(උපාලි ආනන්ද)
නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා මෙම අත්හිටුවීම කර තිබේ.
නිකවැරටිය කොටවෙහෙර ප්රදේශයේ 13 හැවිරිදි බාලවයස්කාර දැරියකට මොන්නෑකුලම ග්‍රාම නිලධාරිනියක සහ දැරියගේ සුළු මව බව කියන කාන්තාවක විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මිත්තණිය මෙම පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට ගොස් තිබිණි. එහිදී එම පැමිණිලි බාරනොගෙන ඇය ආපසු හරවා යැවීම හේතුවෙන් රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීම මත මෙම ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇත.
මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ, නිකවැරටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී, උප පොලිස් පරීක්ෂිකා ඉමාලි ලක්ෂි හේමචන්ද්‍ර සහ කොටවෙහෙර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂිකා සඳරේඛා අත්තනායක වන මහත්මීන්ය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දැරියට පහරදීමේ පැමිණිල්ල බාර නොගත් ස්ථානාධිපතිවරියන්ගේ වැඩ අත්හිටුවයි
Pradeep Monday, 06 January 2020 07:47 AM
නියමයි.. ඔහොම තමයි මේ වගේ අයට කරන්න ඕනෑ.
දිමුත්Monday, 06 January 2020 09:32 AM
අත්හිටුවලා මදි, ගෙදර යවන්න තියෙන්නේ...
සාර්ත්‍ර Tuesday, 07 January 2020 03:02 AM
පැමිණිලි ලියා නොගන්නා ඒවා පැමිණිලි කිරිමට තැනක් ඕන
Gayan Monday, 06 January 2020 07:58 AM
වහාම ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකර දඬුවම් පැමිණිය යුතුයි.
banda Monday, 06 January 2020 08:00 AM
මේ වගේ කාලකන්නි රජයේ සේවකයන් ගෙදරම යවන්න ඕනෑ.
Mihira Monday, 06 January 2020 08:09 AM
මේකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ එකේ.. මේ පිළිබඳ උනන්දුවක් දැක්වූ සැමට එෆ්බී නොතිබෙන්න මෙම දඬුවමවත්, කීයටවත් නොලැබේ. ස්තුතියි සැමට...
Lakshman - Doha Qatar Monday, 06 January 2020 08:12 AM
ඔය දේ ඔය පොලිසියට විතරක් අදාල නැහැ. ලංකාවේ හැම පොලිසියක්ම ඔය වගේ. නිල ඇඳුමට යටින් තියෙන්න ඕනෑ මනුස්සකම.. කෙනෙකුට ගෞරවය අසරණ කෙනෙක්ට පිහිටවීම ගොඩාක් පොලිස් නිලධාරින් තුළින් පිහිටලා නැහැ. කෙනෙක් පොලිසියට යන්නේ සමහරවිට දරා ගැනීමට අමාරුම වෙලාවේ සාධාරණයක් බලාපොරොත්තුව. ඒ දේ වෙන්න ඕනෑ. ඒ ආයතනය තුළින් වෙන්නේ නැතිනම් සමාජය ගොඩාක් වැරදි කරනවා. මොකද ඒ දේ තමන්ම කිරීමට පෙළඹෙන නිසා. පොලීසිය රජයේ ආයතනය මීට වඩා සමාජය වෙත නම්‍යශීලී ලෙස බලනවා නම් සමාජය ගොඩාක් දුරට වෙනස් වෙයි.
David Monday, 06 January 2020 08:16 AM
ඉතා හොඳ තීරණයක්. මේ වගේ දේවල්වලින් මිනිස්සුන්ගේ පොලිසිය පිළිබඳ විශ්වාසයක් අත්වෙනවා. මේ නිලධාරින් හරිම කම්මැලි ජාතියක්. එපා වෙනතුරු රස්තියාදු කරලා තමයි පැමිණිල්ල ලියන්නේ. ගෙදරම යවන්න. අපිට මේ වගේ දේවල් පැමිණිලි කරන්න තැනක් නෑ.
NuwanMonday, 06 January 2020 12:14 PM
මේ වීඩියෝවේ ඉන්න ගැහැණු දෙන්නා තර්ජනය කරනවා. කැමරා කරන කෙනාට ඕන පොලිසියකට යන්න කියන්න. අපි බය නැහැ. අපේ ලොක්කන් ඉන්නවා කියලා... ඒ කියන්නේ මේ දෙන්නත් ඔය සිද්ධියට සම්බන්ධයි. වින්දිතයින්ට විරුද්ධව ක්‍රියාකළ රජයේ නිලධාරීන් වහාම රස්සාවෙන් එළවන්න ඕනෑ. නැවත මේ වගේ දෙයක් නොකරන්න.
Ruhunu Monday, 06 January 2020 08:18 AM
රටේ නීතියක් තිබුණට මිනිසුන් නීතියේ පිළිසරණක් පතාගෙන පොලිසියට පොලිසියට ගියාම පොලිසියෙනුත් බැනුම් අහලා තවත් අසරණ වෙලයි ගෙදර එන්න වෙන්නේ. නියපොත්තෙන් කඩන්න තිබිච්ච දේ පොරවෙන් කපන්න වුණාම තමයි පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්නේ...
Gamarala Monday, 06 January 2020 08:21 AM
හොඳයි... වසර 2ක සිරදඬුවම් දෙනවා නම් හොඳයි.
wije Monday, 06 January 2020 08:29 AM
රාජකාරිය පැහැර හැරීම නිසා හිටපු පොලිස්පතිතුමයි, ආරක්ෂක ලේකම්තුමයි තවමත් හිරේ. ඊට නොදෙවෙනි දඬුවමක් මේ දෙන්නටත් දෙන්න ඕනෑ. එතකොට තමයි අනෙක් අයත් මේ වගේ වැරදි නොකර ඉන්නේ. එතකොට ඉබේටම රට දියුණුවෙනවා.
Deepal Nirosh Monday, 06 January 2020 08:54 AM
මෙන්න මෙහෙමයි රජයේ විධායක නිලධාරීන් තීරණ ගත යුත්තේ. මේ ආකාරයට රටේ පරිපාලන ක්‍රියාදාමය හැසිරෙනවා නම් බොරු ස්වාධීන නාස්තිකාර කොමිසම් ඕනේම නැහැ.
Naushad Monday, 06 January 2020 09:08 AM
නිකවැරටිය කොටවෙහෙර ප්රදේශයේ 13 හැවිරිදි බාලවයස්කාර දැරියට අමානුෂික ලෙස පහරදීම් සිද්ධිය වීඩියෝ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 17 හැවිරිදි තරුණයා නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දුන්නද ඔහුට ඇප ලබාදීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. මින් ඉදිරියට මෙවැනි දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ පලකරන විට දෙවරක් සිතිය යුතුයි.
SujeevaMonday, 06 January 2020 12:53 PM
රිමාන්ඩ් කරලා තියෙන්නේ මේ බාලවයස්කාර දැරිවියව මෙයා රවට්ටන්න ගිය නිසා... ඒ හැර වීඩියෝ කරපු නිසා නොවේ...
wimal Monday, 06 January 2020 09:21 AM
සමහර පොලිසියේ අය කිසි වැඩක් නැහැ. අනිත් අයගේ නමත් කනවා. මේ අය පුනරුත්ථාපනය කළ යුතුයි. රාජකාරියට බදවාගැනිමේදී කරන වරදක්. රන්ජන් ගන්න වෙලාවේ පොලිසියේ ලොක්කෝ රගපානව වගේ. කිසිම වගකීමක් නැහැ.
sumith Monday, 06 January 2020 09:29 AM
වැඩ තහනම් කරලා විතරක් මදි..., මම නම් කියන්නේ ඔය ලොකු නෝනලා දෙන්නට, අර මහසෝන් කාලි අම්මලා දෙන්නට කියලා හොඳට පොලු පහර දෙන්න ඕනෑ මදි නොකියන්න.
Gamarala Monday, 06 January 2020 09:46 AM
මේ රජයේ සේවකයන් නොවෙයි යකාගේ සේවිකාවන්.
විජිත් Monday, 06 January 2020 10:06 AM
පොලිසියකට ගිහින් පැමිණිල්ලක් කිරීමට තියෙන අයිතිය නීතියෙන් සහතික කරලා තියෙන්නේ. සමහර පොලීසියේ අය දේශපාලුවන්ගේ කෝල් වලට බයවෙලා පැමිණිලි ලියන්නේ නැහැ. තවත් සමහරු කම්මැලියි. තවත් සමහරුන්ට ලියන්න දන්නේ නැහැ.මෙය ඉතාම හොඳ ආදර්ශයක් වේවා ! පැමිණිලි ලියන්න අකමැති ඔක්කොම පොලිසියේ අය ගෙදර යැවිය යුතුයි. එහෙමත් නැතිනම් පාසල් යැවිය යුතුයි.
sas Monday, 06 January 2020 10:25 AM
වහාම දැඩි ලෙස විනයානුකූලව කටයුතු කළ යුතුය.
beau Monday, 06 January 2020 10:40 AM
කදිමයි. දූෂිත පොලිස් කාරයින් බොහෝදෙනෙක් රටේ ඉන්නවා. මේ වගේ අය අතුගා දමන්න.
Appuhami Monday, 06 January 2020 10:41 AM
මේ වගේ බැලුවද? සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ, රටේම අවධානය යොමුකළ අර තරුණයාට මගේ ප්‍රණාමය...
Bandula.. Monday, 06 January 2020 10:44 AM
ග්‍රාමසේවක කියන ගැහැණියගෙන් පගාව අරන්ද දන්නේ නැහැ. මේ වගේ කාලකන්නි නිලධාරිනියන්ට දැඩි දඬුවම් දෙන්නම වෙනවා. නැත්නම් නැවතත් කරන්නේ මේවගේ පහත් වැඩම තමයි...
rasika Monday, 06 January 2020 10:55 AM
කළුතර (දකුණ) ළමා හා කාන්තා කාර්යාංශයේ වැඩත් ඔය වගේ. මිනිස්සු රස්තියාදු කරනවා. සමහර නිලධාරිනියන්, අපිව බල්ලට දාලා වැඩ කරන්නේ...
sampath Monday, 06 January 2020 11:20 AM
පොලීසියේ පැමිණිලි දාන්න ජාතික මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න. ඒකෙන් වැඩිදුර ප්‍රකාශන අවශ්‍යනම් අදාල පොලීසියට යොමු කරන්න. එහෙමත් නැත්නම් වෙනත් ආසන්න පොලිස් ස්ථානයක පැමිණිල්ල සටහන් කරලා අදාල අධිකරණවලට ඉදිරිපත් කරවන්න ක්‍රමයක් හදන්න. මේ ප්‍රශ්නේ ගොඩක් දුරට ඉවරයි. 119 තව ටිකක් වැඩි දියුණු කළානම් හරි. කවදාවත් ගමේ පොලිසියට 100% අපක්ෂපාතීව වැඩ කරන්න අමාරුයි.
janis Monday, 06 January 2020 12:59 PM
මේ දැරිවියගේ ප්‍රශ්නයේදී තවත් පරිවාස නිලධාරියෙක් මේ දැරියට තදබල ලෙස අසාධාරණයක් කර ඇතිබව පුවත්පතකින් දුටිමි. ඔහුටද තදබල දඬුවම් දෙන ලෙස බලධාරීන් කාරුණිකව ඉල්ලා සිටිමි.
manju Monday, 06 January 2020 01:41 PM
පොලීසියේ ගොඩක් ඉන්නේ පගා කාරයෝයි සල්ලාලයෝයි... හොරු රකින්නේ ඒ අය තමයි.. සල්ලි හා බලය තිබුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. රටේ වෙන දේවල් දිහා බලපුවාම පොලිසිය මොනවද කරන්නේ කියලා රටේ මිනිස්සු දන්නවා නමුත් නීතිය කරන්නේ පොඩි අපිට විතරයි.
Yas Monday, 06 January 2020 09:56 PM
මරල දාන්න ඕනේ කාලකන්නි
anura Wednesday, 08 January 2020 03:18 AM
මෙය ඉතා හොඳ දෙයක්... පොලිසියට ගියාම බල්ලන්ට වගේ සලකන්නේ.