2012 වසරේ දිවයිනට පැමිණි දශලක්ෂ වැනි සංචාරකයා ඉරිදා (30) මධ්‍යම රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මහත් හරසරින් පිළි ගනු ලැබීය.
ජියෑං යෑං නම් චීන කත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 889 ගුවන් යානයෙන් සිය සැමියා සමග ශ්‍රී ලංකාවට ආවාය.
ඇය ද, ඉංජිනේරුවකු වන යෑං බුං නම් ඇගේ සැමියා ද හෙළ සිරිතට කටුනායකදී ඇඳුම් ඇඳගත්හ.
ගුවන්තොටේදී පිරිනැමුණු ඔසරියක් ඇය ඇඳ ගත්තාය. ඇගේ සැමියාට ජාතික ඇඳුමක් පිරිනැමිණි.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති භාෂ්වර ගුණරත්න, ගුවන්තොටුපළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති කමල් රත්වත්ත, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රූ ජවුෆර් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ද ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා ද සංචාරක නියෝජිතයෝ ද ඇය මලින් පිළිගත්හ.
තමන් කැමති තැනක දින තුනක් සිරිලක් සිරි නැරඹීම සඳහා ඔවුනට ප්‍රවාහන, නවාතැන්, ආහාර හා සෙසු පහසුකම් සංචාරක ප්‍රවර්ධන කාර්යංශයෙන් සැපයේ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම සංචාරකයින් එන්නේ අරාබියෙන්... (නි)
සුසිල් ඔබට ස්තුතියි. (නි)
සුසිල් මිලානෝ , ඔයාලා වගේ බුද්ධිමත්ව හිතන්න පුලුවන් කට්ටිය අද ලංකාවේ නැහැ. (නි)
ෂා......ඒකත් හොඳයි (ස)
ඒ කියන්නේ කවුරුහරි මෙහෙමට එන සංචාරකයින්ව 1,2,3... කියලා ගණන්කරනවද? (නි)
ඒ දින තුනේ ඔවුන් කුමන ස්ථාන වලට යාවිද දන්නෙ නැහැ නේද? (නි)
ලැම්බෝගිනි වලටත් අත දිග හැරලා වියදම් කරන අය නම් ඔය ලංකාවෙත් ඉන්නෙ... ඇති අය කොහෙත් කති බොති නැති අය ? (නි)
රන්පදක්කම දිනපු අපේ අර ළමයටත් ඔහොම කළා නම් කොච්චර හොදද? (නි)
මේ ගණන් කිරීම කරන්නේ කොහොමද? දවස් 366ට ලක්ෂ 10ක් එන්න අඩු තරමේ දවසට 2732ක් එන්න ඕනෑ. ඒ කියන්නේ දවසේ හැම පැයකටම 113ක් එන්න වෙනවා. මේක ඇත්තටම වෙන්න පුලුවන්ද? එහෙම නම් ලන්ඩන් හිත්රෝ ගුවන් තොටුපල වගේ අපේ රටෙත් නිතරම ගුවන් යානා බානවා. ආසියාවේ ආශ්චර්යය.... (නි)
එයා හරි උසයි නේද? (නි)
අපි කොහොමත් සිරිත් විරිත් දන්න අයනේ (ස)
"මේඩ් ඉන් චයිනා" (නි)
ආපු අය දන්නවද අද 31 කියලා(ස)
අද 31 නේද ? (ස)
බලන්න ඔසරිය ඇන්දම සාරිය අදින කාන්තාවන්ට වඩා කොච්ච්චර ලස්සනද කියල (ස)
අම්මෝ...මෙයාලගේ උස (ස)
හරිම ආඩම්බරයි අපේ රට ගැන , අපි කෙසේ හෝ දියුණු විය යුතුයි (ස)
මෙයා කවුරු වගේද (ස)
ඒ වුණාට යුරෝපීය ජාතිකයින් විතරයි අත දිග හැරලා වියදම් කරන්නේ. (නි)
ඔය ආපු දසලක්ෂයට චීන්නුන් කී දෙනෙක් ඇතුළත්ද දන්නෙ නැහැ? (නි)