රුසියාවේ නොවොසිබර්ස්ක් නුවර සුපිරි වෙළෙඳ සලක තුන්වැනි මහලින් කුඩා දරුවෙක් ඇද වැටුණේය. වේග විදුලි සෝපානයේ ඇදි වැට උඩට නගින දරුවා බේරා ගැනීමට මව උත්සාහ කළ ද එය අසාර්ථක විය. බිමට ඇද වැටෙන දරුවා සිහිසුන් වන අතර විගස රෝහල් ගත කැරිණි. මෙම සියලූ සිදුවීම් වෙළෙඳ සලේ ආරක්‍ෂිත කැමරාවේ සටහන් වීය. දරුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව රෝහල් වෛද්‍යවරු පවසති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කිව්වත් "ධම්මෝ භවේ රක්ඛත් ධම්මචාරී " ඒක තමයි ඇත්ත.. (ස)
නාලක, වැටෙන තැන සිටින කාන්තාව අසළ සිටින පිරිමියා දරුවා ගැන බලනවා වෙනුවට බිය වූ කාන්තාව සනසන්න උත්සාහ කරන හැටි නෙමෙයි බලන්න ඕනෑ. එයත් ගර්භණී කෙනක්. හරියට බලන්න. (නි)
දැන් එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්තට ළමයාව වැටෙන්න දීලා, වැටිලා මැරෙනකල් නිකන් බලන් ඉන්නද කියන්නේ? (නි)
ලොකු කතා කියන අය තමා අපිට වාඩා පල්ලි පන්සල් යන්නෙ..!!(නු)
කවුරුත් ළමයා වැට්ටුවෙ නැහැනෙ.. මේක අනතුරක්..!!(නු)
කුඩා දරුවන්ට කිසිවක් තේරෙන්නේ නැහැ. ඔවුන්ව දෙමාපියන් විසින් බලාගත යුතුයි. (නි)
ප්‍රවීන්- මැනිලා, මම ඔබේ අදහසට එකගයි. (නි)
මාරසිංහ කියන දේ ඇත්තක් තියෙනවා. අපේ දෙමවුපියන් අපි කනකල් කන්නෙත් නැහැ. හැබැයි කාර් එකේ ඉදිරිපස ආසනයේ බබා හිදුවාගෙන යනවා. හිස් වැසුම් නැතුව යතුරුපැදි වල අරන් යනවා. (නි)
ප්‍රවීන්.. ඔබ තරමක් දුරට හරි.. ඒත් පිට රට දරුවොන්ට හැමදේම තනියම කරගන්න තමා ඒ අම්මලා උගන්නන්නෙ.. අපේ අවුරුදු 18 ළමයෙක් ඒ රටක අවුරුදු 10 ක ළමයෙක් කරන වැඩ නොකරන්නේ ඒකයි..!!(නු)
ප්‍රවීන්.- හැම රටකම දෙමව්පියෝ දරුවන්ට ආදරෙයි.. එත් ඒ ආදරේ ප්‍රකාශ කරන විදිය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා..!!(නු)
මේක දෙවියන් විසින් කළ වැඩක් නෙමෙයි. (නි)
කව්රු මොනවා කිව්වත් ලංකාවෙ අම්මලා තමන්ගේ ළමයින්ට ආදරේ කරන තරම මේ ලෝකේ කිසිම රටක මම දැකලා නැහැ...අපි ඉන්න රටවල් වල ළමයි ගැන හොයන්නේ නැහැ.. අම්මලා එයාලගේ ලෝකවල.. ඒකට අපේ අම්මලා.. අපි කනකම් කෑමවත් කන්නේ නැහැ.. ලංකාවෙ අම්මකෙනෙක් ලබන්නත් පිං කරලා තියෙන්න ඕන...!!(නු)
දියුණු රට විතරයි.. ළමයාව අත ඇරලා යන එකෙන්ම සමාජයේ දියුණුකම පේනවා..!!(නු)
ඔබ දෙවියන් මෝඩයි කිව්වට ඔක්කොම දියුණු රටවල් අදහන්නේ කතෝලික ආගම... (ස)
වාසනාවට දරුවගේ ජීවිතය බේරුණේ. මේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ගැන වෙලාවකට පුදුමයි. බලන්න දරුවා වැටෙන තැන සිටින පිරිමි කෙනා අල්ලගත නොහැකි වූ විට ඉවතට දුවන හැටි. මව තමන්ගේ බෑගය සකස් කරමින් දරුවා අල්ලන්න හදන හැටි. වැටෙන තැන සිටින කාන්තාව අසළ සිටින පිරිමියා දරුවා ගැන බලනවා වෙනුවට බිය වූ කාන්තාව සනසන්න උත්සාහ කරන හැටි. දෙමාපියන් මීට වඩා දරුවන් ගැන සැළකිලිමත් වෙන්න ඕනෑ. දරුවාට තුණුරුවන්ගෙ සරණයි! (නි)
මෙවැනි වෘෂභයින්ට පිළිතුරු බැඳීමට මෙය ගොසිප් අඩවියක පලවී තිබුනා නම් කියා හිතෙනවා. ලංකාදීපේ භාෂාව ඊට ශිෂ්ට වැඩියි. ඔබේ දෙවියන් වහන්සේ පවා ඔබ වැනි මෝඩ අනුගාමිකයින් ගැන ලජ්ජා වනු නියතයි. (ස)
හරියන වැඩ ඔක්කොම බලන්නේ දෙවියෝ තමයි....එතකොට වරදින ඒවා...(ස)
දොස්තරල වැඩක් නෑනේ..එහෙනම් ඔක්කොම දෙවියෝ බලාගනීවි..(ස)
දෙයියෙක් කියල එකෙක් ඉන්නවනම් මේ පොඩි දරුවට ඔය දේ වෙන්න කලින් ඒකෙන් වලක්වගන්න එපෑයි. දෙයිය ඒ වෙලාවෙ බාත් රූම් එකේද දන්නේ නෑ හිටියේ. බේරගත්තේ දෙයියා හෑබෑයි ඔය අනතුර කලේ කවුද දන්නේ නෑ. ලෙඩ කරන එකෙක් නෑ හොද කරන්නේ නම් දෙයියා......බයිල තමයි ඔක්කොම.......කොහොම උනත් පොඩි දරුවා බේරුන එකනම් හොදයි. දෑන් ඉන්න අම්මල ළමයි ගෑන හොයල බලන විදියේ, පරිස්සම් කරන විදියේ හොද කම තමයි මේ.....අපේ රටෙත් මේ වගේ අම්මල තමයි දෑන් ඉන්නේ වෑඩිපුරම.......(ස)
ඔවු ඔවු. දෙවියන් වහන්සේ තමයි කළේ. (නි)
පුතේ, ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
දෙවියන් වහන්සේ තමයි මේක කළේ. (නි)
අනෙක් දෙමවුපියනුත් මේවා පාඩමකට ගත්තොත් හොදයි. (නි)
වෙලාව හොද නම් බය වෙන්න දෙයක් නැහැ. (නි)
දරුවා මරුවාගෙන් ගැලවීම ගැන දෙවියන්ට ස්තුති වේවා. (ත)
කොහොමත් රටවල්වල දරුවෝ අතින් අල්ලන් යන්නේ නැහැනේ. වීඩියෝ එක බලල ඇග හිරිවැටුණා. (ත)
අම්මලාගේ නොසැලකිල්ල හොදින්ම පේනවා. (ත)