IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


නැගෙනහිර පළාතේ හුදකලා හිමිවරුන්ට මරණ තර්ජන

(පාෂාණ පබ්බත විහාරය)

(අජිත්ලාල් ශාන්තඋදය)
 
නැගෙනහිර පළාතේ පැරණි බෞද්ධ විහාරස්ථානවල හුදකලාව වැඩසිටින භික්‍ෂුන් වහන්සේලාට විවිධ ප්‍රදේශවලින්, විවිධ වෙස්ගෙන පැමිණ සිටින අපරාධකරුවන් සහ පැරණි කොටි සාමාජිකයන්ගෙන් මරණ තර්ජන එල්ලවෙන බව නැගෙනහිර පළාතේ ලංකාපටුන විහාරස්ථානයේ විහාරාධිකාරී හම්බෙගමුවේ අස්සජි හිමියෝ පවසති.
 
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගේ ‘ස්වර්ණම් බේස්’ කඳවුර පිහිටා තිබු ඊච්චලම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙරුගල්හි පාෂාණ පබ්බත විහාර විහාරයේ වැඩසිටි 70 හැවිරිදි වියේ පසුවු උඩුහාවර ධම්මරත්න හිමියන්ට මීට දින කිහිපයකට පෙර පිරිසක් පහරදීම හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගත කරන්නට සිදුවු බවද අස්සජි හිමියෝ පවසති. කොටිහඬ  ගුවන් විදුලියේ නැගෙනහිර පළාතේ සම්ප්‍රේෂණාගාරය පිහිටා තිබුණේ මෙම පාෂාණ පබ්බත විහාරස්ථානයේය.
 
නැගෙනහිර පළාතේ කොටි නායකයෙක්ව සිටි තැනැත්තෙකු, නැගෙනහිර පළාතේ වෙරුගල් ප්‍රදේශයේ පදිංචි වර්තමානයේ දේශපාලන කටයුතුවල නිරතවන පැරණි කොටි සාමාජිකයන් සමග සම්බන්‍ධකම් පවත්වන පිරිසක් සමග කැලණිය ප්‍රදේශයේ මැර පිරිසක් එම විහාර භූමියට ගිය අවස්ථාවේ, භික්‍ෂුන් වහන්සේලාගේ වේශයෙන් පෙනිසිටි දෙදෙනෙකු සමග මැරයන් තිදෙනෙකු ධම්මාරාම හිමියන් වැඩ සිටි කුටියට ගොස් විහාරස්ථානයෙන් පිටවන්නැයි බලකර පහරද ඇතැයි ද අස්සජි හිමියෝ කියති.
 
පාෂාණ පබ්බත විහාරස්ථායේ මීට පෙර වැඩ වසමින් එහි දියුණුවට වැඩකළ, දිගින් දිගමටම මරණීය තර්ජන එල්ලවී සිටි රත්නපුරේ දේවානන්ද කිත්ති හිමියන් මීට මාස දෙක හමාරකට පෙර ආවාස කුටියේදි අපවත්වී සිටි බවද උන්වහන්සේ සඳහන් කරති. උන්වහන්සේගේ මරණය සියදිවි නසා ගැනීමක් යැයි තීරණය කර සිද්ධිය මේ වනවිට යටපත්ව ඇතත් එය සිය දිවි නසා ගැනීමක් ද යන්න සැකයක් බවද අස්සජි හිමියෝ පෙන්වා දෙති. දේවානන්ද කිත්ති හිමිගේ මරණින් පසු එම දේපල අධිකරණය සතු එකක් බවට ව්‍යාජ ලේඛන අලවා එහි ඇතුලුවීම තහනම් බවට යම් පාර්ශවයක් දැන්වීම් අලවා තිබූ බව ද අස්සජි හිමියෝ කියති. ධම්මරත්න හිමියන්ට පහරදුන් පිරිසට අයත් සිවුරු දරන පුද්ගලයන් දෙදෙනකු මේවනවිට තවත් මැරපිරිසක් සමග පාෂාණ පබ්බත විහාරස්ථානය දැන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවද අස්සජි හිමියෝ අවධාරණය කරති.
 
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මැරක්‍රියා කරන ඇතැම් අපරාධකරුවන් ආරක්‍ෂක අංශවලින් බේරීමට නැගෙනහිර පළාතේ බෞද්ධ විහාරස්ථානවලට ගොස් හරිහමන් දානයක්වත් නැතිව ඒ බෞද්ධ නටඹුන් රකිමින් සිටින භික්‍ෂූන් වහන්සේලාට උපකාර කරන මුවාවෙන් නැවතී ඒවායේ පුරාවස්තු කොල්ලකෑමට සැලසුම් සකක් කරන බවද ලංකාපටුන විහාරස්ථානයට මීට වසරකට පමණ පෙරදී මැර පිරිසක් පහරදුන් බව ද අස්සජි හිමියෝ පවසති.
 
පුරාවස්තු කොල්ලකෑමට වඩා යුද සමයේ කොටි කදවුරු පැවති බෞද්ධ සිද්ධස්ථාන ඉඩම්වල කඳවුරු අතහැර යාමේදී කොටිසංවිධානය සතුව තිබූ සාමාන්‍ය වැසියන්ගෙන් කොල්ලකන ලද රත්‍රං සහ කොටි සංවිධානය සතු ආයුධ වළදමා ඇති තැන්වලින් ගොඩගැනීම, ඒවායේ වැඩ වසන භික්‍ෂූන් පන්නා දැමීමේ කුමන්ත්‍රණයන් පිටුපස ඇතිබවට සැකකරන්නේ යැයිද අස්සජි හිමියෝ පවසති.ඇතැම් අවස්ථාවල කූට ලෙස සැකසූ ලේඛන රැගෙන මෙම විහාරස්ථානවලට මැරකල්ලි සමග පැමිණෙන භික්‍ෂු වෙස්ගත් පුද්ගලයන් ඒවායේ වැඩවසන භික්‍ෂූන් එළවා දැමීමට ගන්නා උත්සාහය යට ඇත්තේ වෙනත් ප්‍රබල බලපෑමක් යැයි සැකකරන බවද අස්සජි හිමියෝ පෙන්වා දෙති.

(මැරයන්ගේ බලපෑම් හමුවේ අපවත්වූ දේවාවන්ද හිමි)

(විහාරස්ථානයේ ඇති සෙල්ලිපිය පෙන්වන අපවත්වු හිමියන්)

(පහරකෑමට ලක්වූ ධම්මරතන හිමි)



අදහස් (14)

නැගෙනහිර පළාතේ හුදකලා හිමිවරුන්ට මරණ තර්ජන

Nuwan Tuesday, 19 January 2021 07:57 AM

මිථ්‍යා දෘෂ්ඨීක නායකයෝ රට කරනකොට බුද්ධ පුත්‍රයින්ට සලකාවිද?

:       43       40

BamunuarachchiWednesday, 20 January 2021 06:05 AM

ඔය කියන්නේ 2015-2020 කාලය නේද? ඒ ගොල්ලන්නේ කිව්වේ මෙය බෞද්ධ රටක් නොවෙයි කියලා.. එ් ගොල්ලන්නේ තුන් සරණෙන් සඟ සරණ අතහැරලා අබසරණ ගියේ. ආපසු හැරිලා බලන්න තමන් ආවඩන නායකයින් ජාතියට, ආගමට මොකද කලේ කියලා..

:       1       0

දිමුත් Tuesday, 19 January 2021 08:09 AM

දැන් පිල්ලෙයාන් මහතාත් දේශප්‍රේමී නිසා එහෙම වෙන්නැතුව ඇති...

:       0       36

ruwan Tuesday, 19 January 2021 09:20 AM

මහ කොටියා නිදොස් කොට නිදහස් කරේ ඕක කරන්න තමයි... මෙහෙමත් පාලකයින්...

:       0       33

fairoos Tuesday, 19 January 2021 09:27 AM

සර් ඉන්නවනේ බයවෙන්න එපා. අර වහලා තියෙනවා. ගොඩ ගන්න කම් ඉවසන්න.

:       0       29

Don perera Tuesday, 19 January 2021 09:33 AM

සර්ට කියන්න... සර් ගමට එයි.

:       0       27

Akila Tuesday, 19 January 2021 10:18 AM

පහුගිය රජය කාලේ නම් ඉරාජ් කියලා වීරයෙක් හිටියා මේ වගේ මැර තර්ජන ගැන රටටම කියන්න... එ්ත් දැන් නම් උන්දෑ ආගිය අතක් නැහැ...

:       2       27

vasanthiTuesday, 19 January 2021 11:35 AM

පසුගිය කාලේ ආණ්ඩුවේ නොවෙයි... ඔබට වැරදිලා.!!! ඉරාජ් ඉන්නේ මහින්දලා ගාව... ඉහළින් එන ඕන වැඩක් වෙබ් මිඩියා හරහා දානවා.

:       0       21

karu Tuesday, 19 January 2021 11:38 AM

හාමුදුරුවනේ, ඔය ඔක්කොම චණ්ඩි එන්නේ මැදමුලන හරහායි. ආයෙත් මොනවා හරි ජාතිවාදයක් ඇදගත්තොත් ඒ ගොල්ලන්ට රට හොරා කකා තව අවුරුදු කීපයක් ඔය පුටුවේ ඉන්න උත්සාහ කරන්නේ. මේ පාරනම් තව මාස 6ක් වත් ඉන්න වෙන එකක් නැහැ. ළඟදීම මිනිස්සු තීරණයක් ගනීවි...

:       61       25

athula Tuesday, 19 January 2021 03:02 PM

රටට අත්ව අැති ඉරණම හරිම ඛේදනීයයි.. පාලකයින් කියලා ජනතාව පත්කරන්නේම මංකොල්ලකාරයින්, අපරාධකාරයින්වමයි.. එහි අනිසි ප්‍රතිඵල මේවා.. කවදා ජනතාව මේ ව්‍යවසනය තේරුම් ගනීවිද..?

:       1       17

Laksitha Paris Tuesday, 19 January 2021 06:14 PM

කවුද ඡන්දෙ දැම්මේ? මමද?

:       0       0

Demuni Uduwara Tuesday, 19 January 2021 08:53 PM

හාමුදුරුවනේ, පිල්ලෙයාන් සර්ට පැමිණිලි කරන්න.

:       0       0

Bamunuarachchi Wednesday, 20 January 2021 06:07 AM

අපේ හාමුදුරුවනේ බෞද්ධ භික්ෂූන්ට බය කියන එක අයිති නැත...

:       1       1

de silva Wednesday, 20 January 2021 03:07 PM

අර එක දවසට හමුදා භටයන් 2000-3000 මැරුවා කියපු, කොරෝනාවලට වැඩිය භයානක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අපේක්ෂක තුමාගේ ගෝලයෝද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 117 0

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්
2024 නොවැම්බර් මස 08 244 0

වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල


තැපැල් ජන්දයේ අවසන් දවස අද
2024 නොවැම්බර් මස 08 14 0

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


සාදයට පැමිණි පිරිස හිස් අතින්ම යයි
2024 නොවැම්බර් මස 08 854 0

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 3607 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 89 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 75 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 449 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1407 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site