දැයට කිරුළ සමයේ ඇලයා පත්තුවේ ඔයාමඩුවේ කිලෝමීටර් 3ක් දිගට ඉදිකළ මහ පාර ප්‍රමිතියෙන් තොර බවට ලැබුණු පැමිණිල්ලක් අනුව මාර්ග සංවර්ධන අධිකාරිය එම මාර්ගයේ තැන තැන හාරා සාම්පල් ලබා ගත්තේය. හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ කාලයේ දී පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම මාර්ගය ඉදිකිරීමට රුපියල් අට කෝටි අසූ අට ලක්ෂයක් වැය කළැයි කියති. මාර්ගය පිළිසකර කිරීමේදී අඩි තුන හමාරක් හෝ හතරක් ඉසවිය යුතුව ඇතත් ඇතැම් තැන් අඟල් 5කට වඩා උස්කර නැතැයි කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරපු කෙනාටත් දැන් දෝෂාභියෝගයක් එයිද? (නි)
ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද.... (නි)
කිරුළු දාන්න පොරකන්නේ ඕකට තමයි , හිතාගන්න බෑ රට යන අත (ස)
ඕක නිසා තමයි...................එක්කෝ ඕනි නෑ..(ස)
පාරවල් අලුතෙන් හදනකොට ඒවා නිරීක්ෂණය කරන්න පරීක්ෂක මහතුන් රජයෙන් යොමුකළා නම් නැවත මේවා කඩ කඩ හදන්නත් ඒවාට නඩු මගට බහින්නත් ඕනෑ නැහැනේ. (නි)
අමිල නිලන්ත, මේ රටෙ පාලකයන්ට මේ දුප්පත් රටේ බඩට නොකන දරුවෝ බඩගින්නේ අඩද්දී, අහස දිහා බලාගෙන හූල්ලන දුප්පත් මිනිස්සුන්ගේ ඇට ලේ මස් මිරිකලා මේ රටට දෙන සල්ලි ගැන කිසිම හැගීමක් නැහැ.මේ රට කරවන සමහර අය අපායටවත් ගන්න එහි රජතුමා අකමැත්තෙන් ඉන්නේ.මේ රටේ සියලුම පාලකයන්ට මේ ආත්මය විතරයි මේ විදියට ගෙවන්න පුළුවන්.සියල්ලෝම කල්ප ගානක් නිරයේම උපදින්න කරගන්න දේවල් මේ වන විටත් කර අවසන්.ඇති තරම් කන්න බොන්න මිනිස්සුන්ව තලන්න පෙලන්න.ඔබ සියල්ලන්ටම මරණ සිදු වන තෙක් සියලු සැප. (ස)
අපි හැමදාම රැවටෙනවා විතරයි.. (ස)
වැඩේ නම් හොදයි
වියදම් කරලා සාම්පල් ගන්න එකටත් අන්තිමට ණය ගෙවන්නේ රටේ අහිංසක මිනිස්සු. (නි)
අර දෝෂාභියෝගය ගෙනාව කට්ටියට මේවා පේන්නෙ නැද්ද?(නු)
පාරවල් ටික හරියට හදන්න
මධූ, ඔය දාගෙන ඉන්න පාට කණ්ණාඩිය ගළවලා සාධාරණව හිතන්න පුරුදු වෙන්න. (නි)
අමිල, නිලන්ත කියන කතාව හරි. මහජනතාව දුකට පත්කරමින් බලය සහ නිලය තමන්ගේ සහ තමන්ගේම කිට්ටුවන්තයන්ට සැප ගෙනදෙන්නට කටයුතු කරන කාට වුණත් දරුණු විපාක වලට මුහුණ දෙන්න වෙනවා. අවිද්‍යාව ස තණ්හාව නිසා පිං කරගැනීමට ඇති උතුම් අවස්ථාව පවු කරගන්න යොදාගන්න මේ අය ගැන බුදු දහමට අනුව බලනවිට උපේක්ෂාවෙන් තමයි බලන්න වෙන්නේ. (නි)
කවදාවත් ලංකාවේ එහෙම කරලා නැහැනේ
මධු.. ඒත් දැන් වංචාව වැඩිවෙලා....(ස)
කිලෝමීටර් තුනක් පාර හදන්න රුපියල් 88800000 වැයකරලා. ඉතිං තව මොනවද? (නි)
දූෂණ ගැන කතා කරනවා විතරයි. ඒවාට විරුද්ධව ක්‍රියාකරන්නෙ නැහැ. (නි)
පාරවල් බාල විදියට හදලා අහිංසක මිනිසුන්ගේ මුදල් නාස්ති කරන්නන්නට යහපතක් නොවේවා (ස)
කලකදි රන් කලකදි වහ වෙනවාලු ..(ස)
සාම්පල් ගන්න පොල්කටු දෙකකුත් ගෙනල්ලා. (නි)
කවුද අර ඉණට අත් තියාගෙන ඉන්නේ? මට නම් නිකන් මොකක්ද වගේ. ඒකයි ඇහුවේ. (නි)
මහ පාරේ සාම්පල් ගන්නේ ගමේ අයද? මේ අය මාර්ග සංවර්ධන එකේ නම් කෝ ඒ අයට නිලඇදුමක්? (නි)
දැන් හරි හොයලා බලලා වැරැද්දක් වෙලානම් නිවැරදි කරන් එක හොදයි...එතුමගේ කාලේ හදපු ගොඩක් පාරවල් ඔය වගේ තමා (අ)
ලංකාවේ වංචාවෙන් තොර පාලකයින් කවදාවත් හිටලා නැහැ නේද? (නි)
අනේ මෙහෙමත් ආශ්චර්යයක්! (නි)
ඇයි මේවා මේ දැන් කරන්නේ? ඒ කාලෙමනේ කරන්න තිබුණේ. චීයා..... (නි)
වැඩේ නම් හොදයි
අහවලාට පාඩමක් උගන්නන්න වගේ ලෑස්තිය.... (නි)
මිනිස්සුන්ව රවට්ටන වැඩ කරන්න එපා
කිරුළ, දැයට නෙමෙයි,කොන්ත්‍රාත්කාරයාට වගෙයි ගිහිල්ලා තියෙන්නේ. (නි)
මේ රටෙ පාලකයන්ට මේ දුප්පත් රටේ බඩට නොකන දරුවෝ බඩගින්නේ අඩද්දී, අහස දිහා බලාගෙන හූල්ලන දුප්පත් මිනිස්සුන්ගේ ඇට ලේ මස් මිරිකලා මේ රටට දෙන සල්ලි ගැන කිසිම හැගීමක් නැහැ.මේ රට කරවන සමහර අය අපායටවත් ගන්න එහි රජතුමා අකමැත්තෙන් ඉන්නේ.මේ රටේ සියලුම පාලකයන්ට මේ ආත්මය විතරයි මේ විදියට ගෙවන්න පුළුවන්.සියල්ලෝම කල්ප ගානක් නිරයේම උපදින්න කරගන්න දේවල් මේ වන විටත් කර අවසන්.ඇති තරම් කන්න බොන්න මිනිස්සුන්ව තලන්න පෙලන්න.ඔබ සියල්ලන්ටම මරණ සිදු වන තෙක් සියලු සැප. (නි)