IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දේශබන්දු පොලිස්පති පුටුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය ලබාදී ඇත.

අග්‍රාමාත්‍ය, සාගර කාරියවසම්, නිමල්  සිරිපාල ද සිල්වා සහ  වෛද්‍ය  අනුලා විජේසුන්දර  යන සාමාජිකයන්  දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට ඉදිරිපත් කරනු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී  ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂිම්  මන්ත්‍රීවරයා යෝජනාවට විරුද්ධව ඡන්දය දී ඇතැයි වාර්තා වේ.

ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය සහ ආචාර්ය ප්‍රතාප්  රාමනුජන්  මහතා ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

මේ අනුව කතානායකවරයා  තීරක ඡන්දය  පක්ෂව  පාවිච්චි කිරීමෙන් යෝජනාව ස්ථිර කෙරුණු බව දැනගන්නට ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා  පොලිස්පති ධූරයේ ස්ථීර කිරීමට අදාල යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(26) පෙරවරුවේ  රැස්විය.



අදහස් (20)

දේශබන්දු පොලිස්පති පුටුවට

Sachith Monday, 26 February 2024 07:30 PM

දැන්වත් නාට්‍යය නවත්තලා ඇත්තටම හොරු අල්ලයිද?

:       0       3

Lal Monday, 26 February 2024 07:54 PM

ඔබතුමාට සුබපැතුම්... කුඩු කාරයින්ටත් වඩා කැරලි කාරයෝ ටික අල්ලමු.

:       111       67

Bandula Monday, 26 February 2024 08:53 PM

අයියෝ සාමී.

:       107       34

නිහාල් Monday, 26 February 2024 08:38 PM

මිනිස්සුන්ට ගහන්න ආරක්ෂාව දුන්නු කෙනෙක්. වෙන රටක නම් පත්කරන්නේ නෑ

:       91       71

පුරවැසියා Monday, 26 February 2024 08:43 PM

අහෝ ලාල් නොදුටු මොක් පුර

:       67       41

Bandula Monday, 26 February 2024 08:52 PM

අනේ අපේ රටේ තත්වය පෙනව නේද නඩු බර ගානක් තියන ම්නිහ ලං කලාවේ පොලිස් පති පිටරට මිනිස්සු මේව දැනගත්තොත් අපිට පිටි පස්සෙන් හිනාවෙන්න. අයියෝ සාමී.

:       82       58

නිමන්ත Monday, 26 February 2024 08:54 PM

මේක නීති විරෝධියිනේ. උසාවියෙන් දඬුවම් ලබපු පුද්ගලයෙකුට පොලිස්පති වෙන්න තියා පොලිස් සේවයේ ඉන්නත් බැහැ.

:       72       61

පිටරටවැසියා Monday, 26 February 2024 08:55 PM

රීලෝඩ් අහවරයි වාගෙ ...

:       6       57

Nihal Monday, 26 February 2024 09:51 PM

යුක්තිය අඛණ්‌ඩව ඉදිරියට, දුප්පත් ජනතාවට ලොකුම උපකාරය ඒක දරුවෝ ටික විනාශයි,ගෑස් සිලින්ඩරක් වතුර මෝටර්යක් කිසිම දෙයක් තියන් නෑ,

:       15       81

janahithaTuesday, 27 February 2024 08:52 AM

සිලින්ඩරක් වතුර මෝටර්, මහබැංකු, බෙහෙත් හේත් සුදුළූණු ගුවන් සමාගම් කිසිම දෙයක් තියන්නේ නෑ...

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Monday, 26 February 2024 10:32 PM

එතුමාගේ ඇතැම් දේ ගැන අපටද ගැටළු තිබුණා.ඒත්, මේ ලෙස මත්ද්‍රව්‍ය ඇල්ලූ කාලයක් නම් තිබුණේ නැහැ. එතුමා විවේචනය කළ අප එතුමා කළ , අන් පොලිස්පති වරුන් නොකළ දේ ගැන අතිශයින්ම පුදුම සහගතයි. එම සේවය අගය නොකළහොත් , එය කුහක කමකි. ඕනෑම දෙයක් සියයට සියයක් සර්ව සම්පූර්ණ ලෙස කිරීමට කිසිවෙකුට නොහැකියි.එය සත්‍යයකි.එබැවින් , දේශබන්දු තෙන්නකෝන් මහතාටද සීයට සීයක්ම යමක් කළ නොහැකිය.ඒත් , එතුමා මේ සිදුකළ සේවය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අන්ද මන්ද වී ඇත.එය සත්‍යයකි.

:       40       94

RuwanTuesday, 27 February 2024 11:45 AM

ආණ්ඩුවේ හඩු අපුල්ලන්න කාලෙන් කාලෙට ඔහෙලා වගේ ඩෝබිල ඉන්න එක හොඳයි..

:       0       3

Don perea Tuesday, 27 February 2024 12:00 AM

එකම සුදුසුකම දේශපාලුවන්ට වන්දනාමාන කිරීමයි

:       59       60

Lalla Tuesday, 27 February 2024 08:46 AM

යුක්තිය ඉවරයි... අයුක්තිය පටන් ගත්තා...

:       0       1

Shashika519 Tuesday, 27 February 2024 09:30 AM

කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වගේ වුණොත් හොඳයි..!

:       0       2

විජේ Tuesday, 27 February 2024 09:41 AM

හොරෙක් හදපු රටක් කොහේද හලෝ..?

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 27 February 2024 10:09 AM

ජනාධිපතිවරණට පිනා ඇතුළු කළ කල්ලිය ලකලැහැස්ති වෙනවා...!

:       0       1

සමිත සේනක අලුත්ගමගේ Tuesday, 27 February 2024 10:29 AM

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දක්වා දිවෙන බොහෝ දුම්රිය තුළ හොර කල්ලි රජවීම නිසා දුම්රිය මගීන් විඳිනා පීඩාවල නිමක් නැත. මෙසේ බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය කිරීම නිසා විශාල සෙනඟක් කිටිකිටියේ තෙරපී ගමන් කිරීම හොරුන්ට ඉමහත් වාසියකි. දුම්රිය ආරක්ෂක හමුදාව නිළ ඇඳුමට පමණක් සීමාවීමත්, දුම්රිය බලධාරීන් තම ලාභය ගැන පමණක් ගැන සිතීමත් නිසා මේ තත්වය ඇතිවී තිබෙන බව පෙනේ. ගත වූ කෙටි කාලය තුළ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වූ තරුණියන් සිව් දෙනෙකුගේ ජංගම දුරකථන සූක්ෂම අයුරින් සොරා ගැනීම සිදුවිය. මාතර පොලීසියේ මේ පිළිබඳව පැමිණිලි සටහන්ව ඇත. මේ අය අතර විශ්ව විද්‍යාල සිසුවියන්ද වෙයි. ඔවුන්ගේ දේශන අඩංගු තොරතුරු නොමැතිවීම නිසා විඳිනා දුෂ්කරතා බොහෝයි. සංචාරකයින්ගේ බෑග් සොරා ගැනීම දුම්රියේ සිදුවෙන සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. නොදන්නා දේ තවත් කොපමණ ඇතිද? මේ නැති වූ ජංගම දුරකථන මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ඒවා අමතර කොටස් ගැනීමට ජංගම දුරකථන අළුත්වැඩියා කරන ආයතනවලට විකිණීම නිසා යැයි සිතිය හැකියි. පොලිස්පතිතුමා මේ සම්බන්ධව ඉක්මන් සුදුසු පියවරක් ගන්නේ නම් එය මහඟු සේවයක් වනු ඇත. ස්තූතියි...!

:       0       2

Dharmatileke Tuesday, 27 February 2024 11:35 AM

තිරිවානා ගල් යට ගිහින් ගොමරිටි උඩට ඇවිත්...

:       0       3

T.A.Amin Tuesday, 27 February 2024 11:58 AM

මහජනයාගෙන් ගුටිකාපු එකම පොලිස්පති...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 348 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 290 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 108 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 307 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 561 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 240 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 503 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site