රුපියල් හැට පහට සතොසට විකිණීමේ දී ලක් සතොසට සම්බන්ධ බව කියන පුද්ගලයකුට ද කිලෝවක් රුපියල් පහක් යතියි පුරපති කියයි. ලක් සතොස සභාපති සුනිල් ප්‍රනාන්දු මහතා පැවැසුයේ ගොවීන්ගෙන් පමණක් ලූනු මිලට ගැනීම අරමුණ බවයි. මේ සිද්ධිය ගැන සොයා වැරැදිකරුවනට දඬුවම් දෙන බව ද ඔහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ස්ථානවල එලිපිටම කරනවා නම් හොර රහසේ කොහොම ඇද්ද (අ)
මේවා හැම තැනම වෙන දේවල් (අ)
පුරපති තුමනි, කට විතරක් මදි ක්‍රියාත්මක වන්න. (ස)
මෙහෙමත් හොරු ඉන්න රටක් ලෝකයේ කොහේවත් නැතුව ඇති. (නි)
මම දන්නා පරිදි ගොවීන්ට හැදුනුම්පත් දීලා තියෙනවා. ඇයි ඒ හැඳුනුම්පත් වලින් නියම ගොවින් හඳුනා ගන්න බැරි? අනිත් කරුණ, මේ පුද්ගලයාගේ නම ගම හෙළිකරන්න බැරිද? එතකොට කියවන අපිට හොඳටම විශ්වාසයි වෙන කවුරුත් ඕකට ගෑවිලා නැහැ කියලා. නැත්නම් පෘතග්ජන අපිට හිතෙන්න පුළුවන් පුරපතිතුමාටත් හංගන්න මොනවා හරි තියෙනවා කියලා. (නි)
කොහෙන්වත් දුප්පතුන්ට සහනයක් නෑ. දුප්පතා මේවා කවදාවත් තේරුම්ගන්නෙත් නෑනේ...?
ඇයි මේ ගොවින්ට පණ නැද්ද මේවට විරුද්ධව නැගී සිටින්නට..!!(නු)
මේකනම් මහ දවල් කරන මංකොල්ලකෑමක් නෙවෙයි..(ස)
හරියට හරි නිලංග. පුරපති තුමා ඔබට දැන් තියෙන්නේ සිංහයෙක් වගේ ඉස්සරහට ඇවිල්ල ඔය පුද්ගලයාගේ නම හෙළි කරන්න.. නැත්නම් අපිටත් හිතෙන්නේ නිලංගට හිතෙන දේ තමයි.(ස)
මාස ගණනක් ණයවෙලා, ලක්ෂ ගණනක් වියදම් කරලා කරන ගොවිතැනින් කීදෙනෙක් හම්බු කරගන්නවද? (නි)
මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ
අයියෝ සල්ලි කියුවලු