කොළඹ සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් දෙදෙනකු තුන්නිවුන් දරුවන් බිහි කළ බව රෝහල් ආරංචි කියයි.
එක් කාන්තාවක පුතුන් තිදෙනකුම බිහි කළාය.
මේ මව්වරුන් දෙදෙනා මිනුවන්ගොඩ හා මොරටුව අය වෙති.
මිනුවන්ගොඩ හීනටියේ සහ මොරටුව ලක්ෂපතියේ මව්වරු දෙදෙනෙක් සිසේරියන් සැත්කමකින් ලැබුණු තුන් නිවුන් දරුවන්ගෙන් එක් දරුවකු හැර සෙසු දරුවෝ සාමාන්‍ය තත්ත්වයෙන් පසුවෙති.
මොරටුව ලක්ෂපතියේ ජී එම් එම් එම් දිසානායක මහත්මියගේ දියණියක (ග්‍රෑම් 960) ඉන්කියුබේටරයේ තබා ඇත.
මිනුවන්ගොඩ කේ නාලිකා කුමාරසිංහ (27) මහත්මිය පසුගිය මැයි හය වැනිදා පුතුන් තිදෙනකු බිහිකළාය.
දරුවන්ගේ පියා යුද හමුදා විශේෂ කාර්ය බලකායේ මාණ්ඩලික සැරයන් ආර් එම් සී රාජකාරුණාය. ඔහුගේ දුරකතන අංකය 077 36 35 286
මොරටුවේ මව දියණියන් දෙදෙනකු සහ පුතකු බිහි කළේ අප්‍රේල් 17 වැනිදාය.
මෙතෙක් දැඩිසත්කාර ඒකකයේ සිටි ඔවුන්ගෙන් දෙදෙනෙක් අද සාමාන්‍ය වාට්ටුවකට ගෙන එනු ලැබූහ.
මේ දරුවන්ගේ පියා චමින්ද ප්‍රදීප් ප්‍රණාන්දු මොරටුවේ ලීබඩු වෙළෙඳ සලක අත්උදව්කරුවෙකි. දිනකට උපයන ආදායම රුපියල් 600කි. ඔහු අද දරුවන් බැලීමට රෝහලට ගියේ නැත. ‘‘දරුවන් බලන්න හරි ආසයි. ඒත් රෝහලට ගියානම් පඩිය ලැබෙන්නේ නෑ. එවිට අපි කවුරුත් බඩගින්නේ‘‘
ඔහුගේ දුරකතන අංකය 071 88 67 548
ලිපිනය 16/18 ජී, ජුබිලි පාර, ලක්ෂපතිය, මොරටුව.
(වීඩියෝ සහ ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් හරිම සතුටුයි, ඔය දරුවන් හොදින් රැකගන්න. (ස)
අපෙන් සුභ පෑතුම් ! (ස)
සුභ පැතුම් ! (නි)
දැන් අපේ රටට අවශ්‍ය කරන්නෙත් මේ වගේ ඒවා තමයි. ජයවේවා! (නි)
මට එක පිරිමි දරුවෙක් දෙන්න පුලුවන්ද ආදරෙන් දරුකමට හදාගන්න. මට ඉන්නේ ගැහැණු ළමයි තුන්දෙනෙක් (නි)
හලාල්ද? (නි)
චූටි බබාලා හය දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තිසරණ සරණින් රැකදේවා.. ! (ස)
අනේ වාසනාවන්! නිදුක් නිරෝගී සුවය ලැබේවා! (නි)
උවජිත් මගේ ගාව ඉන්නවා කොල්ලෝ තුනක්. ඔයා දෙනවද මට එක ගෑනු ළමයෙක්. මාරුවකට ? (නි)
හලාල් නෙමෙයි අනේ,ඔක්කොම හරාම් (නි)
කෙසේවෙතත් ළමයි 6 සැදූ අම්මලා දෙන්නට බුදු සරණයි! (නි)
කාලේ හැටියට අවශ්‍ය දෙයක් රජයේ උදව් ලබිය යුතුවෙයි.(ස)
සුභ පැතුම් !. ඡායා රෑපයක් දාන්න බැරිද? (ස)
මෙහමත් වාසනාවන්ත අම්මල ලංකාවෙත් ඉන්නවනේ පිරිමි ළමුන්ම තුන් දෙනක්, එංගලන්තේ ඉපදුනානම් කප්රුකක් පහල උනා වගේ නමුත් දැන් ඒ දෙමව්පියෝ මහා බරක් දරාගන ඇති? මේ දරුවෝ හය දෙනාටමත් අම්මල දෙන්නටත් නිරෝගී සුව!!! (ස)
හරිම සතුටුයි.(ස)
හරිම සතුටුයි, නිදුක් නිරෝගී යහපත් දරුවන් පිරිසක් වේවා,!!! අහන්නත් සතුටුයි, දරුවෝ තරම් වාසනාවක් දෙමවුපියන්ට වෙන තියේද? (ස)
වාසනාවන්! අපිටත් ලැබෙනවානම් ... ඔක්කොම බබාලට තිසරණ සරණයි. ! (ස)
ආයු බෝ වේවා! (ස)
අද සතුටු වගේම කණගාටු දවසක්. එක අම්මෙක් පුත්තු තුන්දෙනෙක් ලබනවිට තව අම්මෙක් දරුවෝ තිදෙනා සමග ලිඳට පැනල. බිහිවීම බ්‍රහ්මගේ, පැවැත්ම විෂ්ණුගේ, විනාශය ඊශ්වරගේ. මේ තුන්ප්‍රයාමය නිසි වේලාවට නිසි ආකාරයෙන් සිදුවිය යුතුයි. (ස)
බුධු සරණයි සියලුම දරුවන්ට! (ස)
අයියෝ ළමයි
සුබ උපන්දිනයක් වේවා පුතේ !!! .... රටට වැඩදායි මෙන්ම දෙමාපියන්ට කීකරු පිරිසක් වෙන්න සුබාසිරි !!! (ස)
වාසනාවන්! වාසනාවන්! සැමගෙ දිවිමග වාසනාවන්! (ස)
ශිරෝමි නැගණිය ඔයත් උත්සාහ කරලා බලන්න.(ස)
කොච්චර වාසනාවන්තද දරුවන් 3ක් එකවිට ලබන්න... සුබ පතනවා එයාලට ලස්සනට ජීවත් වෙන්න ! (ස)
දරුවන්ටත් මෑණියන් දෙදෙනාටත් දළදා සමිදු පිහිට පතමි. (ස)
මොනතරම් අමාරු වුනත් එයාලව හදාගන්න හොඳට.ජේසු පිහිටි මගේ ආගමේ හැටියට ! (ස)
දරු පැටව් ටික දැක්ම ආසාවේ බෑ.දරු පැටවුන්ටත් .මව් දෙපළටත් දළදා සමිදු පිහිටයි.(ස)
දැන් තියෙන තත්වෙත් එක්ක තුන්දෙනෙක් තියා එක දරුවෙක් හදා ගන්නත් වෙන මහන්සිය දන්නේ නම් අම්මලාම තමයි. ඒත් මෙහෙම දකිද්දිත් ප්‍රශ්න නම් අමතක වෙනවාත් ඇති. තෙරුවන් සරණයි සැමටම. (ස)
අනේ අපේ පොඩි දරුවන්ට ඇස්වහක් කටවහක් නැති වේවා? බුදු සරණයි දරුවෝ හය දෙනාටම. (ස)
හරිම වාසනාවක් !! හැම අම්ම කෙනෙක්ම ළමයි 4 ක් වත් හදන්න. රජය උදව් කරන්න ඕන. හැමදේටම රටේ අනාගතය සිංහල ජනයා වැඩිකරමු. මේක තමයි විය යුත්තේ. (ස)
බුදු සරණයි දරුවන්ට ! (ස)
ලී බදු වෙළඳ සැලේ දිනක වැටුප 600 නම් මම දෙන්නම් අත් උදවු රැකියාවක් 1200 දෙන. (නි)
ළමයි කාටවත් දෙන්න එපා, කටක් ඇරලා ඉල්ලන්නත් එපා!(ස)
මෙතන ලියන හැමෝම සුබ පතල ලිස්සලා යනවා. එක්කෙනක් වත් උදව්වක් කරන්න උත්සහ ගන්නේ නැහැ. රජයටම කියා කියා ඉන්නවා මිසක.(ස)
මේ දරුවෝ වාසනාවන්ත වෙන්න කියලා සුබ පතන ගමන්ම අපිට හැකි පමනින් එයාලට උදව් කරමු. (ස)
දරුවන් හයදෙනාටත් මවුපියවරුන්ටත් නිරෝගී සුවයෙන් වැඩදායක රටවැසියන් ලෙස දිවි ගෙවීමට සුභ අනාගතයකට හිමිකම් කීමට වාසනාව ලැබේවා!(ස)
පුලුවන්නම් නම්බර් එකට කතා කරලා උදව්වක් කරන්න. මේ මාසේ මගේ පොඩි පඩියෙන් මම එස්සේල්ලම කරන්නේ එකයි. අන්තිමට අපිට ඉතුරුවෙන්නේ එච්චරයි. සල්ලි තියෙන සමහර අයට ඕව තේරෙන්නේ නැහැ. (ස)
ඔබල සැමදෙනාටම දළදා සමිදු සරණයි.(ස)
මමත් අද සුභ පතනවා. අපේ රටේ මේවගේ දරු උපත් සිදුවෙනවානම් හරිම හොඳයි. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා.(ස)
අලුතෙන් මෙලොව එලිය දුටු මේ දරුවෝ හයදෙනාම රටට හා ජාතියට වැඩදායි දරුවන් වේවායි පතමි. සිංහල ජාතියට අවශ්‍ය මේ වගේ දෙමුව්පියන් තමයි. (ස)
පම්පෝරි නොගහ මේ අපේ රටවැසියෝ. දුරකථන අංක තියෙනවා. හැකි ඉක්මණින් උදව් කරන්න බලමු. (ස)
ශිරෝමිට උදව් කරන්න මම කැමතියි. (ස)
පිස්සු හැදෙයි අපෙන් සුබ පැතුම් ! (ස)
අපෙන් සුබ පැතුම්! (ස)
මොරටුවේ ඉන්න තාත්තට වාසනාවට ලැබිච්ච දරු සම්පත දුප්පත් කමින් වැහිලා යන්නයි වගේ හදන්නේ,කරුණාකරලා කුරු හරි පිහිට උනොත් ලොකු දෙයක්,අපි දැන් දීමට උපන් ජාතියක්,හැබැයි හරි තැනට ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්,හරියටම බඩගිනි කෙනාට කන්න මොන හරි දෙන්න,අපි දන්සල් කියල වෙසක් එකට කරන්නේ අපිම කන එකක් නේද,ඒ සල්ලි මෙන්න මේ වගේ අහිංසකයෙකුට දෙන්න අනාගතයක් වෙනුවෙන්,අපේ ජාතිය අඩුවෙලා යනවලුත්නේ උපකාරයක් කරන්න අන්න ඒ වගේ. (ස)
කට්ටියම විකාර නැතුව උදව් කරන්න. (ස)
හොද ශීර්ෂයක් දාලා තියෙනවා ලංකාදීප එසැනින් (ස)
පුළුවන් උදුවක් කරන්න හැමෝම.(ස)
ජීවත් වෙන්න අමාරුනම් අය් ළමයි හැදුවේ. (ස)
බය වෙන්න දෙයක් නැහැ. බොදු බල සේනාව බලගනියිනේ මේ පොඩි උන් සේරම. (නි)
අනේ ඔය බයිල කථානේ.(ස)
ප්‍රශ්න අහන්න ඕනෑ නැහැ ශාන්. උදව් කරමු. බලන්නකෝ දරුවන්ගේ මුහුණු ටික. කොච්චර වාසනාවක්ද ? මම කැමතියි මුදලින් උදව් කරන්න මොරටුවේ දරුවන්ට. අනෙක් දරු තිදෙනාට මගේ සුබපැතුම් සමග කතරගම දෙවි පිහිට පතමි ! (නි)
අනේ වාසනාවන්.මවට පියාට පමණක් නොවෙයි මුළු රටටම ජාතියටම පහළවෙන මැණික් කැට.රාජ්‍ය අනුග්‍රහය අනිවාර්යයෙන්ම ලැබිය යුතුවා සේම හැකි සෑම කෙනෙක්ම උදවු උපකාර කළයුතුයි. (නි)
දරු පැටවු ටික දැක්කම ආස හිතනවා. සිගිත්තෝ 6 දෙනාම මේ රටට සම්පතක්. ජනාදිපතිතුමනි, මේ අයට හැකි අයුරින් සහනයක් දෙන්න. ඔයාලා හැමෝටම ජේසුතුමන්ගේ ආශීර්වාදය ආරක්ෂාව ලැබෙන්න කියලා මම හදවතින්ම පතනවා (නි)
ඒ දරුවෝ ඒ දෙමාපියන්ගේ විතරක් නෙමෙයි, රටේ ජාතියේ සම්පතක්. හදා වඩා ගැනීමට හැමෝම උදවු වෙමු. (නි)
සෙන්තිල් ඔයාගේ දරුවෝ ඔයාට හරාම් වුණාට මේ රටට එහෙම නැහැ. හැම දරුවෙක්ම දෙවියෝ දුන්න තෑගි. ඒවා හරාම් හලාල් කියලා වෙන් කරන්න කාටත් බැහැ (නි)
ශාන්, ඔය කියන විදිහට ජිවත් වෙන්න අමාරු නම් ඇයි ලමයි හැදුවේ කියලා එහෙම හිතුවා නම් ඔයාගේ අම්මයි තාත්තයි , අද ඔය කොහෙද ශාන්? මේ දරු පැටව්න්ට දළදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා! බුදු සරනයි දරුවන්ට (නි)
අනේ වාසනාවන්! ඔය පිනෙන්ම ඔයාලට තව තවත් ලැබේවි (නි)
සංජු මොකද කියන්නේ? කීයක් දෙන්න ලෑස්තිද ඔයා? මමත් දෙනවා. නමුත් අපිට හරියටම තහවුරු කරලා බැංකු ගිණුමේ විස්තර දෙනවා නම් තමයි හොඳ. (නි)
ශාන්, මේ බබාලා ඉපදුනේ අම්මලාගේ වාසනාවට! දැනගෙන වුණ දෙයක් නෙමෙයි. උදව් කරන්න පුළුවන් නම් කරන්න. තමන්ගේ කුහකකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
ඔය පවුල් දෙකටම මේ බබාලා වාසනාව ගෙනෙයි (නි)
මේ දරු පැටවුන්ට සුබ පතන ගමන්ම අපිට හැකි පමනින් එයාලට උදව් කරමු.සියලු දෙනාටම තෙරුවන් සරණයි..! (නි)
කරුණාකරලා බැංකු ගිණුම් විස්තර දෙන්න.පුළුවන් විදිහට අපි උදව්වක් කරන්නම්. අපි ඔක්කොම මිනිස්සුනේ. (නි)
සියලු බාදක මග හැර සෝ සුසුම් නැති වෙන සිනහව රජයන සියලු පැතුම් මල් පිබිදෙන සුබම සුබ උපන්දිනයක් වේවා! (නි)
මොනතරම් වාසනාවක්ද අප්පේ? සිංහල ජාතිය අඩුගේගෙන යන වෙලාවේ. මේක නම් හරිම සතුටක්. මොනතරම් පිනක්ද? හැමෝටම පුලුවන් විදියට උදව් කරන එක නම් (නි)
"ලංකා පුතා ", ඔබ කියන විදියට රැකියාවක් දෙන්න පුලුවන් නම් මේ සහෝදරයට, ඒක උතුම් පිනක්. අපිත් උපරිම සහයෝගය දෙනවා ,මේ දරුවන්ට (නි)
අපේ රටේ දන්සල් වගේ සෝබන වැඩ නවත්වලා මේවගේ අසරණ මිනිස්සුන්ට ඒ සල්ලි වලින් උදව් කෙරුවොත් නරකද? (නි)
ශාන්, කන්නේ තණකොලද? මොනවද මේ කියන කතා. මට දරුවෝ තුන් දනක් ලැබුණා නම් හීගාකාලා හරි හදාගන්නවා. දළදා සමිදු රැක බලා ගන්න ඕනෑ. (නි)
සම්පත්, බොදුබල සේනාවට කැමති දෙයක් එයාලා කරාවි. ඔයා ඔයාට පුළුවන් උදව්වක් කරන්නකෝ. මම නම් දැනටත් ඒ ටික කරලා දැම්මා මට පුළුවන් විදියට (නි)
ඇත්තටම කියගන්න බැරි සතුටක්. මමත් පුතාලා තුන්දෙනෙක් සහ එක දියණියකගේ අම්මා කෙනෙක්.බබාලා පුංචි කලේ ටිකක් අමාරුයි තමා. අනේ වාසනාවන්ත අම්මාවරුනේ අපි එඩිතරව නැගිටිමු. අපේ රටට වැඩදායී පුරවැසියන් කරමු. ඔබලාට නිදුක් නිරෝගී සුවය! (නි)
හරි හැමෝම හෙල්ප් කරන්න එකවගේ. මේක තමයි වෙලාව. කතා වැඩක් නැහැ. පින් ලැබෙනවා ! (නි)
අපි ශ්‍රී ලංකන්. හැමෝම උදවු කරමු. (නි)
දරුවෝ ඇන්දේ දොයි. වදපු අම්මා අමාරුවෙන් හිටගෙන. රෝහල් පහසුකම් එදාට වැඩිය හොඳ වුනත් තව ගොඩක් දුර යා යුතුයි (නි)
යුවලකගේ සිහිනයක් තමයි දරුවෝ ලැබීම.මේ දරුවන්ගේ මුහුණ බලමින් තිරිසන් කතා නොකියා හිටියොත් හොඳයි,ශාන් (නි)
බොදුබල සේනාව වෙනුවෙන් සහ අපේ ජාතිය ආරක්ෂා කරගන්න සහ අපේ රට ආරක්ෂා කරගන්න මේ විදියටම තව අම්මලා ලක්ෂකට 3 දෙනා බැගින් සිංහල දරුවන් උපදීවා! මට හැකි දෙයක් මමද කරමි. (නි)
ළමයි පුත්තුද දුලද කියන එක නෙමෙයි වැදගත්. ඒ ලමයි සමාජයට වැදගත් වෙන්නේ කොහොමද කියලායි. අද අපේ රටේ පවුල්වල බර කරට අරගෙන නඩත්තු කරන තරමක් ගෑනු ළමයි කරන්නේ. හොඳම උදාහරණය තමයි දුප්පත් පවුල්වල ගැහැණු ළමයි අරාබි රටවලට ගිහින් විදේශ විනිමය රටට ගේන්නේ. කොල්ලෝ කියලා නරකට හැදුනොත් මුළු ගමටම විතරක් නෙමෙයි රටම ඉවරයි. ඒක නිසා නිරෝගිව දුව වේවා පුතා වේවා සතුටු වෙන්න (නි)
අනේ වාසනාවන් මටත් පුතෙක් ඉන්නවා. ඉපදුනේ අප්‍රේල් 15. කියන්න බැරි සතුටක් තියෙන්නේ. ශාන්, සෙන්තිල්, ශාහිර්,මාර්ක්,ඔය කට්ටිය අදහස් දන්නා දන්නේ නැත්නම් පාඩුවේ ඉන්න. මොනවද මේ ලියන්නේ? බලන්න කොච්චර ලස්සන මුණු ටිකක්ද? මමත් මේ මාසේ මගේ පඩියෙන් පොඩි උදව්වක් කරනවා .සම්බුදු සරනයි.,දෙවි රැකවරනයි සියලු දෙනාටම. (නි)
ලංකාදීප පුවත්පතට සියලුම දෙනා වෙනුවෙන් ගොඩක් ස්තුතියි. අපි සියලුම ශ්‍රී ලාංකිකයෝ සදහා සාධාරණ හරි දේ ඉටුවිය යුතුය. එසේ නොවන බැවින් බොදුබලසේන හරිමග පෙන්වීම අපි මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම වාසනාවකි. නිවුන් දරුවන් බලපොරොත්තුවක් නැතුව ලැබෙන සියලුම බබාලට සහ අම්ම්ලා තාත්තලාට ශුභපතමු. (නි)
පුංචි පවුල රත්තරන් කියන සංකල්පයට විරුද්ද අයට මෙන්න හොඳ අවස්තාව මේ පවුලල උදව් කරන්න. (ස)
මේ ගැන හරිම සතුටුයි..මේ තුන්දෙනාගේ කතිර ටිකත් අනාගතයේදී අපට ලේබෙනවානම්! (ස)
සිංහල රාවය සහ බොදු බල සේනා නායක හිමිවරුනි. සිංහලයන් කෝටියකට වැඩියෙන් ඉන්න මේ රටේ සිංහලකම ඇති අයගෙන් දිනකට රුපියල බැගින් එකතු කළද මෙවැනි අයට සහය විය හැක. කරුණාකර පෙරමුණ ගන්න. මම බුද්ධං සරණං ගච්චාමි,සිංහල සරණං ගච්චාමි කියනවා මිස දේශපාලන සරණන් ගච්චාමි නොකියන බැවින් වැඩිම දෙනෙකු මා සමග එකතුවීමට කැමැත්තක් නැත. එබැවින් සිංහල අය මේ සඳහා මට අබියෝග නොකරන්න. (නි)
සුබ පැතුම්..! (ස)
අන්න වැඩ
මගෙන් සුභපැතුම්. බුදුසරණයි ! (ස)
අනේ වාසනාවන් , රත්නත්‍රයේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා. මගේ පවුලේත් ඔය විදියට හිටිය නම්, මම තරම් සතුටු වෙන පියෙක් තවත් නැ. ඔයාලට මගේ සුබ පැතුම්.(ස)
"ලංකා පුතා" මහතාට බොහොම පින්, එවැනි දෙයක් කරන්න සිතීම. නියම ලංකා පුත්‍රයෙක්. මමත් වහාම මුදල් යවනවා.(ස)
සුබ පැතුම් ! (ස)
වාසනාවන්ත දෙමව්පියෝ.සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා. අපි කවුරුත් පුළුවන් විදියට උදව් කරන්න බලමු. තෙරුවන් සරණයි. (ස)
අනේ වාසනාවන්....(ස)
හැම දරු පැටියෙකුටම ත්‍රිවිද රත්නයේ ආරක්ෂාව ලැබේවා. (ස)
දරුවන්ට දළඳා සමිදුගේ පිහිටයි! (නි)
මේක නම විශ්වාස කරන්න අමරුයි. මහ බැංකු වාර්තා අනුව ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2400 ක් (රු 300,000) . ඒ අනුව මේ දෙමාපියන්ට මාසිකව රු 50,000 විතර අදායමක් තිබිය යුතුයි (නි)
අද වැනි යුගයක මෙවැනි දරු උපත් සිංහල ජාතියේම වාසනාවක්. තව තවත් මෙවන් දරු උපත් සිදුවේවා. ඒ වගේම එවැනි පවුල් වලට රජයේ අවධානය වැඩියෙන් යොමුවන වැඩපිලිවෙළක් තියෙනවනම් හුගක් පිං.(ස)
මේ වෙසක් පෝය, පොසොන් පෝය කියල පෝසත් අය තවත් පෝසත් නොකර සත් භාවටයන්ම මේ වගේ අයට උදව් කරන්න.ඇයි මේ බොරු දන්සැල් කරන්නේ. (ස)
සුබ පැතුම් ! (ස)
හැම දරු පැටියකුටම ත්‍රිවිද රත්නයේ ආරක්ෂාව ලැබේවා. (ස)
ශාන් ඔය වගේ අසීලාචාර කතා කියන්න එපා. කොහොම උනත් අපි හැමෝම මේ දෙමුපියන්ට පුළුවන් විදිහට උදව් කරමු.(ස)
අපේ රට ජාතිය වෙනුවෙන්, යුගයක අවශ්‍යතාවයට දායක වීමක් මේ මවුපියන්ගෙන් ඉටුවී ඇත්තේ.(ස)
ශාන් ඔයා ඔහොම කතා කරන්න එපා. ඔය දරුවෝ අපේ රටට සම්පතක්.(ස)
ලංකා පුතා ඔබට කියන්න වචන නැහැ සමාවන්න. ඔබට දීර්ඝායුෂ..! උනුවුන හදවතින් උපකාර කිරීමට ඉදිරිපත් උන සමටත් දීඝායුෂ..! කතු තුමනි, හැකි විගස ගිණුම් අංක සොයා පලකරන්න. අපි බලා ඉන්නවා.(ස)
මේ අදහස් දක්වන්නේ සාමාන්‍ය ජනතාවයි. ලොකු මිනිස්සු මැති අමතිවරු මේවා දිහා ඇස් ඇරලා බලන අයනම් නොවෙයි. තන්හාවෙන්ම තව තවත් පොදි ගහනවා. විනා මේ දරුවන්ගේ නඩත්තුවට කියලා ඔය එක ලොකු මිනිහෙක්ට ලක්ෂ 50 ක් විතර එක ගිණුමකට දාලා දෙන්න බැරිද ? (ස)
අම්මා, අර අහවල් සාදුට කෝල් එකක් දාන්නකෝ (නි)
අනේ වාසනාවන් දෙමාපියෝ! (නි)
ඒ අම්මලා ගැන ගොඩාක් සතුටුයි. ගොඩාක් වාසනාවන්තයි. මම අම්මාවරුන් දෙන්නාටම සුභ පතනවා. ඔබලා කැමති නම් මට එක් ගැහැණු දරුවෙක් හදාගන්න දෙන්න. ඇස් දෙක වගේ බලාගන්නම්. (නි)
එස්.එල්.ටි.කේ මහත්තයා දාපු අදහසින් කියන්නේ මේ අය ගොඩක් පොහොසත් කියලාද? අනේ එහෙම නම් තාත්තා ළමය බලන්න නොගිහින් හිටීද? උදව් කරන්න බැරිනම් නිකන් ඉන්න, කරන කෙනෙකුට උදව් කරන්න දීලා (නි)
අනේ වාසනාවන්! තව තව ඉපදේවා! (නි)
අනේ මටත් ඒ වගේ බබාලා 3ක් , 4 ඕනෑ අපේ ජාතිය වෙනුවෙන්. (නි)
සිංහල ජාතිය වදවෙනවා කියලා කෑ ගහපු අය දැන් උදව් කරන්න බලන්න.(නදී)
සුබ පැතුම් එක්ක සල්ලි ටිකකුත් දුන්නා නම් !! (නි)
දරුවන් ගැන නම් සතුටුය, එත් මේ පරණ කතා නේද? මීට වසරකට පමණ පෙර උන දෙයක් මේ, (අ)
බඩගින්නේ ඉන්න කෙනෙකුට මාලුවෙක් දෙන්න එපා. බිලි පිත්තක් දෙන්න. උදවු කරන එක හොදයි. ඒත් ඒවා තාවකාලිකයි. (නි)
ජීවිතයක හැටි
දළදා සමිදු පිහිට ලැබේවා.! (ස)
දුප්පත් පෝසත් දේශපාලන ආගම් බේද ජාති බේද ඕනැ නැහැ. දරුවාගේ පියාට සහ මවට මේ දරුවන් ලොකුවට හදාගන්න අවශ්‍ය වීර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. (නි)
සමහරුන්ට නම් හලාල් ගැන කතා කරන්නෙ නැතුවම ඉන්න බැහැ නේ (නි)
බල සේනා වලට කිව්වනම් උදවු කරාවි නේද?(නදී)
කෝ බැංකු ගිණුමේ විස්තර තවම ලැබුනේ නැහැනේ? ඔය උදව් කරන්න කෑගහපු කවුරුවත් ඒක ගැන හොයලා බැලුවේ නැද්ද පොඩ්ඩක්? (නි)
ජාතිවාදය ගාවගන්න නිසා මට නම් සල්ලි යවන්න හිතෙන්නෙ නැහැ. ඒත් දෙවි රැකවරනයි බබාලට.(නි)
ධම්මික, ඔයාගේ කතාව හරියට හරි. ඉක්මනට පුළුවන් උදව්වක් කරමු. මමත් ලොකු රස්සාවක් කරන කෙනෙක් නෙවෙයි. එහෙත් පුළුවන් උපරිමයෙන් මේ තාත්තලා දෙන්නටම උදවු කරනවා. (නි)
මේ බබාලට උදව් කරන්න කැමති අයගේ දැනගැනීම පිණිසයි. මම සල්ලි දැම්මේ මේ විදියටයි. මනි ග්‍රෑම් එකෙන් යැව්වේ වයි.ඩබ්ලිව්.චමින්ද ප්‍රදීප් ප්‍රනාන්දු කියලා. බැංකු ගිණුම් ඕනෑ නැහැ. දැන් හැම රටකම වෙස්ට්‍රන් යුනියන් තියෙන්නේ. ඒකෙන් සල්ලි දාන්න හැකියි නේද? (නි)
අනේ සේරම්,ජාතිවාදේ ගේන කෙනෙකුට ගේන්න දීලා ඔයා මේ අසරණ දරුවන්ට උදව් කරන්න. එහෙම බැරිනම් අනුන්ට වැරදි කියන්නේ නැතුව නිකා ඉන්න, නිකන් සෝබන කතා නොකියා (නි)
මනි ග්‍රෑම් එකෙන් හරි වෙස්ට්‍රන් යුනියන් හරි සල්ලි දාල රහස් අංකය චමින්දට දුන්නම චමින්ද හැදුනුම්පත අරන් බැංකුවට ගිහින් සල්ලි ගනීවි. අනේ මන්දා මම කලදේ මම කිවේ චමින්ද සල්ලි අරන් මට කෝල් කරලා සල්ලි ගත් බවත් ගොඩක් ස්තුති කීවා ගොඩක් පින් කියලත් කීවා මේ වෙසක් මාසේ ලොකු පිනක් අනේ පුළුවන් කෙනෙක් පුළුවන් විදියට උදව් කරන්න.(නදී)
මගෙන් මේ බබාලට උණුසුම් සුබ පැතුම්. (අ)