IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නීති ශිෂ්‍යාවගේ අත කැපීම ගැන පරීක්ෂණයක්

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යාවක වන ඌරුබොක්කේ හීගොඩ අචලා ප්‍රියදර්ශනීගේ (23) වම් අත කපා දැමීමට සිදුවූයේ අත බේරා ගැනීමට නොහැකි වූ නිසා යැයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ කියයි.

මේ ගැන පරීක්ෂණයක් පැවැත්වෙන බව ඔහු ද, ඇය දෙවැනි වරට ප්‍රතිකාර ගත් මාතර රෝහලේ අධ්‍යක්ෂිකා දොස්තර සමින්දි සමරකෝන් ද කියති.

සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් අරඹා ඇති බවත්, පරීක්ෂක කණ්ඩායමක් සඳුදා මාතර පැමිණීමට නියමිත බවත් ඇය කියන්නීය.

පසුගිය 17 වැනිදා ගමේදී පඩිපෙලකින් වැටී හීගොඩ රෝහලට ඇතුළු කළ ඇය එතැනින් මාතරට යොමු කළ බවත්, පසුගිය 18 වැනිදා කොළඹ රෝහලට එවූ බවත් දැනගන්නට ඇත.

ඇය ජාතික රෝහලට ඇතුළු කරන විට අත නිල් වී ‘මැරී‘ තුබූ බව වෛද්‍යවරු කියති.

මාතරදී ඇයට ප්ලාස්ටර් ඔෆ් පැරිස් බැන්ඩේජය දමා තිබිණි. බැන්ඩේජය දැමූ පසු   ටික වේලාවකින් අත හිරිවැටී නිල් වූ බව ඇය කියන්නීය. ඇය ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කිරීමට මුලින් අදහස් කළත් එහි වෛද්‍යවරයා නොසිටි නිසා අධිවේගී මාර්ගයෙන් කොළඹට යැවූ බව මාතර රෝහල් අධ්‍යක්ෂිකාව කියන්නීය.

ඇගේ මව ලෙබනනයේ රැකියාවකට ගොස් සිටින්නීය.



අදහස් (0)

නීති ශිෂ්‍යාවගේ අත කැපීම ගැන පරීක්ෂණයක්

කිත්සිරි Sunday, 27 January 2013 09:53 PM

නොසැළකිල්ලක් හෝ අත් වැරදීමක් වෛද්‍යවරුන් අතින් වී තිබෙන බව පෙනේ. ඔබට අනාගතයට දිරියෙන් දීමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ඇතීනා Monday, 28 January 2013 09:51 PM

මේ ඔබේම අසල්වැසි දියණියකි. ඔබේම නීති ශිෂ්‍යාවකි. ආරක්ෂක ලේකම්තුමනි. වහාම පරීක්ෂණයක් කරන්න. මෑත කාලයේ දකුණේ අපේ හදවත් සසල කළ මහා අපරාධයක් මේ. දයාබර සොයුරියේ, නුඹට මතුදිනක නීතියේ ඉහළටම නැගගන්න ඔය දෙපා ඇති. ඔසවන්නෙමු අපි මුළු දකුණේම දෑත්වලින්. (නි)

:       0       0

ආනන්ද Sunday, 27 January 2013 10:02 PM

නිමල් හරියටම හරි. (නි)

:       0       0

මධූෂා Wednesday, 30 January 2013 12:11 PM

වරද කොතැනද? සොයා දඩුවම් දෙන්න. (නි)

:       0       0

බුද්ධික Thursday, 31 January 2013 08:40 AM

මොන දේ කළත් තිබුණු අත ආයෙත් දෙන්න බැහැනේ. (නි)

:       0       0

පද්මි Monday, 28 January 2013 11:17 AM

මේ දියණිය වහාම පිටරටකට යවා ඉක්මනින් අතක් බද්ධ කරවන්න (ස)

:       0       0

ප්‍රසන්න Monday, 28 January 2013 11:31 AM

මේ වැඩේට නීතිමය පියවර ගන්න ඕනේ (දී)

:       0       0

ඩෑම් Sunday, 27 January 2013 10:24 PM

ලස්සන තරුණියක් වන ඔබ අතක් නැතිවුණා කියලා සැළෙන්න එපා. (නි)

:       0       0

ප්‍රේමරත්න Monday, 28 January 2013 11:32 AM

ඒ ළමයාගේ මුළු අනාගතයම ඉවරයි (දී)

:       0       0

ඉසුරංග Sunday, 27 January 2013 10:27 PM

ඒකනම් මහා අපරාදයක් (දී)

:       0       0

සනත් Monday, 28 January 2013 11:33 AM

සොයුරිය ඔබට සියළු ශක්තියද , වරද කරුවන්‍ට දඬුවම්ද ලැබේවා! (දී)

:       0       0

නිත්‍යා Monday, 28 January 2013 11:42 AM

ඉක්මන් සුවය පතනවා අක්කේ ඔයා‍ට (ස)

:       0       0

ජගත් Sunday, 27 January 2013 10:35 PM

රජයේ රෝහල්වලට ප්‍රතිකාර ගැනීමට යාමෙන් වැළකිය යුතු බවයි මගේ හැගීම. (නි)

:       0       0

සුනිමල් Sunday, 27 January 2013 10:50 PM

මෙහිදී ඇතැම්විට වෛද්‍යවරුන් අත වරදක් තිබිය හැකි වුවත් කිසිම විමසා බැලීමකින් තොරව වෛද්‍යවරුන්ට බැන වැදීම අපේ ඇතැමුන් තුල ඇති හීනමානය නිසා සිදුවන්නක් බව මගේ හැඟීමයි. අනෙක් අතට මෙම වාට්ටුවේ වෛද්‍යවරු මෙවැනි රෝගීන්ගේ අත් පය සහ ජීවිත කීයක් බේරාගෙන ඇත්දැයි නොසිතා එක වරදක් වූ සැනින් අත්‍ කපා දමන්නට කතාකරන්නේ අපේ අයගේ ගෝත්‍රික මානසිකත්වය නිසාය. (නි)

:       0       0

ආනන්ද Monday, 28 January 2013 12:04 PM

අපරාදෙනේ ජීවිතේ. මේ අය දොස්තරලද ?? (ස)

:       0       0

ආසිරි Monday, 28 January 2013 12:08 PM

ඌරුබොක්ක ඡාතික පාසල බුද්ධිමතුන් ගොඩක් බිහිකරපු ලංකාවේ සුන්දරම පාසලක් මේ නගරයට අංග සම්පුර්ණ රෝහලක් මේ දියණිය නමින් ලබාදෙන්න බලධාරීන්‍ගේ ඇස් ඇරේවා 1993/94 උසස්පෙල ආදි සිසු කණ්ඩායෙමේ ඉල්ලීමක් (ස)

:       0       0

කල්ප Sunday, 27 January 2013 11:06 PM

ඉතා අවාසනාවන්ත සිදුවීමක්. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 27 January 2013 11:13 PM

මේ සිදුවීම අතිශය ශෝකජනකය. ඉකුත් දිනවල සිදුවීම් වලින් අනතුරුව අධිකරණ නීති ක්ෂේත්‍රය සම්බන්ධව අසන්නට ලැබුණු ශෝකජනත සිදුවීම් වලින් එකක් ලෙස මේ සිදුවීම මම දකිමි. සිදුවීමට අදාළ වෛද්‍ය ප්‍රතිකාර නිර්දේශ කිරීම් පිළිබඳව තවම නියම පරීක්ෂණයක් සිදු කර තිබේදැයි දැන ගැනීමට නැත. නමුත් මේ දැරියට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා තමන්ගේ ප්‍රතිකාර පිළිබඳව වගකීම දැරිය යුතු යැයි කියමි. තමන්ගේ ප්‍රතිකාර අසාර්ථක වීම නිසාම සිය බාහුව අහිමි වූ මේ උසස් අධ්‍යාපනය ලබන දරුවාගේ අනාගතයට වග කියන්නේ කවුද? වහාම මේ පිළිබඳව නිසි පියවර ගන්නා මෙන් වගකිව යුතු අංශ වෙතින් ඉල්ලා සිටින අතර ඒ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ හා ගරු ආරක්ෂක ලේකම්තුමාගේ අවධානය කඩිනමින් යොමුකරන්න යැයි සානුකම්පිතව ආයාචනය කර සිටිමු. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 27 January 2013 11:32 PM

මෙම සිද්දිය තව දින කීපයකින් පරණ එකක් වෙනවා. වෛද්‍යවරුන් අතින් සහ රෝහල් වලින් රෝගීන්ට මෑත අතීතයේ පමණක් මොනතරම් අකටයුතු සිදුවුණාද? වෛද්‍ය වෘතිකයන්ගේ සාපරාධි සහ වෘත්තීය නොසැළකිල්ල නිසා රෝගීන් මරණයට පත්වීම සහ දුබලතාවයට පත්වීම මීට ඉහතදී කොතරම් සිදුවී ඇත්ද? එවැනි සිදුවීම් පාලනය කිරීමට හෝ වැරදිකරුවන්ට දඬුවම් දීමට බලධාරීන් පියවර ගත් අවස්තා විරලය. මෙයට හේතුව විය හැක්කේ දැනට සිටින වෛද්‍ය පරිපාලකයන්ගේ ඇති අදක්ෂකම සහ අකාර්යක්ෂමතාවය දැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතුවීම සාධාරණය. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 28 January 2013 12:03 AM

ලංකාවෙ මිනිසා හැදිලා නැහැ. නීතියත් එසේමයි. එහෙම රටක දියුණුව මංමාවත්, බිල්ඩින් වලින් මනින්න බැහැ. අනික සෞඛ‍‍්‍යය විකිනෙන භාණ්ඩයක් බවට පත්වෙලා. මේ අසරණ දරුවගේ දිහා බලනකොට හරියට අපි තාමත් ඇෆ්ගනිස්තානයේ වගේ. මිනිස්කම පිරිහිලා, මුදලට නොමිනිස්කම් රජවෙලා. මේක ද අපේ මහලොකු දියුණුව​. නැහැ. කළයුත්තේ, නීතිය දැඩිකොට තරාතිරම නොබලා දඩුවම් දීමයි. (නි)

:       0       0

සුභාෂිනි Monday, 28 January 2013 12:11 AM

අනිවාර්යයෙන්ම තියන්න ඕනේ (දී)

:       0       0

නිහාල් Monday, 28 January 2013 11:47 PM

අපේ රජයේ රෝහල් වල ලෙඩාට ඇහුම්කන් දීම නම් සිදු‍වන්නේ බො‍හොම අඩුවෙන්. (නි)

:       0       0

අසේල Monday, 28 January 2013 12:18 AM

සම්පූර්ණ වරද මාතර රෝහලේ යැයි මූලික විමර්ශනවලදී හෙළි වෙලාලු. (නි)

:       0       0

තාරක Monday, 28 January 2013 12:35 AM

සාදාරන පරීක්ෂණයක් කරන්න (දී)

:       0       0

අමරා Monday, 28 January 2013 12:34 AM

වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීමේදී මීට වඩා සැළකිළිමත් වියයුතුයි. (නි)

:       0       0

උපුල් Monday, 28 January 2013 01:11 AM

මේක ලංකාවේ වුණ පළවෙනි සිදුවීම නෙමෙයි. (නි)

:       0       0

කුමුදු Monday, 28 January 2013 01:56 AM

දැක්කහමත් හරිම දුකයි. වේදනාවයි. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 28 January 2013 12:56 PM

සිංහල වෙදකමට අනුව කොයි තරම් පහසු දෙයක්ද, පුදුම ඛේදවාචකයක්... (ස)

:       0       0

ඉර්ෆාන් ධර්මා -ඇමෙරිකාව Monday, 28 January 2013 02:14 AM

සක්විති, මෙන්න මෙහෙමයිලු වෙලා තියෙන්නේ. මෙම අනතුර සිද්ධ වුණ දවස 17. ග්‍රාමීය රෝහලට රෝගියා අරගෙන යනවා. එතැනින් මාතර මහා රෝහලට යවනවා. 18 වැනිදා මාතර රෝහලේදී අතට බැන්ඩේජ දමනවා. රෝගියා බැන්ඩේජය හිර වැඩි කියල වේදනාවෙන් කෑගසනවා. වේදනාව කියන්නේ මෙම රෝගියාට තිබුන හොඳ අනතුරු හැඟවීමේ රෝග ලක්ෂණයක්. වේදනාවට හේතුව හොයන්නේ නැතුව, එම වේදනාව පාලනය කිරීම සඳහා බෙහෙත් විදීම නිසා මෙම රෝගියාට නින්ද ගියා. වේදනාවෙන් පෙන්නුම් කළේ ශරීරයේ එම කොටසට අවශ්‍ය තරමට රුධිර සංසරණයක් නොමැතිබව. ඉක්මනට රෝගියාට ඇහුම්කන්දී සැලකිළිමත් වුණා නම් වේදනාවට හේතුව අත ඉදිමීම නිසා ස්නායු සහ රුධිර වාහිනී වලට අවහිරවීමක් වෙලා කියල හොයාගන්න තිබුණා. අවශ්‍ය වෙලාවට බැන්ඩේජය ඉවත් කළා නම් ප්‍රතිපලය මෙයට වඩා වෙනස්වීමට ඉඩතිබුණා කියලා මට හිතෙනවා. මෙවැනි දේවල් වලට සාපරාධී නොසැළකිල්ල කියලා කියන්න පුලුවන්ද ?? (නි)

:       0       0

රොහාන් Sunday, 27 January 2013 05:57 PM

රොහල් සේවයේ දුර්වල කමින් සිදුවී ඇති පාඩුව මිල කල නොහැකියි . බලධාරීන් ඇයට පිහිට විය යුතුයි (ස)

:       0       0

අමිල Monday, 28 January 2013 02:47 AM

වගකීම් පැහැර හැරීමෙන් අහිංසක සොයුරියකට වන්දි ගෙවන්න වෙලා. අනාගතය අලුතින් පටන් ගන්න ඔබට දිරිය ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සුදේශ් Sunday, 27 January 2013 06:02 PM

අනේ පවු ඒ අක්කා දකිනකොට පුදුම විදිහට දුකක් දැනෙන්නේ. (ස)

:       0       0

බන්ඩාර Sunday, 27 January 2013 06:17 PM

මිහිපිට දෙවියෝ දොස්තරවරු කල අපරාධයක මහතක හැටි (ස)

:       0       0

උස්මාන් Sunday, 27 January 2013 06:19 PM

පවු අහිංසක සොයුරිය. මේක වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල. (නි)

:       0       0

ඇතීනා Monday, 28 January 2013 04:05 AM

පෙර දිනක අපි දුටුවා කඩු පහරකින් වෙන් වූ අතක් නැවත එකතු කරලා, පුදුම සතුටක් දැනුණා අපටත්. ඒත් දෙවියනේ මේක නම් අපේ හදවත් සසල කළා. දෙවිවරුවන් වෙදදුට රුවනි? වරද කොතනද? කාගේද? පඩිපෙලින් වැටීමද? අහිංසක සොයුරියගේද වරදද? ආදරණීය සොයුරියේ, ඔබට දකුණතට හුරුවෙන්නට ටිකක් අපහසු වේවි. ඒත් දිරිය දියණියක් වෙන්න. ඔබගේ අධ්‍යාපනය පෙරට වඩා සාර්ථකව කරගන්නට ශක්තියක් ධෛර්යයක් කරගන්න මෙය. ඔබම මතු දවසක වරද කරුවන් කවුදැයි සොයා නීතිය හමුවට ගෙනෙනු ඇතැයි විශ්වාස කරමි. (නි)

:       0       0

අතුල Monday, 28 January 2013 05:03 AM

මට හරිම කණගාටුයි වෙච්ච දේට . සොයුරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා. කෘතිම අත් සම්බන්ධව මා සොයා බලන්නම්. මට ලිපිනය දන්වන්න (ස)

:       0       0

ලලිත් - කටාර් Sunday, 27 January 2013 06:38 PM

මොනවා කියන්නද? කවුරු හරිද? කවුරු වැරදිද? (නි)

:       0       0

නිමල් Sunday, 27 January 2013 06:47 PM

ලංකාවේ ප්‍රශ්නේ තියෙන්නේ කිසිමදෙයක වගකීමක් හරියට ගන්න කෙනෙක් නැතිවීමයි. එක දේශපාලනයේත් ප්‍රකටයි. මොකක් හරි දෙයක් සිදුවූ විට බෝලය එහාට මෙහාට දමමින් සිටිනවා. යම් පරීක්ෂණයක් සිදු වුණත් ටික දවසකට පසු එක්කෝ අමතකයි. එහෙම නැත්නම් ඉතා සුළු දඩුවමක් දී අහවර කරනවා. එක්කෝ දඩුවම් කරන්න බැරි දෙයකට බොලේ පාස් කරනවා. පිටරටවල හැමනෙක්ටම තමුන් කරන දෙයෙහි වගකීමක් තියෙනවා. යම් වරදක් වුණොත් අනිවාර්යයෙන්ම එයට පරීක්ෂණයක් සහ නීතිය අනුව දඩුවමක් තිබෙනවා. ඒක හින්දා හැම කෙනාම තමාගේ රාජකාරිය වගකීමෙන්, කල්පනාවෙන් ඉටු කරනවා. ලංකාවේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ ඉහලින් එන ආදර්ශ ගන්න දැන්. (නි)

:       0       0

රුක්ෂාන් Monday, 28 January 2013 07:06 AM

කනගාටු දායක පුවතක් (දී)

:       0       0

බණ්ඩාර Monday, 28 January 2013 07:10 PM

ඉර්ෆාන් ධර්මා -ඇමෙරිකාව, ඔයා මගේ අදහස කොපිකළා නේද? ඔයා ඇමරිකාවේ ඉඳලත් මේ වගේ දේවල් කරනවද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 27 January 2013 06:53 PM

මේක මහා අපරාධයක්. වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න. (නි)

:       0       0

දම්මි Monday, 28 January 2013 07:38 AM

දැන් රෝහල් වල ඉන්නේ ඔලුව උදුම්මවාගත් දොස්තරලා. (නි)

:       0       0

ගමගේ Monday, 28 January 2013 07:51 AM

දැන් දොස්තරලා වැඩිපුරම ඉන්නේ එක්කෝ, සුපර් මාර්කට්ටුවේ. නැත්නම් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල. (නි)

:       0       0

පා Sunday, 27 January 2013 07:14 PM

නිවැරදි පරීක්ෂණයක් අවශ්‍යයි (දී)

:       0       0

සුමනා Monday, 28 January 2013 07:54 AM

දුප්පත් මිනිස්සුන්ට වෙන මෙහෙම අසාධාරණ සමහර වෙලාවට හෙළිවෙන්නෙත් නැහැ. (නි)

:       0       0

එස්.එස්. Sunday, 27 January 2013 07:24 PM

තවත් කෙනුකට මේ වගේ දෙයක් වෙන්න තියෙන අවස්ථාව නවත්වමු (දී)

:       0       0

දුසන්ත මාතර Monday, 28 January 2013 08:06 AM

ඌරුබොක්ක ඡාතික පාසලින් නිති විදුහලට ඉතා අමාරුවෙන් ඉතා දුෂ්කර ගමකින් පැමිණි ඇයට අත්චු ඉරණම ගැන රටම කම්පා වෙනවා. ඇය‍ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ඇයට උදවු කරමු. (නි)

:       0       0

මාරසිංහ Thursday, 31 January 2013 12:13 PM

මේ ඛේදවාචකය ඇතිකර සැමට දඩුවම් දෙන්න (ස)

:       0       0

දුසන්ත යග්ගහවිට Monday, 28 January 2013 08:26 AM

ඌරුබොක්ක නගරයට අංග සම්පුර්ණ රෝහලක් තිබුණා නම් නිති සිසුවියට මෙවැනි අපරාධයක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

සිල්වා Sunday, 27 January 2013 07:29 PM

අසාධාරණයට එරෙහි වෙන්න (දී)

:       0       0

සංජීව Monday, 28 January 2013 01:48 PM

මේ වගේ දේවල් වලට සමාව දෙන්න එපා. මෙය වාර්තා වුණු සිදුවීමක් වුවත් මෙලෙස වාර්තා නොවුණු සිදුවීම් ‍කොපමණ ඇද්ද? (නි)

:       0       0

චාමික Wednesday, 30 January 2013 09:32 AM

රෝගියෙකුට බෙහෙත් නියම කරනකොට ඒ සඳහා ක්‍රමවේදයක් දොස්තරලාට කියලා තියෙනවා. කිසිම කෙනෙක් ලංකාවේදී ඒක කරන්නේ නැහැ. වාඩිවෙන්නත් කලින් බේත් ලියලා "ඊළඟ එන්න" කියනවා. මේ අයම පිටරට ගිහින් සර්, මැඩම් කියලා බෙහෙත් දෙනවා. මේක දොස්තරලාගේ හීනමානයම තමයි. වෛද්‍ය ශිෂ්‍යයින් දැන් කරන්න ඕනෑ "මාලඹේ වේද කඩේ එපා කියන එකද? නැතිනම් හොර වෙද්දු එපා කියන එකද? මේ වගේ අත්වැරදීම වෙනවා නම් ඉතින් ආණ්ඩුවේ වෛද්‍ය පීඨ වලත් තත්ත්වය හිතාගන්න පුළුවන් නේද? දැන්වත් ඔය අනුන්ට ඊර්ෂ්‍යා කරන එක නවත්වලා තමුන්ගේ රස්සාව හරියට කරන්න ඉගෙනගන්න. (නි)

:       0       0

මාතර අයෙක් Monday, 28 January 2013 08:40 AM

සොයුරිය, දැන් තමයි ඔබට හොදම අවස්ථාව ලැබී ඇත්තේ. පසුබට නොවන්න. ඔබට තවත් අතක් ඇත. එය හිතේ තබාගෙන ඔබ හදාරන වෘත්තිය හොදින්ම හදාරන්න. එයම පිහිටට ගෙන ඔය නොසැළකිලිමත් වෛද්‍යවරුන් නිතිය හමුවට පමුණුවන්න. ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න. මළමිනියටත් පණදිය හැකි ආයුර්වේද හෙළ වෙදකමක් තිබු අපේ රට මේ බටහිර විද්‍යාවෙන් සහතික ලබාගත් වෛද්‍යවරු කිහිප දෙනෙක්ගේ තිබෙන හීනමානය නිසා ඔබලාට අපට මේ ඉරණම අත්වි ඇත්තේ. මෙයම ඔබට ඉදිරිගමනට හොද පන්නරයක් වේවා !!!!!

:       0       0

රුවන් Monday, 28 January 2013 08:43 AM

ලෝකෙ තියන උසස්ම වෘතියක්, කතා දෙකක් නෑ. ලංකාවේ වෛද්‍යවරන්ගෙ සේවයත් පැසසිය යුතුයි. ඒකෙත් දෙකක් නෑ. ඒත් නිබන්ධන කොපි කර විභාග වංචා කර වෛද්‍යවරුන් වෙන කට්ටියත් නැතුවාම නොවේ නෙද ? (ස)

:       0       0

දිනේෂ් Monday, 28 January 2013 01:50 PM

මළමිනියටත් පණදිය හැකි ආයුර්වේද හෙළ වෙදකමක් තිබු අපේ රට...? (නි)

:       0       0

සුරේන්ද්‍ර Sunday, 27 January 2013 07:39 PM

එම්.බී.බී.එස්. උපාධිය හීනමාන මානසිකත්වයෙන් පෙළෙන ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් සිය මුදුනේ තබාගෙනෙ සිටින්නේ කෙසේද යත් , වෙදනලාව කරේ එල්ලාගෙන සුපර්මාර්කට් වල බඩු මිළදී ගනී. ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් අතර ආචාර ධර්ම සහ ආකල්ප වෙනත් දියුණු රටවල වෛද්‍ය වෘත්තිකයන්ට සාපේක්ෂව ඉතාම පහළ මට්ටමක තිබෙන බව එංගලන්තයේ ග්ලාස්ගෝ සරසවියේ පර්යේෂකයෙක් පෙන්වා දෙයි. (නි)

:       0       0

සක්විති Sunday, 27 January 2013 07:43 PM

කඩු පහර වලින් වෙන් වෙලාම ගිය අත් නැවත සකසා සුවපත් කළ වෛද්‍යවරුන් ඉන්නා රටක් මේ. පඩි පෙලකින් වැටිලා අතක් මැරෙන්නෙ කොහොමද? ප්‍රථමාධාරයේ වරදක් වද්ද? (නි)

:       0       0

තිලක් Monday, 28 January 2013 09:04 AM

ඉක්මන් පරික්ෂණයක් තියන්න (දී)

:       0       0

කීර්ති Sunday, 27 January 2013 07:43 PM

මෙවන් විපත් යළි නොවන්නට සොයා බලා උපරිම දඩුවම් දෙන්න. (නි)

:       0       0

රේවත Monday, 28 January 2013 09:20 AM

වෛද්‍ය වරු දෙවි වරු ලෙසයි අපි.සලකන්නේ ඒත් මේ වගේ වැඩ දකින කොට අපිටත් කල කිරෙනවා (දී)

:       0       0

කොමා Monday, 28 January 2013 09:27 AM

නිතිය අකුරට (දී)

:       0       0

සදුනි Monday, 28 January 2013 02:05 PM

කවුරු වැරදි වුණත් මොනවා කිවුවත් ඒ අහිංසක කෙල්ලගේ ලස්සන ජීවිතයයි විනාශ වුණේ. (නි)

:       0       0

ධනුෂ්ක Monday, 28 January 2013 02:05 PM

තවත් කෙනෙකුට මෙහෙම අසාධාරණයක් නොවෙන්න අදාල අයට නිසි උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

නිහාල් Monday, 28 January 2013 09:41 AM

මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා (දී)

:       0       0

ශාමල් Sunday, 27 January 2013 08:20 PM

පරීක්ෂණයක් විතරක් නොවෙයි නීති මගින් කටයුතු කළා යුතුයි (දී)

:       0       0

දර්ශන Monday, 28 January 2013 09:59 AM

නීති ශිෂ්‍යයාවක් වෙලත් නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

චන්දිම Monday, 28 January 2013 02:25 PM

සුනිමල් මේ ගැන කතා කරන්නෙ හරියට මේක නියපොත්තක් කැපිච්ච ගානට. හරිනම් මේ වගේ දොස්තරලට එරෙහි වෙන්න ඕනි දොස්තරලමයි තමන්ගෙ උතුම් සේවය හෑල්ලු කලාට.(ස)

:       0       0

චතුර Monday, 28 January 2013 10:09 AM

කට්ටිය එකතු වෙලා එයාට කෘතිම අතක් ලබා දෙන්න ...................(ස)

:       0       0

ඩෙන්සිල් Sunday, 27 January 2013 09:02 PM

ඉක්මන් පරීක්ෂණයක් අවශ්‍යයි (දී)

:       0       0

ප්‍රසන්න Monday, 28 January 2013 09:23 PM

මගේ කණගාටුව නැගණියේ ඔබට! සුභ අනාගතයක් ලැබේවා! (නි)

:       0       0

සුපෙම් Monday, 28 January 2013 10:33 AM

අසරණ කමක තරම (දී)

:       0       0

සුපුන් Monday, 28 January 2013 10:33 AM

පව්, අසරණ කෙල්ලෙක්. මුළු ජිවෙතේම ඉවරයි (දී)

:       0       0

බුද්ධි Monday, 28 January 2013 03:10 PM

සුනිමල්, මොනවද කියන්නේ? දොස්තරලා හැමවිටම බලාපොරොත්තු වෙන්නේ ලෙඩෙක් සුවපත් වෙනවා දකින්නයි. (නි)

:       0       0

බුද්ධි Sunday, 27 January 2013 09:52 PM

සුරේන්ද්‍ර, ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් අතර ආචාර ධර්ම සහ ආකල්ප වෙනත් දියුණු රටවල වෛද්‍ය වෘත්තිකයන්ට සාපේක්ෂව ඉතාම පහළ මට්ටමක තිබෙන බව එංගලන්තයේ ග්ලාස්ගෝ සරසවියේ පර්යේෂකයෙක් පෙන්වා දී ඇති බව ඔබ ලියා ඇත. එම පරීක්ෂණයේ විස්තර සහ ප්‍රතිපල මුද්‍රණය වී ඇත්තේ කුමන දිනෙක කුමන සගරාවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 79 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1668 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4511 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3356 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3479 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1634 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38969 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site