දෙහිවල දුම්රියපොළේදී 1996 ජුලී 27 වැනිදා බෝම්බ පුපුරුවා මගීන් 64 දෙනකු මරා දැමු කොටි සමාජිකයෝ තිදෙනෙක් අද(04) වරද පිළිගත්තේය.
රොබට් මැක්සිලන්,සවරිමුත්තු යෝගනාදන්, තිරුමගල් නොහොත් රමණි චෝදනා වලට වරද පිළිගත්හ. මැක්සිලන්ට හා යෝගනාදන්ට බරපතල වැඩ සහිතව වසර දහය බැගින්ද රමණිට වසර පහ බැගින් සිර දඩුවම් නියම විය.
නඩුව විභාග වුයේ කුමුදිනී වික්‍රමසිංහ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේදීය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතීඥයින් කියා සිටියේ ඔවුන් වසර දාසයකට වැඩි කාලයක් සිරගත කර සිටි නිසා දඩුවම ලිහිල් කරනා ලෙසයි.
තිරුමගල්ගේ නීතීඥ ලක්ෂමන් පෙරේරා මහතා පැවසුවේ පළමුවැනි විත්තිකරු ඇගේ සැමියා බවයි.ඇය හිරගෙදරදී බිහි කළ දරුවා බලා ගැනීමට කිසිවකු නැතැයිද ඔහු කීවේය.ඇයට පස් අවුරුදු සිර දඩුවමක් නියම විය.
සින්නප්පු සුහරාජා සහ සුප්පයියා සුදර්ශනන් නිවැරදිකරු බව කී හෙයින් නඩු විභාගය සැප්තැම්බර් 11 වැනි දාට කල් තැබීය.මුලදී චෝදනා එක්දාස්හත්සිය අටක් යටතේ නඩු පවරා තිබිණි පසුව එය චෝදනා දෙක දක්වා අඩු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිනීවා මෙන්න සාමාන්‍ය ජනතාව මැරුව හැටි, මේ අයට අණ දුන්නේ ත්‍රස්තවාදී නායකයෙක්ද? මහත්මයෙක්ද? කෝ ප්‍රචාරක මාෆියාව.(නදී)
මේ ඔක්කොම කරන්න උදව් කරපු අය පාර්ලිමේන්තුවේ.(නදී)
ඔය අය පාර්ලිමේන්තුවට ගත්තේ නැත්නම් කවදාවත් යුද්දේ ඉවර කරන්න බැහැ.(නදී)
64 කට අවුරුදු ගණන මදි නේද ?(නදී)
මමත් මය බෝම්බෙන් තුවාල වුණා. ජීවිතේ පළමු වරට මරණ බය මට දැනුනේ එදා තමා.මම බේරුනාට තව අහිංසක මිනිස්සු කීදෙනෙක් නැති වුනාද? පවුල් කියක් අනාත වුනාද? (නි)
ජීවිත 64ක් මරලා වරද පිලිගත්තාම වසර 10 යි හිරේ... අනේ මන්ද ? (නි)
අපේ රටේ උන්ට මේ කිසි දෙයක් දැන් මතක නැතෝ.(නදී)
මෙහේ අවුරුද්දක් සිර කරලා ලබන අවුරුදදේ වෙසක් එකට දකුණ පැත්තට අරගෙන යන්න.(නදී)
සාමාන්‍ය මිනිහෙක් කාව හරි මැරුවොත් අඩුම අවුරුදු 20ක් විතර හිරේ ඉන්න වෙනවා. මෙයාලා 64 දෙනෙක්ව මරලත් වැඩිම අවුරුදු 10යි. තව කී දෙනෙක්ට තුවාල උනාද. මරණ දඩුවමවත් දිය යුතුයි නේද? (නදී)
දෙහිවල බෝම්බෙන් 64ක් මැරිලා තියෙනවා. කිසි වරදක් නොකළ ඒ මිනිසුන් ජීවිතයෙන් වන්දි ගෙව්වා. ඒ පවුල් වල අයට නැවත ඔවුන්ව ලැබෙනවද? (නි)
අරන්තලාවේ සිද්දියට හා තිස් හතලිස් දාහක මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ද අය සුර සැප විදින එකේ මේ කෝච්චියක බෝම්බෙකට හිරේ තියා ගෙන තවත් රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් කන්න දිදී තියන් ඉන්න එක තේරුමක් තියේද?(නදී)