IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නාඋල පාසලට සිසු පාර්ලිමේන්තුවක්

නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ ළමා පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද විවෘත විය. ළමයින්ගේ ඡුන්දයෙන් ළමා මන්ත‍්‍රීවරු 96 දෙනෙක් තෝරා ගනු ලැබූහ. ඔවුන් අතරින් ඇමැතිවරුන් නව දෙනකු ඇතුළු පහත සඳහන් සිසුන් ප‍්‍රධාන තනතුරුවලට පත් කැර ගත් බව විදුහල්පති කේ.වී.ආර්. කුලරත්න මහතා කියයි. නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නාමලේඛනය: කතානායක: තුෂාර විජේවර්ධන, නියෝජ්‍ය කතානායක: හසන් නදී කරුණාරත්න, අගමැති: කසුන් චන්ද්‍රසේකර, කාරක සභාපති: හසිත රණතුංග, නියෝජ්‍ය: එම්.එම්. සමරකෝන්, සභානායක: ඞී.එම්.බී. අබේසිංහ, කෘෂිකර්ම පරිසර ඇමැති: යූ.එල්. අබේසිංහ, සංස්කෘතික හා ආගමික ඇමැති: හිරුෂිකා ජයරත්න, ආරක්ෂක හා ක‍්‍රීඩා: දිලාෂි මල්ලව, සෞඛ්‍ය හා පෝෂණ ඇමැති: එච්.එල්.පී. සම්පත්, ප‍්‍රජා සේවා ඇමැති: තිළිණි බිංඳුසාර, සමාජ සුභසාධන: ජී.එච්. මල්ලව, චර්යා සංවර්ධන හා නිපුණතා: මදුසංඛ බණ්ඩාර, භෞතික හා ආපදා: ඉඳුනිල් යාපා බණ්ඩාර, අන්තර් පාසල් සුහදතා: රජිත මදුශංඛ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එම්. සේනාරත්න මහතා ද පැමිණ සිටියේය.



අදහස් (0)

නාඋල පාසලට සිසු පාර්ලිමේන්තුවක්

ද සිල්වා Thursday, 18 October 2012 05:10 PM

ඔන්න පාසල්වලටත් දේශපාලන ලෙඩේ බෝ වෙලා.. ළමයින් ඉගෙනගෙන ඉවරවෙලා දේශපාලනය කරන්නෙ.. පාසල් කාලයේ විනෝදයට දුවලා පැනලා කරන ක්‍රීඩාවක් කරන්න.. මේ වා ඔළුවට දාගත්තාම වෙන්නෙ ඉගෙනීම කඩාකප්පල් වෙනවා.. මේවා තේරෙන්නෙ නැද්ද මේ අයට..!(නු)

:       0       0

සුසන්ත Friday, 19 October 2012 01:44 AM

හොද වැඩක්

:       0       0

වාසල Thursday, 18 October 2012 05:51 PM

ලොකු අයට ඉගෙනගන්න පුළුවං විදියේ මොඩලයක් හදමු දරුවනේ..!(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Thursday, 18 October 2012 05:44 PM

අනේ දරුවනේ පරිස්සමින්..!(නු)

:       0       0

ලසන්ත Friday, 19 October 2012 03:22 AM

පිස්සු හැදෙනවනේ. දැන් එච්චරයි අඩු. (නි)

:       0       0

ජගත් Friday, 19 October 2012 04:44 AM

අන්න හරි. දැන්නෙ ගුරුවරුන්ටත් මොලේ පෑදෙන්නේ. ළමා අවදියේම යායුතු මඟ පුහුණු කරන්න ඕනෑ. දැන් ඉතින් ඒ දරුවන්ට ඒ සුදුසු කමත් හරි. අද ඉගැන්වීම බලු කුක්කාට ගිගින්. කාලෙන් කාලෙට නොයෙකුත් වෙනස්කම්. අද ලංකාවෙ අධ්‍යාපනය ගැන කියන්න ගත්තොත් කොතනින් පටන් ගෙන කොතනින් නිමා කරන්න ද? මෙය ළමයිගේ ඉගෙනීමට තියෙන වටිනා කාලය නාස්ති කිරිමක්. (නි)

:       0       0

කමල් Thursday, 18 October 2012 06:08 PM

ඇමති උෂ්ණය ගහලා ළමයිනුත් අහිංසක මිනිසුන් ගස් බදීද?(නු)

:       0       0

කීර්ති Thursday, 18 October 2012 06:10 PM

පාසල් කාලය නිමා වෙනකොට ඔක්කොටම ඡන්දෙ ඉල්ලන්න පුළුවං එතකොට වැඩි දුර අධ්‍යාපනයක් ලබන්න ඕනෙත් නැහැනේ..!(නු)

:       0       0

හරිශ් Friday, 19 October 2012 05:30 AM

මේ සිසුන් ආදර්ශයට ගන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවද? (නි)

:       0       0

සුනිල් Friday, 19 October 2012 02:57 PM

විදුහල්පතිතුමාගේ සාක්කුවට ගාණක් එන වැඩක්ද මේක (ස)

:       0       0

ලලිත් කටාර් Thursday, 18 October 2012 06:13 PM

ඇයි දරුවනේ ඔයාලට ඉගෙනීම එපා වෙලාද? අද කාලෙ වෙන වැඩ දිහා බැලුවම පාර්ලිමේන්තුවක් ළගින්වත් යන්න ළමයෙකුට සුදුසු නැහැ.. ගුරුවරු මේවා දැන ගත යුතුයි.. දේශපාලනඥයන් පිනවීම නොව ළමුන්ට රටට වැඩ දායක දේවල් කරන්න... ළමයින් මැරයින් පිස්සන් උම්මත්තකයන් කරන්නේ නැතිව..!(නු)

:       0       0

හේමන්ත Thursday, 18 October 2012 06:11 PM

අපේ කට්ටියව අනුගමනය කළොත් නම් පාසලත් සුන් තමයි. (නි)

:       0       0

සිල්වා Thursday, 18 October 2012 06:17 PM

දැන් ඉන්න ළමයින්ගේ මනස විකෘති වෙලා (නි)

:       0       0

සිංහ Thursday, 18 October 2012 06:28 PM

අනේ අපි නොදන්න පාර්ලිමේන්තුව! (නි)

:       0       0

කුෂාන් Friday, 19 October 2012 08:05 AM

අහවලාව ගෙන්වන්න වෙයි පාර්ලිමේන්තු භාෂාව උගන්වන්න (නි)

:       0       0

වරුණ Friday, 19 October 2012 08:12 AM

ඕවා කරාට කමක් නෑ හොරකම් මැරකම් ගැන හොයන්න එපා (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 18 October 2012 07:12 PM

සෑම පාසලකටම සුදුසු වැඩක්. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 20 October 2012 07:45 PM

ශ්‍රී නාග ජාතික පාසලේ මාධ්‍ය ඒකකය විසින් දැක්වූ අදහසට බෙහෙවින්ම ස්තූතියි. ගරු විදූහල්පති කේ.වී.ආර්. කුලරත්න මහතානනි..., පාසැල් දරුවන්ට දේශපාලන විද්‍යාව උගන්වන්න කලින් ඉගැන්විය යූතු වැදගත් වෂයන් අතර පාසල් මට්ටමින් ලිංගික විද්‍යාව ඉගැන්නූවොත් මීට වඩා වටින්නේය. ඒ මන්ද පාසල් යන තරැන ගැහැණූ දරුවන් පාසැලට එන්නේ දරුවට "කිරිදිලා" පූවතක් මෑතකදී මා දූටූවෙමි. එහෙනම් ලැබෙන දරුවා විනාශ කරන්නත් පෙළබෙනවා. එහෙනම් මේවට වගකිව යූත්තෝ කවූරැත්ද...? ගැහැණූ දරුවන්ටම පමණක් නොව පිරිමි දරුවන්ටත් කියාදෙන්න මේ මේ අපරදේ කරන්න එපා කියලා. ඒ වගේම සමාජ ආචාර ගුණධර්ම වලින් පෝෂණය කිරීමත් අතිෂයින් වැදගත් බව මඟ තොටේ ඉන්න සහ යන විට පෙනී යන කරුණූය. අද කාලේ තරුණ ගැහැනු දරුවෙකුට තියා වයසක අම්මලාටවත් පාරේ බැහැලා යන්න පූළුවන්ද...? දරුවෙක් බිහි කිරීමට ඉන්න අම්මලාට නැකිටලා ආසනය නොදෙන මේ සමාජයට අවශ්‍යය දේශපාලනය නොව යහපත් ගුණ ධර්ම පූරුදූ පූහූණූ කිරීමකුයි. හරි හැටි අවබෝධයක් නොමැති මේ දරුවන් රැක බලා ගැනීම යහමඟට ගැනීම ප්‍රධාන ස්ථානය පාසලයි. ඔබ තුමන්ලගෙ වගකීමත් එයම නොවේද...? දේශපාලන විශයක් එක්කර දරුවන්ගේ මනසට තව බරක් එක්කිරීමෙන් වළකින්න. මේ වැඩ වලින් දරුවන්ට විවේකයක් නැතිවෙනවා වගේම දරුවන් අතරත් වෛයිරය,ඉර්සියාව, පලිගැනීම්, ඇති කරන්නද හදන්නේ...? මේ වට ඉඩ තියන්න එපා. ගරු විදූහල්පති තුමනි, ඔබ තුමන්ලගේ අරමූණ ඔවැනි පින්තූර වලින් සැසදිය හැකිද...? දරුවන්ගේ දූර්වළ ක්‍රියාවන් සොයා බලා අදුරට අතවනන්නේ නැතිව, මූළු රටේම ප්‍රසිද්ධ කීර්තිමත් ලේඛකයෙක් සහ දේශකයෙක් වන සමන් වීරවංශ සහ දයා රෝහණ අතුකෝරාළ, මහත්වරුන්ගේ දායකත්වය ලබා ගෙන උදාවෙන හෙටක් සදහා බූද්ධිමත් දරු පරපූරක් වෙනූවෙන් කාළය වෙන්කරන්න...!! (අ)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 19 October 2012 08:56 AM

ලංකාවේ පාර්ලිමේන්තුවෙන් ආදර්ශයක් ගන්නවා නම් නවසිය පනස් ගණන්වල හිටපු වැදගත් මහත්වරුන්ගේ යුගයෙන් ඉගෙන ගන්න කියාදිය යුතුයි. කොහොම වුණත් කැබිනට් එක 9 දෙනෙකුට සීමා කිරීමෙන් කුඩා දරුවන් නැවත වරක් ලොකු මිනිසුන්ට ආදර්ශයක් දී ඇත. (නි)

:       0       0

බණ්ඩා Friday, 19 October 2012 08:58 AM

මේ වැඩේට බනින අයට පිස්සුද මන්දා. පොඩි දරුවන්ට වැඩේ හරියට කරන හැටි පාසලේදී කියා නොදීමේ විපාක නේද අද අපි භුක්ති විඳින්නේ? (නි)

:       0       0

නාරද Friday, 19 October 2012 09:32 AM

ලංකාවේ අධ්‍යාපන සුදුසුකම් නොබලන එකම රැකියාව දේශපාලනයනේ (නි)

:       0       0

කුමාරි Friday, 19 October 2012 09:36 AM

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිටකරපු කතාව නම් පංකාදුයි. රට යන්න ඕනෑ ලංකාව ගැන තේරුම් යන්න. ජය වේවා!! (නි)

:       0       0

මුතු Thursday, 18 October 2012 08:09 PM

ඕවට කියන්නේ රඟපෑම් කියලා.. මෝඩ නැතුව ඉගෙන ගන්න (ස)

:       0       0

ශ්‍රී නාග ජාතික පාසලේ මාධ්‍ය ඒකකය Friday, 19 October 2012 10:07 AM

ඉහත අදහස් දක්වු සියලු දෙනාටම ස්තුතියි. අපේ අරමුණ යහපත්,ගුණවත්,නැණවත් ,දේශපාලන සංස්කෘතියකට දරුවන් යොමු කිරීමයි. ඒ බව මේ පින්තූර වලින්ම පෙනෙනවා නේද? අදුරට ශාප නොකර අපි එක්ව පහන් දල්වමු. (නි)

:       0       0

ශාන් Friday, 19 October 2012 10:15 AM

පාසල් වලට මොකද මේ වෙන්න යන්නේ (ස)

:       0       0

සරත් Thursday, 18 October 2012 09:00 PM

අළුත් ‍දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය කාලයක් මේක (නි)

:       0       0

අමිල Friday, 19 October 2012 10:33 AM

ප්‍රවේසමෙන් ...සුදු වෑන් ඒවි (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 19 October 2012 10:40 AM

අර මොකද්ද කර්නල් පට්ටමක් ඕන වෙලා වගෙයි ?????(ස)

:       0       0

පවන් Friday, 19 October 2012 10:40 AM

මේවා පිස්සු වැඩ. පාසල් පද්ධතියත් විහිලුවක් වෙනවා මේවා නිසා. (නි)

:       0       0

චූලක Friday, 19 October 2012 10:59 AM

ඉගෙන ගන්න, උගන්නන්න තියන කාලය මේ වැඩවලට යොදවලා ගුරුවරු ටික අත් බැඳගෙන ඉන්න අපූරුව බලන්නකෝ. පව් මේ දරුවො ටික. මේ වැඩ පාසල් නිවාඩු කාලවල කළා නම් හොඳයි , අර සෙල්ලං ගෙවල් දානවා වගේ. (නි)

:       0       0

නාපාවල කටාර් සිට Thursday, 18 October 2012 09:40 PM

ඡන්දයකින් තේරුවා කිව්වට හැකි නම් තව සොයලා බලන්න. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 18 October 2012 09:55 PM

ඒ පාර මොකක්ද මේ වෙන්න යන්නේ? හරිහමන් ඉතිහාසෙවත් නොදන්නා මේ ළමයිට මොන දේශපාලනයද? කොයිදේ කරන්නත් මූලින්ම ඉගෙනීම අවශ්‍යයි. මේ වැඩ වලින් බලාපොරොත්තු වන්නේ මොකද්ද? අනාගතේ නිකම්ම නිකන් හිස් ඔලූගෙඩි මෝඩ මැට්ටෝ බිහි කිරීමද? බොරු වැඩ වලට කාලේ නාස්ති නොකර පාසලේ විශයන් කෙරෙහි හිත යොමූ කිරීම මීට වඩා නූවණට හූරුය. දේශපාලන විද්‍යාව උගන්වන්න දැන් එහෙනම් පෞද්ගලික පංතිත් කඩිනමින් ආරම්භ කරාවි. මෙන්න වැඩ...!! මේ වැඩ වලටයි බෝඩ් එල්ල ගෙන කෑගැසිය යූත්තේ..!! ඔය ගමේ කෝ දෙමාපියෝ, වැඩිහිටියෝ.....? (නි)

:       0       0

බිංදු Friday, 19 October 2012 11:01 AM

අපි කරන්නේ පාර්ලිමේන්තුව අභිබවා ගිය නව්‍යකරනයක් (නි)

:       0       0

සුනිල් Friday, 19 October 2012 11:16 AM

සුදුසු වැඩක්. ඒත් ලංකාවේ පාර්ලිමේන්තුව නම් ආදර්ශයට ගන්න එපා.(ස)

:       0       0

අකිල Friday, 19 October 2012 11:41 AM

මේක හොද අදහසක්. අනාගතයේ දේශපාලනය කරන්න ඉන්න අයට ඒ ගැන හොද අවබෝධයක් දෙන්න ඕනෑ. නැත්තම් අද ඉන්න සමහර අය වගේ මෝඩ මැටි හරක් ටිකක් බිහි වෙයි. (නි)

:       0       0

රාහුල Thursday, 18 October 2012 10:47 PM

අනාගතය ගැන බයකුත් දැනෙනවා

:       0       0

සේනානායක Thursday, 18 October 2012 10:49 PM

පිස්සු කතා කරනවාද

:       0       0

ගාමිණි Thursday, 18 October 2012 10:50 PM

හීනෙකින්වත් හිතන්න එපා පුතේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 962 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1572 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 343 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1426 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1212 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site