පිළියන්දල හල්පිට පන්සලේ දොළොන්මහේ පහනද ගෝනාපොළ පන්සලක ඝණ්ඨාරයද පාසලක සීනුවක්ද තවත් ගෙවල් කිහිපයකින්ද භාණ්ඩ සොරා ගත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. දොළොස්මහේ පහන රුපියල් හත් දහසකට පමණ යකඩ බඩු කඩයකට විකුණා ඇත. මේ භාණ්ඩ විකුණු මුදල්වලින් ඔහු මත්කුඩු බී ඇතැයි පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා මහත්මයා, පුදුමේ කියන්නේ ඔය කොයි කව්රුත් , දේශපාලකයොත් ඇතුළුව ඔතනට නේ යන්නේ පොල් ගහන්න. අනේ මට හිතා ගන්න බැරි එතකොට දෙවියන්ට කළ හදියකට දෙවියන් යන්නේ කා ළගටද පොල් ගහන්න කියලයි. (නි)
මේ තරමට බුදු බණ අහන රට ඇයි මේ තරමට පිරිහිලා? (නි)
මේකව දොලොස් මහේ දන්සැලට යවන්න අනේ අවුරුදු කිහිපයකට. (නි)
කැස්බෑව මාකන්දන විජිතපුර ක්‍රීඩා පිට්ටනිය අවටත් කුඩු බොන හොරු හොරකම් හයක් කලා. එත් පිළියන්දල පොලිසිය දන්නෙ නෑ. (ස)
දොළොස් මහේ පහන මාස දොළහෙම පත්තු වනවනේ, කොහොමද හොරකම් කරේ? (ස)
අනුන්ගේ රටවල් හා අන්‍යආගමිකයින්ගේ දේවල් හොය හොයා ඉන්න අන්තවාදීන්ට මේවා පෙන්නේ නැහැ. මොකද වැඩ කරන්නේ අනුන්ගේ කොන්ත්‍රාත් වලටනේ.(නදී)
සම්පත් ඔතන තමයි ප්‍රශ්නය. මේ අහුවෙන කුඩඩෝ කියන්නේ නැද්ද උන් කුඩු ගත්තේ කාගෙන්ද කියලා. පොලිසිය අහන පළවෙනි ප්‍රශ්නේ ඒක නේද? ඒ අනුසාරයෙන් ඉහළට ගියා නම් මහා මොලකාරයෝ කවුද කියලා හොයා ගන්න බැරිද? ඒක ඔය කවුරුත් දන්නවා. නමුත් ඒක රහසක්. ඒ රහස වැළලෙනවා අතරමගදී. (නි)
මෙච්චර විශාල මහ සංඝරත්නයක් ඉඳලත් වැඩක් නැහැනේ, රටේ පුදුම අපරාධ සිදුවෙන්නේ. කුඩු මුදලාලිලාටත් කුඩ අල්ලන්නේ හෙළයනේ. (නි)
මතට තිත ඇති අපේ රටේ කොහෙද කුඩු කාරයෝ? (නි)
කුඩු එන්නේ පිට රටින්. ඉතින් ඒවා අපේ රටට ඇතුළුවෙන්නේ කොහෙන්ද? ඉස්සෙල්ලම අන්න එතන වහල දාන්න. මම හිතන්නේ ඊට පස්සේ කුඩු බොන්න කිසිම කෙනෙකුට හොරකම් කරන්න අවශ්‍ය නැති වේවි. මොකද කුඩු තිබුනොත්නේ බොන්නේ. එහෙම නේද? මන්දා, මට හිතුන දේ මම කිවුවේ (නි)
දොළොස් මහේ පහන නෙමෙයි, හෙට අනිද්දා අපේ හිමි වරු ඇදලා ඉන්න සිවුරුත් ගලවලා විකුණලා කුඩු ගහවි මුන් ටික. අපේ බුද්ධ ප්‍රතිමා විකුණලා පුරාණ නටඹුන් විකුණලා කුඩු ගහන ජාතියක් බවට පත් වෙයි. (නි)
මොහමඩ් ජාතිවාදී කියල ඇග බේරගන්න හදන්නේ , 99% ම මත් කුඩු රට ඇතුලට ගෙනෙන්නේ ඔයාලගේ නම ඇති සහ ඒ නමට ඥාති සම්බන්දකම් ඇති අයව බේරගන්න වෙන්න ඇති. (නි)
අනෙක් ආගම් වලට බැණ බැණ ඉදලා වැඩක් නැහැ, තමන් හැදෙන්නෙ නැතුව (නි)
ලෝකෙන්ම වැඩියෙන්ම බණ කියන සහ බණ අහන රට නේද ලංකාව? (නි)
දොලොස්මහේ පහන වාගෙ පෑලට එලිය දුන්න කියල පහන ගත්ත මිනිහා හිතන්න ඈති.(නදී)
බමුණු, ඔය හලාල් රටවල් තමා දෙවතාවක්ම ලංකාව බේරාගත්තේ.ඕක හොඳට මතක තියා ගන්න. දැන් යන්න තියෙන්නෙත් උගන්ඩා වගේ රටවලට කියලත් අමතක නොකරන්න (නි)
දුමින්ද ආපසු එළියේ.(නදී)
ඒගොල්ලන් ජාතිය ගැන සොයා බැලුවේ නැතිනම් අනික් අයට අපිව ගිල ගන්න ලෙහෙසීයි. ඒ ගොල්ලන් තමයි හලාල් වලින් අපිව බෙර ගත්තේ ඒගොල්ලන්ට වෙලා තිබෙන්නේ පළමුව අපේම අයගෙන් අපිව බෙර ගන්න. ඒගොල්ල වෙලාවට ඒවි එතකම් ඉවසන්න. හැබයි දුවන්නත් පාර හදාගෙන ඉන්න.(නදී)
මොහමඩ් ජාතිවාදී කියන්නේ කව්ද ? කුඩු ජාවාරම කරන්නේ කව්ද ? (නදී)
මුලින්ම කුඩු විකුණන උන්ව නැති කරන්න ඕනා. වල් පැලේ මුලින්ම උදුරලා අයින් කරන්න ඕනා. කාලෙන් කාලෙන් අතු කැපුවට වැඩක් නැහැ.(නදී)
කෝ අර ජාතිවාදී අදහස් දක්වන අය නිදිද? (නි)
මෙය අපේ උතුම් බෞද්ධ රටයි. අද හාමුදුරුවරුත් කරන දේවල් වල හැටියට මේවා සුළු දේවල්. (නි)
අනේ අද වෙන දේවල් වල හැටියට ඕවා මොනවද ? හැබැයි දැන් ඉතින් කුඩු ආයෙමත් මදි නොවෙන්න තියේවිනේ. (නි)
අපේ රටේ කසිප්පු පෙරනවා වගේ මත්කුඩු නිෂ්පාදනය කරන්නේ නැත. ඒවා රට තුලට ගෙන්වන්නේ එක්තරා කොටසක් විසිනි. ඔවුන් පන්සලේ පහන හොරකම කරන්නේ නැත.ඔවුන් කරන්නේ පන්සලට පහනක් පූජා කිරීම, විහාරයකට මුල්ගල තැබීම, පුස්තකාලයක් පාසලක් විවෘත කිරීම වැනි කටයුත්තකි. ඔවුන් "වැදගතුන්"ය. පන්සලේ පහන, අපේ ගෙදර බාල්දි කබල, වැලේ තිබෙන සරම, දිය රෙද්ද,හොරකම් කරන්නේ "නොවැදගතුන්" ය. ඔවුන් ඒවා රැගෙන ගොස් විකුණා ඒ මුදල් අර "වැදගතුන්"ට දී ඔවුන් ගෙන්වන මත්කුඩු ලබා ගනිති.ඒ ආකාරයට එකී "වැදගතුන්" පන්සලේ පහනෙන් අපේ බාල්දි කබලෙන් දිය රෙද්දෙන් ධනවතුන් බවට පත්වේ. එයින් ඔවුන් බොහෝ දේවල්වලට සුදුසුකම් ලබා ගනිති. (නි)
උල තියන්න වටිනා මිනිහෙක් නේ. ඔක්කොම හොරුනේ බලගන ගියහම. කටුගෙදර බඩු වලට වේච්ච දෙයක් නැහැ. දැන් ඒ ගැන කතාවක් වත් නැහැ.(නදී)
පොලිස් කූඩුවේ යකඩ ටික බලාගෙන ආයුබොවන්.(නදී)
ඕක මොකක්ද? සීනිගම දේවාලේ පින් කැටේත් අරන් ගිහින් තිබුනේ. (නි)