ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් නුවර මහා පරිමාණ දියමන්ති ව්‍යාපාරික ලාල්ජි භාහි තොන්දොන්ට ඉන්දියා රජය රුපියල් කෝටි 5400 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11772)ක දඩ නියම කළේය.
නරේන්ද්‍ර මෝදි රජයෙන් රුපියල් 500 හා 1000 මුදල් නෝට්ටු අවලංගු කිරිමත් සමඟ එම ව්‍යාපාරිකයා ඔහු ළඟ තිබු ‘කළු සල්ලි’ රුපියල් කෝටි 6000 ක් රාජ්‍ය බැංකුවට බාර දුන් බවත් දඩය ගැසිමෙන් පසු ඉතිරි වු රුපියල් කෝටි 600 (ශ්‍රි ලංකා රුපියල් කෝටි 1543.44) ඔහුට බාර දුන් බවත් ඉන්දියා මාධ්‍ය කියයි.
ඔහු වැනි බොහෝ ව්‍යාපාරිකයන් බදු ගෙවීම පැහැර හැරීම සඳහා ආදායම් බැංකුවල තැන්පත් නොකර යටි මඩි ගසා ඇතැයි ද මුදල් අවලංගු කිරිමෙන් පසුව එම මුදල්වලට කර කියා ගන්නට දෙයක් නොමැති ව ඔවුන් ළත වෙතැයි ද අතැමුන් සල්ලි මලු තැන තැන දමා ඇති බව ද කියති. ලොකු නොට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාව පුරා බැංකු අසල දිග පෝලිම් දක්නට ඇත.
ව්‍යාපාරිකයන් ,තැරැව්කරුවන් ලවා මුදල් මාරු කිරිම වැළැක්වීම සඳහා ඉන්දියා රජය අවලංගු නෝට්ටු තැන්පත් කිරිමට එන පුද්ගලයන්ගේ සුළැඟිල්ලේ නොමැකෙන තීන්ත ගාන බවත් එම තීන්ත මාසයක් යන තුරු පවතින බවත් කියති. හොර ඡන්ද වැළැක්වීම සඳහා ඡන්ද කාලයේ දී මෙවැනි තීන්ත ආලේප කැරෙයි.
ලොකු නොට්ටු අවලංගු කිරිමෙන් පසු අඩු ගණනේ 6 දෙනෙකු පමණ සිය දිවි නසා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි. බැංකුවක් අසල දී පුද්ගලයකු ගිනි තබා ගන්නට යෑමේ දී පොලිසිය එය වැළැක්වීය.
නෝට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාවේ කඩ සාප්පුවල ගනුදෙනු බෙහෙවින් පහත බැස තිබේ. එහෙත් රෝහල් ගාස්තු, වෛද්‍ය හා සමුපකාර ගෙවීම් ආදි අත්‍යාවශ සේවා කිහිපයක ගනුදෙනු වෙනුවෙන් පරණ නෝට්ටු බාර ගත යුතු බව රජය නියම කර ඇත.
පරණ මුදල්වලට ඇතැම් සාප්පුවලින් භාණ්ඩ මිලදී ගත හැකිය.දෙසැම්බර් 20 වැනි දා දක්වා මෙම සහනය ලැබෙන බවත් දෙසැම්බර් 30 වැනි දා වන විට එම මුදල් බැංකු වල තැන්පත් කරන බවත් ව්‍යාපාරිකයෝ කියති.
මෝදි රජයේ මෙම මුදල් අවලංගු කිරිමෙන් දුප්පතාට තාවකාලික අපහසුවක් සිදු වී ඇතැත් රජයේ තීරණය අගය කරන බව බෙංගාලයේ හිටපු බැංකුකරුවෙක් කියයි. රජය ද අපක්ෂපාත ආර්ථික විශේෂඥයන් ද පවසනුයේ බදු නොගෙවා කට්ටි පනිමින් සිටි ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි එළියට ඇද ගැනීමට මෝදි අගමැති ගත් පියවර අගය කරන බවයි.
ඉන්දීය රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කරනු ලැබුයේ නොවැම්බර් 8 වැනි දාය. කළු සල්ලි ජාවාරම මැඩීම ත්‍රස්ත ක්‍රියා සඳහා අරමුදල් සැපයිම , හොර නෝට්ටු මුද්‍රණය වැළැක්වීමට මෙම පියවර ගත් බව ඉන්දීයා අගමැති මෝදි කියයි. 1946 දීත් මෙවැනි ක්‍රියාමාර්ගයත් ගත් බව මෝදී කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් කාලයකට පෙර රුපියල් 50 සහ 100 නෝට්ටු අවලංගු කළා කියලා මට මතකයි. ඒ කාලේ සමහර උදවියගේ මුදල් වී ගෝනි අස්සේ තිබුනා කියල අම්මලා කතා වෙනවා මම අහලා තියනවා. (නි)
මැගී දන්නා දේවල්..? (නි)
ලංකාවේ ඕක කරන්නේ නැහැ. වැඩි වැඩියෙන් කළු සල්ලි තිබෙන්නේ දේශපාලකයෝ ළඟ. ඔවුන් ඕක කළත් ඊට කලින් සල්ලි ටික හොරෙන් මාරු කරගනීවි (නි)
නමුත් දැන් ඔය ක්‍රමය ලංකාවේ කරන්න බැහැ. ඉන්දියාවේ පරිපාලන නිලධාරීන් අතරින් ගොඩාක් දෙනා හරිම අවංකයි,රටට ආදරෙයි. ඒකට අපේ ධර්මදිපය.... මේ රටේ ඉන්න දේශපාලුවෝ, පරිපාලකයෝ, පොලිසිය, බැංකුකාරයෝ ... ඔක්කොම අන්ත දුෂිත හොරු. ඇන්.ඇම්. පෙරේරා මහත්මයාගේ කාලයේ ගොඩක් හිටියේ අවංක දේශපාලකයෝ. (නි)
එකට අපේ පරණ ලොක්කො කළේ 5000 නෝට්ටු ගහපු එක. දැන්වත් තේරෙනවද වුණේ මොකක්ද කියලා. (නි)
ඉන්දියාව 46දි කළා නම්, 72දි ලංකාවයි, ඉන්දියාව කොපිකරලා තියෙන්නෙ. (නි)
ලංකාවේ නම් දැනටම අලුත් නෝට්ටුත් හොරට ගහන්න පටන්ගෙන. (නි)
අාචාර්ය එන්.එම්. පෙරේරා මුදල් නෝට්ටු අවලංගු කළේ 1972 දී විතර. එතුමා උගත්, අවංක, ශ්‍රේෂ්ඨ නායකයෙක්. අද එවැනි අය නැහැ. (නි)
සංඛ, යමක් කියන්නට පෙර හරියට ලිපිය කියවන්න. ඔබට 1970 පෙනෙන්නේ 1946 වඩා පැරණි විදිහටද (නි)
ලංකාවේ ඕක කළොත් මුලටම අහුවෙන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
ලංකාවෙත් ඕක කෙරන්න ඕනෑ. නැත්නම් මුදල් ඒකකය වෙනස් කෙරන්න ඕනෑ. ලොකු මුදලාලිගේ සල්ලි හංගපු තැන් වලින් මතුවෙන්න (නි)
කොපි කරලා හරි කමක් නැහැ ලංකාවෙත් ඕක කරන්න ඕනෑ. දුප්පතාට පහර නොවදින විදිහට සැළසුම් කරලා. (නි)
ඔන්න අපේ ලංකාවේ උදවියත් ඕකම කොපිකරගෙන ..ලංකාවේ දුප්පතාට පහර වදින සේ මොකක් හරි කරාවි ..? (ම)
අඩු ආදායම්ලාභීන්ට දැනට වඩා හොඳ ජීවිතයක් හදාදෙන්න ක්‍රම සහ විධි මේ රටේ ඕනෑතරම් තියෙනවා. ඒ සඳහා අපේ පාලකයින්ට බුද්ධිය පමණක් නොව ධෛර්ය, ආත්ම විශ්වාසය හා ශක්තියද නැත. අවාසනාවකට වගේ සැමදා බලයට එන්නෙත් ඒ අයමය. (නි)
ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ (නි)
ඔයදේ පළමුවෙන් කළේ ලංකාවේ එන්.එම්. පෙරේරා මහතා මුදල් ඇමතිව සිටිය කාලේ 1970 ගණන් වල. මේගොල්ලෝ කොපි කරලා තියෙන්නේ එක. (නි)
මමත් කියන්නේ මෙහෙත් මෙහෙම කරන්න ඕනෑ කියලා (නි)
රූපවතී, ලංකාවෙන් තමා ඉන්දියාව කොපි කළේ. 1972 ආචාර්ය එන්.එම්. පෙරේරා රුපියල් 50 සහ 100 නෝට්ටු අවලංගු කර හොර සල්ලි ඔක්කොම ගත්තා එළියට. දුප්පතුන් වෙනුවෙන් කළ ක්‍රියාවට අපේ ගුණමකුවන් එතුමාව 1977 දී පරාජය කළා. (නි)
එන්.එම්.පෙරේරා මැතිතුමා මුදල් ඇමති වශයෙන් සිටිද්දීත් මෙවැන්නක් කළ බව අසා තියෙනවා. මම හිතන්නේ මේක සාර්ථක පියවරක්. (නි)
රූපවති, එන්. එම්. පෙරේරා මහතා මුදල් ඇමතිව සිටින කාලේ මෙයම කළා. නමුත් මම නම් පෝළිම් වල සිටීමෙන් බේරුනා. (නි)
රූපවතී, ලංකාව මේ විදියට මුදල් නොට්ටු අවලංගු කළේ මීට අවුරුදු 40 විතර ඉස්සර 1970 ගණන්වල. ඉන්දියාව මේක ලංකාවෙන් කොපි කරලා. (නි)
ලංකාවේ ඕක කළේ 1973 දී අතිගරු එන්. එම්. පෙරේරා නමැති දෙවියායි. ඔහු ලංකාවේ පාර්ලිමේන්තුවේ හිටපු එකම බුද්ධිමතායි. එදා සිට අද දක්වා එසේ බුද්ධිමතෙක් පාර්ලිමේන්තුව තුළ මට නම් දකින්නට නැත. (නි)
ලංකාවෙ නම් කෝටි 10ක් විතර 10 දෙනෙකුට දුන්නා නම් කෝටි 5990ක් ම ගෙදර අරන් යන්න තිබුණා (නි)