IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නැගෙනහිර සිසුනට දෙදිනක් විභාග නෑ

නැගෙනහිර පළාතේ පාසල් රැසක සිසුනට  බදාදා සහ බ්‍රහස්පතින්දා (27-28)  නියමිත වාර විභාගය කල් දමා ඇත. අප්‍රේල් පස් වැනිදාට පෙර එම විභාග පවත්වන බව අධ්‍යාපන බලධරයෝ කියති.

නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම් පී ඒ නිෂාම් මහතා පැවසුවේ දැයටකිරුළ නැරඹීමට සිසුන් රැගෙන යාමට 27 සහ 28 දිනයන්හි පාසල් විභාග නොපැවැත්වෙන බවයි. එම දිනයන්හි පැවැත්වෙන විෂයන් ඊළඟ සතියේ පාසල් නිවාඩුව ඇරඹීමට පෙර පැවැත්වීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කටයුතු කරනු ඇති බවයි.

පළාත් අධ්‍යාපන ලේකම් ඊ ඒ ඩී පුෂ්පකුමාර මහතා පැවසුවේ පාසල් සිසුන් දැයටකිරුළ බැලීමට රැගෙන යන ලෙස දැනුම් දුන්නත් පාසල් විභාග නවත්වන ලෙස තමා දැනුම් නුදුන් බවයි.

සිසුනට කලාතුරකින් දැකගන්නට ලැබෙන දැයට කිරුළ ප්‍රදර්ශනයට සිසුන් සහභාගී කරවා ගැනීමට මෙම විභාග නොපැවැත්වෙන බව නැගෙනහිර පළාත් අධ්‍යාපන නිලධරයෝ පවසති.

අධ්‍යාපන බලධරයන් කළින් කල්පනා කළේ නම් විභාගය ද පවත්වා, සිසුනට ප්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාව සලසා දීමට හැකිව තිබුනැයි ලංකා ගුරු සංගමය කියයි.

අධ්‍යාපන බලධරයන් හදිසියේම ගෙන ඇතැයි කියන මේ තීරණය නිසා සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම ඇතුළු ප්‍රශ්න රැසක් මතුවන බවත් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

සැලසුම් නැතිව අධ්‍යාපන කෂේත්‍රයේ වැඩ කෙරෙන බවට මෙය හොදම නිදසුනක් බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.



අදහස් (0)

නැගෙනහිර සිසුනට දෙදිනක් විභාග නෑ

ලක්මාල් Wednesday, 27 March 2013 07:01 AM

මම මේහෙම කියුව්වට මොකුත් හිතන්න එපා ඒ වැඩේ නම් අනුමත කරන්න බැහැ නේද (දී)(දී)

:       0       0

වරුණ Wednesday, 27 March 2013 07:44 AM

වෙන රටවල නම් අධ්‍යාපනයට තමයි මුල් තැන දෙන්නේ. (නි)

:       0       0

අමර Wednesday, 27 March 2013 08:10 AM

දැන් දැන් මොනවා කරනවාද මොනවා වෙනවාද නොතේරේ.සිහියෙන් කටයුතු නොකළොත් රටයි වරිගයයි ඔක්කොම සුන් (ස)

:       0       0

අචිනි Wednesday, 27 March 2013 10:21 AM

නියමයි ශ්‍රී ලංකා! (නි)

:       0       0

චතුරිකා Wednesday, 27 March 2013 10:17 AM

දයට කිරුල සාර්ථක නැහැල්ලු. පාසල් ළමයි ටික ගන්නල හරි සෙනඟ පෙන්නන්න ඕනලු.(නදී)

:       0       0

සදුන් Tuesday, 26 March 2013 08:51 PM

විභාගය නවත්වන එකනම් සුදුසුද ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 791 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 457 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 341 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 604 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 399 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1098 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site