IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


දරු කුස පුරවන්න කොස් කඩන්න ගිය තිදරු මව ගසෙන් වැටී මරුට

(සුරංග රාජනායක)

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ නාරංවිට බණ්ඩාරවත්ත පදිංචි බෝපාවිට ගෙදර ශාන්ති කුමාරී නැමති පනස් හැවිරිදි සිව් දරු මවකි.

ඇයට ගැහැනු දරුවන්ම සිව් දෙනකු සිටින අතර ඉන් තිදෙනකු ම පාසල් යන වයසේ පසුවෙති.

ඇගේ සැමියා  පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන අතර මියගිය තැනැත්තියට රැකියාවක් නොමැති බවද අනාවරණය විය.

සැමියා උපයන සුළු ආදායම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීම නිසා පාසල් ළමුන්ගේ උපකරණ සැපයීම, ආහාර සපයාගැනීම ,බෙහෙත් ගැනීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී අසීරු තත්වයක මොවුන් සිට ඇත.

බොහෝ ආහාර වේල් සපයා ගැනීම සඳහා කොස් පොළොස් සොයා ගැනීම මෙම මව සිදුකර ඇති අතර පසුගිය 10 දින ද ඇය ඒ අනුව දහවල් ආහාර වේල සකසා ගැනීමට උත්සාහ කරමින් සිට ඇත.

නිවස අසල කොස් ගසේ ගෙඩියක් තිබෙනු දැක එය කඩා ගැනීමට ඇය විවිධ උත්සාහයන් දරා ඇත. දිගු රිටකට පිහියක් බැන්දද එයට වඩා උසින් කොස් ගෙඩිය තිබෙන නිසා ඒ දේ ඉටුකර ගැනීමට නොහැකි වී තිබේ. ඇය කොස් ගස අසල ඇති සාදික්කා ගසට නැඟ මෙම ගෙඩිය කැඩීම උත්සාහ කර ඇත .

සියලු උත්සාහයන් දැරුවද එය අසාර්ථක වුවද දරුවන්ගේ කුස ගිනි ගැන සිතූ ඇය කොස්ගෙඩිය කැඩීමට ගසට නැග තිබේ .

ඒ සමඟ ලොකු ශබ්දයක් ඇසී දරුවන් ගස අසලට පැමිණෙන විට ඇය ගස ළඟ වැටී සිටින බව දැක ගම්වාසීන්ගේ සහාය ලබාගෙන ඇය ගම්පොල රෝහලට රැගෙනවිත් ඇත.

දින පහක් පමණ ඇය රෝහලේ ප්‍රතිකාර ලබා ව  ඇය ජීවිත ගමනින් නික්ම ගියාය.

 

 



අදහස් (8)

දරු කුස පුරවන්න කොස් කඩන්න ගිය තිදරු මව ගසෙන් වැටී මරුට

Hafeel Sunday, 19 February 2023 12:24 PM

මෙන්න තුන්වේල කන්න දෙනවයි කියමින් ආපු රනිල්ගේ පාලනයේ ඛේදවාචකය. මෙහෙම තත්වයක් තියෙද්දී තමයි අර වජිර අබේවර්ධන කියන්නේ අවුරුදු 12ට රනිල්ට බලය දෙන්නලු. තවතවත් ඇමැති, රාජ්‍ය ඇමැති, උපදේශකලා පත් කරන්න. අපි 75 වැනි ජාතික දිනයත් ඉහළින් සැමරුවා. ආසියාවේ ලොකුම කුළුණත් මෙහෙ තමයි තියන්නෙත්...

:       5       60

හනීෆාSunday, 19 February 2023 06:29 PM

මේ වගේ අසරණව ලක්ෂ ගණනක් ජනතාව සිටිද්දී තමයි තමන්ගේ නම් සදාකාලික වීමට පොකුණු, කුළුණු සම්මන්ත්‍රණ ශාලා ක්‍රිකට් පිට්ටනි ආදී මෙකී නොකී හැටහුටහමාරක් ශෝභන වැඩ කළේ. මොකද හෆීල් ඒවා ගැන කියන්න දිව නැවෙන්නෙ නැත්තේ...? පොහොට්ටුවට තවමත් කඩේ යනවාද?

:       0       0

fairoos Sunday, 19 February 2023 12:41 PM

ඉතාම කණගාටුයි... ජනතාවට මෙහෙම අමාරු කාලයක් කවදත් තිබුණේ නැහැ. රට මේ තත්වයට පත්කරපු අයටනම් හොඳක් සිදුවෙන්නේ නැහැ.

:       7       31

AbanisSunday, 19 February 2023 05:06 PM

70ව දශකයෙන් පස්සෙද ඉපදුණේ? 

:       15       32

අප්පුහාමි Sunday, 19 February 2023 06:48 PM

අබානිස්ට ඩිස්ලයික් දමා තියෙන්නේ ඊයේ පෙරේදා ඉපදුණු ලමයි වෙන්න ඇති... නැත්නම් 1970-1977 අතර කාලේ ජනතාව විඳපු දුක දන්නා කෙනෙක් නම් කිසිදාක ඩිස්ලයික් දාන්නේ නැහැ... පාන් රාත්තල ගන්න කාඩ්පත රැගෙන උදේ හතරට බේකරි ළඟ පෝලිමේ හිටපු හැටි, ටෝච් බැටරි ගන්න පැරණි බැටරි කෑල්ල නැත්නම් වියලි කෝෂ සමග පෝලිමේ ගියපු හැටි, බයිසිකල් ටයරයක් ගන්න පරණ ටයරය රැගෙන ගියාම අද ඉවරයි, හෙට එන්න කියපු හැටි සතියේ සලාක පොත කාඩ්පත රැගෙන දවසම පෝලිමේ ගියපුහැට් අපිට නම් තවමත් මැවිල පේනවා. ඒ අතර අඟහරුවාදා හා සිකුරාදා බත්කෑම තහනම් කළා... කුඹුරට ඇඹුල ගෙනයාමට තහනම් හාල් හා මිරිස් පොලු දමා මහාමාර්ගවල පරීක්ෂා කිරීම කර දඩුවම් කළා... මිනිස්සු කන්න නැතුව හබරල කෑවා... ලාවලු පිට්ටු කෑවා. අඳින්න ඇඳුමක් ගන්න ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන්න ඕනෑ. තවත් තිබුණත් විස්තරය දිගුවෙනවා. එ නිසා නොදන්නා දේවල් සඳහා ඩිස්ලයික් නොදා හිටින්න කියලා නැවතත් කියනවා...

:       0       1

kahawita Sunday, 19 February 2023 02:33 PM

මෙවැනි ඛේදජනක ඉරණමක් රටේ තියෙද්දී, කාලකණ්ණි දේශපාලකයන්ට කිසිම ගාණක් නෑ...

:       0       31

Bakmi Sunday, 19 February 2023 05:54 PM

අනේ හරිම දුකයි මේවා අහන්න ලැබීම. රට මේ තත්වයට පත්කරපු දේශපාලකයින්ට ගාණක්වත් නෑ. ඔවුන් කොහොමද බලය ගන්නේ කියලා තමයි බලන්නේ.. දරුවන්ටයි, ස්වාමියාටයි මොන දුකද්ද? මියගිය මවට නිවන් දක්නා තුරු මෙවන් දුක්ඛිත මරණයකට ගොදුරු නොවේවා....

:       0       32

Sampath Sunday, 19 February 2023 07:28 PM

ජනතාව දරිද්‍රතාවයෙන් පෙලීම... මෙයට හේතුවයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2412 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 585 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1161 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 6075 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 820 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5096 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site