ශ්රී ලංකාව ලොවට ගෙන යාමේ මෙහෙවරෙහි නියැලී සිටින ජාතික ගුවන් සේවය වන ශ‍්‍රී ලංකන් ගුවන්සේවය ලබන සඳුදා සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් පථයෙන් සිය මංගල ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.
පළමුව රියාද් නගරය වෙත සතියකට ගුවන් ගමන් 02 ක්ද, බැංකොක් හරහා බීජිං නගරයට ගුවන් ගමන් 02ක්ද, ෂැංහයි නගරයට එක් ගුවන් ගමනක්ද ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සැලසුම් කර ඇති අතර මිහින් ලංකා ගුවන් ගමන් 02 ක් බුද්ධගයාවට යාමට සැලසුම් කර ඇත.
ශ‍්‍රී ලංකන් කේටරින් මගින් මත්තල ගුවන් තොටුපොළේ පියාසැරි මුළුතැන්ගෙය සම්පූර්ණයෙන්ම පාලනය කෙරෙමින් මාර්ගස්ථ ආපන ශාලාවල ව්‍යාපාරික පන්තියේ විවේකාගාරය සහ පොදු ආපනශාලාව වෙත ආහාරපාන සපයනු ලබයි.
හම්බන්තොටට තදාසන්න පෙදෙස්වලින් අනුයුක්ත කරගනු ලැබූ 52 ක් වූ කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ආපන ශාලාව මගින් සෑම ආහාරපාන සැපයීමක් සඳහාම දේශීය නිෂ්පාදන උපරිම වශයෙන් භාවිතා කරන බව එම ගුවන්සේවය පවසයි.
.
වෙනත් ගුවන්සේවාවල ඒ 300,320,340 ගුවන් යානා සහ බෝයිං 737 ගුවන්යානා සඳහා මත්තල ගුවන්තොටුපොළේදී සියළු නඩත්තු අවශ්‍යතා ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ ඉංජිනේරු අංශය මගින් සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කම රැක ගන්න ඕනේ (දී)
සුද්දන්ට ලංකාවේ කෑම හුරු කරන්න (දී)
අපි අනුරාධපුරේ නිසා මත්තලනම් අපිට එපා. රටක දියුණුව හොඳයි. නමුත් මීට වඩා ප්‍රායෝගික දේවල් තිබුණනම් හොඳයි. මෙය දියුණුව නොවේ (ස)
සන්තෝසයි (දී)
අපි ලෝකෙට යන්න කලින් අපේ දේ රැක ගෙන ඉන්න ඕනේ (දී)
වැඩේ හොඳයි තව පරම්පාර හතකට හම්බකරගෙන ඇති. එච්චරයි (අ)
මොනවා කියන්නද කියලා හිතෙන්නෙ නෑ, සමහර අයගේ අදහස් නිකං සීනීබෝල වගේ. ඇත්තෙන්ම කියනවනම් මේක දියුණුවේ එක පියවරක් හැටියටයි මම දකින්නෙ. නමුත් පරිසර විනාශය මැද්දෙන් යන දියුණුව නම් මම අනුමත කරන්නෙ නෑ, තිරසාර සංවර්ධනය නිවැරදි අයුරින් ක්‍රියාත්මක වෙනවානම් ගැටළුවක් නැහැ. සමහර අය මේවට බනින්නෙ මේවා අපේ රටේ විතරක් වෙනවා වාගෙයි. ඒ අය ගැන නම් කලකිරෙනවා. අනුරාධපුරේ කෙනෙක් බුද්ධගයාවට යන්න මත්තලට යන්න ඕනෙද කියලා එක ඇත්තියක් අහලා තියෙනවා. එයාට ටිකක් මෙවුව එකද කොහෙදෝ.. අපි ඊළඟ අයවැයෙන් එයාට(චතුරිකාට) බුද්ධගයා යන්න අනුරාධපුරේටත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ගෙනෙමු. මේ ආරංචිය කොහොම හරි චතුරිකාගෙ කනේ තියන්න. කුරුල්ලොනම් කොහෙද නැත්තෙ. ඒත් මත්තල ආශ්‍රීතව කටුනායකට වඩා කුරුල්ලන් ඇති. ඒත් කටුනායකත් සැලකිය යුතු කුරුල්ලන් (කාක්කන්) ඉන්නවා තොග පිටින්. ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ, බලමුකෝ වෙන දේ... නමුත් අනවශ්‍ය වියදම් වලටනම් අපිට සහතික දෙන්න බෑ, මොකද මහජනතාවගේ සල්ලිනේ... (අ)
අපි නම් කැමති ඒ වැඩේට (දී)
සුභපැතුම් අපේ ලංකාවට (දී)
අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)
ගුවනට දේශිය ආහාර (දී)
ලංකාවේ අභිමානය ලෝකෙටම (දී)
සන්තෝසයි (දී)
මත්තල ලංකාවේ ඇති දේශීයත්වය අරගෙන ලෝකෙටම යනවා (දී)
දේශීය විදේශීය සියල්ලන්ටම රසවත් ලාංකීය ආහාර වේලක් (දී)
ඊලඟ ගුවන්තොටුපල කොහේද ?? දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉමු. (ස)
අගනා වැඩක් (දී)
ලංකාවේ කෑම ජාත්‍යන්තරයට ගෙන යන්න හොද අවස්තාවක්
අපේ රටේ කෑම ලෝකෙම කතා බහට ලක් වෙයි (දී)
අපිත් ඒ වදෙටනම් හද පතුලෙන් කැමති (දී)
අගය කරන්න ඕනේ වැඩක් (දී)
අනේඅපිට මත්තලින්වත් රැකියාවක් හොයාගන්න ලැබුණොත්? (නි)
අනුරපුර අය විතරක් නොවේ දකුනේ අයත් රට යනවා (අ)
රස , ගුණ ශ්‍රී ලාංකීය කෑම ලෝකෙටම ප්‍රචාරය කරන්න පුළුවන් හොද ක්‍රමයක් (දී)
කටුනායකින් කරගන්න බැරිවුන එක වැඩක් කියන්න බලන්න. ලෝකෙට නය වෙලා සල්ලි පිල්ලි ගහන එක කරනවද? වරාය හදලා දැන් හුගක් සරු ඇති නේද? මගේ රට ගැන මට දුකයි.(නදී)
අනේ අපිට කටුනායක සිට කොළඹට යන්න කෝච්චියක් දෙන්න පුළුවන් නම්? (නි)
අන්න ඒ වැඩේ නම් 100%අගය කරන්න ඕනේ (දී)
දේශීය කෑමට මත්තලින් මුල්තැන අපි අගය කල යුතුයි (දී)
මට නම් කිරිබත් කාපුවහම බඩ බුරුල් වෙනවා. ගුවනෙදි එහෙම වුණොත්? (නි)
මත්තල අලින්ට මොකද වුනේ.(නදී)
ශ්රී ලංකාවට ජයවේවා (දී)
සෞදියේ ඉන්න අපට කටුනයකම දෙන්න. කුරුණෑගල අනුරපුර වැනි අපට අවරුදු දෙකක් මෙහෙ ඉඳල හම්බන්තොට ගිහින් ගම්පලතට යන්න . කරුණාකර කටුනයකම දෙන්න. (ස)
සුබ පැතුම් අපේ ශ්‍රී ලංකා (ස)
මගේ සුභ පැතුම්! පොඩි යෝජනාවක් විදියට මිට සමගාමීව දුම්රිය මාර්ගයකුත් ඉදිකළා නම් මහජනතාවට පහසුවක් වේවි යැයි මම පවසනවා. (නි)
කටුනායක ගුවන්තොටුපල අපේ උරුමයක්, එය රැක ගනිමු (ස)
දේශීය කම ,දැනුම හැමදෙයක්ම අගය කරනවානම් හොඳයි (ස)
සුබ පැතුම්, හරිම සතුටුයි ! (ස)
චතුරිකා, අනුරාධපුරේ ඉදලා ඕනෑ නම් කතරගම වැදගෙන මත්තලට ඇවිල්ලා බුද්ධගයාවට යන්නකෝ. (නි)
කටුනායක ගුවන්තොටුපල වහන කතාව ඇත්තක්ද ? (ස)
මේක කුරුල්ලන්ගේ පාරාදීසයක් නිසා මම නම් දකින්නේ අනතුරුදායක බවක්. හදිස්සියේ කුරුල්ලෙක් එන්ජිමක හිරවුණොත් මොනවා වෙයිද? (නි)
හලාල් කෑමද? (නි)
ලංකාව වගේ පොඩි රටකට ගුවන්තොටුපලවල් දෙකක් ඕනි නෑ (ස)
මට නම් පෙනෙන්නේ මේවා බොරු වියදම් හැටියටයි. (නි)
සුභ පැතුම්! (නි)
කන්න දෙන්න වෙන්නේ කුරහන් තලප තමයි (ස)
අනුරපුර කෙනෙක් බුද්ධගයාවේ යන්න හම්බන්තොට යන්න ඕනද ? (ස)
අපිඅට රට කෑම නැද්ද ඒ කියන්නේ (දී)
නියමයි....නියමයි.... නියමයි කියන්නේ නියමම නියමයි (දී)
ලංකාවේ අනන්‍ය තාවයට හොද ලකුණක් ඒ වැඩේ (දී)
ගානත් සාධාරණද (දී)
පොල්සම්බෝලයි බතුයි (ස)
කොහොමද ගාන එහෙම (දී)
අපේ රටට ගුවන් තොටුපළවල් දෙකක් තියෙන්න ඕන එක ඇත්ත. මේක කාලීන අවශ්‍යතාවක් , නමුත් කරන්නේ ප්‍රායෝගිය වැඩ නෙමෙයි (ස)
අහිංසක මහජන මුදල්වලින් පිනුම් ගහගහා මේ කොයිබටද රට යන්නේ (ස)
මම හිතන්නේ සුදුසුම දේ තමයි කුරක්කන් තලපයි , මිරිස් හොඳ්දයි. සුද්දෝ හිතයි චුයිංගම් කියලා (ස)
නියමයි....නියමයි.... (දී)
අපිට කන්න ඕන නෑ , කටුනායකින් බැහැලා පැය භාගයෙන් ගෙදර යන්න තිබුණොත් හොඳටම ඇති (ස)
කොහොමත් ඉදිරියේදී අපි හොඳ නැතුවම කනවා කියලනම් තේරෙනවා (ස)
මත්තලට අලි එනවා කියල අලි වැට ගැහුවලු. කුරුල්ලන්ට මොනවද කරන්න යන්නේ. (අ)
මමනම් 100% එකඟයි (දී)