කොළඹ කොටුවේ හිල්ටන් හෝටලය අසළින් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වන නොහැකි වන සේ 3000ක පමණ සන්නද්ධ හමුදා හා පොලිස් බලෑණි කැඳවනු ලැබ සිටියි.
ජල ප්‍රහාරක රථ, කැරළි මර්දන හමුදා, කඳුළු ගෑස් බලෑණි ද ඒ අතර වේ.
තද වැසි නොතකා නීතීඥවරු ඇතුළු 3000කට වැඩි පිරිසක් යකඩ වැට කඩාගෙන යන්නට කිහිපවරක් තැත් කරත් පොලීසිය හා හමුදාව ඊට ඉඩ දුන්නේ නැත.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතීඥවරු අරලියගහ මැදුර දෙසට?
2013 ජනවාරි මස 10 11:22:55 | දසුන් රාජපක්ෂ
නීතීඥවරුන්ගේ පෙළපාලිය පෙරවරු 11.30 වන විට හිල්ටන් හෝටල පාරෙන් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට නියමිතය සිටියහ.
අරලියගහ මන්දිරයට ගොස් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්දේශයක් බාර දී දෝෂාභියෝග යෝජනාව ඉවත් කරගන්නැයි ඉල්ලා සිටීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
අලුත්කඩෙන් පෙළපාලි දෙකක්
පොද වැසි මැද වීදි බසිති
2013 ජනවාරි මස 10 11:12:20 | .
පැය කිහිපයක අවහිර නිසා පමාවූ නීතීඥ පෙළපාලිය දහවල් 11.15 වන විට පිටකොටුව බෝගහ අසළට ළඟා විය. දෝෂාභියෝගය හකුළා ගන්නැයි ඉල්ලන පෙළපාලියේ නීතීඥවරු දෙදහසක් පමණ පොද වැසි මධ්‍යයේ ගමන් ගනී.
කොළඹ මුළු පරිසරයම වැහිබර සීතල කාලගුණයක් පවතියි.
මේ අතර අගවිනිසුරුවරිය ඉවත්වියයුතු යැයි දෝෂාභියෝගයට පක්ෂව වෘත්තීය සමිති හා ජන සංවිධානය පෙළපාලිය ද අලුත්කඩේ සිට පිටකොටුව දෙසට ගමන් ඇරැඹීය. පිටකොටුව ස්වයරැකියා නියෝජිතයංගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතාගේ ඊට නායකත්වය දුන්හ.
ඇමෙරිකාව දැඩි කණස්සල්ල පළකරයි
2013 ජනවාරි මස 10 11:03:02 | තරිඳු ජයවර්ධන
අගවිනිසුරුවරියට එරෙහි බරපතල කණස්සල්ල පළකරන ඇමෙරිකාව අධිකරණයට එල්ලකරන දැඩි පීඩනයෙන් බරපතල ප්‍රශ්න මතුවන බව ද පවසයි.
අලුත්කඩේ පිවිසුම් මාර්ග අවහිර කරති
නීතීඥ පෙළපාළියට දිගටම අවහිර
2013 ජනවාරි මස 10 10:58:03 ( තිළිණි ද සිල්වා , දසුන් රාජපක්ෂ )
අලුක්ඩේට පිවිසෙන සියලුම මාර්ග අද උදේ 10 පමණ සිට මුලිමණින්ම අවහිර වී තිබිණි. දෝෂාභියෝගයට පක්ෂ හා විපක්ෂ පිරිස් කෑකෝ ගසමින් පාරේද අවට ද රැස්ව සිටිති. දෝෂාභියේගියෝගයට එරෙහිව අලුත්කඩේ සිට පාර්ලිමේන්තුව කරා යාමට නීතීඥවරු උත්සාහ කළහ.
නීතීඥ පෙළපාලියට ඉඩ දෙන්නැයි එක්සත් ජාතිත පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්වරු දේෂාභියෝගයට පක්ෂ පිරිසෙන් ඉල්ලා සිටියහ.
එහි ප්‍රතිඵලය වූයේ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් පමණි.
අලුත්කඩේ පිරිසකට පොලු පහර
2013 ජනවාරි මස 10 10:33:20 | පාරුක් තාජුඞීන්
දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේට පැමිණි පිරිසක් දෝෂාභියෝගයට විපක්ෂව සිටි පිරිසකට පොලුවලින් පහර දුන්හ.
පොලුපහර වදිද්දී ඇතැමෙක් දිවූහ.
තුවාලකරුවන් ගැන ක්ෂණිකව විස්තර නොලැබිණි.
යුද හමුදා කමාන්ඩෝර් බලකාය අලුත් කඩේට පැමිණ සිටිති.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිත්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, දොස්තර ජයලත් ජයවර්ධන හා ජනාධිපති උපදේශකයකුවූ හේමකුමාර නානායක්කාර මහත්වරු ද පැමිණ සිටි පිරිස අතර වූහ.
දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ
2013 ජනවාරි මස 10 10:30:26 | දසුන් රාජපක්ෂ , රොමේෂ් ධනුෂ්ක සිල්වා
දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි.
ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන් පාඨ කීහ.
විටක හූ තැබූහ. විටක කෑකෝ ගැසූහ.
එස් ටී එෆ් පොලිස් කැරළිමර්දන හමුදා හා පොලීසිය ආරක්ෂාවට කැඳවා ඇත.
දෝෂාභියෝගයට එරෙහි නීතීඥවරු ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටිති.
දෝෂාභියෝගයට පක්ෂ පිරිස්වලින් අලුත්කඩේ පිරෙයි
2013 ජනවාරි මස 10 10:24:13 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති.
රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළ පෙදෙස ඔවුන්ගෙන් පිරී ගොසිනි.
දෝෂාභියෝගයට එරෙහිව අලුත් කඩේ නීතීඥවරුන් ද විරෝධතා පෙළපාලියක් පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබේ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට අනුව වැඩ කරන්න (දී)
වෙන වැඩ නැතිවට (දී)
ඇමරිකාවට බණින හුගක් දෙනා ඇමරිකන් පුරවැසියෝ. (නි)
ඔය වැඩ නවත්වන්න (දී)
මේ වැඩ පලක් නැති වැඩ (දී)
ඔය විකාර වැඩ දැන්වත් නවත්වන්න (දී)
අයියෝ සල්ලි (දී)
නීතියට විරුද්ද දේ කරන්න හදන්න එපා (දී)
වැඩක් නැති වැඩ (දී)
අපි අදහස් දාන්නෙ අවංකවම ලුම්බිණිගෙ ගුණමකු අදහස් වලට ප්‍රතිචාරයක් හැටියට. ලුම්බිණිගෙ අදහස ඉතා බරපතලයි. (නි)
ඒක හොදයි (දී)
බලන්න හැසිරෙන හැටි (දී)
ඇමරිකාවට මොකද්ද තියන අයිතිය අපේ දේවල්වලට ඇඟිලිගහන්න (ස)
ජයවේවා... ජයවේවා (දී)
ඔන්න ඕකනේ බැරි (දී)
බැරි වැඩ නොකර ඉන්න (දී)
මහත් වරුනි, ඔහොම කලාම ගහනවා , ඒ බව දැන දැන මොකටද ඒ වැඩේම කරන්නේ (දී)
මිනිස්සුන්ට වැඩ නැද්ද (දී)
රිසි දේ කරන්න බැරි වෙයි (දී)
අයියෝ සල්ලි (දී)
මොනවා කරන්නද (දී)
ප්‍රශ්න නැතිවට ප්‍රශ්න (දී)
විකාර වැඩ කරන්න එපා (දී)
ඉවර නැහැ වගේ නේද (දී)
අනේ මන්දා (දී)
සන්තෝසයි (දී)
විකාර වැඩ කරන්නේ නැතිව ගෙදෙට්ට වෙලා ඉන්න (දී)
පුලුවන්නම් ඔතනින් එහා යන්න (දී)
විකාර වැඩ (දී)
අයියෝ සල්ලි (දී)
ලුම්බිණි, ඔයා හිතනවාද අපේ අය ඇමෙරිකාවෙ ග්‍රීන් කාර්ඩ් අරන් සුර සැප විදගෙන ජිවත් වෙන්නෙ කියලා. අසනීප වුණහම දුවගෙන ගියාම බෙහෙත් ටික පිනට දෙනවද? කවදාද අපේ යහපතට ඇමෙරිකාව කටයුතු කළේ? ඔය අදහස් වලින් කුහකකම පෙනෙනවා. ලැජ්ජයි සිංහලකමටත්. (නි)
කට්ටියට පොලුමුගුරු ඕනෑද දෝෂාභියෝගයට සහාය දෙන්න? මැර ප්‍රහාර හෙළා දකිමු. (නි)
අපි මාධ්‍ය වලින් දැක්කා මේවයේ ඇත්ත ස්වභාවය. බල තණ්හාවෙන් මේ කරන පාතාල වැඩ අපි අනුමත කරන්නේ නැහැ. පොලිසිය මේ අවස්ථාවේ ක්‍රියාකළ ආකාරය හරිම පිළිකුල්සහගතයි. (නි)
අධ්‍යාපනය විනාසකරද්දි තමුන්ගෙ ළමයව විශ්ව විද්‍යාලෙට යවාගන්න එකම සරණක් වුණ උත්තමාවිය.දැන් ඒ මිනිසුන්ගෙම කුහකකම්.එතුමිය උගත් බුද්ධිමත් කෙනෙක්.ඒ නිසා අධ්‍යාපනයෙ වටිනාකම දන්නවා.මට දුකයි (ස)
මැර කන්ඩායම් ඇවිත් මාධ්‍යවේදීන්ට සහ ජනතාවට පොලු මුගුරු සහ ගල්වලින් පහරදීම දැඩිලෙස හෙළාදකිනවා. (ස)
එක එක්කෙනාට අවශ්‍ය තම තමන්ගෙ අපේක්ෂාවන් වෙන වෙනම ඉටුකරගන්න මෙය අවස්ථාවක් කරගන්න. මේක අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීමක් නෙමෙයි, අධිකරණයට කරන අපහාසයක් ලෙසයි මම නම් දකින්නේ. (නි)
මමනම් හිතන්නේ මෙයිට වඩා ප්‍රශ්න විසදා ගන්න හොද ක්‍රම තියෙනවා (දී)
මේ තරම් පිරිසක් නීතිය හා සියල්ල දැනුවත් ව ආව එක ගැන සතුටු වෙන්න ඕන..!(නු)
තුෂාර ඔයා 100% නිවැරදියි (ස)
කැමිලා ඔයාට විතරයි ඇමරිකාව ඕනෙ නැත්තෙ..!(නු)
ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ අනෙක් රටවලට දැන් වෙලා තියෙන දේ පේනවා නේද? (නි)
දැන...දැන... තමයි ගුටි කන්න යන්නේ (ද)
අනේ මමයි කියලා මොනවා කියන්නද (දී)
කට්ටිය යුද‍්දෙට යන්න වගේනේ (ස)
තේරුමක් නැති වැඩ (දී)
මායිම පැන්නොත් බලාගමුකෝ. (නි)
පඩි වැඩි කළේ පොලිසියට පමණයිනේ.... (නි)
ඇමෙරිකාව හරි කවුරු හරි කමක් නැහැ, මේ රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න උදව් කරන ඕන කෙනෙක් ට අපි පුර්ණ සහයෝගය දෙනවා (ස)
චමිල ඉතින් මීට කලින් විසඳන්න තිබුණනේ මේ ප්‍රශ්නේ ඔයාට (ස)
අජිත්, මේ විදියට ජනතාවත් නාවනවා. ඒත් කවදාවත් කාටවත් සොබාදහමේ නියමය නාවන්න බැහැ. අන්න එදාට වැරදිකරුවන්ට නිසි දඩුවම් ලැබෙවි. (නි)
අපේ දේවල් අපි කොහොමහරි විසදා ගන්නම්. ඇමරිකාව ඕනෑ නැහැ. (නි)
ඉතින් යන්න දුන්න නම් ඉවරයිනේ... (ස)
ජය වේවා! (නි)
කවුරු නෑව්වත් ජනතාව නාවන්න බැරි වේවි (ස)
ඔය වැඩ වලින් වෙන්නේ අසරණ ජනතාව තවත් අසරණ වෙන එකයි (දී)
උපරිම තැන ඔතන තමයි (දී)
විකාර (දී)
තුෂාර ඔයා 100% නිවැරදියි (ස)
මේ කරන වැඩේ සම්පුර්ණ වැරදි (දී)
මහත් වරුනි රස්සාවේ වැදගත් කම තියන්න (දී)
ඕකනේ කියන්නේ. (දී)
අයියෝ සල්ලි (දී)
අපේ අයට ඉක්මණින් හැමදේම අමතකයි. (නි)
ඒ අය දන්නවා මේ අය වැඩේ අනාගෙන හින්දා ඒ අයවත් ඒ ගොඩටම ඇදලා ගනීවි කියලා. (නි)
හොදයි නේද (දී)
මම මොකද්ද කියන්න ඕනේ (දී)
සමහරුන්ගේ අදහස් දැකලා කණගාටු වෙනවා. සිංහලකමටත් ඵක්ක ලැජ්ජයි. (නි)
අපි ඉතාම ප්‍රසිද්ධයි කුහකකමට. අවශ්‍ය වෙලාවට ඇමෙරිකාව හොඳයි. ග්‍රීන් කාර්ඩ් ගන්න එහෙම අවශ්‍ය වුණහම නම් ප්‍රශ්න මොකවත් නැහැ. අසනීප වුනහම දුවගෙන යන්න (පුළුවන් අයට) ඇමෙරිකාව හොඳයි. හැබැයි අපේ දේවල් ගැන කතා කරන්න එනවට? (නි)
ඇමරිකාවට කඩේ යන අය දැක්කහම හිතට දුකයි. (නි)
පළමුව ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය බලන්න.. අපෙ රටට යුද්දෙ කාලෙ ඔයිට වඩා බලපෑම් ආව ඔය අයගෙන්
වැඩක් නැති වැඩ කරන්න එපා (දී)
ජනතාව කාළගුණය නිසා දුක් විදිනවා. මෙයාලා තම තමන්ගේ බලය පෙන්නාගන්න දුක් විදිනවා. (නි)