වකුගඩු ආබාධයකින් පෙළෙන දයානන්ද වික්‍රමසිංහ (68) අකුරැස්ස හිටපු මන්ත්‍රී හා එජාප රජයේ ඇමැතිට මාතර වල්පොල නිවසේදී වකුගඩු සැත්කමක් සඳහා වැයවන රුපියල් හතලිස් ලක්ෂය සොයා ගැනීමට උදව් වන්නැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂමන් අබේවර්ධන මහතා ආයාතචය කරයි. අබේවර්ධන මහතා ද මුදලක් පරිත්‍යාග කළේය.
ඒ අවස්ථාවේ වික්‍රමසිංහ මහතාගේ දෑස් කඳුලින් තෙත්විය. රැස්ව සිටි අයට ද ඒ සංවේදී බව දැණිනි.
ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වකුගඩුවක් අවශ්‍ය වී ඇත.
කොළඹ ජාතික රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ එල් එම් නසාර් කීවේ හැකි ඉක්මණින් සැත්කම කළ යුතු බවයි.
තම අසනීපයට මුදල් සොයා ගැනීම සඳහා ඔහු පදිංචි ඉඩමේ කොටසක් ද විකිණීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා දේශපාලනයෙන් හම්බකරේ නෑ...අපි එතුමාට උදව්කරමු (ස)
ඔබ තුමාට ඉක්මන් සුවය පතමු (ස)
අහවලාගේ වකුගඩුව තමයි මෙතුමාට හරියන්නේ. (නි)
අපි ඔහුට උදව් කරමු (ස)
අපි සියළු දෙනාම උදව් කරමු (ස)
ලක්ෂ්මන් මහතාණෙනී ඔබ තුමා මෙයට දායකවීම අපි අගය කොට සලකමු දයානන්ද විකුමසිංහ මහතාට උදවුකිරීම ලාංකිකයන් වන අපගේ වගකීමක් වනු ඇත. (ස)
ඔහුගේ ගිණිම් අංකය සහ ලිපිනය දන්වන්න (ස)
අපි ඔක්කොම මිනිස්සු, (දී)
මේවා වළක්වන්න කාටවත් බැහැ. (නි)
මොහුගේ ගිණුම් අංකයක් දන්වන්නේනම් මැනවි (ස)
ඔබ වගේ අය අද රටේ නැහැ.ඔබට දිර්ඝායු පතමි. (ස)
ඔබට අවශ්‍ය දේ ලැබී සුවපත් වේවා!(ස)
අතීත දේශපාලඥයින්ගේ වෙනස මෙයයි.අද අය අවුරුදු 5ක් බලයේ සිටි විට පරම්පරා ගාණකට මුදල් සොයාගෙන අවසානයි. (නි)
ඕකට හරියටම හරියන වකුගඩු වත් තියෙන කෙනෙක් මම දන්නවා. (නි)
ඒක පින් ඇති වැඩක් (දී)
දැන් යූ.එන්.පී. යත් දුප්පත් වෙලා වගෙයි. (නි)
ඇයි දෙවියනේ මේචචර මුදලක්? මේවා කරන්නේ පිටරටවලද? (නි)
සංවේදී මොහොතක් (දී)
අසරණ උන වෙලාවට මිනිහෙක්ට පිහිට වෙන්න (දී)
මොනවා වුණත් එයත් මනුෂ්‍යයෙක්. පුලුවන් විදියට අපි උදවු කරමු. (නි)
ලෝකෙ ලොකුම පටක බැංකුව අපේනෙ. ඒකට කතා කරල බලන්න. (නි)
නමෝ බුද්ධාය ! තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවපත් භාවය සැළසේවා ! නමෝ බුද්ධාය ! (ස)
මට දෙන්න පුළුවන් නම් මම දෙනවා (දී)
ඔන්න වර්තමාන දේශපාලකයොයි, අතීත දේශපාලකයොයි අතර වෙනස. (ත)
මනුස්සයෙක් අසරණ උනාම පේනවා නේද (දී)
සාමානය්‍ය රෝගින්ටනම් වයස 60 ට පස්සේ වකුගඩු බද්ධ කරන්නේ නෑ. මෙතුමා පොලිටික්කෙක් නිසා වෙන්නැති විශේෂ සැලකිලි.
දැන් ඉන්න අය වයසට ගියාම අනුන්ගේ පිහිට ලබන්න ඕන නැහැ. (ත)
මේ වගේ ඇමති කෙනෙක්ට මේ සැත්කමට ජනාධිපති අරමුදලින් ආධාර කළොත් හොදයි නේද? (නි)
මේ ප්‍රවෘත්තිය දුටු මට මා වර්ෂ ගණනාවක දීර්ග නින්දකින් අවදි වූවා සේ දැනේ. (නි)
දැන් අයට වගේ ඉස්සර අයට සල්ලි නැහැ. (ත)
පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් එක්කෙනෙක් රුපියල් 2500 ගණනේ දුන්නත් ඔය වැඩේ සුලු වැඩක්නේ. (නි)