2013 වර්ෂයේ සිංහල අවුරුදු දා රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයේ පැවති අවුරුදු උළෙලට , ළමා ක්‍රීඩා සහා ගරායක් ද ඇතුළු විය.
ඉතාලියේ සීත දේශගුණය අවසන් කරමින් බක්මස හිරු උදාවනුයේ සැම සිත් සතන්හි නැවුම් පැහැබර සිතුවිලි ජනිත කරවමිනි.
2013 වූ අප්‍රේල් 14 වැනි ඉරුදින ඉතාලියේ රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයට අප ශ්‍රී ලංකික ජනතාව එකතු වූයේ ඒ සමගිය,සමාදානය,නැවුම් බව මෙන්ම උතුම් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමටයි.
රෝමයේ ප්‍රභාස්වර නර්ථනායතනය ගරා යකුන් නැටුම ඉදිරිපත් කළේය. රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධම්මරාම හිමියන් ඇතුළු විහාරස්ථ දායක සභාව මෙම උත්සවය සංවිධානය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ශාන්ති කර්ම ලෝකයේ ව්‍යාප්ත කිරීම ඉතාමත් කාලෝචිතය. අපරාධ නැති භංග වේවි. (නි)
එහෙ සුද්දෝ සුළු ජාතිය මහා ජාතියගේ සංස්කෘතිය ආක්‍රමණය කරනවා කියලා ප්‍රශ්න දාන්නේ නැද්ද? (නි)
මේ සංස්කෘතික අංග ඉවර වෙලා පාටි එකක් තිබ්බෙ නැද්ද?(නු)
වැඩි පිරිසක් නැතත් ඉතා හොඳ අංග සම්පුර්ණ උත්සවයක්. ලබන වසරේ මීට වඩා ඉහලින් අවුරුදු උත්සවය පවත්වන්න ලැබේවා යයි ආශීර්වාද කරමු.(නදී)