අලුත් වැව ග්‍රාමීය රෝහල් බිමේ මායිම් ගල් ගලවා තමන්ටද තර්ජනය කරන ලදැයි එහි කාර්යභාර වෛද්‍ය නිලධරයා ගලේවෙල පොලීසියට පැමිණිලි කර ඇත.
ප්‍රාදේශිය දේශපාලනඥයකුගේ ඥාතියකු බව කියන අයකු එහි නිවසක් ඉදිකිරීමේ යෙදී ඇතැයි ද පැමිණිල්ලේ සදහන් වෙයි. රෝහල් බිමේ අක්කර හයක් දැන්අක්කර දෙකයි පර්චස් හතරක් දක්වා අඩුවී ඇතැයි නැවත මැණුමකදී සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල දොස්තරලට ඉස්පිරිතාලේ වැටවල් ප්‍රශ්න නැහැ. ඔබ තුමා වෙන රටකට යන්න.(නදී)
මොරටුවෙ හාමුදුරුවන්ට කලදේම මෙයාටත් කරයිද?(නදී)
ඔය ටිකටනේ මිනීමරාගෙන බලයට එන්නේ. ඇවිත් රට කනවා. පුදුම කරුමයක්. තව ටික දවසකින් මැරුණු කෙනෙක් වලදාන්න තැනක් නැති වෙයි. අපේ ගමේ ඒ ටික දැනටමත් වෙලා. දේශපාලනය ඔක්කොම යට ගහගෙන ඉන්නවා.(නදී)
මතක තියා ගන්න මේ වැඩ වලින් අසරණ වෙන්නේ ජනතාව (දී)
බලය තියෙන තැන මොනවද නැත්තේ (දී)
ලබන පාරත් ඡන්දය දිනේවා.(නදී)
රට විනාශ කරනවා. ලොකුතැන් වලට මේවා පේන්නෙ නැද්ද? අපේ කරුමෙ තමයි. පොලිසියට නීතිය සහ සාමය රකින්න දෙන්නෙ නෑ, ගුරුවරුන්ට උගන්වන්න දෙන්නෙ නෑ,වෛද්‍ය වරුන්ට ලෙඩුන්ට බේත් දෙන්න ඉඩ දෙන්නෙ නැහැ, කිසිකෙනෙකුට නිදහසේ රස්සාව කරගෙන ඉන්න බෑ, දූෂණය මර්දනය හොරකම වංචාව තක්කඩිකම් නිමක් නෑ. ඡන්දෙ දෙන අපි තමයි ගොන්නු.(නදී)
මහජනතාවගේ දේපල නේද මේ (දී)