IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දුවන කෝච්චියේ පෙට්ටියෙන් බයේ ගැහි ගැහි බිමට පැන්නා

”සිරිපාල” නම් චරිතය 70 දශකයේ ලාංකේය ජන සමාජයේ ඉතා දාමරික චරිතයක් ලෙස කිඳා බැස තිබුණු අතර ඔහුගේ ක‍්‍රියාදාමයන් එවකට ලංකාදීප පුවත්පතේ ප‍්‍රවීණ මාධ්‍යවේදියකු වූ ධර්මසිරි ගමගේ ශූරීන් විසින් එම පුවත්පතට අකුරු කළේය. එනිසාම ”සිරිපාල” වටා ගෙතුණු මේ ක‍්‍රියාදාමයන් සිනමා පටයකට ගෙන එන්නට ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලකයන් කල්පනා කළේය. ”සිරිපාල හා රන්මැණිකා” සිනමාපටය ලාංකේය සිනමාවට දායාද වන්නේ ඒ අයුරිනි. අපි එහි බොහෝ දේ ”සිරිපාලගේ” භූමිකාවට පණදුන් ප‍්‍රවීන රංගධරයකු වන රවීන්ද්‍ර රන්දෙණියගෙන් විමසා බලමු. ”සිරිපාල” කියන දාමරිකයා ගැන 70 දශකයේ අපේ ජන සමාජයේ බොහෝ දෙනෙකු කියැවූ චරිතයක්. ධර්මසිරි ගමගේ ශූරීන් ඔහු ගැන එවකට ලංකාදීප පුවත්පතේ ලිව්වා. අමරනාත් ජයතිලකයන් ඔහු ගැන කතා පුවත 1977 සිනමා පටයක් විදියට නිර්මාණය කරන්න කල්පනා කළාම ධර්මසිරි ගමගේ මහතා යාපනේ හන්දියට ගිහින් සිරිපාල ගැන සිරිපාලගේ පියාගේ මහලූ මඩම ඇතුළු බොහෝ දේ ගැන පර්යේෂණ කරමින් තිරපිටපත ලිව්වා. සිරිපාලගේ චරිතයට මමත්, රන්මැණිකාගේ චරිතයට මාලිනීත් තෝරාගත්තා. ජෝ අබේවික‍්‍රමත්, රොබින් ප‍්‍රනාන්දුත් පියදාස ගුණසේකර ඇතුළු තවත් කිහිපදෙනෙක් මීට දායක වුණා. මේක මගේ සිනමා ජීවිතයේ හතරවැනි චිත‍්‍රපටයයි. කැමරාව ඩොනල්ඞ් කරුණාරත්නයන් මෙහෙයුවා. ඔහුගේ සහායට සුමින්ද වීරසිංහ දායක වුණා. රූගත කිරීම් කෙරුණේ අනුරාධපුර පළාතේ. රූගත කිරීම් වල ඉතා අසීරුම ජවනිකා වුණේ පුත්තලම හා බංගදෙනිය දුම්රිය පොළවල් දෙක අතරේ දුම්රියේ කළ දර්ශනයි. ඇත්තටම අපට අමතකම නොවන දර්ශන පෙළ වුණේ එම දුම්රියේ රූගත කළ දර්ශන පෙළයි. ඒ දුම්රිය මාර්ගය පුත්තලම සිමෙන්ති කම්හලේ සිට සිමෙන්ති ප‍්‍රවාහනයට යොදාගත් දුම්රිය මාර්ගයයි. උදේ දුම්රියක් ගියාම ආයේ දුම්රියක් යන්නෙ හවස නිසා අපි ඒ මාර්ගය තෝරාගත්තා. අපි දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඒ අයට මුදල් ගෙවලා දුම්රියට විශේෂ පෙට්ටි සවිකරලා රූගත කිරීම් කළේ. එක දර්ශනයක මමත් රොබිනුත් ගමන් කරන දුම්රියේ යට රෝද දෙක අතරේ උඩුබැලි අතට එල්ලිලා පෙට්ටිවලට නැගලා පස්සෙ පෙට්ටි වල වහල උඩට නැගලා වහලේ උඩින් බිමට පනින දර්ශනයක් තිබුණා. දුම්රිය යට කැමරා කරන්න ඩොනල්ඞ්ට දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදෙස් අරගෙන දුම්රියට පැත්තෙන් සවිකළ පුංචි වේදිකාවක් සැකසුවා. ඒ කැමරාව තියාගන්න. නමුත් දුම්රිය මාර්ගයේ පැත්තෙන් සම දුරින් තියෙන පුවරුවල දුර මැනලා ඒවයෙ නොවදින්නයි ඒ වේදිකාව සකස් කළේ. රූගත කිරීම් පටන්ගත්තා. මගෙත් රොබින්ගෙත් හිත්වල තිගැස්මක් තිබුණා. මමයි රොබිනුයි රෝද මැද්දෙන් එල්ලිලා පළමු දර්ශනය රූගත කරද්දී පලමු යාර 25-30 දුම්රිය ධාවනය වෙද්දි පැති පුවරුවක කැමරා තිබුණු වේදිකාව හැපිලා ඒක ගිනි පෙට්ටියක් වගේ කුඩුවුණා. ඩොනල්ඞ් පිට අතට පැනලා බේරුණා. ඊට පස්සෙ දවස් තුනක් ඇතුළත ඒ ඉතාම අවදානම් සහිත දර්ශනය රූගත කළා. කෝච්චි පෙට්ටියෙන් මමත් රොබිනුත් සජීවීවම බිමට පැන්නා. පුංචි සීරීමක්වත් වුණේ නැහැ. ආරක්ෂාවට කුෂන් මෙට්ට දැම්මෙත් නැහැ. දර්ශන තලයට අපි ඇත්ත රන්මැණිකා ගෙනාවා. ඇගේ උපදෙස් මාලනීට ලැබුණා. ඇය ඉතා හොඳින් ඒ චරිතය කළා. ඇගෙන් මට විශාල ශක්තියක් ලැබුණා. මේ චිත‍්‍රපටය මුල්ම ක‍්‍රියාදාම චිත‍්‍රපට වලින් එකක්. රොබින් හාරලක්ෂය වගේ චිත‍්‍රපටවල සටන් අධ්‍යක්ෂණය කරලා හොඳ අත්දැකීම් තිබුණා. ගස් ගල් උඩ දුවන, වතුරේ පනින ත‍්‍රාසජනක ජවනිකා වලට ඔහුගෙන් විශාල සහයක් ලැබුණා. ජෝගෙන්, පියදාස ගුණසේකරගෙනුත් විශාල සහයක් ලැබුණා. මාස තුනක් අපි රූගත කිරීම් කළා. ඩොනල්ඞ් හා අයි.එන්. හේවාවසම්ගෙන්ද හොඳ සහයක් ලැබුණා. තවත් අපූරු සිදුවීමක් ගැන කිව යුතුමයි. වැව් බැම්මක් දිගේ මම ට‍්‍රැක්ටරයක යන දර්ශනයක් තිබුණා. වැව් කණ්ඩිය දිගේ ට‍්‍රැක්ටරයක නැගී මම එද්දී වැවේ සිට වතුර ගන්න මාර්ගය හරහා බටයක් තිබුණා. ඒ උඩින් යද්දි එකවරම රෝද දෙකක් වැව් කණ්ඩියෙන් පිට බෑවුමට ගියා. රියැදුරා ඒත් ට‍්‍රැක්ටරය පදවාගෙන ගියා. රෝද දෙකක් පාරේ. රෝද දෙකක් බෑවුමේ. ටිකක් දුර යද්දී මේ ගමන ඉතාම අවදානම් බව මට දැනුණා. හිතට විශාල බයක් දැනුණත් මම ඒක දරාගෙන හිටියා. කොහොම හරි අන්තිම මොහොතේ රියැදුරා ට‍්‍රැක්ටරය වැව් කණ්ඩිය උඩට ගත්තා. වැව් කණ්ඩියෙන් පහළට වැටුණා නම් මමත් රියැදුරාත් විශාල අනතුරකට පත්වෙන්න ඉඩතිබුණා. ඒ යුගයේ ඉතා ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. සිරිපාල චරිතය මිනිසුන්ගේ ඔළුවල තිබුණා. සිරිපාල හිරේ සිට රන්මැණිකාට ලියූ කවි ඒ කාලේ පුවත්පත් වල ජනප‍්‍රිය ලිපි බවට පත්වුණා. ඒ නිසා මේ චිත‍්‍රපටයට හොඳ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබුණා. ඒ වගේම මාලනී වැනි නිලියක් එක්ක ඒ වන විට රඟපාද්දී මම ආධුනිකයි. ඒත් මාලනී එක්ක පසුකාලීනව වැඩිම චිත‍්‍රපට සංඛ්‍යාවක් රඟපෑවෙ මමයි. ඒ නිසා මා ආ මේ ගමන් මගට එදා සිට අදත් විශාල ශක්තියක් වූ බව ගෞරවයෙන් කිව යුතුයි.

සටහන - දුෂ්‍යන්ත කුමාර



අදහස් (0)

දුවන කෝච්චියේ පෙට්ටියෙන් බයේ ගැහි ගැහි බිමට පැන්නා

ක්වින්ටස් Monday, 28 May 2012 02:34 PM

අනේ. රන්මැනිකා සහ සිරිපල‍ගෙ තාත්ත ගැන සහ රොබින් ෆනෑන්ඩු ගැන විස්තරයක් ලියන්න ඡායරෑප සහිතව

:       0       0

Gamini Tuesday, 29 May 2012 04:11 PM

මෙයා විතරක්යැ කොයි නළු නිළියත් දේශපාලනයේදී කරන රඟ පෑම අසාර්ථකයි.

:       0       0

භක්ති Tuesday, 05 June 2012 12:34 PM

ඇත්තටම හොද චිත්‍රපටියක්

:       0       0

මධූ Wednesday, 30 May 2012 10:51 AM

රවීන්ද්‍ර මහත්තයා ඇත්තටම දක්ෂයෙක්

:       0       0

ඉක්ද්‍රකා Monday, 28 May 2012 04:42 PM

මම මේ චිත්‍රපටය බලල තියනව. ඉතාම හොද චිත්‍රපටයක් හෙද රංගනයක්

:       0       0

ඉන්දු Monday, 28 May 2012 05:52 PM

දැන් ඉන්න නළුවන් දිහා බලපුහම ඔබ සැබෑම නළුවෙක් අමතක නොවන දක්ෂ රගපෑම් ඔබ කර ඇත කොහොමත් ඉස්සර සිනමාව අදට වැඩිය හොදි කියල මම නම් හිතන්නේ ඉස්සර හිටපු හැම නළුවෙක් නිලියක්ම අමතක නොවෙන යමක් කළා

:       0       0

ක්‍රිෂ්ණා Tuesday, 05 June 2012 10:20 PM

බලාපොරොත්තු වුනේ මැන්ඩෙලා කෙනෙක්.හම්බ වුනේ නැට්ට නැති සිංහයෙක්.

:       0       0

ඩී.ජී ගුණරත්න Monday, 28 May 2012 08:50 PM

‍‍‍මෙම දර්හනය මම හෝ එකේ දැකලා තියෙනවා හරිම දක්ෂයි හැමදාම ෂෝ එකටත් රවි ටත් අපි කැමතියි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 887 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4019 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1444 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2443 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site