(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ගල්ගමුවේ දළ පූට්ටුවා නමැති හස්තියා මරා දැමීමට සම්බන්ධ ගිනි අවිය සමග තවත් සැකකරුවන් 5 දෙනකු අත් අඩංගුවට ගත් බව අඹන්පොල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරගොල්ලාගම පදිංචිකරුවන් පිරිසක් බවත් මොවුන්ගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් අරඹා ඇති අතර හස්තියාගේ දළ කැපිමට යොදා ගත් බව කියන කියත් තල කිපයක්ද වළදමා තිබියදි සොයා ගත් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් පිළිබදව විමර්ශන අරඹා ඇති බව ද පොලිසිය කියයි.
ඇතා ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට ග්‍රාම නිලධාරිවරයකු සහ වැඩ තහනමට ලක්වු පොලිස් නිලධාරියකු ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දළ පූට්ටුවා ඝාතනයට සැකපිට තවත් 5ක් අත්අඩංගුවට
පිටිගල මිලානෝ Friday, 01 December 2017 08:23 AM
මේ අයට අත්අඩංගුවට නොගැනීමේ අතුරු තහනම් නියෝගයක් අරගෙන නිකන්ම ගෙදර යන්න පුළුවන් නේද?
Raveendra Friday, 01 December 2017 08:27 AM
මෙම අපරාදයට සම්බන්ද අය පමණක් නොව මෙම අයගේෙ අහිංසක බිරිඳ, දරුවන්ද මෙය වෙනුවෙන් වන්දි ගෙවනු නියතය. ස්වබවධර්මය විසින් එය නිසිලෙස මේ අයට ලබාදෙනු ඇත.
Giripura Friday, 01 December 2017 08:37 AM
සතත්‍ය වශයෙන්ම වන මුර්ගයින් මොවුන් මිස අහිංසක වන සීපාවුන් නොවේ . නීතියෙන් දඬුවම් නොලැබුනත් , ලැබුනත් ස්ථිරවම ලෝක ධර්මතාවයට අනුව කල කම් පලදේවි....
banda Friday, 01 December 2017 08:42 AM
නීතියක් නැති රටේ මිනිස්සු අපරාධ කරන්න බය නෑ......
sam Friday, 01 December 2017 10:00 AM
මේ සතාට කල අපරාදෙට ඉහළම දඬුවම් දෙන්න. මේ කාලකන්නි මුළු රටටම එළිකරලා අවුරුදු 10 ගානේ බර පතල වැඩ ඇතිව හිරේ දාන්න. හෙණ හතම ගහන්න ඕනෑ.
jayasekaraFriday, 01 December 2017 12:26 PM
වරදට දඬුවම් ලැබෙන්න ඕනේ තමයි, නමුත් පොඩ්ඩක් අපි කරන දේවල් ගැනත් හිතන්න, මෙතන තිරිසන් සතෙක්වයි මරලා තියෙන්නේ. අපිත් දවසකට මදුරුවෝ, කැරපොත්තෝ එහෙම කොච්චර මරනවද. එහෙම මරනකොට ඒ සත්තු කොච්චර විඳවලද මැරෙන්නේ. කැරපොත්තන්ට බේගොන් එහෙම ගහනකොට උන් පැය ගානක් විඳවලයි මැරෙන්නේ. වෙනස තියෙන්නේ උන් මැරෙනකොට කෑගහන සද්දේ, විඳින දුක අපිට තේරෙන්නේ නැහැ, එහෙමත් නැතිනම් අපි ඒක තේරුම් ගන්න කැමති නැහැ. එහෙම බලනකොට අපිත් මේ මිනිස්සු ගොඩේම තමයි. මේ මිනිස්සුන්ට අපි බැන්නට අපිත් ඒ වගේම වැඩ හැමදාම කරනවා නේද. මට මේකට බනින්නේ නැතුව කියන්න හදන්නේ මොකද්ද කියල තේරුම් ගන්න බලන්න. සුඛ කාමානි භූතානි යො දණ්ඩෙ න විහිංසති. අත්තනෝ සුඛ මේසානෝ,පෙච්ච සෝන ලභෙතේ සුඛං. සියල්ලෝ දඬුවමට බිය වෙත්. සියල්ලෝ මරණයට බිය වෙත්. එබැවින් අනුන් තමන්ට සමාන සේ, සිතා අනුන්ට හිංසා නොකර විය යුතුය. තෙරුවන් සරණයි !
sashFriday, 01 December 2017 01:26 PM
ජයසේකර,මේ දෑස නොපෙනෙන අහිංසක දළ ඇතා කාටවත් කරදරයක් නොකර පාඩුවේ හිටපු අහිංසක සත්වයෙක්. ඔබ කියන විදිහට, මදුරුවෝ, කැරපොත්තෝ මරණ එක පවක්. (නැහැයි කියලා කියන්නේ නැහැ.) ඒත් නානාවිධ රෝග බෝ කරන මේ රෝග වාහකයින් අතින් මනුෂ්‍යයින් මැරුණට කමක් නැද්ද.? මේ සතුන්ට අනුකම්පා කර නොමරා මේ බිහිසුණු රෝග වලින් මිදෙන ක්‍රමයක් ඇත් නම් එය කුමක්ද කියා කියන්න ඔබට පුලුවන්ද.? පිළිතුරක් බලාපොරොත්තු වෙමි. .
jayasekaraFriday, 01 December 2017 12:29 PM
“සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා න භනෙය්‍ය න ඝාතයේ” සියල්ලෝ දඬුවමට බිය වෙත්. සියල්ලෝ මරණයට බිය වෙත්. එබැවින් අනුන් තමන්ට සමාන සේ, සිතා අනුන්ට හිංසා නොකර විය යුතුය. සුඛ කාමානි භූතානි යො දණ්ඩෙ න විහිංසති අත්තනෝ සුඛ මේසානෝ පෙච්ච සෝන ලභෙතේ සුඛං සැප කැමති යම් සත්වයෙක් වෙනත් සතෙකු දඬුවමට ලක්කොට පීඩාවට පත් කරයි නම්ඔහු පරලොවදි සැපයක් ලබන්නේ නැති බව මෙම ගාථාවෙන් පහදා දී ඇත.
abaranSaturday, 02 December 2017 02:29 AM
හරි..හරි..දැන් තේරෙනවා.. ඇතා මැරුවට කමක් නෑ කියලයි නේද ඔය කියන්නේ...? ඒ වගේම අර ගාථාව අදාළ වෙන්නේ ඇතා මරපු අයට දඬුවම් දෙන්න හදන උදවියට කියලත් තේරෙනවා.. බලන්නකෝ ධර්මය අධර්මය කර ගන්න හැටි..
PIYAL BATUWANGALA Friday, 01 December 2017 12:06 PM
අපේ රටේ වැරදි කරුවන්ට නීතිය හරියට ක්‍රියාත්මක වනතාක් කල් මෙවැනි දරුණු අපරාධ බොහෝ තවද සිදුවනු ඇත. ස්තුතියි...
a.a u amarathunga Friday, 01 December 2017 12:23 PM
රජය මෙවැනි දරුණු අපරාද සම්බන්දයෙන් ඉතාමත් වගකීමකින් වැඩ කිරිමට සියලු තරාතිරම් නොබලා දඩුවම් දීම ඉතාම වැදගත්ය. මෙයට සම්බන්ධ සියලුදෙනා අල්ලා මරණ දඬුවම් දිය යුතුමය.
banda Friday, 01 December 2017 12:29 PM
ඔය තාජුදීන් මරපු අයවත් අත්අඩංගුවට ගන්නේ කවදාද ?
පිටිගල මිලානෝ Friday, 01 December 2017 01:37 PM
අලියෙක්ට මෙච්චර කෑගහනවා. දේශපාලකයෝ ඔක්කොම රජයේ මුදල් කෝටි ගණන් මංකොල්ල කනවා කාලයක සිට. ඒ ගොල්ලෝ උසාවි ඇවිල්ලා හිනහවීගෙන ගෙදර යනවා.