රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) දිවයින පුරා රජයේ රෝහල්හි ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය ලබන 25 වැනිදා තෙක් බල පැවැත්වෙන වාරණ නියෝගයක් නිකුත් කළේය. කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන හෘද රෝගියකු වන ආර්.ඒ. අජිත් සේනක මහතා කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා ඉදිරියේ ගොනු කළ පෙත්සමක් සැලැකිල්ලට ගනිමින් එම වාරණය නිකුත් කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දොස්තර වරුන්ගේ චර්යාවන් නම් අන්තිමයි.වර්ජනය නොකර වෙන කරන්න වැඩක් ඇත්තෙම නැද්ද?
වෛද්‍යවරුන්ගේ වර්ජනයට යටිතල පහසුකම් සපයන්නේ මල්ශාලා වලින්ද?
ඉගන ගන්නේ මහජනයාගේ සල්ලිවලින්. මුල මතක නෑ. අහිංසක ලෙඩ්ඩු ඇපේට තියල තමන්ගේ මල්ල ගැන විතරයි හිතන්නේ. ලංකාවේ දොස්තරලා කරනදේ කිසිම රටක කරන්නේ නෑ. ලංකාවේ තියෙන්නේ වර්ජන අදිකාරියක් වර්ජනේ කියල රටම බය කරගන්නවා.
ලංකාවේ ඉන්න ඔක්කොම දොස්තරලා සතියක් බේත් දෙන්න බැ කිව්වොත් මොනව වෙයිද
කන්නන්ගර තුමාගේ නිදහස් අධ්‍යාපනය කනපිට පෙරලිලා.. දැන් '' රටෙන් මට විණා මගෙන් රටට වෙන දෙයක් නැත'' (ස)
දැන් ඉන්න දොස්තරලා හිගා නොකා හිගා කනවා. තත්වේ තියා ගන්න කියලා වාහන අරගෙන ලීසිං වලට හරි බැංකු වලට හරි මුලු පඩියම ගෙවනවා මාසේ ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන් ප්‍රයිවට් කරලා තමයි එදා වේල හොයා ගන්නේ. අපිට වාහන නැති උනාට කලා බීලා බැංකු වලට නය නැතුව ඉන්නවා
හොඳවැඩේ සල්ලි තන්හාවට ගියාට
උත්සාහවන්තයා ජය ගනී.
ඉන්ද්‍රජිත් ,හැබැයි ඔබ මොන දේශපාලන පක්‍ෂයේද කියා කියන්න ඕන.නැත්නම් වැඩක් නැහැ.
මම යාලුවෙන්න උත්සාහ කරපු ගෑණු ළමයා තරහ වෙලා. කතාකරන්නේ නැහැ. මම දැන් කරන්නේ අධිකරණයට ගිහින් එයාට විරුද්ධව නියෝගයක් ඉල්ලනවා, අද සිට මට ආදරය කල යුතුයි කියල. අධිකරණය මට සාධාරණය ඉටුකරන බව මට විශ්වාසයි. බලමු එයා ඉන්න හැටි...
විකාර. ලෙඩ්ඩු කොහෙද උසාවියේ පෙත්සම් ගොනු කරන්නේ. අපි දුක් විය යුතුයි හැමදාම වාරන ගේන එක ගැන.
සියළු සත්වයෝ නිදුක් වෙත්වා... ලෙඩ නොවෙත්වා....
ලංකාවෙ දොස්තරලගේ ඒකාධිකාරයක් තියෙන්නේ. ඒක නැති කරන්න රජය විසින් මොනවා හෝ කළ යුතුයි.
ලංකාවේ තියෙන්නේ දොස්තර ඒකාදිකාරයක්.ඒක නැති කරන්න මොනවා කළත් කමක් නෑ
කරන්න තියෙන හොදම දේ ඒ අයට වර්ජනය කරන්න ඉඩ දිලා හමුදා දොස්තරවරැ කැදවන එකයි.ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා...
දොස්තරල ගොඩක් අය අසරණ රෝගින්ගේ මුදල් හිතක් පපුවක් නැතිවිදියට ගසාකන ජාතියක්. රජයේ රොහලකදී දුප්පත් ලෙඩෙකුට විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය ලබාගන්න විදියක් නැහැ. හැබැයි චැනල්කරල ලබාගන්න පුලුවන්.දුප්පත් ලෙඩෙකුට විශේෂඥ වෛද්‍යවරයකු චැනල් කරන්න දින 2-3 මුදල් හම්බකරන්න ඕනේ.ඔවුන්ගේ චැනල් ගාස්තු හරිම අසාදාරණයි. චැනල් සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයකු එක හවස් වරැවකදී අසරණ රෝගීන්ගෙන් රැපියල් ලක්ෂයක් විතර ෂුරාගන්නවා. එහෙමත් තියෙද්දී මොවුන් මේවගේ ස්ටයික් කරන එක අතිෂයින් අමානුෂිකයි.උදේ ඉස්පිරිතාලවල ස්ටැයික් කල එක දොස්තරයෙක්වත් අද හවස චැනල් සෙන්ටර්වලනම් ස්ටැයික් කරන්න නැතිව ඇති.
සල්ලි තණ්හාවේ සීමාවක් ඇත්තෙම නැද්ද මන්දා
අනිවාර්යයයෙන් ඕක පිටිපස්සේ දේශපාලඥයෙක් ඉන්නවාමයි
ලෙඩ්ඩු බේරන්න හොද වැඩක්