උපතින්ම දෑත හා දකුණුපාදය අහිමිවූ වම් පාදයෙන් පහේ ශිෂ්‍යත්ව විභාගය ලියා ලකුණු 153ක් ගෙන සමත්වූ දැරිය අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ ජනපති හමුවිය.
දැරණියගල දෙල්ඔළුව කණුටු පාසලේ රශ්මි නිමේෂා අරලියගහ මැදුරට පැමිණියේ දෙමාපියන් සමගය.
ඇගේ එකම අභිලාෂය වූයේ ශිෂ්‍යත්වය සමත්වී ජනපති හමුවීම බව ලංකාදීප වෙබ් අඩවියද, ලංකාදීප පත්තරය ද මුලින්ම වාර්තා කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දිරිය දියණියට තෙරුවන් සරණයි. (නි)
මේ වගේ දෙයක් අගය කරන්න තරම් ලංකාවේ අය නෑ...( ඒකනේ අදහස් නැත්තේ ) (ස)
දේශපාලනය පසෙක තබා පියෙකු ලෙස මේ දැරිය සැනසීම මහගු පිනකි, මේ උතුම් ක්‍රියාවට ඔබට තුතිමල් (ස)
රශ්මි නිමේෂා, ආඩම්බරයි. මෙයා වගේම ශිෂ්‍යත්ව සමත් වුණු අර දෙමව්පියන් අන්ධ ළමයාවත් ගෙන්වන්න තිබුණා. (නි)
මම ඒත් බැලුවා ඇයි මෙච්චර පරක්කු කියලා. (නි)
මෙය විශිෂ්ට ජයක් සහ ජනපතිදුන් හමුවීමට ලැබීම විශිෂ්ට ක්‍රියාවක්. (නි)
පෙර කරුමෙට අත පය මගෙ මෙලෙස නැති වූවා එක කකුලක් තියනවා මට හරි සතුටින් කීවා අත නැතිවට කකුලෙන් මම මේ විභාගෙ ලීවා ජනපතිදුන් හමුවට මා හරි සතුටින් ආවා... (නි)
ඔබට ස්තුතියේ ජනාධිපතිතුමණි. එසේම ලංකාදීපයටත් තුති (ස)
හා...හා...හා...හා.. (ස)
චූටි දුවගේ අනාගතය සාර්ථක වේවා! (නි)
කවුරු මොනවා කිව්වත් සංවෙගිත්වයේ නියම අරුතය (ස)
මේ වගේ දරුවන්ට අපි පිහිට වියයුතුයි. නිකන් බොරු සෝබන උත්සව වලට නිකරුණේ වැයකරන මුදල් මෙවැනි අසරණ දරුවන් වෙනුවෙන් වැය කළ යුතුයි. (නි)
නියම මාධ්‍ය මෙහෙවර කියන්නේ මේවට තමයි ,අහිංසක දරුවන්ගේ බලාපොරොත්තු කවදත් ඉටුකරන ජනාධිපතිට ස්තූතියි (ස)
ඉතා හොදයි. සුභ පැතුම් දෝණි. (නි)
ඔබට ස්තුතියි ජනාධිපතිතුමණි. එසේම ලංකාදීපයටත් තුති (නි)
ඔබට ස්තුතියේ ජනාධිපතිතුමණි. එසේම ලංකාදීපයටත් තුති (ස)
ජනපතිතුමනි, ඔබගේ ක්‍රියාව විශිෂ්ටයි. ඔබට දීර්ඝායු පතන අතර, රශ්මි දුවටත් සියලු පැතුම් ඉටුවන අනාගතයකට ආසිරි පතමි. (නි)
මමත් මේ නොලියා ඉන්න හිතුවේ. අගය කරන්න බැරිකමට නෙමෙයි. ඇස් වල කදුලු පුරෝගෙන ලියන්න බැරි නිසා. (නි)
ජනපතිතුමාත් සංවේදී වෙලා වගෙයි. මගේ ඇසිනුත් කදුලක් වැටුණා. (නි)
හයි වේ එකේ හයි ස්පීඩ් ගිය අයත් ඉන්නවා නේද? නැහැ මම මේ නිකන් ඇහුවේ. (නි)
ලක් දෙරණේ දරු දැරියෝ උපතින්ම බුද්ධිමත්. ඔවුන් යහපත් වැඩදායක පිරිසක් කිරීමට අපේ අධ්‍යාපන ක්‍රමය වඩා විධිමත් විය යුතුයි. එවිට ඔවුහු අප රට ආශ්චර්‍ය්‍යමත් දේශයක් කර බබළවනු ඇත. (නි)
දුවට සුභ අනාගතයක්. දරුවා වෙනුවෙන් කළයුතු යමක් ඇත්නම් කියන්න. (නි)
ඔබේ කරුණාව අපි ඉහළින් අගය කරමු. (නි)
ලංකාවේ මිනිස්සුන්ගේ හදවත හදුනාගත් එකම ජනපති, අනේ මන්දා .. (ස)
ජනාධිපතිතුමා මොනවා කළත් හොදක් නොදකින අය තමයි ගොඩක් ඉන්නේ.. එතුමා දරුවන්ට ආදරය කරන්නේ අවංකවමයි කියලා ඒ මිනිසුන් හිතන්නේ නැත්තේ, ඒ දියණියට සුභ අනාගතයක් වේවා ඉහළයට යන්න වරම් ලැබේවා.. අත කකුල අවයවයක් විතරයි.. මොලේ තමයි වටින්නේ..!(නු)
පොඩි එකෙක්ගේ ආසාව ඉටුකරන එක ගොඩක් වටින වැඩක්.... (ස)
ගරු ජනපතිදුන්ට ස්තූති වන්නට දැරියට සුභ අනාගතයක් උදාවේවා! (නි)
කදුලු පිරුනා ඇස් වලට...මේ දුව ලෝකෙටම ආදර්ශයක්..ඔබ ඡීවිතය ඡයගන්නවා නියතයි.. (ස)
ජනපතිතුමනි, ඔබගේ ක්‍රියාව විශිෂ්ටයි (ස)
ජනාධිපති අරමුදලින් ආධාර කළොත් හොදයි නේද? (නි)
මෙවන් දරුවෙකුගේ බලාපොරොත්තු ඉටුකිරීම පිළිබදව ජනපතිට ස්තූතියි. (නි)
ජනපතිතුමනි, දේශපාලනය වැඩියෙන් ජනතාවට අවශ්‍ය මෙවැනි ජන නායකයෙක් බව ලොවම පවසාවි. (නි)
මෙවන් දරුවන්ට පිහිටක් වන්නට අතහිත දුන් ලංකාදීපයට සහ අනෙකුත් මාධ්‍යවේදීන්ටද, ජනපතිටද බොහෝ පින්! (නි)
ඔබ සැබවින්ම දරු දුක දන්නා පියෙකි. ලංකාදීපයටද අනේක වාරය්ක ස්තූතියි. (නි)
මේ පුංචි දුවගේ කතාව දුටුව දිනයේ සිට මමත් බලා සිටියේ මෙම දිනය උදාවෙනකල්. දුවට අපේ ආශිර්වාදය! (නි)
ඉතා හොදයි. අපේ ජනපතිගේ මම කැමතිම ගතිය මෙයයි. (නි)
අනේ හොදයි
ලංකාදීප මාධ්‍ය මෙහෙවරටත්, ජනාධිපතිතුමාටත් අපේ ප්‍රණාමය..! නුමාෂා දැරියට සුභ පැතුම්..!(නු)
උතුම්..!(නු)
ඇගේ ඉල්ලීම ඉටුකළ ඔබතුමාට පිං..!(නු)
ෆාරුට ටිකක් අමාරුයි වගේ අපේ ජනාධිපතිතුමා හොද වැඩක් කළාම.. නැත්නම් අදාල නැති දෙයක් කියයිද?(නු)
දැං හැමෝටම ඔක්කොම අමතකයි වගේ..!(නු)
දුව නුඹට ජය.. ලංකාදීප තමයි දැං ලංකාව අංක එක..!(නු)
ජනාධිපත්තමනි.. ජනාධිපති අරමුදලින් අගේ මුළු ජීවිතයම ආරක්ෂා කරන්න..!(නු)
ලංකාදීප පුවත්පත මේ කරපු සේවයට ගොඩක් ස්තුතියි.. එමෙන්ම අපේ ගරු ජනාධිපති තුමා කවදත් දුප්පත් අයගේ දුක දන්න ඒ ගැන හොයලා බලන අවංක නායකතුමෙක්..!(නු)
දැරණියගල වැසියෙක් විදියට මටත් ආඩම්බරයි දුවේ ඔයාගෙ අනාගතය වාසනාවන්ත වෙන්න මමත් සුභ පතනවා..!(නු)
නියමයි ලංකාදීප.. මේක තමයි අපි බලාපොරොත්තුඋනේ මාධ්‍යයක් හැටිය.. නියමයි ජනාධිපතිතුමනි..!(නු)
බාධක ඉවත් වෙයි ඔබ යන එන පැත්තේ කකුලෙන් ලියා ශිෂ්‍යත්වෙන් ජය ගත්තේ අත් පා ඇතත් සමහරු මේ වගෙ නැත්තේ ජනපති තුමාත් එබැවින් ගරුකර ඇත්තේ (නි)
ලංකාදීප පුවත්පතට සහ මහින්ද මැතිදුන්‍ට අපගේ ප්‍රණාමය! (නි)
අපේ ජනාධිපතිතුමා කවදත් පොඩි මිනිහගේ දුක දන්න පොඩ මිනිස්සුන්ට පිහිට වෙන අයෙකි (ස)
දිරිය දියණියනි, ඔබට දෑත් අහිමිවුවත් ඔබගේ දක්ෂතාවය,ධෛර්ය දෑත් දෙපා හිමි අයටත් ආදර්ශයක්.(ස)
මෙවැනි යුග මෙහෙවරක් ඉටු කරන ලංකාදීපයට තුති....!! මා වැනි බිළින්දා වර වර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා .... හරිම හැගීම්බර අවස්තාවක් (ස)
මේ වගේ දරුවන්ට උපකාර කිරීම ඉතාම වැදගත් ..ඔබතුමාට ස්තූතියි (ස)
සුභ පැතුම්! (නි)
ජනපතිතුමනි, ඔබගේ ක්‍රියාව විශිෂ්ටයි (නි)
ආබාධ සහිත මෙවැනි දරුවන්ට විභාග වලට පිළිතුරු ලියන විට වැඩිපුර කාලයක් ලබාදීම හෝ එවැනි වෙනත් සහනයක් සළස්වන්න වැඩපිළිවෙලක් යොදනවා නම් ඉතා අගෙයි. මට මතක හැටියට නෙත් එෆ් එම් සේවාවෙන් කලින් මේ ගැන පෙන්වා දුන්නා. (නි)
දිරිය දැරියට සුබ අනාගතයක්. (නි)
ජනාධිපති ඔබ හොදයි...(නු)
දුවේ නුඹට ලබන ආත්මයේදී අත් පා දෙකම ලැබේවා..!(නු)
මට හරිම සතුටුයි.. සුභ පැතුම් දුවේ..!(නු)
මට ලියන්න වචන නැහැ.. දුකද සතුටද කියලා මට තේරෙන්නේ නැහැ..!(නු)
නියම මාධ්‍ය මෙහෙවර කියන්නේ මේවට තමයි ,අහිංසක දරුවන්ගේ බලාපොරොත්තු කවදත් ඉටු කරන්න
අපේ රටේ බිහිවූ හොදම නායකයා.. ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි..!(නු)
ස්තුතියි ජනාධිපති තුමනි..!(නු)
ලංකාදීප මෙහෙවරට අපේ තුතිමල්.... ජනාධිපතිතුමාට පිං..!(නු)
ඉතිහාසයේ අඩුම මුදලක් අධ්‍යාපනයට වෙන්කරලා තියෙද්දී , රටේ ඉන්න මිනිස්සු මෙච්චර මෝඩයන් කියලා හිතද්දී කණගාටුයි. (නි)
කරුණාකර ලුම්බිණි කියන පුද්ගලයා ගැන සෝදිසියෙන් සිටින්න.. (නු)
ජාතියේ ආඩම්බරකාර තාත්තා වු ඔබ කල ක්‍රියාව අගෙයි ජනපතිතුමනි.හැකිනම් දෑස් අඳ දෙමව්පියන්ගේ දියණියටත් සහනයක් සලසන්න..(නු)
අහිංසක දරුවට හැමදාම හොදක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයයෙන් ජය. කවදා හෝ දවසක ලෝකේ ඉහලම තැනක් ලබන්න දුවේ.
ගොඩක් සතුටුයි. ජනමාධ්‍යයට ස්තුතියි.
ජනාධිපතිතුමනි ඔබ නැතිනම් කාගේ පිහිටද?(නු)
දේශපාලනය පසෙක තබා පියෙකු ලෙස මේ දැරිය සැනසීම මහගු පිනකි, මේ උතුම් ක්‍රියාවට ඔබට තුතිමල්, ...මේ දුව ලෝකෙටම ආදර්ශයක්..ඔබත් ඡීවිතය ඡයගන්නවා නියතයි(නු)
අති ගරැ ජනාධිපති තූමා, මේ පූංචි දූවගේ ඉල්ලීම ඉටූ කල ක්‍රියාව අති විශිෂ්ටයි..දුවට සුභ අනාගතයක්..(නු)
මේ දුවට කෘතිම අතක් සවිකරනවා කියලා ඇමතිතුමෙක් පොරොන්දු උනා.. මම හිතුවෙ ඒ අත සිවිකරලා කියලා.. ඇමතිතුමාට ලෝකෙ වටේ මිනිස්සු ඉන්නාව ඒක අතක් නෙමෙයි අත් දෙකයි කකුලයි සවි කරලා දරුවට උදව් කරන්න කැමති අය.. ! අනිත් වැදගත් දේ තමයි මේ වගේ දෙයක් සිදුවුනාම ජාතික වැඩ පිලිවෙලක් සකස් කිරිමට බලධාරීන් කටයුතු කළ යුතුයි..!(නු)
ගරු ජනාධිපතිතුමනි තව එක දෙයක් අපි ඔබෙන් ඉල්ලනවා.. මේ රටේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඩුවම දෙන්න ප්‍රසිද්ධියේ.. (නු)
ජනාධිපතිතුමා කරන හැම දෙයක්ම මම අනුමත නොකරමි. නමුත් මෙම ක්‍රියාව ඉහලින්ම අගය කරමි.(නු)
ඔබ තුමාගේ දේශපාලන දර්ශනයට විරුද්ධ වුණත් වටිනා කාලය මේ දරුවා වෙනුවෙන් කැප කිරීම ගැන සතුටුයි (ස)
දියණියනි..........! ඔබ ආබාධිත හා ආබාධිත නොවන සැමට ආදර්ශයක්....! ජනාධිපතිතුමණි........! ඔබතුමා සියලු නායකයින්ට ආදර්ශයකි (ස)
සිරිවර්ධන සහෝදරයගේ කතාව මම අගයමි (ස)
මෙ කකුලෙන් විභාගෙ ලියපු ළමයටත් සාමාන්‍ය ළමයින්ගේ වෙලාවමයි විභාගෙට දිල තියෙන්නේ ඒක එහෙම නම් අසාධාරණයි නේද. මේ වගේ ළමුන්ට වැඩිපුර කාලයක් දිය යුතුයි නේද ? (ස)
මොන මතභේධ තිබුණත් මේ ක්‍රියාවනම් උතුම් කොට සලකමි (ස)
ජනපතිතුමනි, ඔබතුමාගේ දෑතින් තෑගි ලබාගැනීමට මේ අහිංසක එමෙන්ම දක්ෂ දැරිය නොඉවසිල්ලෙන් සිටි බව අපි දනිමු. දෑතට වාරුවක් නැති මෙවැනි දක්ෂ දූපුතුන්ට උපරිම උපකාරයක් කිරීම අති උතුම් පිංකමකි. මේ දැරියගේ පැතුම ඉටුකළ ඔබතුමන්ට අපගේ ප්‍රණාමය...නිමාෂා දුවේ ! කුමන බාධාවන් තිබුණත් ඔබ දිගටම ඉගෙනගත යුතුයි.....(ස)
කෝ අපේ ඇමතිතුමා? එතුමා මෙවැනි දරුවන් වෙනුවෙන් කරන්නේ කුමක්ද? (නි)
මම ජනපතිදුන්ගේ මෙම ගතිය කවදත් අගය කරමි. ලංකාදීපයටද ස්තූතියි. (නි)
අත් පා ඇතතත් ඇතැමුන් කාරණා යුද්දේ අත් පා නැතතත් මේ කර ඇති විශ්මේ අදහන්නට වටි අපි කාටත් නිතරේ දෙවියෝ රැක දෙන්න ඕනේ මේ දැරියව නිඹදේ (ස)
විශිෂ්ට ක්‍රියාවක් කියලයි මම හිතන්නේ නම්, හොඳින් අධ්‍යාපන වැඩ කරන්න ලැබේවා දියණියට ....(ස)
ඇය දිරිය දියණියකි. ජනපතිඳුන්ගේ මෙහෙවර ප්‍රශංසනීයයි. දියණියනි ඔබේ අනාගතය ඉසුරුබර වෙන්නට පැතුම්!!(ස)
අහිංසක දියණිය ඔබට වාසනාවන්ත අනාගතයක් වේවා.. ජනාධිපතිතුමනි ඔබ ඉතා විශිෂ්ට ගනයේ කෙනෙක්. කරුණාව දයාව ඉතා උතුම් කොට සළකමි..!(නු)
බොහෝම ස්තුතියි පින්වත් ජනාධිපති තුමනි(ස)
ලංකාදීපයටත් ජනාධිපතිතුමාටත් ස්තුතියි.. මම කලින්ම දැනගත්තා ජනාධිපතිතුමා මේකට ප්‍රතිචාරයක් දක්වයි කියලා..!(නු)
ඔබට තුති ජනාධිපතිතුමණි. එසේම ලංකාදීපයටත් තුති (ස)
කෙහොම උනත් ජානාධිපති තුමා තරම් සන්වේදී පියෙක් නායකයෙක් තව නැතිවා... මම යූ.එන්.පී. උනත් ඇත්ත ඒකයි..!(නු)
ජනාධිපති තුමනි ඔබට ඉතාමත් හොද නායයෙක්.. ඔබට අපේ ප්‍රණාමය.. දිරිය දියණිය ඔබගේ අනාගය ඉතාම පැහැදිළියි අපේ ආශිර්වාදය..!(නු)
ඇගේ එකම අභිලාෂය වූයේ ශිෂ්‍යත්වය සමත්වී ජනපති හමුවීම බව ලංකාදීප වෙබ් අඩවියද, ලංකාදීප පත්තරය ද මුලින්ම වාර්තා කළේය. ලංකාදීපයට බොහෝම ස්තුතියි (අ)
මේ පුවත එනකම් මම ආසාවෙන් හිටියෙ.. ජනාධිපතිතුමා ඔබට ගොඩාක් පිං... දරුවගේ ආසාවන් ඉටු කලාට.. ඔබ දෙවිකෙනෙක්..!(නු)
ජනාධිපතිතුමාගේ හොදම ගතිගුණය ඕක තමයි.. එනමුත් වැරදි කරන අයට විරුද්ධව පියවර නොගැනීම තමයි නරක දෙය..!(නු)
සුභ අනාගතයක් තියෙනවා ජනාධිපතිතුමාට.. සහ දිරිය දියණියට..!(නු)
මේ වගේ සංවේදී පියෙක් රටේ නායකයා උනේ අපේ වාසනාවට. ඒත් ගෝලයින්ට ටිකක් තදින් නොසිටින එකනන් අඩුවක්. දිරිය දියණියට ඳළදා සමිදු පිහිටයි.(ස)
මේ දරුවගේ අනාගත අභිවෘද්ධිය සඳහා වැඩ පිලිවෙලක් යෙදෙව්වනම් තමයි හොඳ ?? (ස)
මේ දරුවගේ අනාගත අභිවෘධිය සාඳහා වැඩ පිළවෙලක් යෙදුවා නම් තමා හොඳ (අ
මමත් ශිෂ්‍යත්වේ පාස් (ස)
දිරිය දියණියගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා.. ජනාධිපතිතුමාටත් ස්තුතියි..!(නු)
ශ්‍රේෂ්ටයි ජනාධිපති තුමනි.. දියණියනි ඔබට සුභ අනාගතයක්..!(නු)
මෙම දැරියට කෘතිම අතක් සහ පාදයක් ලබාදෙන්න. (නි)
ජනපතිතුමනි, ඔබට හුගක් පින්. (නි)
අර තලාතුඔය දියණියට මේක දැක්කහම ගොඩක් දුක හිතෙයි නේද? (නි)
අපිට මේවට ඇඩෙනවා වගේම, දුප්පත් මිනිහාට අද සිදුවුණ එකටත් ඇඩුනා... කන්න බොන්න යාන්තමින් යමක් කමක් තියන අපිට මෙහෙම නම් කන්න නැති දුප්පත් මිනිසුන්ට කොහොම ඇත්ද? සිංහලයා වද වෙන්නෙ ඒකයි.. ඒක ජනාධිපති ප්‍රමුඛ මේ ඇමති මණ්ඩලේට ගානක්වත් නැති එක ගැන ඇත්තටම ඇඩෙනවා...(නු)
"වාසනාවන් දියණියේ,අධ්‍යාපන ඉදිරිකඩයිම්ද මේ ආකාරයෙන්ම සාර්ථක වේවා...."ජනපතිතුමන්ටත් ස්තූති.(නු)
ජනපතිතුමනි ඔබයි ජාතියේ පියා.. දිරිය දියණියනි ඔබට සුභ අනාගතයක්..!(නු)
ඔන්න ඔන්න ඉතිං.... (නි)
මට කියන්න වචන නැහැ. මෙම ක්‍රියාව අතිවිශිෂ්ටයි. (නි)
ඔබ සිත ශක්තිමත් දිරිය දියණියක්.ඔබගේ අනාගතය සාර්ථක වේවා! (නි)
හැමෝම කැමතියි මේවගේ කැමතිවලට.
පොටෝ එක දැකපු ගමන් ඇස් වලට කදුලු පිරුනා.(නදී)
හොඳ වැඩක් (ස)
නංගී ඔබේ අනාගතයට අපෙන් සුබ පැතුම් ... මෙවැනි අබාධික අනෙක් සොයුර සොයුරියන්ගේත් පැතුම් ඉටුවේවා (ස)
මේ දුවගේ ඉල්ලීමට ජනපතිතුමා ප්‍රතිචාර දක්වන බව දැනගෙන හිටිය. දුවට ජයෙන් ජය (අ)
අනෙකුත් සියළුම දරුවන්ට ආදර්ශයක් (නි)
ජීවිතයේ සතුට ඒක.(නදී)
අයියෝ සල්ලි
දැරිය එතනට ගෙන ගිය මාධ්‍යයට සුභ පැතුම්.. ජනාධිපතිතුමනි අත දෙන්න ඒ වගේ අයට ඒ පින ඇති ඔබට ජය ගන්න මුළු ලොවම..!(නු)
අමාරුවෙන් ලියන නිසා වෙලාව මදි වුනා.නැත්නම් වැඩියෙන් ලකුණු ගන්න තිබුණා කියලා මේ දරුවා කියලා තිබුනා. ඒ ගැනත් අවදානය යොමු කරලා මේ වගේ දරුවන්ට අනෙක් හැමෝටම බෙදන හැන්දෙන් නොබෙදා සහනයක් සලසන්න මීට පස්සෙවත්!...(නු)