ගලේවෙල ප්‍රදේශයේ දෑස් අඳ යුවලක් දරු දෙදෙනා ජීවත් කර වීමට කසිප්පු පෙරති.
දෘෂ්‍යාබාධිතයන්ගේ දිනය වූ අද ඔවුන් දඹුල්ල උසාවියේ නඩුවකට පෙනී සිටීමට අද ආහ.
45 හැවිරිදි පියාගේ ඇස් අන්ධ වී ඇත්තේ 1989 දීය. ඔහුගේ බිරියගේ (39) ඇසක් අහිමි වී ඇත්තේ කුඩා කාලයේදීය. එක් ඇසක් යාන්තමින් පෙනෙයි.
කළයකින් මත්පැන් බෝතල් හතක් පෙරා විකුණා දරුවන් පාසල් යැවීමට මුදල් සොයා ගැනීම හැර අන් දෙයක් නැතැයි ඔවුහු කියති.
උදව්වක් දෙන්නේ නම් මේ නීති විරෝධි රස්සාවෙන් ඉවත් වන බව ඔවුහු කියති.
ඔවුන්ගේ දුරකතන අංකය 072 39 12 729

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි... (නි)
කසිප්පු සහ රජයේ ලයිසන් අරගෙන විකුණන මධ්‍යසාර එක වගේම මිනිසාට විෂ සහිතයි. (නි)
රැකියාව නම් වැරදි තමයි. හැබැයි මේ සිදුවීම නම් හරිම සංවේදියි. (නි)
සෑම්, ඔබට පුලුවන් නම් ඔවුන්ට හොද රැකියාවක් සොයා දෙන්න. (නි)
මේවනම් අසරණ කමට කර දෙයක් බව පැහැදිලියි. කවුරුන්ගේ මොවුනට පිහිට වෙනවානම් හොඳයි (ස)
අපි කවුරුත් උදවු කරමු. (නි)
අපේ අය ඕනෑ නැති දේවල් වලට බොරුවට කෑගහනවා. මේවට කෑගහන්න කවුරුත් නැහැ. (නි)
පොලිසිය මිනිසුන්ගේ අහිංසකකම ගැන මීට වඩා සංවේදී වියයුතුයි. (නි)
අපේ ජනාධීපතිතුමා උපකාරයක් කරනවා දැක්‍කොත් අනිවාර්යයෙන්ම... (නි)
මේ ලෝකේ ඇස් නොපෙනෙන අයට ඉන්නේ මේ ජෝඩුව පමණක් නොවේ. අනිත් අයත් කසිප්පු පෙරලද ජීවත් වෙන්නේ? ඔයිට වඩා වෙන කරන්නම දෙයක් නැද්ද? (නි)
ඒ වැඩේ නම් මම නම් අනුමත කරන්නේ නැහැ (දී)
ළමයි වෙනුවෙන් ඇප කැප වූ මවු පිය වරු (දී)
මොනවාද මේ ගැන මට කියන්න තියෙන්නේ, අනුකම්පාවාව විතරයි තියෙන්නේ (දී)
අද මේ රස්සාවත් සුපර් ස්ටාර් වෙලා. (නි)
අසරණ දෙමවු පියන් (දී)
අපේ ලොකු ඇත්තන්ට මේවා පේන්නෙ නැහැනේ. (නි)
ඇස් අන්ධ දෙන්නා පෙරන කසිප්පු බොන කට්ටියටත් දෙයියන්ගේම පිහිටයි. (නි)
මොකද ඒ කටයුත්තම තෝරා ගත්තේ (දී)
දිරිය දෙමවුපියන් , වෙන මොකක් හරි කලොත් තමයි වැදගත් (දී)
පව් මගේ හදවත දැවී ගියා . අති ගරු ජනාධිපත්තුමාගේ අවධානයට යොමු වේවා (ස)
පවු! මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමුවේවා! (නි)
අපි මේ සිද්ධියට බනින්න වටින්නේ නැහැ. පවු, අනුකම්පා කරන්න ඕනෑ (නි)
අනේ පවු! (නි)
එහෙම හරි දරුවන්ගේ ඇස් පාදන එක හුගක් වටිනවා. (නි)
බොරුවට උපන් දින සාදවලට ලක්ෂ ගණන් වියදම් කරලා විනාශ කරන මුදල් වලින් මේ වගේ අහිංසක පවුලකට හොද හිතින් යහපත් චේතනාවකින් උදව් කරන්න.ඒක ලොකු පිනක් (නි)
අපේ රටේ ඉතින් තියෙන්නේ සාධාරණ නීති විරෝධී වැඩනේ. අනේ මන්දා! (නි)