IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දොළපිදේනි ඉල්ලන 'බඹර රජෙක්'

2016-12-04-ent-110

උඳුවප් මාසේ එළැඹිලා තියෙන්නේ. උඳුවප් මාසේ සීතල අනිත් මාසවලට වඩා ඇඟට දැනෙනවා වැඩියි. සීතල උඳුවප් මාසේ වසන්තයක් ගෙනාවොත් ඔබ මොකද කියන්නේ. අකමැති වෙනවාද? මම නම් අකමැති වෙන්නේ නැහැ. ප‍්‍රියන්ත කහපලආරච්චියි, යූ. ධනවංශයි එකතුවෙලා ”උඳුවප් මහේ වේදිකා වසන්තය” හා හාපුරා කියලා කැන්දන්න සූදානම්වන මොහොතක අපිත් එහි පෙර පුහුණුවීම් කෙරෙන කොළඹ සුදර්ශිය පැත්තට කරපොවලා බලන්න කල්පනා කළා.

එක පාරටම කන පුපුරන්න තරම් වන බෙරහඬ මැද්දේ ආවේශ වෙච්ච යකැදුරෙක් සුදර්ශියේ මහා විශාලෙට වැඩුණු නුග ගහ යට වේදිකාවේ ගජ රාමෙට දාඩිය දාගෙන නටනවා.

යකැදුරෙක් කිව්වාට මේ ඉන්නේ ඇත්ත යකැදුරෙක් නෙවෙයි. යකැදුරාගේ චරිතයට පණ පොවන මිලින්ද පෙරේරා කියන අපේ චරිතාංග නළුවා මිලින්ද ආවේශෙන් වගේ නටනකොට ඊට උවමනා කරන උල්පන්දම් දෙන්න සහයකයෙකුත් ඉන්නවා.

දෙසැම්බර් 10, 11 පස්වරු 3.30ට හා 6.30ට කොළඹ නව නගර ශාලාවේදී වේදිකා ගතවීමට නියමිත නව නිර්මාණ හතරක් තිබෙනවා. මට හොඳනම් උඹට මොකෝ, දොළ පිදේනි, බඹර රජෙක්, මනප්පු තමයි ඒ නිර්මාණ හතර. මේ අතරින් මිලින්ද රඟපාන්නෙ දොළ පිදේනි නාට්‍යයේ. දොළ පිදේනි නාට්‍යයේ පුහුණුවීම්වලට නෙත් යොමාගෙන ඉන්න අතරේ මගේ දෑස් විමසිලිමත් වුණේ මට එන්න කියලා ආරාධනා කරපු සමදරා ආරියවංශ කොහේද කියලා. එතකොට තමයි නුගගහ සෙවනට දකුණු පසින් පිහිටලා තිබෙන ගාමිණී ෆොන්සේකා ශාලාවෙන් තවත් නාට්‍යයක පුහුණුවීම් ශබ්දය ඇසෙන්නේ. හා හාපුරා කියලා වේදිකාවේ රජගමනක් ආරම්භ කරන්න සූදානම් වන ”බඹර රජෙක්” නාට්‍යයේ කට්ටියම දාඩිය දාගෙන වැඩ. ඒ අයගේ වැඬේට බාධාවක් නොවෙන්න මාත් නාට්‍යයේ සිදුවීම් පෙළ තේරුම් ගන්න පුංචි උත්සාහයක් දැරුවා.

සමදරා ආරියවංශ හා සුසිල් පෙරේරා කියන්නේ මේ නාට්‍යයේ විදියට ජෝඩු ජෝඩු. ඒ කියන්නේ හස්බන් ඇන්ඞ් වයිෆ්. රෝමා රෝසි කියන්නේ සුසිල් අතින් කලින් අතවරයට ලක්වූ තරුණියක්. රැුකියාවක් සොයාගෙන එන අනූෂා දිසානායකටත් අවසානයේ උරුම වෙන්නේ ඒ සන්තෑසියම තමයි. මේ නාට්‍යයේ ඊට අමතරව උදය කුමාරසිංහ, හංසමාලා ජානකී, රංජිත් ද සිල්වා, ආරියසේන ගමගේ, රොෂණා ඔන්ඩච්චි, සුදත් විජේසේකර, කාන්ති නිසංසලා, මනෝජ් යාලෙගල හර්මන් ප‍්‍රනාන්දු, ශාලිකා විපුල්, ප‍්‍රසන්න කරුණාරත්න, ප‍්‍රියන්ත කහපලආරච්චි, යූ. ධනවංශ, සමන්ත වීරකෝන්, කුසුම් පෙරේරා, අසංක පෙරේරා, සිසිල්් බොතේජු, රිද්ම රවිශාන්, අනුරාධ සිල්වා වැනි නළු නිළියෝ බර සෙට් එකක් රංගන දායකත්වය දක්වනවා.

නාට්‍ය පොකුරම වේදිකා ගත කරන්න මහා ලොකු කාලයක් නැති නිසා කට්ටියම වෙහෙස නොබලා වැඩ. ඒත් අනූෂා දිසානායකට නම් රඟපෑම් අතරේ වෙලාවෙන් වෙලාව වේදිකාවෙන් බැහැලා ගිහිල්ලා එන්න අධ්‍යක්ෂ ප‍්‍රියන්ත අවසර දීලා තියෙන්නේ. ඒ වෙන මොකවත් හින්ද නෙවෙයි තමන් අවුරුද්දක්වත් පිරුණේ නැති පුංචි පුතාගේ තොටිල්ල බලලා උවමනා වුණොත් කිරි චුට්ටකුත්දීලා එන්න. අනූෂාගේ වේදිකාවට තියෙන කැපවීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.

 

2016-12-04-ent-109

 

ප‍්‍රියන්ත කියන්නේ නාට්‍ය කලාවේ දීර්ඝ කාලයක් රැුඳිලා සිටින කෙනෙක් වුවත් පසුගිය කාලය පුරාම ඔහු සිටියේ නිහඬවෙලා. නාට්‍ය කලාවේ හරි අපූරු අත්දැකීම් තියෙන ප‍්‍රියන්ත ”බඹර රජෙක්” නාට්‍ය එක්ක ආයේ වේදිකාවට ගොඩවෙන්න බලපෑ හේතුව ගැන අපට විස්තර කරන්න ගත්තේ ඔහුගේ සිනහා පිරුණු මුහුණ අපි ඉදිරියේ විහිදා පාමින්.

මං නාට්‍ය කලාවට ඇවිල්ලා අවුරුදු 28ක් වෙනවා. මේ කාලය තුළ අසීමිතව දුක් වින්දා. නාට්‍ය කලාවට තිබෙන ආදරේ නිසාම මේකේ රැුඳිලා සිටියා. මං කලින් නාට්‍ය කරලා නළු නිළියන්ට මුදල් ගෙවා ගන්නත් බැරි අවස්ථා මගේ ජීවිතේ ලැබිලා තියෙනවා. එහෙම වෙලාවක මට එකපාරටම ටිකට් පතකින් පළමු තෑග්ග ලැබුණා. මං ආයේත් අලූත් නාට්‍යයක් කරන්න අත ගැහුවේ ඒකයි.

ප‍්‍රියන්තගේ කතාව නාට්‍යයක් තරමටම අපූර්වය. ආශ්චර්යමත්ය. ටිකට් පතක් ඇදුනොත් වාහන ගෙවල් ගන්න සිහින මවන මිනිස්සු සිටින රටේ ප‍්‍රියන්තගේ අභිප‍්‍රාය අපූර්ව වේදිකා අත්දැකීමක් ශ්‍රී ලාංකික ජනතාවට තිළිණ කිරීමය. ඔහු ඇතුළු පිරිසේ එකම අභිප‍්‍රායද එයමය.

බඹර රජෙක් පුරා ඔබට මුණ ගැසෙන්නේ වත්මන් සමාජයේ ඔබ අපට නිතරම මුණගැසෙන චරිතය. ඒ චරිත දුටුවිට මග හැර යෑම සැබෑ ජීවිතයේදී කළ හැකි වුවත් වේදිකාවේදී ඔවුන්ව මග හැරීමට ඔබට නොහැකි වනු ඇත.

 

2016-12-04-ent-111
2016-12-04-ent-108
2016-12-04-ent-107
2016-12-04-ent-106
2016-12-04-ent-105



අදහස් (0)

දොළපිදේනි ඉල්ලන 'බඹර රජෙක්'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 5 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 639 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4613 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2018 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8813 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1485 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site