IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දියකොමළියක් සොයා ගිය සංචාරය

 

2016-12-04-ent-79
 

සංචාරයක නියැළීම සඳහා අපගේ මනරම් භූමිය තුළ කොතරම් රමණීය සංචාරක ඉසව් පැවතියත්, එම ස්ථාන සෑම වෙලාවකම සංචාරක කණ්ඩායම්වලින් පිරී ඉතිරී යන නිසා සංචාරයකදී අපි බලාපොරොත්තු වන මානසික තෘප්තිය 100%ක් විඳගැනීමට අපට නොහැකිවී තිබේ. එම නිසා "තරුණයා" සංචාරය තුළින් සෑම විටම උත්සාහ කරන්නේ ඔබට සතුට, විනෝදය උපරිමයෙන් විඳගත හැකි සමාජයෙන් සැඟවී තිබෙන සංචාරක ඉසව් පිළිබඳව මං සලකුණු ගෙන ඒමටය.

2016-12-04-ent-70සංචාරයක් සඳහා යම් ස්ථානයක් තෝරා ගැනීමේදී පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධාකාර වූ රුචිකත්වයන් පවතී. ඒ අතරින් බොහෝ දෙනෙක් සොබා සෞන්දර්යයේ සුන්දරත්වය විඳගනිමින් දිය කොමළියකගේ පහස ලබාගැනීමට ප්‍රිය කරති. එවන් වූ සංචාරකයන් සඳහා පහසුවෙන් ගමන් කළ හැකි, එහෙත් සැඟවී තිබෙන දියඇළි දෙකක් සොයා අපි මෙවර ගමන් කළෙමු.

කොළඹ නගරයට ආසන්නයෙන්ම පිහිටි මෙම දියකොමළිය ගලා බසිනුයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි වරකාපොල පුරවරයට ආසන්නවය. කොළඹ සිට ගමන් කරන්නන් නිට්ටඹුව නගරයට පැමිණ, එතැන් සිට අත්තනගල්ල නගරයට ගොස් අත්තනගල්ලේ සිට හග්ගල්ල මාර්ගය ඔස්සේ ගමන්කර අල්ගම මංසන්ධියෙන් උඩුවක මාර්ගයේ කිලෝමීටර 2ක් පමණ ගිය පසු අප සොයා ආ පළමු ඇල්ල වන අල්ගම ඇල්ල වෙත ළඟාවිය හැක.

නාමපුවරුවක්වත් නොමැති හෙයින් ප්‍ර‘දේශවාසීන්ගෙන් ඒ පිළිබඳව අසා දැනගතහොත් අතරමං නොවී එම ඉසව්වට ගමන් කිරීමට හැකිවේ. වාහන ගමන් කරන මාර්ගයේ සිට ඇල්ල දක්වා දිවෙන පටු මාර්ගයේ වාහන ගමන් කිරීමට හෝ ගාල් කිරීමටද ඉඩ ප්‍රස්තාව හිමිවන්නේ නැත. ගමන් කිරීමට නිශ්චිත මාර්ගයක්, වාහනය නැවතීමට ස්ථානයක් නොදත් නිසාවෙන් අපටද ගම්වැසියෙකුගේ සහය පැතීමට සිදුවිය.

අප ඇල්ල කරා දිවෙන මාර්ග සොයා ගැනීම සඳහා සහාය පැතූ පුද්ගලයා අපගේ ගමනට සහායදීමටද කැමැත්ත පළ කළේ එම සොඳුරු ඉසව්වේ සුන්දර හා භයංකර ස්ථාන රාශියක් එහි පවතින හෙයිනි. ඒ බව අපට වැටහුනේ එම ඉසව්වට ළඟා වූවාට පසුවය.

සපුමල් හරිඳු නම් කටකාර තරුණ මහතා සමග අපි ඇල්ල සොයා පයින්ම ගමන් කළෙමු. මෙය කඳු ගැටයකින් ඇද හැලෙන දිය දහරාවක් නොවුණත්, ගල්පර අතරින් ගලා බසින ඇල්ල ඉතාමත් මනරම්ය. අපගේ ගමන් සඟයා ඇල්ල ආරම්භක ස්ථානයටත්, එහි ගැඹුරුම ස්ථානයටත් අපව රැගෙන ගියේ ඔහු මෙම ඉසව්වේ යහළුවන් සමග සෑමදාම පාහේ කරක් ගසන නිසාවෙනි. එය භයංකර ගමනක් වුවත්, එය අපට එතරම් නුහුරු නොවූයේ පුරුදු කාරයෙකු වූ ඔහුත් සමග ගමන් කළ බැවිනි.

අත්තනගලු ඔය පෝෂණය කරන මෙම ඇල්ලේ ආරම්භක ස්ථානයේ සිට ඇල්ලට සාපේක්ෂව පහළට ගමන් කිරීමට හැකි උපරිම දුර ඔහු අපව රැගෙන ගියේය. එය අපූරු අත්දැකීමක් වූයේ ගලින් ගලට පනිමින්, රුදුරු දිය පහරින් බැස, ගස්වල එල්ලෙමින් ගමන් කළ නිසාය.

අවසානයේ ඔහුත් සමග විශාල ගල් තලාවකට අපි පැමිණියෙමු. එතැනට එම දිය පහරේ විශාල වපසරියක් දැක ගැනීමට අපට හැකි විය. මෙහිදී එම දිය දහරාවේ ගැඹුරුම ස්ථානයක් වූ "හෙල්ලවල" සහ "කළුදිය වළ" ද අපට දිස්විය. අපගේ ගමන් සඟයා පැවසූ ආකාරයට එම ස්ථානවල ගැඹුර ඔවුන්වත් හරිහැටි නොදන්නේය. හෙල්ලවල නම් ස්ථානයට ගම්වාසීන්වත් ළඟා නොවන බව ඔහු අප හා පවසා සිටියේය.

එම ඇල්ලට සමුදුන් අපි නැවතත් උඩුවක මාර්ගයට පැමිණ තවත් සොඳුරු ඉසව්වක නිහඬව ගලා බසින "උඩුවක ඇල්ල" සොයා ගමන් කළෙමු. අල්ගම ඇල්ල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරින් පිහිටි මෙම ඇල්ල වෙත ගමන් කිරීම සහ සොයා ගැනීම එතරම් අපහසු වන්නේ නැත. එම ස්ථානයේ පෞද්ගලික ඉඩමක පිහිටි භූමි භාගයක වාහන ගාල් කිරීමට පහසුකම් සලසා ඇත. ඒ සඳහා රු.100ක මුදලක් අය කෙරේ. "උඩුවක ඇල්ල", "දුනුමාල ඇල්ල", "සිරි පැරකුම් ඇල්ල", "බෝපොල ඇල්ල" යන නම් වලින්ද මෙම ඇල්ල හැඳින්වේ.

උඩුවක ඇල්ල නමින් හඳුන්වනු ලබන්නේ දියඇල්ලේ පහළ කොටස උඩුවක ගම්මානයට අයත් වන හෙයිනි. එමෙන්ම %බෝපොල ඇල්ල^ නමින් හඳුන්වන්නේ ඇල්ලේ ඉහළ කොටස බෝපොල ගම්මානයට අයත් වන හෙයිනි. එය ගම්මාන දෙකක නාමය පිළිබඳ ගැටලුවක් වුවත්, %සිරිපැරකුම් ඇල්ල^ නමින් මෙම ඉසව්ව හඳුන්වනු ලබන්නේ සෝමරත්න දිසානායකයන් විසින් අධ්‍යක්ෂණය කළ %සිරිපැරකුම්^ චිත්‍රපට‘යේ දර්ශන රූගත කිරීම සඳහා මෙම ඇල්ල යොදාගත් හෙයිනි.

ගල් තලාවක් මතින් ඇද හැලෙන මෙම සුන්දර ළලනාවියගේ උස අඩි 30-40ත් පමණ වෙයි. මෙහි විශේෂත්වය වන්නේ ඇල්ල මුදුනට ගමන් කිරීමට හැකිවීමය. ඒ සඳහා ඇල්ල කඩා හැලෙන ගල්තලාව මතින් හෝ ඇල්ලට අසලින් තිබෙන කුඩා අඩි පාර භාවිතයට ගත හැකිය. මෙය අල්ගම ඇල්ල තරම් රුදුරු නොවෙන හෙයින් දියනෑමට වඩාත් උචිත වෙයි. මෙම ඉසව්ව දිය සහිත පසුතලයක Wedding Free Shoot කිරීම සඳහා බහුලව යොදා ගැනෙන බවද අපගේ ගමන් සඟයා අප හා පැවසීය.

මෙම දියඇලි වඩාත්ම ප්‍රචලිත වී තිබෙන්නේ කණ්ඩායම් වශයෙන් සුරාපානය කිරීමට හැකි ඉසවක් ලෙසිනි. එය මෙම ඇලි පිහිටි භූමිය නිරීක්ෂණය කළ විට මනාව පැහැදිලි වෙයි. අල්ගම ඇල්ල ගම්මානයෙන් තරමක් ඈතින් පිහිටි නිසා පෙම්වතුන් එහි තනිව යෑම යෝග්‍ය වන්නේද නැත. උඩුවක ඇල්ල අසලට වී පෙම්බස් දෙඩීමට නම් කාගෙන්වත් බාධාවක් එල්ල වන්නේ නැත.

කාර්යය බහුල ජීවිතවලින් ඔබ්බට ගොස් කණ්ඩායම් වශයෙන් ගොස් දියනෑමට, බජව්වක් දමා සතුටු වීමට, අන් අයට කරදරයක් නොවන අයුරින් මධුවිත පොදකින් සප්පායම්වීමට කදිම ඉසව්වක් ලෙසද උඩුවක ඇල්ල හඳුන්වාදිය හැකිය.

කණ්ඩායම් වශයෙන් එහි සංචාරයක නිරත වන්නේ නම් එහි යන්නට මත්තෙන් ආහාර, බයිට් වර්ග ඇණවුම් කිරීමට උඩුවක ඇල්ල අසල පිහිටි %සිරි පැරකුම්^ ගිමන්හල මගින් අවස්ථාව සලසා දී තිබේ. 0766-868750 අංකය ඇමතීමෙන් එම අවශ්‍යතා සපුරාගත හැක.

සීතල දිය පොදකින් මුව දොවාගත් අප ගමන් සඟයන් සමග "සිරි පැරකුම්" ගිමන් හලෙන් ආප්පයක රස බලන අතරතුර මිනිසුන් මෙතරම් ස්වභාවය ධර්මය විනාශ කරනුයේ ඇයිද යන්න පිළිබඳව කල්පනා කර බැලුවෙමු. මෙම දියඇලි දෙක අවටත් ප්ලාස්ටික් බෝතල්, ආහාරපාන බහාලා තිබෙන ඇසුරුම්, හිස්වූ මධුවිත බෝතල් තැන තැන ගොඩගසා තිබුණි. එවැනි දේවල් නිසා එම සුන්දර පරිසරය අසුන්දර වී ඇත.

දැනුවත් කිරීමේ පුවරු තිබුණත් දෑස් අහිමිවූවන් සේ එසේ පරිසර දූෂණය කිරීම මානසික ලෙඩක් යැයි අපට වරෙක සිතෙයි. මතු පරපුරට මෙවන් දෑ මෙලෙසින්ම සුන්දර ලෙසම දායාද කිරීමට නම් සම්පත් රැකගැනීමට දායක විය යුත්තේ අප විසින්මය. ඔබත් මෙහි පැමිණෙන්නෙම් පරිසරය සුරැකීමට දායක වන්න.

ආප්ප කිහිපයක් ගිලදැමූ අප නගරබද පරිසරයේ දැකිය නොහැකි අව්‍යාජ මිනිසත්කමකින් යුත් අපගේ ගමන් සඟයා වූ සපුමල් හරිඳු තරුණයාට සමුදී තවත් සොඳුරු ඉසව්වක් සොයා ගමන් කළෙමු.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / සුපුන් සම්පත්

 

2016-12-04-ent-83
2016-12-04-ent-81
2016-12-04-ent-80
2016-12-04-ent-79
2016-12-04-ent-78
2016-12-04-ent-76
2016-12-04-ent-75
2016-12-04-ent-74
2016-12-04-ent-73
2016-12-04-ent-72
2016-12-04-ent-71
2016-12-04-ent-69
 



අදහස් (0)

දියකොමළියක් සොයා ගිය සංචාරය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 12 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 645 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4647 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2022 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8832 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1486 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site