දිවිනැඟුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අර්ථ නිරූපනයක් ඉල්ලා අභියාචනාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අයදුම්පත සලකා බැලීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම බලන 22 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එම අයදුම්පත අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක, කේ ශ්‍රීපවන්, චන්ද්‍රා ඒකනායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (1 5 ) කැඳවූ අතර අයදුම්පත වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණයක් බැවින් පස්දෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙසයි. දිවි නැඟුම කෙටුම්පතට උතුරු පලාත් ආණ්ඩුකාරවරයා නිසින් අනුමැතිය ප්‍රමාණවත්ද නැද්ද ගැන තීරණයක් පතමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අබියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ථ නිරූපනය කරන්න විදියක් නැතුවද හැමතැනම ස්ථීර කරන්නේ (ස)
තව තව අය ගුටි කන්න සූදානම් වෙන්න(සැ.යු. දුරකතන සහ අවු කණ්ණාඩි නිවෙස්වල තබා යන්න ) (නි)
යන විදියට නම් ටිකක් සැක සහිතයි. ඒත් බලමු මොකද වෙන්නේ කියලා. (නි)
මේ මිනිස්සුන්ගේ විකාර අසහස් , මටනම් මේකේ වැරැද්දක් පේන්න නෑ.. මේකෙන් කට්ටිය විශ්‍රාම වැටුපකට හිමිකම් කියනවා (ස)
අධිකරණයට විතරයි තවම 'ඩොලර්' ගැන චෝදනා කලේ නැත්තේ. මේකට විරුද්ධවෙන පාර්ශව වලට ඩොලර් සහ බෙදුම්වාදය මතක් කරලා චෝදනා නගන පිටුවක දැන්වීමක් ඉරිදා පත්තරවල දැක්කා. රජයේ මතිමතාන්තර වලට විරුද්ධ හැමදෙනාටම ඔය කියන තරම් ඩොලර් හම්බවෙනවා නම් අද වෙනකොට රටේ විදේශ සංචිත ඉතා හොඳ මට්ටමක තියෙන්න ඕන. (ස)
අනේ ඉන්ද්‍රජිත්, විදේශ සංචිත ඉහළ යන්න නම් ඔව ලැබෙන ඩොලර් හරි පාරෙන් එන්න ඕන.. බාගෙට දැන ගත්තම ඔය විදිය තමයි.!(නු)
ඔය මොන විදියට අර්ථ නිරුපනය කලත් වැඩක් තියෙනවද ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.(නු)
දිවිනැගුම පටන්ගත්ත අය එය කරලා තියෙන්නේ ඒකේ තේරුමවත් නොදැනද ? දෙයියෝ සාක්කි (ස)
දිවි මැරුම ...... කොහොමද ඒ නම (ස).