ගිය වසරේ මැයි මාසයේදී යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් යන්නට තැත් කර උසාවියෙන් ඇප මත මුදා හැර සිට 14 දෙනකු ඉන් පසුව යාත්‍රාවකින්ම ඕස්ට්‍රේලියාවට ගොස් ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට අද දැනුම් දුන්නේය. එදා ඕස්ට්‍රේලියාවට යෑමට ආ 101දෙනකු අතර මෙම පිරිස සිටි බව ද ඔහු කීවේය.එක් අයකුගෙන් රුපියල් දෙලක්ෂය බැගින් ගෙන ඔවුන් ඕස්ට්‍රේලියාවට රැගෙන යමින් සිටි බව කියන හත් දෙනෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. ලබන ජූනි 28 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස සැකකරුවන් 81 දෙනකුට නියෝග කැරිණි. පැන ගිය 14 දෙනා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක් ද නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි. ඔවුන් දිනුවා. නැත්නම් සැමදා දුකේ. (නි)
උත්සාහවන්තයා ජය ගනී (දී)
ඔය බොරු කාරයින්ට අහුවෙන්න එපා. අපේ මාමව මම කන්ටෑක් කරලා දෙන්නම්. තවම එයා යවපු කාවවත් අහුවුණේ නැහැ. (නි)
ඕස්ට්‍රේලියාවට ගිහිං හොද මානව හිමිකම් නඩුවක් දැම්මනම් හරියන්න පුළුවං.. පව්නේ අපේ අය..!(නු)
දෙමළ අය ලොකේ හොද රටවල් වල ඉන්නෙ. හැබැයි සිංහල මිනිස්සු අරාබිකරයේ ඉන්නෙ. (නි)
යන්න අනේ දහ පාරක් හරි උත්සාහ කරලා යන්න.. ඔයගොල්ලන්ට කන්න දෙන්න කවුරැත් මෙහෙ නැහැනේ..!(නු)
හරිම හොදයි තවත් පවුල් 14ක් බේරගන්න පුළුවං..!(නු)
ඔය පැනගෙන ආවට මෙහෙට ගන්නෙ නැහැ.. දැං මෙහෙ නීති ගොඩක් තදයි.. දැනටමත් පිටුවහල් කරලා ඇති ලංකාවටහරි නවුරැවලට හරි...!(නු)
අපේ අයට පොඩි හරි බුරුලක් දුන්නොත් කණෙනුත් රිංගනවා. (නි)
14 දෙනා ඕස්ට්‍රේලියාවෙන් වරෙන්තු නිකුත් කරලා වැඩක් තියෙනවාද? (නු)
උත්සහවන්තයා ජයගනී කියනවාෙන්. ඒත් කරලා තිෙයන වැඩය වැරදියි. (ස)
ඕකට තමයි සුදුමහත්තුරු කියාලා තියෙන්නේ ට්‍රයි ඇන් ට්‍රයි කියාල..!(නු)
මිනිස්සුන්ට මේ රටේ ඉඳල එපා වෙලා.. ඒකයි වෙන රටවලට පැනල යන්නෙ. (ස)
පැනගිය අය ආයෙ අල්ලන්න වෙන්නෙ නැහැ..!(නු)
යන අයට පාඩුවෙ යන්න දෙන්නකො... ලංකාව ජීවත් වෙන් අමාරැ නිසා නෙ මේ මිනිසුන් මෙහෙම යන්නෙ..!(නු)
අනේ මන්දා.!(නු)
උත්සාහ වන්තයෝ ජයගනී... එන විදේශ විනිමය මොනවා උනත් අපේ රටටනේ...(ස)