දෙහිවල සත්වෝද්‍යානයට දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයෙන් පරිත්‍යාග කැරුණු සිංහ පැටියෙක් අද අළුයම ගුවන් මගින් රැගෙන එනු ලැබීය. මෙම අප්‍රිකානු සිංහ පැටියාගේ වයස අවුරුද්දකි. ලංකාවට සිංහයකු තෑගි ලැබුණේ වසර 20 ට පසුවය. දැනට සත්වෝද්‍යානයේ සිටින සිංහයන් වැඩි දෙනා වයසක සත්තුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහ පැටව්නම් සාදරයෙන් පිලිගන්නවා. හැබැයි, කොටි පැටවුන්ට නම් ඉඩ නැහැ මේ පැත්ත පළාතේ. ඒ නිසා පිට රට ඉන්න කොටි පැටවුන්ගෙනුත් මා ඉල්ලා සිටිනවා මෙහෙට එනවනම් සිංහයන් බවට පරිවර්තනය වී එන්න කියා.(නදී)
මෙයත් දන්නවද දන්නේ නැහැ ලංකාවේ බඩුමිල..(ස)
අපේ සත්තු වත්ත ඇවිල්ල අන්තිමයි. සත්තු ඉන්නේ නිකන් හිර කාරයෝ වගේ. උන්ට හැරෙන්ඩවත් ඉඩ නැහැ. මුගේ මොක්කක් හරි පුරුවේ කරුමයක් පඩිසන් දීල සුවර් එකට. පව් වැඩේ. (නදී)
මම සිංහයාට බයයි නංගියේ......(ස)
සිංහයෝ කොහොමත් ගාම්බීරයි. සාදරයෙන් පිළිගන්නවා. (ස)
තව සිංහයො වගයක් ඉන්දියාවෙ අයි.පී.එල් ගහනවා. (නදී)
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ සිංහයෝ නැහැ. එහෙනම් කොහොමද ජාතික කොඩියට සිංහයා ආවේ? බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ නැහැ. එහෙනම් කොහොමද ලංකාව බෞද්ධ වෙන්නේ? ලංකාවේ සිංහලයා කොහොමද සිංහයා වෙන්නේ? (නි)
දැන් ඉම්පෝර්ට් කරන්න වෙලා තියෙන්නේ මෙහෙ වඳ වෙලා නිසයි (නි)
ඉසාම් සිංහලයන්ට බැන බැන ලජ්ජා නැතුව සිංහල පත්‍ර බලනවා නේද? (නි)
වරුණ, අමෙරිකාවෙන් හදිසියෙන් ඇවිත් තියෙන්නේ බලු සිංහයෝලු (නි)
සිංහ දේශයට පිටින් සිංහයෙක් (නි)
ලන්කාවෙ සිංහයො වඳ වෙලා.සිංහයො සෙට් එකම මුහුණු පොතෙ අන්‍යාගමිකයන්ට ගොරවනවා. (ස)
දියවන්නාවේ කිට්ටුව ඉන්න සිංහයෝ මදිවටද? (නදී)
ලොවීන්, කියන්නේ මොකක්ද කියල තේරෙන්නේ නෑ.(නදී)
ඇන්ටෝ, කුහක වෙන එපා. තමන් ඉපදුන රටට ජාතික කොඩියට ගරහන්න එපා. ඔය පිට රටකට ගියාම ගරු කරන්නේ ඒ රටේ කොඩියට නේද. ලංකාව පාවලා දෙන්නේ ඔය වගේ ද්‍රෝහියෝ තමා (නි)
ලංකාවේ සිංහයෝ මදි. ඒ නිසා පිටරටෙන්වත් ගෙන්නන්න එපැයි (නි)
හඳ තරු ජාතික කොඩි වල ගෙන තියන රටවල් වල බිම ඒවා වැටිලා ඇති නේද ඇන්ටෝ .කුහකකම්, ඉරිසියාව ප්‍රසිද්ධියේ පෙන්නන්න එපා (නි)
ඇන්ටෝ කියන්නේ කොටියෙක්ද මන්දා (නි)
ඇන්ටෝලගේ මුතුන් මිත්තෝ තමයි නම්බු නාම තනතුරු වලට සුද්දන්ට රට පාවාදීලා කිතු දහම වැලද ගත්තේ. මම හරි නේද (නි)
පහුගිය ටිකේ කෑගහපු කකුල් දෙකේ සිංහයන්ගේ හැටියට මම හිතුවේ ලෝකෙටම බෙදලා දෙන්න තරම් සිංහයෝ ලංකාවේ ඉන්නවා කියලා. අයියෝ බලාගෙන යද්දී සත්තු වත්තටත් සිංහයෝ තෑගි දීලා තියෙන්නේ සිංහයෝ නැති කොරියාවෙන්නේ.(නදී)
මම නම් දකින්නේ දෙහිවල සතුන් වත්තේ මේ සතුන්ට ජිවත් වෙන්න තරම් සුදුසු පහසුකම් නැති බවයි (නි)
වයස අවු.එකක් කීවට මේ ලොකු එකෙක් වගෙයිනේ. (ස)
දවස් දාහතරක් යන විට සියල්ල අමතක වන සිංහලයන්ට අවුරුදු 20ක් ගිහින් හරි නම රැකගන්න සිංහයෙක් ලැබුන අක ගැන සතුටුයි. (ස)
අර අහවල් බේබිලා තුන් දෙනාගෙන් බේරාගන්න පුළුවන් වෙයිද? ඒ තුන් දෙනාගෙන් ාකානක්ට ඕකව ඕනෑ කියයි (නි)
අර සේනාවේ රැස්වීමකට ගියොත් ඕනෑ තරම් අල්ලගන්න තිබුණා (නි)
ඔහම ගියොත් කවදාහරි අපිට සිංහල පෝතකයෙක්වත් ගෙන්නන්න වෙයි (නි)
ඇයි රටින් ගෙන්නුවේ? අපේ රටේ ඉන්නවනේ හොද හොද සිංහයෝ. (නි)
ඇයි අනේ අපේ සිංහයෝ පැටටු බිහිකරන්නේ නැද්ද? (නි)
හරිම හුරුබුහුටියි. (ස)
අපේ සිංහයෝ බලු වෙලා.! (නි)
සිංහයෝ කොහොම වෙතත් සිගාලයෝ නම් වැහිවැහැලා. (නි)
සත්වෝද්‍යානයේ විතරක් නෙමෙයි අනේ. රටේම ඉන්න සිංහයන් වැඩි දෙනා වයසක සත්තු. සමහරු වෙනත් සත්තු බවටත් හැරිලා. මෙහෙම පිටින් හරි ගේන එක ලොකු දෙයක්. (නදී)
අපිට ඉන්න සිංහයෝ දැන් ගොඩක් වයස බව නම් ඇත්ත කථාව.(ස)
සිංහයෝ වගයක් හදිසියෙම ඇමරිකාවෙ ඉඳලාත් ආව කියන්නෙ ඇත්තද? (නි)
අසරණ සතා. ඉතුරු ජීවිත කාලයම උගේ මුළු ලෝකෙම ඔය කූඩුවනේ. (නි)
ඉසාම්, ඔය කට්ටිය ඉතින් ඌරොනෙ. (නදී)
සිංහයා බලු වෙලා.(නදී)
මෙහේ ඉන්න මී හරක් ටික තෑගි දෙන්න තියෙන්නේ වෙන රටවල් වලට.(ස)
ඇත්තටම අපේ රටේ වනාන්තරවල සිංහයෝ නැද්ද? මම අහලා තියෙන විදිහට නැහැ.(ස)
අන්න අන්න චතුල වැසිකිලි චතුල වෙන්න යනවා. පොඩ්ඩක් බුරන්නේ නැතිව ඉන්නම බැහැනේ.(නදී)
ලංකාවේ ඉන්න නරියෝ ටික තෑගි දෙන්න රටක් නැද්ද? ආසියාවේ ආශ්චර්ය!(නදී)