කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ රන් හා මැණික් ප්‍රදර්ශනයේ දී රුපියල් දහඅට ලක්ෂයක දියමන්තියක් සොරකම් කළ බව චීන ජාතික චූ සෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේ පිළිගත්තේය. එහි වටිනාකමින් සාධාරණ මුදලක් ගෙවීමට ඔහු එකඟ විය මුලු මුදලම ගොවීමට නොහැකි බව ඔහු කීවේය. මොහු අත්අඩංගුවට ගැනුණේ දිය මන්තියක් ගිල දැමීම නිසාය. විරේකයකින් පසුව එළියට ගත් දියමන්තිය කිසිම වටිනාකමක් නැති බොරු දියමන්තියක් බව සොයා ගැනිණි. ඔහු සමග සිට තවත් චින ජාතිකයකු දියමන්තිය සොරකම්කර පළා යන්නට ඇතැයි පොලිසිය කියයි. චූ සෙන්ට දඬුවම් නියම කිරීම ලබන 22 වැනිදාට කල් තැබිණි. මොහු රුපියල් දස ලක්ෂය බඟින් වූ ඇප දෙකක් මත මුදා හැරිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චීනටත් පළායන්න දීලා දශ ලක්ෂයක ඇප දෙකක් අය කරගන්න. (නි)
අනේ චීනා
හොරාට හොරා නොකියා හොර මහත්තයා කියන්නද කියන්නේ? (නි)
මට තේරෙන්නේ නෑ මේ කියන්නේ මොකද්ද කියන්න . චීනා ගිල්ලේ වීදුරුලු දැන් කියනවා මැණික්ලු ත අනේ මන්දා (ස)
චීනා නොකියා චීන ජාතිකයා කියලා කිව්වනම් නරකද ? (ස)
අනේ හොදයි. (නි)
තව ඉදිරියට අපිට චීනගේ මොන ලණුවක් ගිලින්න වෙයිද දන්නේ නැහැ. (නි)
මේක අපේ එකෙක් ගිල්ලා නම් ඈපත් නැහැ. (නි)
චීන්නු නැත්නම් ලංකාව මෙලහකට සුනේ සුන්. (නි)
චීන කෑම.... (නි)
වෙන්න බැරිකමකුත් නැහැ. (නි)
චීනා සොරකම කරලා (දී)
දියමන්තිය ඉස්සුවේ අපේ කෙනෙක්...? (නි)
ඇප දුන්නු නිසා මෙයාව බෝට්ටුවකට පටවයිද දන්නෑ ගානක් අරන් (ස)
අනේ හොදයි චීන්නු කවදත් බොරු කියන්නේ නෑ (ස)
අයියෝ සල්ලි
දියමන්තියක් මම දැකලාවත් නැහැ
චීන්නුන්ගේ හොද වැඩ වගේම බාල වැඩත් තියෙනවා (නි)
සොරකම පිළිගත්තානම් ඇයි වටිනාකමින් භාගයක් දෙන්න කතා කරන්නේ .ලක්ෂ 09 ක් චීන්නුන්ට ලාභයි (ස)
පිළිගනින් කියල මුත්‍රා බොක්ක පැත්තට හතරක් පහක් දුන්නද දන්නේ නෑ(ස)
චීන්නු කියන්නේ පෘතුගිසිකාරයෝ වගේ කට්ටියක් (නි)
කවුද ඇප දුන්නේ (ස)
ඒ කාලේ චීන්නු කොණ්ඩේ බැන්දා..දැන් එයාලා ගල් ආඳෝ වගේ වෙලා (ස)
චීන අය මැජික් වැඩ වලටත් දක්ෂයි නේද ? (ස)
චීන්නු කියන ජාතිය ඕනම දෙයක් කනවා . තව ටික දවසකින් රටත් කාවි (ස)