වව්නියාව තාන්ඩිකුලමේ ළිඳකින් කුඩා දරුවන් තිදෙනකුගේ සිරුරු සොයා ගත් බව පොලීසිය කියයි.
දරුවන්ගේ මවද ළඳට වැටී කඹයක එල්ලී ගොඩ ගත් බව අසල්වැසියෝ කියති.
ඇය දරුවන් සමග ළිඳට පැන්නේදැයි පොලීසිය සොයයි.
වව්නියාව තාන්ඩිකුලමේ ළිඳකින් කුඩා දරුවන් තිදෙනකුගේ සිරුරු සොයා ගත් බව පොලීසිය කියයි.
දරුවන්ගේ මවද ළඳට වැටී කඹයක එල්ලී ගොඩ ගත් බව අසල්වැසියෝ කියති.
ඇය දරුවන් සමග ළිඳට පැන්නේදැයි පොලීසිය සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
9මසක් කුසේ දරන් හීන මවනවා උන්ගේ මූන දකින්න, එහෙව් අම්ම කෙනෙක් කොහොම හිත දැඩි කරගන්නද ? තම දරුවන්ව මරන්න ...? මමනම් අම්ම කෙනෙක් හැටියට කුලී වැඩක් කරලා හරි මගේ දරුවෝ ලොකු මහත් කරනවා ....? ඔවුන්ට තනියම ජීවිතේට මුණ දෙන්න පුළුවන් වෙනකම්. (ස)
රූපවතී, ඔයාගේ අදහස් වලට මමත් එකඟ වෙනවා. ඔයා වගේම මමත් දුප්පත් පවුලක ඉපදුන ජීවිතයේ ගොඩක් දුක් විදලා දෙවියන්ගේ පිහිටෙන් අද හොද තත්වයක ඉන්නේ. ඔයා කීව වගේම අපේ දෙමාපියනුත් අපිව උගන්වල හැඩි දැඩි කරන්න ඉමහත් කැපවීමක් කළා. මේ අම්මා ඇත්තටම තම දරුවන් සමග මෙසේ සියදිවි නසා ගත්තේ නම් එය සමාවක් දිය නොහැකි වරදකි. අපේ රටේ බහුතරයක් දුප්පත් ජනතාව වුනත් ආර්ථික ප්‍රශ්න තිබුණක් නොකා නොබී හිටියත් අදවනතුරු මැරිලා නැහැ. ආත්ම විශ්වාසයක් නැති අය තමයි මෙවැනි දේවල් කරන්නේ. අහිංසක දරුවන් මොනතරම් අනාගත බලාපොරොත්තු තිබිලා ඇතිද? මම හැමෝටම කියන්න කැමතියි තමන්ග් දරුව්න් රැක බලා ගැනීමේ හැකියාව නොමැතිනම් මෙවැනි අපරාධ නොකර විවාහ නොවී සිටීම වඩාත් උචිතයි කියලා.(නදී)
නීල්,එංගලන්තේ පදයට නැටුවා නම් අද ඔබලාට ඉන්න වෙන්නේ ප්‍රබාගේ රජය යටතේ කියන එක අමතක කරන්න එපා (නි)
පව් අනේ මොකට පැන්නද දන්නැහැ.(ස)
දරුවන් 2 ක් ,3 ක් ඉන්න පවුලකට රජයෙන් මාසිකව යම් මුදලක් ගෙවන්න රජය වග බලාගන්න ඕනෑ. වෙනත් රටවල් මේ දේ කරනවා. හැබැයි රු 300 ක් නම් නෙමෙයි, රු,5000 ක්වත් ගෙවිය යුතුයි. දරුවන් ජීවත් කරවීම, අධ්‍යාපනය ,නිවසේ නඩත්තු ,මේ හැමදේම ගැන රජය ජනතාවගේ සේවයට කැපවෙලා නම් ඇයි ජනතාවගේ දුකට පිහිටවෙන්න බැරි? ලයිට් බිල වැඩිකළා කියලා ජීවත් වෙන්න ලැබෙන පඩිය මදි කියලා පාර්ලිමේන්තුවේ හැමෝම පඩි වැඩි කරන්න කිවුවා. දුප්පත් ජනතාව කොහොමද දවසට ඩොලර් 1ක් වත් ආදායම නැතිව ජීවත් වෙන්නේ? වගකිව යුත්තෝ මේවා බලනවා ඇතිනේ (නි)
ලංකාවට මොනවද වෙන්නේ ?(ස)
සමහර විට දරිද්‍රතාව වෙන්න ඇති. (ස)
රංජනී, ලංකාවේ මිනිස්සු හැමදේටම ආණ්ඩුවට බනින්නේ රජය රටේ ජනතාව වෙනුවෙන් කිසිවක් නොකරන නිසා. ආණ්ඩුව නටන්නේ එංගලන්තේ පදේට බව හැමෝම දන්නා රහසක්. (ස)
දරුවන් තුන්දෙනා එක පාරට ළිඳට වැටෙන්න විදිහක් නැහැ. ඒක නිසා මේක මව විසින් කරපු මිනීමැරුමක් දඩුවම උසාවිය තීරණය කරයි. (ස)
මම අද මේ ලිපිය කියවලා ඉකි ගහලා ඇඩුවා, මගේ කුඩා කාලේ මතක් වෙලා. අපි කුඩා කාලේ ගොඩක් දිළිදු ජීවිතයක් ගතකලේ. මම කුඩා කාලේ බත් කෑවේ බොහොම කළාතුරකින්. බොහොම දවස් වල මම පාසල් ඇරිලා ගෙදර ආවම , අම්මා, අද පුතේ කන්න දෙයක් නැහැ කියලා ලීයකින් ඇනලා කුරුම්බා ගෙඩියක් කඩලා කන්න දෙනවා. කොපමණ අගහිගකම් තිබුනත්අපේ අම්මා තාත්තා අපිව ලිදට දැම්මෙවත්, මහා මග දාලා ගියේවත්, වහදිලා මැරුවෙවත් නැහැ. අපි දරුවෝ 5දෙනෙක් ලොකු මහත් කළා, ගොවිතැන් කරලා. ජාති ජාතිත් අපේ දෙමාපියෝ අපේම දෙමාපියෝ වෙලා ඉපදේවා! අපි හැමෝම අද දාඩිය මහන්සියෙන් ජීවිත ගොඩගත්,උතුම් මිනිස්කම් ඇති දරු පරපුරක්. දෙගුරුන්ට පින් සිදුවේවා! (නි)
ඇයි අම්මල මේ වගේ තීරණ අරන් එයාලට අයිති නැති ජීවත්වෙන්න වරම් තියෙන දරුවන්ව නැති කරන්නේ,මොනම හේතුවකටවත් එහෙම කරන්න එයාලට කොහෙන්ද අයිතිය, දරුවෝ නැති දෙමවුපියෝ කොච්චර මේ රටේ ලෝකේ ඉන්නවද මැරි මැරි, හදාගන්න මඩමකටවත් දුන්නනම් ඒ ය ජීවත් වෙනවා. (ස)
පැනලද දන්නෙ නැහැ (නි)
අසරණ කිරි සප්පයෝ මරාගෙන මැරෙන්න, තියා උන්ව බිම වැටිලා අඩනවා දැක්කත් මට රිදෙනවා .....? කොහොමද මවක් හැටියට 9මසක් කුසේ දරන් මෙහෙම දෙයක් කරන්නේ.. (ස)
ලිඳට පැන්නත්, දුම්රියට පැන්නත්, ගෙල වැල දාගත්තත්, රජයට තමා බනින්නේ පවුල් ප්‍රස්නයක් වෙන්න ඇති.පව් පොඩි දරුවෝ. (ස)
රටේ සංවර්ධනය මැරෙන මරණ මිනිසුන්ගෙන් පේනවා .අනික් රටවලට යන ඒවා යුරෝපය ඖෂ්ට්‍රලියව වගේ රටවලට මරණය පෙනී පෙනී මැද පෙරදිග යන්නේ සංවර්දනය නිසා වෙන්නේ ඇති .....නැ ජීවත් වෙන්නේ බැරි නිසා.. (ස)
ආශ්චර්යය තමා ඔය. තියෙන එකා තවදුරටත් පොහොසත් වෙනවා. බැරි එකා දවසින් දවස වලපල්ලට යනවා. ඔය ක්‍රමේ වෙනස් වුනේ නැත්නම්, හැමදාම ඉතින් මූසලයි කියා කියා ඔයවගේ දේවල් තමයි අහන්න වෙන්නේ. (නි)
මොනවා කරන්නද එයාලේ වෙලාව (නි)
කනගාටුයි
රටේ අනාගතය, ජාතියේ කොඳු නාරටිය නේද මෙහෙම නැතිවෙන්නේ. (නි)
අයියෝ දැන් දැන් අහන්න ලැබෙන්නෙම මහා අප්‍රසන්න මූසල දේවල් විතරයි (නි)
මුළු රටේම වාතාවරණය අන්තිමයි, මිනිසුන්ට ජිවත් වෙන්න අමාරුයි, ඉදිරියේදී දුප්පතුන්ට සරණක් වත්මන් රජයෙන් නොලැබුනොත් මෙවැනිදේ සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත, ගෙදර පිරිමියා හම්බ කරන සොච්චම හවසට වියදම් කරන්නේ මත් වතුරට ගෑණි හා දරුවෝ හාමතේ. රටේ සංවර්ධනය වගේ රටේ දුප්පත් ජනතාව ගැන සොයා බැලීම වගකිව යුත්තන්ගේ වගකීමකි. (ස)
ජීවත්කරවන්න බැරිව පැන්නද දන්නේ නෑ දරුවන් සමගම. (ස)