IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දෝෂාභියෝගෙන් ආයෝජනේට බලපෑම්

විදේශ ආයෝජකයන් තම ආයෝජන තීරණ ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපතය්‍ය ගැන තක්සේරු කිරීම රහසක් නොවන බවත්, ශිරාණි බණ්ඩාරනායක හිටපු  අගවිනිසුරුවරියට එරෙහිව ගත් දෝෂාභියෝග ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණය අනතුරකට හෙළීමට ඉඩ ඇති හෙයින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ද ප්‍රශ්නයක් විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති මිෂෙල් සිසන් මාතර දී ප්‍රකාශ කළාය. මාතර දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ රැස්වීමකදී ඈ එසේ කීවාය.

ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලය බෙදීමේ පිළිබඳ  ප්‍රශ්නද ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට එහි බලපෑමේ ඌණතාවක් පැවතීම ද දෝෂාභියෝගයෙන් පෙනන බව ද ඇය කීවාය.

ශක්තිමත් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා මහජනයාගේ හා රජයේ අවශ්‍යතා ඉටුකරන ශක්මත් හා කාර්යක්ෂම නීති පද්ධතියක් තිබිය යුතු යැයි ද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා වැඩ පිළිවෙළකට ඇමෙරිකා එක්සත් ජනපදයේ අන්තර්ජාතික සංවර්ධන ආයතනය ඇමෙරිකා ඩොලර් ලක්ෂ 45ක් රුපියල් (රුපියල් කෝටි 57.6) වැය කරන බව ද ඈ පැවසුවාය.



අදහස් (0)

දෝෂාභියෝගෙන් ආයෝජනේට බලපෑම්

දම්මික Friday, 18 January 2013 12:43 PM

ඔබ හරියට හරි ඉන්ද්‍රජිත් (ස)

:       0       0

සේනාධීර Friday, 18 January 2013 03:45 PM

සිල්වා, ඔයා නම් කාලෙකින් නොදැකපු තරම් මෝඩයෙක්. (නි)

:       0       0

අමල් පෙරේරා Friday, 18 January 2013 12:27 AM

රට ස්වාධින උනාට රට කරන කට්ටිය බාගයක්ම ඇමෙරිකානු පුරවැසි භාවය නිසා මේ කියන දේත් ඇත්තක් තියෙනවා. (දී)

:       0       0

පුබුදු Friday, 18 January 2013 12:48 AM

සම්භාදක දැම්මම අපි තමයි වන්දි ගෙවන්න ඕනේ (දී)

:       0       0

බුද්ධික Friday, 18 January 2013 01:50 AM

ඕකෙන් මේකෙන් වෙන්නේ අසරණ මිනිහව තවත් අසරණ කරන එක තමයි (දී)

:       0       0

සිල්වා Friday, 18 January 2013 03:43 AM

අප රට තුල රැස්වීම් පැවැත්වීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද කියා ඔබ  සියල්ලන්ටම  මෙන් මටද එකවරම සිතට නැගේ. මේ තමා අධිරාජ්‍යවාදීන්ගේ බලය පෙන්වීම. අප රටටත් ඒ අයට සුදුසු ඔලුව නවන නායකයෙකු පත්කරන්න වෑයම් කරන්නේ. ඒ තුලින් අපගේ රට දෙකඩ කර ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමටයි මාන බලන්නේ. (නි)

:       0       0

දිසස් Friday, 18 January 2013 04:39 AM

ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට දැන්වත් හිස නවන්න ඉගෙන ගනිමු. (ස)

:       0       0

ද සිල්වා Thursday, 17 January 2013 05:07 PM

අපි මේ ණය බාලාගෙන ඉන්නෙ..!(නු)

:       0       0

නිරාන් Thursday, 17 January 2013 05:08 PM

බලයෙන් උදම් වූ විට දෑස් අන්ධ වේ. (නි)

:       0       0

සංජීව Friday, 18 January 2013 05:56 AM

ඕවා ඉතින් ඉල්ලගෙන කන දේවල් විදියටයි අපි නම් දකින්නේ. (නි)

:       0       0

ගජය Thursday, 17 January 2013 05:21 PM

විදේශ තානාපති කෙනෙකුට ස්වාදීන රටක දේශපාලනයට මෙහෙම බලපෑම් කරන්න පුළුවංද?(නු)

:       0       0

රවී Friday, 18 January 2013 07:33 AM

මේ අදහස් දක්වන අය දැක්කහම හිතෙනවා ලංකාවේ අය කොච්ච්ච්ර මෝඩද කියලා. උදාහරණයක් විදියට කෙනෙක් ලංකාවේ ආයෝජනය කරනවා නම් රුපියලක් දෙකක් නෙමෙයිනේ ඒකට යොදවන්නේ. ඩොලර් බරගාණක් ආයෝජනයක් කරලා තියෙද්දී අපේ දේශපාලු කෙනෙක් ඒක අයිති කරගන්න ගියොත් එයාලට තියෙන්නේ නීතියේ පිහිට විතරයි. ඒ වගේ දෙයක් වෙයි කියල හිතෙනවා නම් මොළේ තියන අය ආයෝජනය කරන්නේ නැහැ. ඕක තේරුම් ගන්න බැරි අය තමයි නන් දොඩවන්නේ. (නි)

:       0       0

සිල්වා තබුක් Thursday, 17 January 2013 05:26 PM

කෝ මේ අපේ අය..!(නු)

:       0       0

සදරුවන් Thursday, 17 January 2013 05:28 PM

ආදාර එපා.. අපි කොස් දෙල් කාලා හරි ජීවත් වෙමු.. ලිබියාව මතක් වෙද්දිත් බයයි..!(නු)

:       0       0

සෑම් Friday, 18 January 2013 07:39 AM

මමනම් එක වචනයක් වත් කතා කරන්නේ නැහැ (දී)

:       0       0

මහීන් Friday, 18 January 2013 07:46 AM

නීතිය සහ ස්වාධිපත්‍යය තහවුරු කරන්න ඇමරිකාව හරි ඉදිරිපත් වෙනවා නම්... (නි)

:       0       0

සිල්වා Friday, 18 January 2013 01:52 PM

සමන්,ඇමරිකාවල අසනීපයක්,දරු ප්‍රසූතියක්,හදිසි අනතුරක් සිදුවී රෝහලවෙත ගිය විට පළමුව රක්ෂණ සහතිකය නැතිනම් මුදල් ගෙවා නැතිනම් ලෙඩා ඇතුලටවත් නොගන්නේ නෑ (ස)

:       0       0

ලාරා Thursday, 17 January 2013 05:34 PM

ඇමරිකාවෙ ජනගහනය ලෝක ජනගහනයෙන් 7%ක් පරිභෝජනය කරනවා ලෝක සම්පත්වලින් 36%ක් සුඩානයේ සෑම තත්පර 25කට සැරයක් ළමයෙක් මැරෙනවා කන්න නැතිව.. ආදාර දෙයිද අපට.,?(නු)

:       0       0

දිලාන් Saturday, 19 January 2013 11:45 AM

වෙන රටක තානාපති කෙනෙක් කොහොමද අපෙ රටේ නීතියට බලපෑම් එල්ල කරන්නෙ. (ස)

:       0       0

දිලීප Thursday, 17 January 2013 05:43 PM

දැක්ක නේද කාටවත් නොපෙනෙන පැත්තක් (දී)

:       0       0

අජිත්කරැණාරත්න Thursday, 17 January 2013 05:51 PM

රැපියල් කෝටි 57ක් ගන්නකොට හිතුවෙ නැද්ද බලපෑම් කරන්න පුළුවංද කියලා..!(නු)

:       0       0

සජිත් Thursday, 17 January 2013 05:55 PM

ගජයා, ස්වාධීන රටකට නම් බැහැ. ඒ උනාට ලංකාව දැං ස්වධීන රටක් නෙමෙයිනේ..!(නු)

:       0       0

වජිර Thursday, 17 January 2013 05:58 PM

මෙහෙම විදේශ රටවල තානාපතිලට කතා කරන්න පුළුවං නම්අපයෙත් ඇයි පිටරටවල එහෙම කතා කරන්න බැරි...!(නු)

:       0       0

සිල්වා Thursday, 17 January 2013 06:02 PM

ඒ කොහොමද (දී)

:       0       0

සරත් Friday, 18 January 2013 08:50 AM

රවී ඔබ හරි (ස)

:       0       0

රත්නපාල සුභසිංහ Thursday, 17 January 2013 06:13 PM

ණය ගන්නකොට ස්වාධීන වෙන්නෙ කොහෙද? (නු)

:       0       0

මිහිරි Friday, 18 January 2013 09:10 AM

ප්‍රවෘත්තිය හරි හැටි කියවා කමෙන්ට් කරන්න.මේ ‍රැස්වීම ඇමරිකාව ලංකාවේ තියපු එකක් නෙවෙයි.ලංකාවෙ තියපු එකකට එයාට ඇරයුම් කරලා.අනික ලංකාවෙ අධිකරණය ස්වාධීන කරන්න කියලා අපි සල්ලි ඉල්ලන හින්දා තමයි ඒ ගොල්ලො ඊට කලින් ලංකාවෙ පවතින තත්ත්වය ගැන හොයලා බලන්නෙ,අනික ඇමරිකාවෙ ජනතාව ලෝක ජනගහනයෙන් 7% පරිභෝජනය කරනවා කියන්නෙ මොකක්ද?අනික ලිබියාව,ඉරාකය ඇමරිකාව එන්න කලින් සුර පුරයක් වෙලා තිබුනෙ නෑ,ඇමරිකාව නිකන්ම ගිහින් ගැහුවා නෙවෙයිනෙ,ඒ රටවලිනුත් යම් තල්ලුවක් තිබුනා ඒ විදිහට සිද්ද වෙන්න. (ස)

:       0       0

චතුරංග Thursday, 17 January 2013 06:22 PM

එයාලා ඉරකෙට ලිබියාවට කරපු දේවල් සාධාරණද? ඒ රටවල්වලට ස්වාධීන කම නැතිකරලා අපේ අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කරන්න..!(නු)

:       0       0

නන්දලාල් Thursday, 17 January 2013 06:36 PM

ඇමරිකන් තානාපති තුමිය හිතාගෙන ඉන්නේ ලංකාව එයාලගේ කොලනියක් කියලද දන්නෙ නැහැ..!(නු)

:       0       0

සදුන් Thursday, 17 January 2013 07:03 PM

ගජයා මෙයාලා හිතාගෙන ඉන්නේ මේක ටයත් විජිතයක් කියලා... එයාලට ඕන විදියට වැඩ කරන්නෙ නැතිවට තරහෙද කොහෙද?(නු)

:       0       0

කවි Friday, 18 January 2013 09:36 AM

මෙච්චර බලපෑමක් කරන්න හැකි උනාද (දී)

:       0       0

කුමාර Thursday, 17 January 2013 07:20 PM

ඔකෙනුත් අපි තමයි වන්දි ගෙවන්නේ (දී)

:       0       0

ප්‍රියන්ත Friday, 18 January 2013 09:43 AM

දැන්මම පේනවා නේද යම් යම් අත්තනෝමතික තීරණවල ඵප්‍රතිඵල.කොහොමත් ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු තල යුතුයි.එතකොට තමයි ජාත්‍යන්තරය ඉදිරියේ කොන්ද කෙලින් තියා ගන්න පුලුවන්.නීතියේ ආධිපත්‍ය රැක ගන්න නම් කවුරුත් ඉදිරිපත් උනත් කමක් නෑ.සාමාන්‍ය ජනතාවට අන්තිමට තියෙන්නේ නීතියේ පිහිට විතරයි (ස)

:       0       0

දුසන්ත යග්ගහවිට Friday, 18 January 2013 09:50 AM

ඇමරිකාව හිතන් ඉන්නේ ශ්‍රී ලංකාව ඇමරිකාවේ පාන්තයක් කියලද ? (ස)

:       0       0

ලාල් Thursday, 17 January 2013 07:49 PM

ඇත්ත විදේශ ආදාර නවත්වපු ගමන් ඉවරයිනේ (දී)

:       0       0

ලලිත් Thursday, 17 January 2013 07:52 PM

කොහෙන් මේ වැඩේ ඉවර වෙයිද දන්නේ නැහැ ( දී)

:       0       0

ජයන්ත Friday, 18 January 2013 10:18 AM

අපේ රටත් ලිබියාවක් කිරිමේ පළමු පියවර හැටියටයි මම දකින්නේ (ස)

:       0       0

සරත් Thursday, 17 January 2013 08:12 PM

වැඩක් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ගංගා Friday, 18 January 2013 02:39 PM

රටට හානියක් වෙන්න දෙන්න එපා (දී)

:       0       0

චින්තන Friday, 18 January 2013 02:40 PM

මොනවා වෙන්න යනවද මන්දා (දී)

:       0       0

කුමාරි Friday, 18 January 2013 06:15 PM

ඇමෙරිකාව හරිම ආදරෙයි අනෙක් රටවලට අත දෙන්න ආයෝජනය කරලා. ඵ්කනෙ ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය වගේ රටවල නීතිය රජ කරවලා ඵ් රටවල ආයෝජනය කරන්න ඇමෙරිකානුවන්ට ඉඩ සලසලා තියෙන්නෙ. මට හිතාගන්න බැරි වෙන රටවල තානාපතිවරුන් අපේ රටේ ඇතුළත ප්‍රශ්න ගැන ඕනෑවටත් වඩා කතා කරනවා , නොයෙකුත් ප්‍රකාශන නිකුත් කරනවා. ඵ්ත් අපේ රටේ නියම තත්වය ගැන යමක් අනෙක් රටවලදි ප්‍රකශ කරන්නෙ කීයෙන් කී දෙනාද? (නි)

:       0       0

සමන් Friday, 18 January 2013 10:59 AM

හදිසියකට බේත් ගන්න තියෙන රට ඇමෙරිකාව එක නිසා බනින්න එපා (ස)

:       0       0

චමින්ද Friday, 18 January 2013 11:13 AM

අධිරාජ්‍යවාදින්ට එරෙහිව සටන් කරන්න උනත් අපේ රටේ යුක්තිය සාධාරණය හැම කෙනාටම එක වගේ තියෙන්න ඕන. බොරුවෙන් අයුක්තියෙන් මොන දේ දිණුවත් වැඩක් නෑ. ඔය දැන් මහ ‍ලොකුවට කෑ ගහන අය ඇත්තම විදේශ අ‍ක්‍රමණයක් ආ දාට බලන්ඩකො ලංකාවෙ පැත්ත පළාතෙ ඉදියිද කියල? එදාට රට වෙනුවෙන් සටන් කරන්න වෙන්නෙ මේ රටේ ඉන්න අහිංසක කොල්ල කෙල්ලන්ට විතරයි.(ස)

:       0       0

රුවන් Thursday, 17 January 2013 09:16 PM

තානාපති කියලා තියෙන දේ ඇත්ත. ඒත් අපිට දෙන ආධාර වලින් කොටසක් යොදවලා ඇමරිකාවේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට සහනයක් සළසවලා දෙන්න පුලුවන් නම් හොදයි. (නි)

:       0       0

සිල්වා Friday, 18 January 2013 02:56 PM

ඇමරිකාන් මානසිකත්වයෙන් මේ තීරුවට ලියන අයටයි,තම රටේ  ආයෝජනය නොකර අප රටට එනනේ  අපට ආදරේටද?  (ස)

:       0       0

මධු Thursday, 17 January 2013 09:24 PM

මම හිතුවා ‍ඔහොම වෙයි කියලා. (නි)

:       0       0

රොෂාන් Thursday, 17 January 2013 09:28 PM

මේඩ් ඉන් ඇමරිකා කියන දේවල් මොනවාද තියෙන්නේ මෙහෙ? (නි)

:       0       0

ආනන්ද Friday, 18 January 2013 11:21 AM

ශ්‍රී ලංකාව ඇමරිකාවේ ප්‍රාන්තයක් නෙමෙයි. ලංකාවේ නිමි ඇදුම් මිලට ගන්නේ ලංකාවට බයේ වෙන්න ඇති (ස)

:       0       0

පද්මි Friday, 18 January 2013 11:31 AM

මොනවා වෙන්න යනවාද මන්දා (දී)

:       0       0

අන්ද්‍රා Friday, 18 January 2013 11:35 AM

අපේ ගොඩක් දේශපාලකයන්ට ඇමරිකාවේ පුරවැසි භාවය තියෙනවා. ඉතින් තව මොන කතාද ? (ස)

:       0       0

හේරත් Thursday, 17 January 2013 09:59 PM

අ‍නේ මන්දා? අලුත් අලුත් අය දැන් ගොඩයි. අපි නම් දන්නෙ නැහැ ජේ.වී.පී.ද? යූ.එන්.පී ද? වී.අයි.පී. ද කියලා. (නි)

:       0       0

සංජීව Thursday, 17 January 2013 10:02 PM

අපි ආධාර මුකුත් අරගෙන නැත්නම් මේකට හොදට උත්තර දෙන්න තිබුණා. ඒත් අපි‍ කෝටි ගණනින් ආධාර අර‍ගෙනකොට මේකට‍ මොනවා කියන්නද? (නි)

:       0       0

කැටවල Thursday, 17 January 2013 10:23 PM

අපිට සල්ලි තෑගි කරනවාද? (නි)

:       0       0

අනුරාධ Friday, 18 January 2013 11:57 AM

ලංකාවට අහිතක් කරන්නකෝ බලන්න (දී)

:       0       0

සමන් Thursday, 17 January 2013 10:32 PM

අනේ ඇත්තට මෙතන තියෙන අදහස් දක්කහම අපේ රටට මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ... බොලවු, අපේ රටට වැඩියෙන්ම වින කරන්නේ සුද්දෝ නෙවෙයි, අපේ රට කරවන ඇත්තොම තමයි. (නි)

:       0       0

සඳුරුවන් Friday, 18 January 2013 03:13 PM

මම හිතන්නේ ඇමරිකාව කියන්නේ ලෝක ප්‍රශ්න වවාගෙන කන රටක්. මගේ රට ජාතිය සුද්දන්ගේ දෙපතුල ලෙවකන ජාතියක් වෙනවට මම කැමති නෑ. (ස)

:       0       0

සංජිව Thursday, 17 January 2013 10:34 PM

මේවයින් තැලෙන්නේ අහිංසක අපි (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 18 January 2013 12:14 PM

මිහිරි,රවී ඇතුළු බොහෝ දෙනෙකුට ඇත්ත දකින්න හැකිවීම ගැන සතුටුයි. වෙනදා මෙවැනි පුවතකට ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ බොරු දේශප්‍රේමී ඝර්ජනා පමණයි. ලංකාව සීගිරි යුගයටත් පෙර පටන් විදෙස් වෙළඳාමේ නිරත වුණ රටක්. එදා හිටපු නරපතීන් 'අපි ලෝකෙන් උතුම්ම රට නිසා අපට කාගේවත් අදහස් ඕන නැහැ' කියන මෝඩ අදහසේ සිටියේ වත් ජනයාට එවැනි මෝඩ අදහස් පොවන්න ගියේවත් නැහැ. ලෝකයෙන් තනිවී සිම්බාබ්වේ වගේ රටක් වෙලා හරි අපේ ලොකුකම කියවමින් ඉන්නම සිතන අයගෙන් මට අහන්න තියෙන්නේ, ඇමරිකාව ඔතරම්ම නොවැදගත් නම්, ඔයාලට ඔය සටන් පාඨ උගන්වපු උදවිය ඇමරිකාවේ ග්‍රීන් කාඩ් අරන් ඉන්නෙත්, පොඩි අසනීපයට පවා ඒ රටට දුවන්නෙත් ඇයි? ඔයාල මොන ලොකු කතා කිවුවත් ජී එස් පී එක කැපුන එකෙන් විතරක් රැකියා අහිමිවූ අපේ අය සංඛ්‍යාව දහස ඉක්මවනවා. පුළුවන් නම් ඒ පවුල් වලට යැපීම් මාර්ගයක් ලබාදෙන්න. (ස)

:       0       0

වජිර Thursday, 17 January 2013 11:03 PM

දැන් ඔය කතා වැඩක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 772 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2202 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11227 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1940 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3829 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site