යාපනයේදී අතුරුදන් වූ ජනඅරගල ව්‍යාපාරයේ ලලිත් වීරරාජ් සහ මුරුගානන්දන් නොහොත් කුගන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කළ හබයාස් කෝපුස් පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය නීතිපතිට අද (21) අවසන් වතාවට කල් දුන්නේය. ඒ අනුව නැවත ලබන 30 වැනිදා කැඳවීමට නියමිතය. අතුරුදන්ව සිටින ලලිත් සහ කුගන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් ගොනු කළ එම පෙත්සම් දෙකෙහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති, උතුරු ප‍්‍රදේශය භාර ආඥාපති, අච්චුවේලි පොලිස් ස්ථානාධිපති, නීතිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd