ළමා රෝග පිළිබඳ කීර්තිමත් වෛද්‍යවරියක වූ දොස්තර විද්‍යා ජෝති ස්ටෙලා ද සිල්වා මහත්මිය(93) අභාවප්‍රාප්ත වූවාය. ඇය හැට වසරක් පුරා ළමා වෛද්‍ය විශේෂඥවරියක වූවාය. එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක හා ඩඩ්ලි සේනානායක ආණ්ඩුවල ඇමැතිවරයකු සී පී ද සිල්වා මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මෙරිල් ද සිල්වා මහතාගේ සහෝදරියක වූ ඇය ඇම් ඩී වෛද්‍ය උපාධිය දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවද, එංගලන්තයේ රාජකීය වෛද්‍ය විද්‍යාලයේ එම් ආර් සී පී උපාධි දෙකක් දිනාගත් දකුණු ආසියාවේ ප්‍රථම කාන්තාවද වූවාය.
වෛද්‍ය විද්‍යාව ඇතුළු විද්‍යාවට කළ මෙහෙය වෙනුවෙන් ඇය ‘විද්‍යා ජෝති‘ යන ගෞරව නාමයෙන්ද පුද ලැබුවාය.
අවසන් කටයුතු කොළඹ කනත්තේදී අද පස්වරු 5.00ට සිදුවීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙද මෑණියනි, ඔබට නිවන් සුව.
දොස්තර ස්ටෙලා ද සිල්වා මහත්මිය ලංකාවට බිහිවූ ඉතාමත් දක්ෂ වෛද්‍යවරියක්. කුඩා කාලයේදී බදුල්ල රෝහලේදී මටද, මෑත කාලයකදී මගේ පුතනුවන්ට ද ඇය බෙහෙත් කළාය.
ඔබට නිවන් සුව ලැබේවා..